X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පාඩු ලබන රාජ්‍ය ආයතන ආර්ථිකය නැංවීමට යොදාගනිමු

පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රති සැකසුම්කරණය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එවැනි ආයතනවල අතිරික්ත සේවකයන් සිටී නම් වන්දි මුදල් ගෙවා ඔවුන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන් ඉවත් කිරීම සම්බන්ධව පවතින වන්දි සූත්‍රය එහිදී සැලකිල්ලට ගත හැකි බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. එසේම එම ආයතනවල පවතින බැහැර කළ හැකි වත්කම් උපයෝගී කර ගනිමින් අතිරික්ත සේවක පිරිස් සඳහා ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි නම් එම ආයතන කඩා නොවැටී පවත්වාගෙන යා හැකි බවට අමාත්‍යවරයා විශ්වාසය පළකර තිබිණි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද පාඩු ලබන රාජ්‍ය ආයතන එවැනි ක්‍රමවලින් ගොඩගත නොහැකි බව පරම සත්‍යයයි. එය ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. අතිවිශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කර ඒවායේ පාලන ක්‍රමය වෙනස් කරන තුරු පාඩු ලැබීම් වළක්වා ගැනීමට හැකියාවක් නැත. එවැනි ඍජු පියවරක් නොගෙන එවැනි ආයතන කඩා නොවැටී පවත්වාගෙන යාමට කොතරම් උත්සාහ දැරුවත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතියට අනුව එම අරමුණ ඉටු නොවේ. ආයතනය අතට ලැබෙන අමාත්‍යවරයාට එය තමන්ගේ හෙංචයියන්ට රස්සා ලබාදීමටත් ටෙන්ඩර් මගඩි හරහා සාක්කු තරකර ගැනීමටත් ලැබෙන අවස්ථා ඔවුන් පැහැර නොහරින බැවිනි.

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. දැනට හඳුනාගෙන ඇති එවැනි ආයතන ගණනාවක් එහිදී ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තීය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි.

ප්‍රති සැකසුම්කරණය කිව්වත් ප්‍රතිව්‍යුහගත කිරීම කිව්වත්, පෞද්ගලීකරණය කිරීම කිව්වත් අදහස් වන්නේ එකම කතාවකි. එහෙත් මේ වචන තුන අතරින් ජනතාව තිගැස්සෙන්නේත් වඩාත් සංවේදී වන්නේත් පෞද්ගලීකරණය යන යෙදුමටය. එය මහා භයානක පියවරක් වන බවට වන විශාල දුර්මතයක් සමාජය තුළ පුළුල්ව පැතිර තිබීම ඊට හේතුවය. මෙවැනි දුර්මත ජනගත කිරීම ඇතැම් වෘත්තීය සමිතිවල ප්‍රමුඛ කාර්යය වී තිබෙන බව මෙහිදී කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය. තමන් භුක්ති විඳින වරප්‍රසාද සහ වරදාන ගිලිහී යාම වළක්වා ගැනීම එවැනි අවස්ථාවාදී සමිතිවල මූලික පරමාර්ථය වුවද ඔවුන් එය ජනගත කරන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙමු යන පට්ට ගැසූ මෙලෝ රහක් නැති ලේබලය යටතේය. මේවාට තිරය පිටුපස සිටිමින් උඩගෙඩි දෙන දේශපාලන නායකයෝ රටේ යහපතට වඩා තමන්ගේ පක්ෂයට බලය ගැනීම සහ තිබෙන බලය පවත්වාගෙන යාමේ ඇස්බැන්දුමක් වශයෙන් මේ සටන්පාඨය යොදා ගනිති. එම ආයතන පාඩුවට ගෙනයාම හරහා පසුගිය දීර්ඝ කාලය තුළදී රටේ මුදල් බිලියන ගණනින් කාබාසිනියා කිරීම ගැන ඔවුන් කතා කරන්නේ නැත. අඩුම තරමින් දැන්වත් රට වැටී සිටින ආර්ථික අගාධය පිළිබඳ කල්පනා කර හෝ ජනතාව තවදුරටත් රැවටීමේ ක්‍රියාවලින් මේ නායකයන් බැහැර විය යුතුය.

පාඩු ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බර තවදුරටත් මේ රටේ ආර්ථිකයට දරාගත නොහැක. මේ සත්‍යය දැන දැනම රාජ්‍ය සම්පත් කොල්ලකෑම වැනි සටන්පාඨ හරහා සමාජය තුළ දුර්දාන්ත මත පැතිරවීමට කිසියම් වෘත්තීය සමිතියක් ක්‍රියා කරන්නේ නම් ඔවුන් රට මකර කටට තල්ලු‍කරන අපාය සහායක සමිතියක් මිස රටේ දියුණුව පරමාදර්ශය වශයෙන් සලකා කටයුතු කරන ප්‍රගතියේ සහකරුවකු නොවන බව පිළිගැනීමට සිදුවෙයි. තම ආයතනයේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැරදි යැයි අප කියන්නේ නැත. එහෙත් රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවලට හරස් කැපීම සඳහා වෘත්තීය සමිති අයිතිවාසිකම් යොදා ගැනීම අපට අනුමත කළ නොහැක.

රටක සියලු‍ ව්‍යවසාය රජය මගින් පමණක් පාලනය විය යුතු බවට ඇති මතය යල් පැන ගිය මිථ්‍යාවක් බව සියලු‍දෙනා තේරුම් ගත යුතුය. එවැනි ආර්ථික ක්‍රම සහ මතවාද ලොවට හඳුන්වා දුන් බලවත් වාමාංශික රටවල් පවා එම මතවාද අතහැර වඩාත් තරගකාරී, ධනාත්මක සහ නවීන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගත් ආර්ථික ක්‍රමවලට හැරෙමින් විශාල දියුණුවක් ලබා සිටී. අපේ රටේ පමණක් එවැනි කාලය ඉකුත් වූ අසාර්ථක ආර්ථික න්‍යායයන් බදාගෙන සිටින පිරිසක් රටේ අනාගතය ආපස්සට හැරවීමට කටයුතු කිරීම කනගාටුවකි.

කිසිම දවසක ගුවන් යානයක ගමන් කර නැති මේ රටේ ජනතාව පවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව පියවීම සඳහා 2008 සිට 2020 දක්වා ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 302කි. එසේම 2020 වනවිට පාඩු ලබන රාජ්‍ය ආයතන විසින් විනාශ කර ඇති මුදල සමස්ත ආර්ථිකයෙන් සියයට09ක් බවද ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ජාතික සම්පත් කඩතුරාව ලිහා දමා පෞද්ගලීකරණය හරහා රටේ සම්පත් රැකගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත.

(***)



අදහස් (1)

පාඩු ලබන රාජ්‍ය ආයතන ආර්ථිකය නැංවීමට යොදාගනිමු

c.u. Wednesday, 31 August 2022 01:46 PM

රටේ වංචාව හා සියළු ආකාරයේ දූෂණ නැවැත්වීමට අවශ්‍ය යන්ත්‍රණය සකස් කළයුතු අතර නිවැරදි දිශානතියට සීමිත සම්පත් යොමු කිරීමට හැකි උත්තරීතර මණ්ඩලයක් රටට හිතැති උගත් ප්‍රායෝගික දැනුම ඇති දෙස්විදෙස් ශ්‍රී ලාංකිකයන්ගෙන් සකස්කර රටේ රාජ්‍ය ආයොජන සිදුකළ යුතුයි. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණ අවම කිරීම සඳහා යෝග්‍ය ප්‍රගති විමර්ෂණ හා පසුවිපරම් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර එම කටයුතු ස්වාධීන කොමිෂන් සභාවක් මගින් සිදුකළ යුතුවේ. එමගින් ඉහළ ප්‍රමිතියෙන් යුතුව සියළු සංවර්ධන වැඩවල නිමාව ජනතාවට භුක්ති විඳීමටත් අපතේ යන රාජ්‍ය සම්පත් රැකගැනීමටත් ශ්‍රී ලාංකික ජනතාව වාසනාවන්ත වේ. මෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පැවරෙන උතුම් කාර්යයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site