X Advertisement
IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පාඩු ලබන සුදු අලින්ගේ බර ජනතාව පිට පටවන්න එපා

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන ආර්ථික අර්බුදය ගැන අර්ථකථන රාශියකි. මේ අර්ථකථන සහ වාද විවාදවලින් හෙම්බත් වූ සමාජය තුළ දක්නට ලැබෙන්නේ ද ව්‍යාකූල බවකි. පවත්නා අර්බුදය හටගත්තේ අසවල් අසවල් ආණ්ඩු අසවල් තීරණ ගැනීම නිසා යැයි නැගෙන චෝදනා සහ ප්‍රති චෝදනා කොතරම් බරසාර වුවද ඒ එකක්වත් ප්‍රශ්නයට විසඳුමක් නොවේ. ගමේ භාෂාවෙන් කියතොත් ඒ සියල්ල පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් හා සමානය.

ජනතාවට අවශ්‍ය තමන්ට උසුලා සිටිය නොහැකි දරාගත නොහැකි ජීවන බර සැහැල්ලු‍ කර ගන්නටයි. එසේම තමන් අත ඇති සොච්චම හෝ ගෙවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ පහසුකමයි. ඉතිහාසයේ පළමුවරට ගෑස් සමාගමේ සභාපතිවරයා දර භාවිත කරන ලෙසට ජනතාවට උපදෙස් දෙන රටකි, මේ. එබැවින් අප කවුරුත් උගුරට හොරා බෙහෙත් කන්නේ නැතිව සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට උත්සුක විය යුතුය. අද අප රටේ පවත්නා බොහෝ ජීවන ප්‍රශ්නවලට හේතුව විදේශ විනිමය හෙවත් ඩොලර් හිඟයයි. එසේම ඩොලරය හමුවේ රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටීමෙන් පවත්නා ආර්ථික අර්බුදය තවත් තීව්‍ර විය.

මෙම ඩොලර් අර්බුදයට බලපාන හේතු රාශියක් තිබුණද ආණ්ඩුව මේ තරම් ආර්ථික අගාධයක ගිලී ගියේ රජයට දරාගන්නට බැරි තරම් පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් නඩත්තු කරන්නට යාම හේතුවෙනි. සුබසාධන රාජ්‍යයක් ලෙස ජනතාවට සහන සැලසීම පිණිස රජය මෙම ආයතනවලට අදාළ පාඩුව භාරගන්නා නමුත් ව්‍යාපාරික වශයෙන් දියුණු කළ හැකි ආයතන පවා අද විශාල පාඩුවකට නතුව තිබීම අවාසනාවකි. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස පාඩු ලබන සුදු අලි මට්ටමේ ප්‍රධානම රාජ්‍ය සමාගම්ය. මෙයින් ඛනිජ තෙල් සංස්ථාව පමණක් 2021/ 2022 මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 82 ක් පාඩු ලබා ඇතැයි නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. විදුලිබල මණ්ඩලයේ දළ පාඩුව රුපියල් බිලියන 80 ක් පමණය. ශ්‍රී ලංකන් සමාගමේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 30 ක් පමණය. එහෙත් ඔවුන් මෙහෙයුම් අංශයෙන් ඉතා සුළු ලාභයක් මෙවර ලබා ඇතැයි ද සඳහන්ය.

මෙලෙස අලාභ ලබන ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යාපාර සමාගම්ය. ඒවා “බිස්නස්” කර පාඩු ලබන්නේ ජනතාවට අඩු මිලට භාණ්ඩ හා සේවා සැපයුම නිසා බව එකී ආයතන කියයි. අලාභ අවම කිරීම සහ මිල සූත්‍ර ගැන එම ආයතන දැන් මොනවා කීවත් තවමත් මෙකී ආයතන මහ ආණ්ඩුවට පාඩු කරන්නේ ඩොලර්වලිනි. එම නිසා අදාළ ආයතන වැටී ඇති අගාධයෙන් ගොඩගන්නවා නම් කිසියම් පරිපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය. විදේශීය ආයෝජන හවුල් කරගෙන හෝ අවශ්‍ය ප්‍රගතිය ලබාගැනීමට යුතුකමක් තිබේ. මෙයට හොඳම උදාහරණය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයයි. කලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙසටත් පසුව ටෙලිකොම් සංස්ථාගත සමාගම ලෙසටත් ක්‍රියාත්මක වූ රාජ්‍ය ආයතනය ජපාන ආයෝජකයකුගේද හවුල්කාරිත්වයෙන් කලකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලෙස ප්‍රතිව්‍යුහගත කෙරිණි. ඒ නිසාම මෙම කටයුත්ත සිදුවෙද්දී වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනාගේ යම් විරෝධයක් තිබිණි. එහෙත් යහපත් දැනුවත් කිරීම් නිසා විශාල අරගලයකින් තොරව එම ප්‍රතිව්‍යුහගතකරණය සමාප්ත කර ගන්නට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ අදාළ ආයතනයේ සේවය වඩාත් කාර්යක්ෂම හා ප්‍රශස්ත තත්ත්වයට පත්වීමයි. කලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තු යුගයේ ගෘහස්ත දුරකතනයක් ලබාගන්නට පාරිභෝගිකයකු වසර ගණනක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වුවත් නව ටෙලිකොම් සමාගම යටතේ දින කිහිපයකින් ගෘහස්ත දුරකතනයක් පාරිභෝගික අවශ්‍යතාව අනුව සපයාගත හැකි තත්ත්වයට එහි සේවය කාර්යක්ෂම විය. එසේම රජය විසින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නට දැරූ වැය බර අදාළ සමාගමටම පැවැරුණි. මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ සාර්ථකත්වය පිළිබඳ හොඳම උදාහරණය ටෙලිකොම් ප්‍රතිව්‍යුහගතකරණයයි. එවන් ආදර්ශ තිබියදී දැන් පාඩු පිට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතන වුවත් රජයට බහුතර කොටස් හිමිකම සහිතව ප්‍රතිව්‍යුහගත කොට පෞද්ගලික ආයෝජන ලබාගැනීම වරදක් ලෙස නොපෙනේ. එබඳු මෙහෙවරක් ආයතනය වික්කා හෝ රට වික්කා කියමින් දේශපාලන වශයෙන් ලඝු කරන්නට නොයෑම වගකිවයුතු දේශපාලන භවතුන්ගේ යුතුකමකි.

මෙවැනි ප්‍රායෝගික විසඳුමකට නොගොස් තවදුරටත් මේ ආයතනවල වැය බර රජය දරා සිටින්නට ගියහොත් සිදුවන්නේ දැන් අප මුහුණදෙන ඩොලර් අර්බුදය වැනි තවත් ආර්ථික සුනාමියකට හසුවීමය. එසේ වුවද රජය මහජන සුබසාධනය උදෙසා පවත්වාගෙන යන ආයතන ගණනාවක් පවතී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට උදාහරණය. මෙකී ආයතන ව්‍යුහාත්මකව සැකසී ඇත්තේ ලාභය අරමුණු කරගෙන නොවේ. එහෙත් තවමත් දෙපාර්තමේන්තුවක්ව පවත්නා දුම්රිය සේවය වැනි ආයතන මෙයට වඩා කාර්යක්ෂම කළමනාකරණයකට නතු විය යුතුමය.

දැනට පාඩු පිට පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ද අපට කළමනාකරණ කාර්යක්ෂමතාව ගැන අතීත උදාහරණයක් සපයා ගන්නට පිළිවන. එම ආයතනය කලක් එමිරේට්ස් ජාත්‍යන්තර ගුවන් සමාගම යටතේ පාලනය විය. එකල ශ්‍රී ලංකන් ආයතනය සෑහෙන ලාභයක් ලබමින් දකුණු ආසියාවේ ප්‍රශස්තම ගුවන් සේවාවක් ලෙස නම් දරා සිටියේය. එහෙත් එක්තරා පටු දේශපාලන සිදුවීමක් හේතුවෙන් එමිරේට්ස් කළමනාකරණය යටතේ තිබූ ශ්‍රී ලංකන් ආයතනය නැවතත් රාජ්‍ය අයිතියට පත් කරන ලද්දේ 2010-2015 අතර පැවැති රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එතෙක් ලාභ ලැබූ ශ්‍රී ලංකන් ආයතනය කළමනාකරණය නොදත් රජයේ පාලකයන් අතින් පරිහානියට පත්ව අලාභ ලබන සුදු අලියකු බවට පත්ව අද රජයට ද මහා බරක්ව තිබේ. එබැවින් තවදුරටත් එවන් අනුවණකම් නොකොට පාඩු ලබන රාජ්‍ය ආයතන උපාය මාර්ගික ආයෝජන කෙරේ යොමු නොකළොත් ජාතික ආර්ථිකය අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැති බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (0)

පාඩු ලබන සුදු අලින්ගේ බර ජනතාව පිට පටවන්න එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site