● ප්‍රශ්නය:- කොහොමද ආණ්ඩුවේ ගමන?
පිළිතුර:- ප්‍රශ්න තියෙනවා. විපක්ෂයේ අය ප්‍රශ්න දානවනේ. කොයි ආණ්ඩුව තිබුණත් විපක්ෂයේ හැටි එහෙමනේ. ඒක සාධාරණ නෑ. ඒත් අපිට අවුලක් නෑ.
● ප්‍රශ්නය:- ආණ්ඩුව හොඳයිද?
පිළිතුර:- ආ... ඔව් මගේ ආණ්ඩුව මට හොඳයි. ප්‍රශ්න නෑ. දැන් තමයි ආණ්ඩුවට මාස අට. අපි අතරේ අවුරුදු තිහක ප්‍රශ්න තියෙනවා. දැන් තමයි අපි ගමන පටන් ගන්නේ. හෙමින් හෙමින් තමයි ප්‍රශ්න විසඳන්න වෙන්නේ.
● ප්‍රශ්නය:- රටේ ලොකු ස්වභාවික විපතක් ඇතිවුණා. ආණ්ඩුව මැදිහත් වුණා ප්‍රමාණවත්ද?
පිළිතුර:- අපොයි ඔව්. ආණ්ඩුව ඒකට හොඳට මුහුණ දුන්නා. මේක ස්වාභාවික විපතක්නේ. ආණ්ඩුව ඒකට හොඳට මුහුණ දුන්නා.
● ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුව හරි විදියට මැදිහත් වුණේ නෑ කියලා චෝදනාවක් තියෙනවා?
පිළිතුර:- මම පිළිගන්නේ නෑ. ඒක බොරු කතාවක්නේ. ඇයි දන්නවද? කොහේද වතුර ආවේ. ඒ ඒරියා එකේ ඉන්න පොලිටීසියන්ලා ගිහිල්ලා හිටියා. ඇමැතිවරු හිටියා. මිනිසුන්ට උදව් කළා. හැමෝම උදව් කළානේ. ව්‍යාපාරික ප්‍රජාව ආගමික නායකයෝ, පල්ලි ඒ විදියට හැමෝම උදව් කළා. ඊට අමතරව මිනිස්සු උදව් කළා. ප්‍රසිඩන්ට් ගිහිල්ලා බලල ආවා. මේක ස්වාභාවික විපතක්නේ. එහෙම එකක් කාටවත් නතර කරන්න බෑනේ. දෙවියන්වහන්සේටවත් නවත්වන්න බෑ.
● ප්‍රශ්නය:- මේ ආණ්ඩුවත් එක්ක ජාත්‍යන්තරය ඉන්නවා කිව්වට ඒ අයගෙන් උදව් ලැබුණාද?
පිළිතුර:- එහෙම සල්ලි හම්බවෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ ටික ටික ප්‍රශ්න තියෙනවනේ. ඒ ගොල්ලෝ කියනවනේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න කියලා. මේ ටික දවසට එහෙම විසඳන්න බැහැනේ. තිස් අවුරුද්දක ප්‍රශ්නයක්. එක අවුරුද්දකින් හරි එක මාසයකින් එක වීක් එකකින් කරන්න අමාරුයි. ඒකට මිනිස්සුත් එක්ක කතා කරලා හෙමින් හෙමින් තමයි කරන්න පුළුවන්. දැන්ම ඉවර කරන්න පුළුවන් කියල කියන්න බෑ බොරු.
● ප්‍රශ්නය:- මොනවද ඔබලාට තියෙන විශේෂ ප්‍රශ්න?
පිළිතුර:- අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං ජාතික ආණ්ඩුවේ හිටියට කමක් නෑ. මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම ඇමැතිවරියක්. ඒත් කමක් නෑ. අපේ ප්‍රශ්න කෙළින් කියන්න අවශ්‍යයි.
● ප්‍රශ්නය:- ඒක තමයි. මොකක්ද ප්‍රශ්න?
පිළිතුර:- අපිට ලෑන්ඞ් එකේ ප්‍රශ්න තියෙනවනේ. අපේ ඉඩමනේ. ඒව හමුදාවේ නොවෙයි. පොලිසියේ නොවෙයි. නාවික හමුදාවේ නොවෙයි. අපෙයි ඉඩම. අපේ ටැමිල් ජනතාවගේ ඉඩම. ඒවා තාම අල්ලාගෙන ඉන්නවා. කලින් ආණ්ඩුව තමයි අල්ලගෙන හිටියේ. මේ ආණ්ඩුව තාම ඇල්ලුවේ නැහැ. අලුත් ආණ්ඩුව ඇවිල්ලා ඉඩම් ටිකක් රිලීස් කරලා තියෙනවා. හෙමින් හෙමින් හරි අපිට රිලීස් කරලා දෙන්න ඕනෑ. අනිවාර්යයෙන්ම. ඒක අපේ උරුමය. ඒක අපේ දේපොල. ඒක කාටවත් නවත්වන්න බෑ. අනිත් එක තව ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභාවට තවම බලය දුන්නේ නෑ. සල්ලි දුන්නේ නෑ. කලින් ආණ්ඩුව දුන්නෙම නෑ. මේ ආණ්ඩුව ඇවිත් ටික ටික දුන්නා. හැම ප්‍රොවින්ෂල් එකකම වැඩ කෙරුණත් අපේ ප්‍රොවින්ෂල් එකේ වැඩ කෙරෙන්නේ නැහැ. දැන් අවුරුදු විසි පහක් විතර වෙනවා. කලින් ආණ්ඩුව පවර් දුන්නෙම නැහැ. මේ ආණ්ඩුව දැන් දීල තියෙනවා. චුට්ටක් චුට්ටක් වැඩ කරන්න පුළුවන්. අනිත් එක සංවර්ධනය කරන්නත් පුළුවන්. ඊයේ පෙරේදා තිබුණ මීටින් එකේදී ගවනර් තමයි අල්ලගෙන ඉන්නේ. චීෆ් මිනිස්ටර්ට දුන්නේ නෑ කියලා විපක්ෂයේ ඉන්න අය අපට කම්ප්ලේන් කරලා තියෙනවා. පාර්ලිමන්ට් එකේදී මම ඒක අහගෙන හිටියා. ජාතික ආණ්ඩුව නිසා ඔක්කොමලටම එකට වැඩ කරන්න පුළුවන්. ඉතින් අපිට හොඳට උදව් කරන්න පුළුවන් මීඩියා එකට තමයි අපේ ආණ්ඩුව හොඳට යනවා කියලා පෙන්වන්න ඕනෑ. අපි කිව්වට හරියන්නේ නැහැ. මීඩියා තමයි කියන්න ඕනෑ. ඒක තමයි අපේ සතුට. ඒ නිසා මීඩියා එකෙන් අපි ඉල්ලීම් කරනවා මේ ආණ්ඩුවට ජරා කතා කියන්න දෙන්නේ නැතිව හොඳට පිළිගන්න කියලා.
● ප්‍රශ්නය:- භූමිය නිදහස් කරලා දෙනවා කියන්නේ හමුදා කඳවුරු ඉවත් කිරීමද?
පිළිතුර:- කඳවුරු ඉවත් කරන්න කියලා මම කිව්වේ නෑ. බොරුවට ඉඩම් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඉන්නවනේ. පලාලි එයාර්පෝර්ට් එක ළඟ චුට්ටක් ඉඩම තියාගෙන අනිත් ඔක්කොම රිලීස් කරන්න ඕන. හමුදා කඳවුරු තියා ගන්නවද අයින් කරනවද කියලා ආණ්ඩුව තීරණය කරයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඒ ගොල්ලෝ කතා කරලා තීරණය කරයි. අපේ සම්බන්ධන් මන්ත්‍රීතුමා ඉන්නවා. ඒ ගොල්ලෝ කතා කරලා තීරණය ගන්නවා. ඊට ඉස්සෙල්ලා අපේ ඉඩම් ටික අපට ඕනෑ. ඒක අනිවාර්යයි. අපේ පරම්පරාවකට අවුරුදු 25 ක් තිස්සේ මේවා නැති වුණානේ. ඉස්සරහටත් එහෙමනේ. මේ ඉඩම් කාගෙද? අයිතිකාරයෝ කවුද කියලා මේ පරම්පරාව දන්නේ නැහැනේ. කලින් ආණ්ඩුව කාලේ කන්න බොන්න නැතිව අපේ ජනතාව ගොඩක් දුක් වින්දා. දැන් තමයි පොඞ්ඩක් ජීවත් වෙන්න පුළුවන් විදියට ආණ්ඩුව හදලා දීලා තියෙන්නේ. ඒ ජනතාවගේ ඉඩම් අල්ලගෙන ඉන්නකොට ලජ්ජාවේ බැහැ. ඒ විදියට අපි ඇවිල්ල ඔයගොල්ලන්ගේ ඉඩම් අල්ල ගත්තොත් ඔයගොල්ලෝ මොනවා කරනවාද?
● ප්‍රශ්නය:- ඔය ප්‍රශ්න ඔක්කොම ඇතිවුණේ එල්ටීටීඊය නිසා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?
පිළිතුර:- ඒක එල්ටීටීඊ එක නිසා කියලා කියන්න එන්න එපා. ඒක කතා කරලා විසඳා ගන්න ඕනෑ.
● ප්‍රශ්නය:- ඒ කියන්නේ එල්ටීටීඊ එකේ සම්බන්ධයක් නෑ?
පිළිතුර:- ඒ ප්‍රශ්නය ආවා. එල්ටීටීඊ එකත් පොඞ්ඩක්, කල්පනා කරන්න ඕනෑ. එහෙම කල්පනා කරන්නේ නැතිව මේකට ප්‍රතික්‍රියා කළා. හමුදාව ඉඩම් අල්ලාගෙන හිටියා. මිනිස්සු තමයි අන්තිමට දුක් වින්දේ. බලන්නකෝ යුද්ධය ඉවර වෙනකොට වෙල්ලමුල්ලි වයික්කාල්වල ලක්ෂ එක හමාරක් විතර මැරිලා. කවුද මැරුණෙ නිකම් අහිංසක මිනිස්සු. එල්ටීටීඊ ඔක්කොම පුනරුත්ථාපනය කළා. අනිත් අය රට ගියා. කලින් ආණ්ඩුව කළේ ඒ අය ආණ්ඩුවත් එක්ක හොඳට කාලා බීලා හිටියා. මිනිස්සු පාරේ ඉන්නවා.
● ප්‍රශ්නය:- ඔය ප්‍රශ්න ටික දැන් විසඳගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?
පිළිතුර:- ඔව්. ජාතික ආණ්ඩුවෙන් විසඳගන්න පුළුවන්. දැන් ෆ්‍රීඩම් එක තියෙනවනේ. සුදු වෑන් එන්නේ නැහැ. කප්පම් සල්ලි ගන්න එන්නේ නැහැ. අපිට දැන් කතා කරන්න පුළුවන්.
● ප්‍රශ්නය:- ප්‍රභාකරන් සමරන්න ඔබ වෙල්ලමුල්ලි වයික්කාල් ගියා කියලා පුවත් පළවුණා?
පිළිතුර:- ඇයි ප්‍රභාකරන්ගේ නම ලියලා දාලා තියෙනවද වෙල්ලිමුල්ලිවයික්කාල්වල. එතැන ප්‍රභාකරන්ට ලියලා දීලා තියෙනවද? ඒක අපේ භූමිය. ඒක අපේ දේපොල. අපේ ටැමිල් මිනිස්සු එතැන මැරිලා........ සාධාරණ මිනිස්සු මැරිලා. අපි ඒ අයගේ ආත්මයට සුවපත් බව දෙන්න අපි එතැන පහන් පත්තු කළා. එච්චරයි.
● ප්‍රශ්නය:- ඔබ ප්‍රභාකරන් සැමරුවේ නැහැ?
පිළිතුර:- නෑ... නෑ... ප්‍රභාකරන් සමරන්න ගියේ නැහැ. අනික ප්‍රභාකරන් මැරිලා නෑ. ඔයාලා දැක්කද?
● ප්‍රශ්නය:- කරුණා අම්මාන් ගිහින් දේහය හඳුනා ගත්තා?
පිළිතුර:- ඒ එයානේ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු හතක් වුණා. මරණ සහතිකයක් අපට දුන්නාද? දුන්නානම් පෙන්නන්නකෝ. මීඩියා එකෙන් පෙන්නන්නකෝ. මරණ සහතිකය දෙන්නකෝ?
● ප්‍රශ්නය:- ඒ කියන්නේ ප්‍රභාකරන් මැරිලා කියලා ඔබ පිළිගන්නේ නෑ?
පිළිතුර:- මම විශ්වාස කරනවා මරණ සහතිකය ගෙනල්ලා ඔයගොල්ලෝ පෙන්වනවා නම්.
● ප්‍රශ්නය:- එල්ටීටීඊය කිව්වේ වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියලා. එතැනද විසඳුම තියෙන්නේ?
පිළිතුර:- මෙතැනට එල්ටීටීඊ එක සම්බන්ධ කර ගන්නේ නැතිව උතුරේ ඉන්න සාධාරණ මිනිස්සු වගේම, සාධාරණ මිනිස්සු තමයි නැගෙනහිර ඉන්නේ. අවුරුදු 30 ක් තිස්සේ අපට සංවර්ධනය නෑ. මිනිස්සු මැරුණා. තිස්දාහක් විතර ආබාධිතයන් ඉන්නවා. අම්මා තාත්තා නැති දරුවන් විශාල පිරිසක් ඉන්නවා. මූණ බලන්නේ නැතිව මේ මිනිසුන්ට උදව් කරන්න ඕනෑ. කමක් නෑ. දෙවියො ඔක්කොම අපිට දුන්නා. ඒත් අනවශ්‍ය ප්‍රශ්න නිසා මේ ජනතාව දුක් විඳිනවා. ඒ නිසා අපි රජයට කියනවා අපට උදව් කරන්න කියලා. අපිට අවශ්‍ය දේවල් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
● ප්‍රශ්නය:- ඔබගේ සැමියා ඇමැති මහේෂ්වරන් නාඳුණන තුවක්කුකරුවකුට බිලිවුණා?
පිළිතුර:- ඒ කේස් එක ඉවරයි. මීට වැඩිය ඒ ගැන කතා කරන්න මම කැමැති නෑ. කොච්චර වුණත් මගේ මහත්තයා මරන්න කලින් එයාට පොලිස් නිලධාරීන් පහළොස් දෙනෙක් ආරක්ෂාවට හිටියා. මරන්න දවස් දෙක තුනකට කලින් ඒ ආරක්ෂාව අයින් කළා. ඒකට නියෝග දීපු ඔෆිසර්ට එරෙහිව පරීක්ෂණයක් කෙරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් එක මහේෂ්වරන්ට වෙඩි තියපු මනුස්සයා තාම ඉන්නවා කියලා මම කියනවා.
● ප්‍රශ්නය:- ඔබ මේ ආණ්ඩුවේ ඇමැතිවරියක්. ඔබට පුළුවන්නේ මේ ගැන පරික්ෂණයක් ඉල්ලන්න?
පිළිතුර:- මම මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම පොලිසියට හරි උසාවියට හරි යන්න මම කැමැති නෑ. දෙවියන්ගෙන් තමයි මම උත්තර ඉල්ලන්නේ. දෙයියෝ උත්තර දෙයි එතකොට මිනිසුන්ට බලාගන්න පුළුවන් වෙයි.
● ප්‍රශ්නය:- ඔබට ලැබුණු ඇමැතිධුරය ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:- මට ලැබුණ ඇමැතිකමට මම එච්චර කැමැති නෑ. මම උතුරේ හින්දා මට අනිවාර්යයෙන්ම කැබිනට් ඇමැතිකමක් දෙන්න ඕනෑ. ඒත් මම 2010 පාර්ලිමේන්තු ආවේ. මම ජූනියර් නිසා වෙන්නැති කැබිනට් නොදුන්නේ. කමක් නෑ. උතුරේ කැබිනට් ඇමැති කෙනෙක් ඉන්නවනේ. ස්වාමිනාදන් මහත්තයා ඉන්නවා. එයා ටැමිල් එක්කෙනෙක්. හැබැයි අනික් දිස්ත්‍රික් ගත්තොත් කැබිනට් ඇමැතිවරුන් තුනක් හතරක් ඉන්නවා. අපිට ඉන්නේ එක්කෙනයි. ඒකෙන් වැඩ කරන්න බෑ. ඒ නිසා අපට තව දෙන්න ඕනෑ.
● ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නේ?
පිළිතුර:- නෑ... නෑ... එහෙම නෑ බලාපොරොත්තුවක් නෑ.
● ප්‍රශ්නය:- මේ ආණ්ඩුව උතුරට සලකන්නේ නැහැ කියලද ඔබ කියන්නේ?
පිළිතුර:- අනිවාර්යයෙන්ම සලකනවා. මාසෙන් මාසෙට ජනාධිපතිතුමා එනවා. අගමැති එනවා. මොනවද කරන්න ඕනේ කියලා හොයලා බලනවා. පළාත සංවර්ධනය කරනවා. ආණ්ඩුකාරතුමා ඉන්නවා. අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරනවා. බලනකොට සන්තෝෂයි දැන්. කලින් ආණ්ඩුව ඉන්නකොට ටී.එන්.ඒ. එකට එන්න දෙන්නේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ නිසා මට නම් ආරාධනා ආවා. දැන් බලනකොට හැම කොට්ඨාසයකටම ටී.එන්.ඒ. මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. ඊට අමතරව විපක්ෂනායක ඉන්නෙත් ටී.එන්.ඒ. එකේ මන්ත්‍රී කෙනෙක්. ඉතින් සතුටුයි. මේ විදියට කලින් ආණ්ඩුව කළේ නැහැ. මේ වගේ ජාතික ආණ්ඩුවක් ආවේ පළමු වරටයි.
● ප්‍රශ්නය:- අවුරුදු දෙකෙන් ජාතික ආණ්ඩුව ඉවරයි කියලා රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා කිව්වා?
පිළිතුර:- නෑ... නෑ... ඒක බොරු කතාවක්. මේක අනිවාර්යයෙන්ම අවුරුදු පහ යනවා.?
● ප්‍රශ්නය:- ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළොත්?
පිළිතුර:- ඉතින් ටී.එන්.ඒ. ඒක ඉන්නවනේ. ඒකේ මන්ත්‍රීවරු 16 ක් විතර ඉන්නවා. අපිට 106 ක් ඉන්නවා. 113 ක් හිටියම අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ඒක දැනුත් පුළුවන්. නමුත් ඒක නොකර තමයි අපි ඔක්කොම එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදා ගත්තේ. බයවෙන්න එපා. මගේ ජාතික ආණ්ඩුව අවුරුදු පහම යනවා.
● ප්‍රශ්නය:- ආණ්ඩුව කරගෙන යන්න විපක්ෂනායක උදව් කරනවා නම් ඔහු කොහොමද විපක්ෂනායක වෙන්නේ?
පිළිතුර:- ඔයගොල්ලෝ දැක්කනේ. බි්‍රට්ස් කාලෙදි මේ වගේ ජාතික ආණ්ඩුවක් කළානේ. ජාතිවාදය අවුස්සන්නේ නැතිව හොද මනසින් මේ දිහා බලන්න ඕනේ. ජාතිවාදය අවුස්සලා දේශපාලනය කරලා වැඩක් නෑ. ඒ කට්ටියට මම කියනවා ජාතිවාදය අවුස්සන්න එපා. මේ ආණ්ඩුව කරගෙන යන්න අපට පුළුවන්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්‍රභාකරන් මැරිලා කියලා මම පිළිගන්නේ නෑ
සිසිර Monday, 30 May 2016 02:37 PM
මෙතුමිය හැමදාමත් මේ වගේ කතා කියනවා. (ර)
රජීව් Monday, 30 May 2016 04:21 PM
හරිම සතුටුයි ..ඔබටත් සතුටුයිද? (බ)
අමල් Monday, 30 May 2016 04:59 PM
අමරුවෙන් හරි ඒක පිළිගන්න වෙනවා. (ර)
රනිල් Monday, 30 May 2016 11:16 PM
මේ වගේ තමන්ගේ ජාතිය ගැන හිතන සිංහල දේශපාලඥයෝ ඉන්නවා නම් කියලා හිතනවා. මෙයා කියන දේවල් ගැන මැදිහත්ව හිතලා බැලුවොත් කොහොමහරි තමන්ගේ ජාතියේ අයට උදව් කරන්නයි උත්සාහ කරන්නේ. සිංහල මිනිස්සු ගැන බලන්න දැන් කව්රුවත් නැහැ. (නි)
චතුරි Thursday, 02 June 2016 02:32 AM
රූපය වගේම පිළිතුරුත් ලස්සනයි. අපිට කිසිවක් කළනොහැකියි මේ වෙනුවෙන්. ඔබගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම සාර්ථක වේවා! (නි)
තුසිත Thursday, 02 June 2016 04:11 AM
අරන්තලා භික්‌ෂු ඝාතනයට වසර 29 යි (ම)
තුසිත Thursday, 02 June 2016 11:40 AM
හරි දැන් මෙයාල කියනවා නේ යුද්දේ අවසන් කාලේදී අච්චර මැරුණා මෙච්චර මැරුණා කියල.. ඒ අයටත් මරණ සහතික නිකුත් කරලා නැහැ නේ.. ඉතින් එතකොට ඒ අය මැරිලා නැද්ද? (ර)