X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


පවුලක් කැඩූ ඉන්දීය ෆේස්බුක් පෙම්වතා

 මෙය ළඟඳී තිරගතවීමට නියමිත චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක එන කතාවක් ලෙස කිසිවිටකවත් වරදවා නොසිතන්න. ඒ වගේ ඉල්ලීමක් මුලින්ම කරන්න හිතුණේ වෙන මොනවාවත් නිසා නොව මේ කතාව එක්වර විශ්වාස කිරීමට ඔබ මැළිකමක් දක්වන බව හැඟී ගිය නිසාවෙන්ය.


මෙය නූතන යුගයේ බහුල වශයෙන් භාවිතා වන තාක්ෂණික මෙවලමක් හරහා ගොඩනැගුණු ආදර අන්දරයක් වුවත් එය අසම්මත ආදරයකි.


ආදරයට ප්‍රේමයට සීමා මායිම් නැති බව පැවසුණත් ආදරයට සීමා මායිම් තිබිය යුතු බව කියන්නට වෙන්නේ මේ වගේ කතා අසන්නට ලැබෙන නිසාය.

07_PAGE_06_T
නූතන තාක්ෂණික මෙවලමක් හරහා ගොඩනැගුණු අසම්මත ආදරයක් නිසා වටිනා ජීවිතයක් අකාලයේ මරු වැළඳ ගැනීමට ගොස් බේරුණේ මනුස්සකම දන්නා සැබෑ මනුෂ්‍යයකු නිසාය. එහෙම නොවන්නට මේ අසම්මත ආදරය කෙළවර වන්නේ මහා ඛේදවාචකයකිනි.


මේ කතාව කියවා අවසානයේ අනේ මෙහෙමත් ගැහැණු ඉන්නවනේ කියා ඔබට සිතුණු වාර නම් අනන්ත විය හැකිය.


දැන් ඉතිං අපි ඒ කතාව මෙතැන් සිට කියවමු. හැබැයි ඒ කියවා පැත්තකින් තැබීමට නොව දහස් වාරයක් සිතා බැලීමටය.


සමාගම් අධ්‍යක්ෂවරයකුගේ බිරිඳ වන ඇය සැබැවින්ම රූමතියකි. සමාගම් අධ්‍යක්ෂවරයාට වඩා අවුරුදු හත අටකින්ම ඇය වැඩිමල් වූවත් ඔවුන් දෙදෙනාගේ ආදරයට වයස් පරතරය කිසිසේත් බාධාවක් වූයේ නැත.


ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දරුවෙක් ඔවුන්ගේ කැදැල්ලේ සිටින අතර සැමියා වැඩට ගිය පසු හා දරුවා පාසල් ගියාට පසු ඒ සුවිසල් නිවසේ ඇය හුදකලාවන්නීය.


ඒ හුදකලා බව පාළුව කාංසිය ඇය මකා ගත්තේ ෆේස්බුක් එකට පිං සිද්ධ වෙන්නටය.


ඉන්දීය ජාතික තරුණයෙක් ඇයට දිනක් දැන හඳුනාගැනීමට ලැබුණේ ෆේස් බුක් එක හරහාය. ඒ වෙනකොට ඉන්දීය ජාතික තරුණයා සිටියේ ඩුබායි රටේ රැකියාවක නිරත වෙමින්ය.


ඉඩක් කඩක් ලැබුණු හැම වෙලාවක දෙන්නට දෙන්නා “චැට්” කිරීමට අමතක කළේ නැත. ඔයා හරිම ලස්සනයි. හරියට ෂාරුක් ඛාන් වගේ යැයි ඇය කියන්නේ නව යොවුන් වියේ එළිපත්තේ සිටින තරුණියක් තම තරුණ පෙම්වතාට අමතන්නා සේය.


සමාගම් අධ්‍යක්ෂවරයා ළඟ වසර 16ක පමණ කාලයක් තිස්සේ පුද්ගලයෙක් රියදුරෙක් ලෙස සේවය කරන අතර මොහු ඒ පවුලේ විශ්වාසය දිනාගෙන සිටින අයෙකි.


සමාගම් අධ්‍යක්ෂවරයාගේ දරුවා පාසලට කැඳවාගෙන යාම ඒම පමණක් නොව ඔහුගේ බිරිඳගේ ගමන් බිමන් වලට යන්නේද මේ රියදුරාය. මේ කතාව මහත්තයා එක්ක එහෙම කියන්න යන්න එපා. මම අවුරුදු හයක් තිස්සෙ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා.


සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ කාර් එකේ ගමනක් යන ගමන් රියදුරා එක්ක කීවාය.


මොනවා මැඩම්, යැයි රියදුරා පවසා ඇත්තේ ඇස් උඩ තබාගෙනය.


මෙච්චර හොඳ ගුණයහපත් මහත්තයෙක් ඉද්දිත් ඇයි මැඩම් ඔය වගේ දෙයක්ම පටන් ගත්තේ කියා රියදුරා අසා ඇත්තේ සිය හාම්පුතාට තිබෙන ලෙන්ගතුකම වැඩි කමටය.


නැහැ, ඒ කොල්ලා ඉන්නෙ ඉන්දියාවේ. හරිම ලස්සන කෙනෙක්. මම එයාව ආශ්‍රය කරන්නේ ෆේස් බුක් එකෙන්.


සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ කී නිසා රියදුරා ඒ ගැන එතරම් තැකීමක් කිරීමට ගියේ නැත. මේ ගැන හාම්පුතාට කියන්නට තරම් දෙයක් නොමැති බව සිතූ රියදුරා කරබාගෙන සිට ඇත.


මට කටුනායක එයාර් පෝර්ට් එකට ගිහින් එන්න තියෙනවා කියා මේ ළඟදි දවසක සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ රියදුරාට පවසා ඇත.


රියදුරා ගුවන් තොටුපොළට ගියත් ඇයි යන්නේ කියා මැඩම්ගෙන් අහන්න ගියේ නම් නැත.


ගුවන් තොටුපොළේ සිට පැමිණි තරුණයකු කාර් එකේ පිටුපස අසුණේ වාඩි වූයේ මැඩම් ළඟ සමීපයේමය.


මේ මැඩම් එදා කියූ ෆේස් බුක් මිතුරා බව රියදුරු මහත්තයාට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.


වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයකට මැඩම් ඒ ඉන්දියන් ජාතික තරුණයා ගෙනගොස් ඇරලවා ගෙදර පැමිණියාය.


මැඩම් රියදුරාගෙන් ඉල්ලීමක් කළාය.


ඒ මේ ගැන සිය සැමියාට නොකියන ලෙසය.


ඉන්දියාවේ සිට මොහු පැමිණ ඇත්තේ මැඩම්ගේ ආරාධනයකට අනුව බව රියදුරාට වැටහී ඇත්තේ කටුනායක සිට එද්දී දෙන්නා කළ කතා බහ අනුවය.
ගෙදර කවුරුත් නැති වේලාවට සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ වැල්ලවත්තේ හෝටලයක ලැඟුම්ගෙන සිටින ෆේස් බුක් පෙම්වතා හමුවීමට ගොස් රිසිසේ ඔහු හා ගත කළාය.


හතළිස් හත් වැනි වියේ පසුවන එක්දරු මවක් වූවත් ඇය සිය ෆේස් බුක් පෙම්වතා ඉදිරියේ හැසිරුණේ කතා බහ කළේ නාඹර ගැටිස්සියක් සේය.
හෝටල් කාමරයක දවස් තුනක් ගත කළ ඉන්දීය තරුණයාට වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ නිවසක කාමරයක් කුලියට අරගෙන දෙන්නේද මේ කාන්තාවය.


රියදුරා දවසක් රාමක්‍රිෂ්ණ පාරේ පිහිටි නිවසට යන්නේ සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳගේ දැනුම්දීමක් මතය.


ඉන්දීය තරුණයා හා සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ ද එහි සිටි අතර ඇය රියදුරාට වාඩිවෙන්නට කියා කැඳවූ කාරණය කියද්දි ඔහු භය බිරාන්ත වී ගොස් ඇත.


මගේ මහත්තයා ඉවරයක් කරලා දාන්න ඕනෑ. මේ වැඬේ කරන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න. වැඬේ කළාට පස්සෙ ලක්ෂ 2ක් දෙනවා. ඔයාටත් මම ලොකු ගාණක් දෙනවා. මේක ලොකු රහසක් විදිහට තියාගන්න. මහත්තයාට දැනගන්න එහෙම තියන්න එපා. විශ්වාස කමටයි මම මේ වැඬේ ඔයාට පැවරුවේ.


සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ කියා ඇත්තේ එහෙම කතාවකි.


ඔවුන් දෙදෙනාගෙන් රියදුරා සමුගත්තේ හොඳයි මැඩම් මම වැඬේට හොඳ කෙනෙක් හොයාගෙන එන්නම් යැයි කියාගෙනය.


ඝාතන කොන්ත්‍රාත්තුව බාරදීමට කෙනෙක් සොයා යාම වෙනුවට රියදුරා කෙළින්ම ගියේ සිය හාම්පුතා සොයාගෙනය.


රියදුරා තමන්ට බාරදුන් කොන්ත්‍රාත්තුව ගැන අකුරක් නෑර සිය හාම්පුතාට විස්තර කළේ සර් අපි මොකද දැන් මේකට කරන්නේ කියාද පවසමිනි.


සමාගම් අධ්‍යක්ෂවරයා රියදුරාද කැටිව ගියේ වැල්ලවත්ත පොලිසියටය.


වැල්ලවත්ත පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජගත්සිරි මහතා පාතාල සාමාජිකයෙක් ලෙස වෙස් වලාගත්තේ රියදුරාත් එක්ක සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ සහ ඉන්දියන් ජාතික තරුණයා ඉන්න තැනට යාමටය.


මැඩම් මේ ඉන්නෙ අර වැඬේ බාරදෙන්න එක්කගෙන ආපු කෙනා. මිනිහා හොඳ වැඩ කාරයෙක්. කිසිම දේකට බය වෙන්න එපා මෙයා වැඬේ ගානට කරයි.


රියදුරා කී විට මැඩම් සතුටින් ඉපිල ගියාය.


සැමියා මරා දැමිය යුතු ආකාරය ගැන බිරිඳ පාතාල සාමාජිකයා එක්ක කතා බහ කළේ සිය ෆේස් බුක් පෙම්වතා ද එක්වය. වෙඩි තබා මරා දැමීමට මුලින්ම යෝජනා කර ඇතත් පසුව බිරිඳ කියා ඇත්තේ උග්‍ර විෂක්  එන්නත් කර සැමියා මරා දමමු කියාය.


“ඊට වඩා හොඳයි විෂ දුමක් අල්ලා මරණ එක. මම ඉන්දියාවේදි එහෙම වැඩක් කරලා තියෙනවා” කියන අදහස පළ කළේ ඇයගේ පෙම්වතාය.


නැහැ, නැහැ, ඊට වඩා හොඳ අයිඩියා එකක් මට ආවා. සැමියා වැඩ කරන සමාගම කුරුණෑගල පැත්තෙන් ඉඩමක් අරන් තියෙනවා. ඒ ඉඩමේ අයිතිකාරයොයි සමාගමයි අතර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නෙට සැමියා මැදිහත් වෙලා ඉන්නේ. ඒ හින්දා එයා කාර් එකේ යන වෙලාවක් බලලා කාර් එකකින් ගිහින් හප්පලා මරලා දාන එක හුඟාක් හොඳයි කියලා තමා මට හිතෙන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලාවත් මරණය ගැන සැක කළොත් මම කුරුණෑගල ඉඩමෙ ප්‍රශ්නය ගැන කියනවා. එතකොට පොලිසිය ඒ ගොල්ලෙ පස්සෙ යයි.


සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ පවසා ඇතැයි කියන්නේ බොහොම සැහැල්ලු සිතකින් බව කියති.


අන්තිමේදී තීරණය වී ඇත්තේ වාහනයකින් හප්පවා සමාගම් අධ්‍යක්ෂවරයා මරා දැමීමටය.


මේ හැම කතා බහක්ම මුල සිටම රහසිගතව වීඩියෝ කර පටිගත කරගෙන ඇති බව කාන්තාව හෝ ඇයගේ ෆේස් බුක් පෙම්වතා දැන සිටියේ නැත.
කාන්තාව සිය සැමියාගේ ඡායාරූපයක්ද පාතාල සාමාජිකයෙක් ලෙස වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරියා අතට පත් කළේ ඔහු හඳුනාගැනීමට පහසුවීම සඳහාය.


රුපියල් 5000ක පමණ මුදලක් කාන්තාව පාතාල සාමාජිකයාගේ අතට දී කියා ඇත්තේ වැඬේ ඉවරවුණ ගමන්ම ලක්ෂ දෙක ලබාදෙන බවය.


හොඳයි මැඩම් මම හෙට අනිද්දාටම මේ වැඬේ ඉවරයක් කරනවා. මැඩම් කිසිම දෙයකට බය වෙන්න එපා යැයි කියාගෙන පාතාල වෙස් ගෙන සිටි පොලිස් නිලධාරියා රියදුරාත් එක්ක පිටත්ව ගියේය.


ෆේස් බුක් පෙම්වතාත් එක්ක ඔවුනොවුනටම වෙන් වූ ලොවක රස මිහිර ලැබූ ඇය කිසිවක් නොදන්නියක ලෙස එදා ගෙදර ගොස් සැමියාත් එක්ක වෙනදා වාගේම කතා බහ කළාය.


සැමියා හා දරුවාද සමග වෙනදා වාගේම එකම මේසයේ වාඩි වී රාත්‍රී ආහාරය ගත්තේ ද සතුටු සාමීචියේ යෙදෙමිනි.


සැමියා ද බිරිඳට කිසිම වෙනසක් නොපෙන්වීමට වගබලාගත්තේය.


උප පොලිස් පරීක්ෂක ජගත්සිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ සමාගම් අධ්‍යක්ෂවරයාගේ රූමත් බිරිඳ හා ඇයගේ ෆේස් බුක් පෙම්වතා අත්අඩංගුවට ගත්තේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිටය.


බිරිඳ සැමියා මරා දැමීමට සැලසුම් කර ඇත්තේ වෙන මොකවත් නිසා නොව අවුරුදු ගණනාවක් එකට පවුල් කෑ සැමියා මරා දමා අවුරුදු හයක් තිස්සේ ෆේස් බුක් එකේ පෙම් කළ තරුණයා එක්ක දීග කෑමේ අපේක්ෂාවෙනි.


අත්අඩංගුවට ගත් 30 හැවිරිදි තරුණයා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි අවිවාහකයෙකි.


අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.


කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ උප පොලිස් පරික්ෂක ජගත්සිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

m



අදහස් (0)

පවුලක් කැඩූ ඉන්දීය ෆේස්බුක් පෙම්වතා

අයිකේඑස් චන්ද්‍රසිරි Monday, 09 May 2016 01:21 PM

අවංක රියදුරු මහතෙක් මෙහෙම මිනිස්සු දැන් අඩුයි (බ)

:       0       0

නිම්මි Monday, 09 May 2016 03:13 PM

සුන්දර අසම්මත ප්‍රේම ඕනේ තරම් තියනවා. මේක ආදරේ නෙමෙයි තිරිසන් කම (බ)

:       0       0

සජිත් Tuesday, 10 May 2016 08:32 AM

මටත් පොඩි සැකයක් එනවා.මොකෝ මෙයා මෙච්චර භයානක වැඩකට තමන්ගේ ඩ්‍රයිවර්ව විස්වාස කළේ...? (බ)

:       0       0

විශ්ව Wednesday, 11 May 2016 06:07 AM

සමහර සබඳතා ඇතිවෙන්නේ මුදල්, ධනය මුල් කරගෙන. ආදරය කියන දේ තියෙන්නේ මතුපිටින් පමණයි. ඇතුළාන්තයේ තිබෙන්නේ වෙන අරමුණු. හැබැයි කාලයක් යද්දී ඔය සඳබතාවල ඉන්න ගැහැණුන්ට මිනිසුන්ට තේරෙන්න ගන්නවා ජීවිතය කියන්නේ සල්ලිම නොවේ කියලා. එතකොට තමා ඒ අය හැඟීම් පස්සේ දුවන්න පටන් ගන්නේ. හැඟීම් පස්සෙ දුවන සමහරු බොහොම අනුවණ ඒ වගේ දරුණු දේවල් වලට යොමුවෙන්න පුළුවන්. (නි)

:       0       0

සාගර Thursday, 12 May 2016 09:47 AM

මේ තරම් හොඳයි කියන සැමියා අත්හරින්න තරම් මේ බිරිඳට තිබුන හේතුව කුමක්ද ...?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site