වැස්ස.. වැස්ස.. වැස්ස.... එක දිගට දින ගණනාවක් කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයට ඇද වැටුණු ධාරානිපාත වැස්ස එදා (29 දා) විරාමයක් ලබා තිබුණේ මීදුම මැදින් කඩාවැටුණ මඳ හිරු රැස්වලට ඉඩ දෙමිනි.
ඓතිහාසික මීරියබැද්ද කෝවිල සමීපයේ ලයිම්කාමර පේලි 6 ක ජීවත්වූ කම්කරු පවුල් 57 ක පිරිසට ද මේ කාලගුණික තත්ත්වය අස්වැසිල්ලක් විය.
තේ දලූ නෙළීමට, කම්කරු වැඩට යාමට මෙන්ම දරුවන්ට පාසල් යාමට ද එම කාලගුණික තත්ත්වය යහපත් වූ බැවින් සියලූ දෙනාට එම දිනය ආශ්වාදජනක දිනයක් විය. අලූයම් කාලයේ සිට ලැයිම් කාමරවල ලිප් මත රොටී පිළිස්සෙමින් තිබුණේ උදෑසන ආහාරය සඳහාය.
අම්මලා පුලූස්සා ඔතා දුන් රොටිය පොත් බෑගයේ දමාගත් සිසුන් වහවහා නිවසින් පිටවුයේ පාසල් යාමටය.
කෝවිල අසලම නිල නිවාසයක ජිවත්වු පවුල් සෞඛ්‍ය සේවිකා ක්‍රිෂාන්ති ධම්මිකාගේ සැමියා මේ වත්තේ කාටත් කලින් අවදිව අලූයම 4 ට පමණ වැඩට යාම සදහා නිවසින් පිටත්වූයේය.
අදට වඩා හෙට දිනක් ගැන නොසිතා තේවත්තේ මහ පොළවටම දහඩිය මුසුකරන කම්කරු ජීවිත ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එන දුක සැප හො`දයි කියා සිතා ජීවත්වන මේ ලැයිම් පේලියේ අය ද වෙනදා මෙන්ම සුපුරුදුලෙස උදෑසන දෛනික කටයුතුවල නියැලී සිටියහ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ තවත් ටික වේලාවකින් වත්තේ දලූ නෙළීමට හෝ වෙනත් ස්ථානයක කුලී වැඩට යාමය.
උදෑසන 7 පසුවී තිබුණි. අහස් යානාවක් පියාසර කරනවා මෙන් හඬක් ඇසුනේ ය. ලැයිම්වලට පිටුපසින් තිබූ දැවැන්ත කන්ද එකවරම හෙනයක් ගැහුවාසේ කඩා වැටිණ. අක්කර හත අටත් පුරා එය ඇදී ගියේ මහා නායයාමක් වෙමිනි.
සිවුදරු මවක් වන එම්. රාධා (34), දරුවන් හතර දෙනා, සැමියා සහ මව සමඟ එම පස්වලින් වැසී ගියහ. එහෙත් පස් අතර ඉඟටිය දක්වා එරීසිටි රාධා බේරාගැනීමට තරුණයෝ පිරිසක් සමත් වූහ. ඔවුහු වහාම උදලූවලින් පස් ඉවත්කර රාධා ගොඩට ගෙන රෝහලට යැව්වෝය .එම්. මහේන්ද්‍රන් (29) ද ඇසුන මහා ශබ්දය කුමක්දැයි බැලීමට නිවසින් එළියට බසිනවාත් සමඟම කඩා වැටෙන වියරු පස්කන්ද දුටුවේය. ඔහු දිවි බේරාගැනීම සඳහා දිවයන්නට උත්සාහ කළත් නායයන පස්කන්ද වේගවත් වී ඔහු යට කළේය.
කෙසේ නමුත් පිරිසක් විසින් මහා වෑයමක් යොදා ඔහුද බේරා ගනු ලැබීය.
වසන්ත කුමාරි තම එකම පුතු සහ හය හැවිරිදි දියණිය තුරු`ළු කරන් නිවසින් එළියට පනිද්දී නාය සමග පැමිණි ජලක`දට හසුව දියණිය මරුවා සමඟ ගියේ වසන්තිගේ දෑස් ඉදිරියේදීමය. මරුවා පෙනි පෙනී ඉදිරියටම දිවගිය වසන්තිගේ හා පුතුගේ ජිවිත බේරුණි. අහිමිවූ සිඟිත්තිය ගැන කියමින් මව සහ එම පුතු හ`ඩා වැටෙන්නේ මහ පොළවේ හැපෙමිනි.
අහස්යානයක වාගේ හඬ ඇසී නිවසින් එළියට ගිය පරමේෂ්්වරී ද පස්කන්දට යටවී ගියත් දිවගොස් බේරීමට ඇය සමත් වුවාය. එහෙත් ඇස් පනාපිටම ඇය සමඟ සිටි තුන්දෙනෙක් වැළලෙන හැටි දුටු ඇයට තවමත් සිහි කල්පනාව නැතිසේය.
අහිංසකයින්් සිය ගණනක් පණපිටින් මිහිදන් කරවූ එම ඛේදවාචකයට පවුල් සෞඛ්‍ය සේවිකාවගේ පවුලම හසුවිය. ඇගේ පුතාලා දෙදෙනෙක්, ලේලිය හා මාස 6 ක් වයසැති මිනිබිරිය ද පස් යටම වැළලී ගියේය. පස්යට සැ`ගවුණු ඇගේ බාල පුතු ජනප්‍රිය ගායකයෙක් මෙන්ම මාධ්‍ය ආයතනයක සේවය කරන රූපවාහිනී ශිල්පියෙකි. ඔහු නමින් ප්‍රසාද් දිනෙත් ය. ඔහු නිවාඩුවට ගෙදර ඇවිත් සිටියේ ය. පවුලේ අය සමගම ඔහු ද පණපිටින් මිහිදන්ව ඇත්තේ දෛවෝපගත ලෙසිනි.
වත්තේ ලොරියේ රියදුරා වන ටී. ආරුමුගම් උදේ 7ට පමණ වැඩට යාම සඳහා සුදානම්ව සිටියදී මෙම නායයෑම ගැන ආරංචිවී වහා එම ස්ථානයට ආවේය.
ඔහු එම ස්ථානයට යනවිටත් පෙරදා තිබූ කිසිම දෙයක් එහි නොමැති බව දක්නට ලැබිණි. කෝවිල, කඩවල්, ගෙවල් ගොඩනැ`ගිලි සියල්ල වෙනුවට දක්නට ලැබී ඇත්තේ මහා පස් ගොඩක් පමණි.
තුවාල ලබා නමුත් ජිවිත බේරාගත් තිදෙනෙකු ඔහු වහාම බණ්ඩාරවෙල දිසා රෝහලට රැගෙන ගියේය.
පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සැමියා වූ යෝගරාජාට මේ සිද්ධිය ආරංචිවී ගෙදර සොයා එනවිට පවුලේ සියලූ දෙනා නාය රකුසාට බිලිවී සැඟව ගොසිනි.
රාජාගේ මරලතෝනි හඬ`ද මහා පස් කන්දට යටවූ පවුල්වල නෑදෑ හිතවතුන් සිය ගණනකගේ ලතෝනි හඬද මීරියබැද්ද කන්දේ හැපී දෝංකාර දුන්නේය.
නායයාමෙන් මුළුමනින්ම විනාශ වු ගොඩනැගිලි අතරට ලැයිම් කාමර, වතු නිල නිවාස හා වතු කාර්යාල ගොඩනැගිලි මෙන්ම බොහෝ හාස්කම් ඇතැයි සැලකෙන වත්තේ කෝවිලද විය. කෝවිලේ පූසාරිගේ මළ සිරුර අඩි 20 ක් පමණ ගැඹුරට පස්වලින් වැසී ගොස් තිබියදී යුද හමුදාව විසින් සොයාගත් අවස්ථාව අතිශයින්ම දුක්බර දසුනක් විය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ආපදා කළමනාකරණ නිලධාරීන් තවදුරටත් නායයමින් තිබූ ප්‍රදේශයටම ඇතුල්වී අවදානම පවා නොතකා පස්කන්දට යට වූවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ ද පස් යටින් හමුවන්නේ ශීතල මළකඳන් පමණි.
මෙම මෙහෙයුම මෙහෙයවන ආරක්ෂක සේවා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් මනෝ පෙරේරා මහතා පැවසූ අන්දමට 30 දා වන විට මළ සිරුරු 5ක් සොයාගෙන තිබුණි.
තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව ද පෙරේරා මහතා පැවසීය.
පාසල් සිසුන් එදින පාසල් යාම නිසා මේ විපතට ගොදුරු නොවූවත් ඔවුන් පාසල් ගොස් එනවිට පවුලේ සියලූදෙනා වැළලී තිබූ බැවින් ඔවුහු ද අන්ත අසරණවී සිටිති .
නාය යාම කොස්ලන්දට අලූත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ හතරවැනි මාර්ග පද්ධතිය ලෙස සැලකෙන කොළඹ - මඩකළපුව මාර්ගයේ 198 වැනි කිලෝ මීටර් කණුව අසල ප්‍රදේශය නාකැටියයි. එය දීර්ඝ කාලයකට පෙර සිට නායගිය ප්‍රදේශයක් බැවින් නාකැටිය නම ලැබී ඇත.
1997 නොවැම්බර් මාසයේ නාය ගිය මෙම ස්ථානය 1998 මැයි මාසයේදී ද නාය ගියේය. යළි 1998 නොවැම්බර් මාසයේ සිට කාලයක් නොකඩවා නාය ගියේය. එය එවකට දිවයිනේ ලොකුම නායයාම විය.
තුන්වැනිවරටත් 1999 නොවැම්බර් මාසයේදී නායයාමට ලක්විය.
මෙවර නාය ගිය මීරියබැද්ද ප්‍රදේශය ද පිහිටා ඇත්තේ එම ඉසව්වේමය.
මීරියබැද්ද ප්‍රදේශය ද නාය අවදානම ඇති ප්‍රදේශයක් බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කර තිබුණේ අවුරුදු ගණනාවකට පෙරය. ඔවුන් ඒ පිළිබඳව වතු පාලකයන් මෙන්ම දේශපාලනඥයන්ද දැනුවත් කර තිබුණි.
එනිසා අහිංසක කම්කරුවන් පණ පිටින් වැළලූන මෙම ඛේදවාචකයේ වගකීමෙන් මිදීමට කිසිවෙකුටත් සදාචාරමය අයිතියක් නැති බව සත්‍යයකි .
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පවුල් පණපිටින් වැළලූණු හැටි
රසික Monday, 03 November 2014 04:16 PM
ඇත්ත කියන්න. 400 වතු කම්කරුවන් එම තැනෙන් ඉවත් කලොත්, එම පලාතේ ඡන්ද පදනම වෙනත් දේශපාලකයෙකුට යනවා. එ්කයි මේ මිනිස්සු මේ මරඋගුල් වලම තියාගෙන ඉන්නේ. මුන් හැමදාම බලයට එන්නේ මේ මිනිසුන්ගේ ඉවර නොකරන ප්‍රශ්න උඩින්. එදාවේල හොයාගෙන කන අහිංසක මිනිස්සු....(අ)
සුනිල් පෙරේරා Tuesday, 04 November 2014 07:39 PM
මෙයට වගකිවයුතු මුතුන් මිත්තෝ වතුවගාවට දකුණු ඉන්දියාවෙන් අඩු ශ්රමයට ශ්‍රමිකයන් ගෙන්වා අපේ ජල පෝෂක ප්‍රදේශ විනාශකොට ඔවුන්ට අවශ්‍ය දෙය උපදවා අපේ ධනය සුරාගෙන ඔවුන්ගේ මවුබිම සුඛිත මුදිත කළා.අන්ත දිළිඳුබවේ සිටි මේ ශ්‍රමිකයන්ට එදා මේ පේළි ගෙවල් රජ මාලිගා වන්නට ඇති. දැන් මේ මිනිසුන්ට ගෙවල් සාදා දී යුතුකම් ඉටුකිරීම මේ වතු හිමියන්ගේ යුතුකමයි. මේ සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළයුතු නොවේද? (නි)