රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් හා යෞවනියන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.
![]() |
යුවතියකගේ කොණ්ඩය සකස් කළ අයුරු |
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලක්වාසී බොදු බැති ජනතාව පරහිතකාමීව සිදුකරන බොහෝ දේ අතර විවිධ දන්සල් සංවිධානය කිරීමද එදා මෙදාතුර අඛණ්ඩව සිදුවෙයි.
බොහෝ දන්සල්වලින් සිදු කෙරෙන්නේ ආහාර පානවලින් ජනතාවට සංග‍්‍රහ කිරීමය. මෙම දන්සල් අතරට එක්වූ සුවිශේෂී දන්සලක් මෙම වෙසක් පුන් පොහෝදින (14 දා) දහවල් නිට්ටඹුව නගරයේදී පැවැත්විණි. ජනතාවගේ කොණ්ඩා හා රැවුල් නොමිලේ කැපීම මෙම දන්සලේ සුවිශේෂය විය.
![]() |
තරුණයකුගේ කොණ්ඩය කැපූ අවස්ථාව |
![]() |
පෝලිමේ උන් වැඩිහිටියන් පිරිසක් |
නිට්ටඹුව, ශාන්ත අන්තෝනි මාවතේ ”ඇසිර සැලොන්” ආයතනයේ කළමනාකරු කොණ්ඩා සැකසුම් ශිල්පී ධමිත් සමරනායක මහතා විසින් මෙම අපූරු දන්සල සංවිධානය කර තිබුණි. ළමා, තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි දෙපක්ෂයේම කොණ්ඩා කැපීම හා පිරිමින්ගේ රැුවුල කැපීම මෙම දන්සලේදී සිදු කෙරුණි.
සෙසු දන්සල් මෙන්ම මෙම දන්සල පිිළිබඳවද සිදු කරන ලද පූර්ව දැනුම්දීමකට අනුව නොමිලේ කොණ්ඩා හා රැුවුල් කපා ගැනීම සඳහා කාන්තා හා පිරිමි දෙපක්ෂයම පෙරවරු 9, 10 වන විට දන්සල අසල පෙළගැසී තම වාරය පැමිණෙන තුරු රැඳී සිටින්නට වූහ.
රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.
මෙම සමාජ සත්කාරය සංවිධානය කළ ධමිත් සමරනායක මහතා මේ සඳහා ප‍්‍රවීණ කොණ්ඩා සැකසුම් ශිල්පීන් පස් දෙනෙකු යොදවා තිබිණි. ගාමිණී ජයලත්, ලක්මාල් ඒකනායක, රංජන් ප‍්‍රසන්න වික‍්‍රමනායක, සංජය විජය පතිරත්න, උපුල් ප‍්‍රියදර්ශන එම ශිල්පීහු පස්දෙනා වූහ.
මේ පිළිබඳව ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ සංවිධායක ධමිත් සමරනායක මහතා මෙසේ පැවසීය. මෙම කොණ්ඩා හා රැුවුල් කැපීමේ දන්සල සංවිධානය කළේ මා යටතේ සේවය කරන ගාමිණී ජයලත් ජ්‍යෙෂ්ඨ ශිල්පියාගේ අදහසකට අනුවයි. 200 ත් 250 ත් අතර පිරිසකගේ කොණ්ඩා හා රැුවුල් කැපීම සිදුකළා. කාලවේලාව පිළිබඳව ගැටලූ මතුවුණු නිසා දන්සලට පැමිණි තවත් සැලකිය යුතු පිරිසකට අපගේ සේවය ලබාදිය නොහැකි වුණා. ඒ පිළිබඳව අපි කනගාටුවෙනවා කියාය.
![]() |
තරුණියකගේ කොණ්ඩය සැකසූ අවස්ථාවේදී |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොමිලේ කොණ්ඩය - රැවුල කැපූ නිට්ටඹුවේ දන්සල
රුවන් Friday, 23 May 2014 10:47 AM
සමන් පෙරේරා ඔයා මහා මෝඩ අදහසක් කියල තියෙන්නේ. (ස)
ලක්මාල් Saturday, 07 June 2014 06:38 AM
ප්‍රතිචාර වලින් අප හට සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! (නි)
රෝහිත Friday, 06 June 2014 08:24 PM
වෙනස්ම විදියේ දන්සලක්. සංවිධානය කළ සියල්ලන්ටම පින්! (නි)
රුවන් Sunday, 01 June 2014 11:56 AM
ඕනෑම හොඳ දෙයක් කරන කොට සමහර මිනිස්සු විවේචනය කරනවා.ඔයාලා කරලා තියන්නේ හොඳ දෙයක්. (ස)
අසින්ත-(කී බෝර්ඩ්) Monday, 26 May 2014 10:06 PM
ලක්මාල් කියන්නේ කොහොමත් යක්කල ලුවිසාවත්තේ හිටපු හිත හොදම කොල්ල. අසරණ මිනිස්සු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා. ගොඩක් පින් ඔයාලට.(නදී)
අසෝකා Monday, 26 May 2014 01:43 PM
ඇත්තටම මෙහෙම විවිධත්වයක් තිබිය යුතුයි. මෙයත් හැම දෙනාටම අත්‍යවශ්‍ය සේවාවක්. මේ ගැන සිතා සංවිධානය කල අයටත්, සේවය කල අයටත්, ඒ ගැන දැනගැනීමට සැලැස්වූ ලංකාදිපයටත් ස්තුතිවන්තවෙමි. ඉදිරියටත් මෙවැනි දන්සල් මගින් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමට ඔබ සැමට හැකියාව ලැබේවා! (නදී)
ලසිත් Sunday, 25 May 2014 06:14 PM
ඉතා සතුටුයි.! තමන්ට හැකි විදියට හිත හොඳින් කල කටයුත්තක්. ! (ස)
ජයසිංහ Sunday, 25 May 2014 05:08 AM
ඉතාමත් අගනා කාර්යයක් (නි)
ලක්මල් Saturday, 24 May 2014 05:22 AM
සමන් පෙරේරා, ප්‍රසිද්ධියක් ගන්න නෙමෙයි අපි ඕක කළේ. අපි මේක දන්න රැකියාව. අපිට තවත් කෙනෙකු වෙනුවෙන් කරන්න පුලුවන් සේවය තමයි අපි කළේ. ඔබටත් අනෙක් අය වෙුනවෙන් කරන්න යමක් තියෙනවා නම් කරන්න.(නදී)
පූර්ණ Saturday, 24 May 2014 01:34 AM
මේ මහත්තුරු කරල තියෙන්නෙ ඉතාමත් හොඳ පිංකමක්.මෙහිදී තමන්ගේ කොන්ඩය සකසා ගත් අයත්, ඒ වගේම ඒ කාර්‍යය කල ශිල්පීන් කංඩායමත් යන දෙකොටසම චිත්ත ප්‍රීතියට පත් වෙනවා. සියලු දේ මුදලින් මනින අද දවසේ මෙය දුර්ලභ වැඩක්. දානය දෙන්නාත් දන් ලබන්නාත් එකසේ සතුටු වීම උතුම් දෙයක් බව බුදු දහමෙත් පෙන්වා දී තිබෙනවා. (නදී)
සුමින්ද ජයනාත් Wednesday, 21 May 2014 04:44 PM
ගොඩක් හොද දෙයක් (නදී)
ජානක Friday, 23 May 2014 08:49 AM
හොඳ අදහසක්. හොඳට සංවිධානය කර තිබෙනවා. (ස)
පාලිත පෙරේරා Thursday, 22 May 2014 06:39 PM
උතුම් කාර්යයක්. අලුත් දෙයක්. නියමයි.(නදී)
නයනජිත් Thursday, 22 May 2014 03:00 PM
කවදාවත් අහලා නෑ මේ වාගේ වැඩක්. වැඩේ ගොඩක් හොදයි. (නදී)
සුරන් අප්පුහාමි Thursday, 22 May 2014 02:14 PM
හොඳයි ලක්මාල් මේක හොඳ දෙයක් (දී)
සමන් පෙරේරා Thursday, 22 May 2014 01:54 PM
බුදු තෙමගුල වගේ උතුම් දිනයක මෙවන් දේවල් පින් අතේ වැඩක් වෙනවද නැතිනම් ප්‍රසිද්දිය ගන්න කරාද ??? (දී)
නයන සුභසිංහ Thursday, 22 May 2014 01:22 PM
හොද වැඩක් කරලා තියෙන්නේ. වෙනස්ම අත්දැකීමක්..ඔබ සැමට සුබ පැතුම්.ඉදිරියේදිත් මෙවැනි දෑ සදහා යොමු වීමට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා (අ)
ලක්මල් Thursday, 22 May 2014 12:48 PM
අපි තමයි මේ වැඩේ කළේ. ලංකාදිප පුවත් වලට ගොඩක් පින්.(නදී)
ජයනාත් අපොන්සෝ Wednesday, 21 May 2014 06:17 PM
අලුත් දන්සලක් වගෙයි. මේ ගැන අපිට සතුටුයි. සුභ පතනවා! (නි)