එක දිගට ඇද හැළුණු සිරිපොද වැස්සත් එකිනෙකා නොපෙනෙ පරිසරය වෙලාගත් හිමදුම් වැටියත් නොවැම්බර් පළමු වැනි දා අලූයම අවදිවීමට අලස වුවද ¦ දිනයේ ඇති වටිනාකම හඳූනන මැදිවියේ මිනිසුන්ගෙන් පැරීසියේ මං මාවත් පිරී ඉතිරී ගියේය. මලගිය ඇත්තෝ සිහිපත් කිරීම එදිනට යෙදී තිබූ විශේෂ දිනය වුයේය.
මිහිදන් වූ ඔවුන් සිහි කිරීම එදින විශේෂයයි . එදා වැසි දිනයකි. උදේ සිට ඇද හැළුණු සිරිපොද මිහිකත තෙත් කළේය. එයින් පණ ලැබූ මිහිදන් වුවෝ ආශිර්වාද අතැතිව සක්මනේ යෙදෙන තම ×ාතියාගේ ආශිර්වාද ලබා ගනිමින් මිහිකත තුළ සැතපුණාහ.
එදින පැරීසියේ සුසානභූමි විවිධ වර්ණ මල් වලින් සුවඳවත් විය. මුළු සුසාන භූමියම මල්යායකි. මල්වැටි අතරින් අහසට එක්වුණු ස්මාරක අතරින් ආශිර්වාද ඇතැති ඥාතියෝ සක්මනට එකතුවී මුළු සුසානයම කළ ගුණ දක්වන්නවුන්ගෙන් පිරී ගියේය.
තම ඥාතියාගේ සොහොන් කොත් ඉදිරියේ මල් බඳුන් තබමින් ආශිර්වාද කරන මැදිවියේ පිරිස් මෙහොතක් නිහඬව තම ආචාරය පුදකරති.
සුසාන භූමියක් නොවු එවැනි බිමක් පැරීසියේ ජීවත් වෙමින් මෙලොවෙන් සමුගත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ද පිළියෙළ කොට තිබුණේය.
පැරීසියේ ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි එකමුතුවට අනුබද්ධ පැරීසියේ උස්කා ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ මෙහෙයවීමෙන් ශාකි ජයවර්ධන මහතා සංවිධානය කළ එම පිංකමේ මියගිය ලාංකිකයන් 80 කගේ පමන ඡායාරූප ප්‍රදර්ශනයට තබා බෞද්ධ හා කතෝලික ආගමික වත් පිළිවෙත් සිදුකොට ඔවුන් සදහා පිං අනුමෝදන් කැරිණි. පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය උඩුගම සුදස්සි හිමි, වැල්ලව පුදනාපිටිය රජමහ විහාරයේ විහාරාධිපති කුරුනෑගල චන්ද්‍රවංශ හිමි යන හිමිවරු, සමග කතෝලික සභාව මෙහෙයවන මහනුවර දොන් බොස්කෝ කාර්මික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක සුනිල් පෙරේරා පියතුමා අදාල ආගමික කටයුතු සිදුකළේය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානයේ හිටපු සභාපති, පැරීසියේ ‘ග්‍රාමසේවක‘ ලෙස හුරතල් නමින් අමතන පුෂ්පසිරි ද අල්විස් , ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ නිර්මාතෘ හා හිටපු සභාපති රන්ජන් බණ්ඩාර , ප්‍රංශ ලංකා සුභසාධන සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ , එහි උප සභාපති හේවින්ද විජේරත්න එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති රොහාන් දයාදර , එහි විධායක කමිටු සමාඡික සමන් මහදුරගේ මහතා ප්‍රංශයේ › ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ හිටපු සභාපති ලෙස්ලි පෝල් , ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික ජයන්ති පීරිස්, ,පැරීසියේ කලාකරු චිත්‍ර ශිල්පී රංජිත් විමලනාත මහත්වරු ද එහි වූහ.
තම සොහොයුරා නැවතත් නොඑන අවසාන ගමනට නිදියහන් ගතව සිටි මොහොතක සොම විඳදරා ගනිමින් මෙම පිංකමට දැඩි කැපවීමකින් කටයුතු කල රංඡිත්, ශාකි ජයවර්ධන සොහොයුරෝ ද, ඔවුන්ගේ බිරින්දැවරුන් ආහ.
දැල්වෙන පහන් වැටි අද්දර මෙලොව සමුගත් මිතුරන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය අතීතයේ මිතුරන් සිහි ගන්වා මොහොතකට සිත සන්සුන් කොට මනස අවදි කළේය. පුදපූජා, දන්සැල හා පැරීසියේ යාචකයන්ට දන් දීමෙන් අනතුරුව ලාංකික පිංකම අවසන් වුයේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිසිය මළවුන් සිහි කරයි
විජිත Wednesday, 13 November 2013 04:35 AM
විජිත ඕස්ට්‍රේලියාව."පැරීසියේ විසු මෙලොව සමුගත් මිතුර සුනිල් බණ්ඩාරටත් නිවන් සුව පතන්නෙමි!" (අ)
උපුල් Wednesday, 13 November 2013 03:27 PM
සද් ධර්මය අවබෝධය අති අපහසුය. “සද්ධම්මෝ පරම දුල්ලභෝ“. (ස)
ජයලත් Wednesday, 13 November 2013 10:40 PM
පැරීසියෙ වෙසෙන ජනතාව දැනුවත් කරල මෙම වැඩසටහන කලා නම් හරිම අගෙයි මෙයට වඩා ජනතාවක් ගෙන්න ගන්න තිබුන . (දී)
ලලිත් Wednesday, 13 November 2013 11:35 PM
මේවට සෙනග ගෙන්න ගන්නේ කොහොමද ? දන්නෝ දනිති (දී)
නන්දෙ පැරිසිය Thursday, 14 November 2013 04:00 PM
ලලිත් මල්ලි, ලංකාවේ රැස්වීම් වලට බත් මුලයි අරක්කු බෝතලයයි දීල බස් වලින් මිනිසුන් අදිනව වගේ මේවට මිනිසුන් අදින්න ඕනේ නැහැ.හදවත් තියෙන අය ආවම හොඳටම ඇති.මිතුරන් සිහි කිරීමට බැරි අයට වෙන මොනවද ? කරන්න පුළුවන්? (ස)
රන්ජි පැරිසිය Friday, 15 November 2013 02:38 AM
පැරිසියේ පහන් පුජාවක් හෝ බණ දේශනයක් කිවුවොත් සු ගාලා සෙනග. ජයලත් මල්ලි, පැරිසියේ වැඩ දැක්කම පිස්සු හැදෙනවා මල්ලි මට (නි)
චම්පා අඹේවෙල පැරිසිය Saturday, 16 November 2013 01:08 AM
පැරිසියේ හැමදාම තියෙන්නේ කන්න තියෙන අයට කන්න දෙන පින්කම්නේ .මේ දුන්නේ කන්න නැති අයට කෑම දෙන පින්කමක් . ඒක නිසා මේකේ පින් වැඩි .ඒවගේම වෙන තැන්වල වගේ පින්කැට එහෙමත් නැහැ .මෙම පින්කමේ වෙනස එයයි . (දී)
සමන් පැරිස් Saturday, 16 November 2013 05:31 PM
ඔය මැරුණු අයගෙත්,සහභාගි වූ අයගේත්, වැඩිය අයගෙත්,දේශනා කරන අයගෙත් ,බහුතරයගේ විසා එක පිටුපස තවත් මැරුණු කෙනෙකුගේ සත්‍ය කතාවක් ඇත. අන්න ඒ අයත් සිහිකර යමක් කරන්නේ නම් මැනවි (නි)
ධම්මික කැන්ඩි Sunday, 24 November 2013 09:28 AM
අලුත් ලෝකයට යන අපි,පරණ අය මතක් කල යුතුයි .(නදී)