X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


පියාගේ අනාදරයෙන් වහල්කමට වැටුණු දැරිය

  

 

“දරුවන්ගේ ලෝකයේ දුක් සුසුම්” නිමාවක් නොදකින මේ ප්‍රශ්නාර්ථය හමුවේ කැකෑරෙන දූෂිත සමාජයක පුංචි පැටවුන්ට ලෝකයක් දකින්න හෙටක් ප්‍රාර්ථනා කිරීම අපට හීනයක් වෙලා. මේ සමාජය ඔබ අප නොදන්න බොහෝ දේ සඟවනවා. ඒ වගේ සැඟවිච්ච අවාසනාවන්ත කඳුළු කථාවක් පසුගිය දවසක අපට අහන්න ලැබුණා.

37
මිත්තණියක් උසාවි භූමියේ බංකුවක් මත හිඳගෙන හඬා වැලපෙන දෝංකාරය උඩු සුළඟට මුසුවෙලා පාවෙලා යනවා. ඒත් ඇගේ දුක අහන්න ඒ ඉසව්වේ කවුරුවත්ම හිටියේ නැහැ.


මම තව ටික දවසකින් මැරිලා යාවි. මම මරුණට පස්සේ මගෙ කෙල්ල මේ ලෝකේ තනි වෙනවා. මට දැන් ඒකිව ආරක්ෂා කරන්න ශක්තියක් නැහැ. මහ එවුන්ගේ වැරදි නිසා දුක් විඳින්නේ අහිංසක පොඩි එවුන්.


ඇගේ හිතේ දැවෙන දරු දුක වචනවලට සීමා කරන්න බැහැ. ඒ වගේමයි පුංචි නමාෂගේ හිතට දැනෙන වේදනාව දෙමාපියන්ට දැනෙනව නම් කවරදාවත් ඔබ ඔබේ දරුවා මේ සමාජය ඉදිරියේ තනි කරන්නේ නැහැ. මේ ඒ පුංචි නමාෂගේ කතාව.


පියලුත්, නාලිකාත් අඹුසැමියන් වීමට තීරණය කළේ මාස දෙකක් තරම් කෙටි කාලයක ආදර සම්බන්ධතාවක ඵලගැන්වීමක් විදිහට. පියල්ට මව්පියන් ගෙනෙන යෝජනාවලට කැමති වීමට බල කිරීම නිසාම පියල් තමන් ආදරය කළ නාලිකාව බිරිඳ ලෙස නීතිය ඉදිරියේ පිළිගන්න තීරණය කළා.

මව්පියන්ගේ විරුද්ධත්වය මත නාලිකාව තම සහකාරිය විදිහට තෝරාගැනීම ජීවිතයේ හොඳම තීරණය එයයි කියලා පියල්ම තීරණය කළා.

19-Rasa-P2-BA
නාලිකා කියන්නේ ඇඟලුම් කම්හලක සේවය කළ අහිංසක යුවතියක්. පියල් කියන්නේ යහමින් මිල මුදල් තිබෙන පවුලක ජීවිතය සෙල්ලක්කාරකමෙන් ගෙවපු පවුලේ හුරතලේට හැදුණු බාලයා. නාලිකා අධ්‍යාපනයෙන් උගත් නැති වුණාට රූපෙට වහ වැටිච්ච පියල්ට ඒ වහවැටුණ හිත වෙනතකට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.


ඔය විදිහට මේ විවාහය සිදුවුණත් නාලිකාව කැන්දගෙන ආවේ පියල්ගේ මහ ගෙදරට. විටෙක පියල්ගේ අම්මාගේ දරුණු කථා නාලිකාගේ හදවත පසාරු කරගෙන ගියා.


“දැන් ඉතින් උඹට ඕන එක කරගත්තනේ. උඹ අර ගාමන්ට් කෙල්ලගේ රූපෙට වහල්වෙලා, අපේ නම්බුව විනාශ කළා. මූණෙ දැලිත් ගෑවා. ඒකී උඹ තරම් ඉගෙන ගෙනවත් නැහැ” නැන්දම්මගේ දෝෂාරෝපණ, නින්දා අපහාස නාලිකා දරාගෙන හිටියේ පුළුවන්කමකට නෙමෙයි. අවසානයේ පියල්ට වෙනත් ප්‍රදේශයකට පදිංචියට යාමට නාලිකා යෝජනා කළා. ඒත් පියල්ගේ එතරම් අකැමැත්තක් නැති වුණත් අම්මගේ මේ අපවාදවලින් බේරෙන්න තිබුණ වුවමනාව නිසාම පියල් නාලිකාගේ යෝජනාවට කැමති වුණා.


“අනේ පියල් මට නම් මේ ගෙදර ඉන්න බැහැ. අම්මලා කැමති නැහැ මම මේ ගෙදර ඉන්නවට. අපි කොළඹ පැත්තේ කුලියට ගෙයක් අරගෙන යමු. ආයෙම මම මේ ගෙදරට එන්නේ දරු පැටියෙක් හම්බ වුණාම. එතකොට අම්මලා වෙනස් වේවි. මාව ගෙදරින් එලෙව්වත් ඔයාගේ දරු පැටියෙක්ව අම්මලට අහක දාන්න බැහැනේ” අනේ පියල් අපි ගෙයක් අරගෙන යමුද?


නාලිකාගේ දෑසේ පිරුණු කඳුළු පියල්ගේ සිතැඟි හදිස්සියේම වෙනස් කළා. විවාහයෙන් පස්සේ පියල් අපේක්ෂා කළ සියලු නෑ හිත මිතුරු සම්බන්ධතා වෙනදා මෙන් පැවතුණේ නැහැ. මේ දේවල් එක්ක පියල් ජීවිතය ගෙව්වෙත් ලොකු කලකිරීමකින්. මේ දේවල් පියල්ට නිතර දෙවේලේ සිතට නැගෙන්න පටන් ගත්තා. ඒ නිසාම දඹුල්ලේ මහ ගෙදර අතහැරලා කොළඹ යන්න තීරණය කළා. 


ගම අතහැරලා කොළඹ හල්බරාව අලුත් නිවසට පැමිණීමත් එක්ක නාලිකාට රැකියාවෙන් ඉවත් වෙන්න සිදුවුණා. ඒ වෙනකොට පියල් සේවය කළේ කොළඹ ප්‍රදේශයේ එක්තරා විද්‍යුත් මාධ්‍ය ආයතනයකට අයත් කාර්යාලයක. කොළඹට පැමිණීම පියල්ට රැකියාවට යාමට ලෙකු පහසුවක් වුණා.

නාලිකාත් පියලුත් ජීවිතයේ සතුට සොයාගෙන කොළොම්තොටට පය තිබ්බේ දහසක් බලාපොරොත්තු සිතේ පොදිබැඳගෙන. 


ඔය අතරතුර හදිසියේම පියල්ගේ මව රෝගාතුර වෙලා ජීවිතේ දාලා යද්දී නාලිකා මාස 8 ගැබිනියක්. නාලිකාත් පියලුත් සැනසුම් සුසුම් හෙළමින් තනාගත්ත පුංචි කූඩුවේ ජීවිතේ ගත කළේ හරිම සතුටින්. ඒත් මවගේ වියෝවීමත් සමග පියල් තම පියාව කොළඹ තමන්ගේ නිවහනට කැඳවාගෙන එන්නේ පිය පුතු අප්‍රමාණ බැඳීම නිසා.


නාලිකා දරුවෙකුත් කුස දරාගෙන ඒ වියපත් පියාගේ සියලු ඇප උපස්ථාන කළේ පුළුවන්කමකට නෙමෙයි. ඒ වගකීම පැහැර හැරිය නොහැකි නිසා පවුලට එකතු වූ පුංචි සිඟිත්තියගේ වැඩකටයුතුත් සමග ඇය පියා වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට බැරි බව සැබැයි. එහෙත් පියල් ඇයට පැවරූ පියාගේ වගකීමේ රාජකාරිය ඇය අකුරටම ඉටු කළේ පියල්ගේ හිතේ දුකක් හෝ තරහක් ඇතිවේවි යැයි සිතා මිස හදවතින්ම ඇති වූ පිය සෙනෙහසටම නෙවෙයි.


පියල් සිය රාජකාරිය කාර්යබහුලත්වය නිසාම නිවසේ සිටි කාලසීමාව ඉතා අල්ප විය. බොහෝ දිනවලට රෑ බෝවී නිවසට පැමිණෙන පියල් සැපත ලෙස දැක්කේ නින්ද පමණයි. දහවල් කාලයේ දියණියගේ වැඩ කටයුතු සති අන්ත නිවාඩු දින දෙකේදීත් පියාට කළ යුතු සත්කාර නාලිකාගෙන් මගහරුණු අවස්ථා සුලබය. එහෙත් මේ පිළිබඳව පියල්ගේ පියා පියල් සමග කී වංහුංවලින් පියල් නාලිකා සමග නිතර නිතර අඩදබර ඇති විය.


“උඹ ඔය වෙනස්කම් කරන්නේ මගේ තාත්තට. හැමෝම එපා කියද්දී උඔව බැඳගත්ත ඒක ගැන මම අද පසුතැවෙනවා. මමයි මේ ගෙදර හම්බ කරන්නේ උඹ ඉන්න ඕන මම කියන විදිහට. මට මගේ තාත්තා වටිනවා. මට මේ ගෙදරින් තාත්තා එළවන්න බැහැ. හැබැයි උඹව මෙහෙන් එළවන්න මට ඕන වෙලාවක පුළුවන්”


 පියල්ගේ වාග් ප්‍රහාර හමුවේ අසරණ වූ නාලිකා වචනයකින්වත් පියල් සමග ගෝරණාඩුවට ගියේ නැහැ. තමන්ගේ ජීවිතේට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා නාලිකාට හිතාගන්න බැරි වුණා. මේ විදිහට හැලහැප්පීම් හමුවේ නාලිකා ජීවිතේට මුහුණ දුන්නේ ජීවිතේ එක බලාපොරොත්තුවක් නිසා. ඒ තමන්ගේ දියණිය ගැන හිතලා. කාලය බොහොම වේගයෙන් ගෙවුණා. පියල්ගේ යම් යම් ක්‍රියාකලාප නාලිකාගේ හිතට තදින් වේදනා ගෙන දුන්නා. පියල්ගේ හැසිරීම් රටා ඇයට වෙනස් විදිහට දැනුණා. මේ නිවහනට වඩා සුන්දර ලෝකයක් පියල්ගේ ජීවිතේට ඇවිල්ලා කියලා නාලිකාට ඉඟි වැටුණා. පියල්ගේ ජංගම දුරකථනයට පැමිණෙන ඇමතුම් ඔස්සේ නාලිකාට මේ සැකයේ ඉඟිය වැටහෙන්න මහ කාලයක් ගියේ නැහැ. දිනක් පියල්ගේ ජංගම දුරකථනයට පියල් නැති අතරේ මොහොතක ලැබුණු ඇමතුමකට නාලිකා පිළිතුරු දුන්නා. ප්‍රතිවාදියාගෙන් ඇසුණු ළයාන්විත කාන්තා හඬ නාලිකාට තිගැස්මක් ඇති කළා. නාලිකා පියල්ගේ වයිෆ් කියලා ඒ අමතන්නිය පිළිගන්නේ නැහැ.


“මට කමක් නැහැ වයිෆ් නෙමෙයි කවුරු වුණත් පියලුයි මමයි අතර සම්බන්ධයක් තියෙනවා. අපි තව අවුරුද්දකින් කසාද බඳිනවා. ප්‍රතිවාදිනියගෙන් ඇසුණු පිළිතුර නාලිකාට කම්මුල් පහරක් වැදුණ හා සමානව වේදනාවක් දැණුනා. 


පියල් ගෙදරින් නික්ම දින දෙක තුන සතිය හමාර පමා වුණා. දරුවෙක්, ගෑනියෙක් ඉන්නවා නේද කියලා පියල්ට ගාණක්වත් තිබුණේ නැහැ. නාලිකා මේ දේවල්වලින් හිත හදාගත්තත් දියණිය නිතර සෙව්වේ තාත්තව. ඒත් පියල්ගේ හිතේ දරු සෙනෙහසක් ගෑවිලාවත් තිබුණේ නැහැ. පියල් සමහර අවස්ථාවල දියණියට තරවටු කළේ ජීවිතේ අවාසනාවට ඉපදුණ දරුවෙක් කියලා. මේ දේවල් එක්ක කාලය වේගයෙන් ගතවුණේ හරියට උඩු සුළඟේ ගසාගෙන යන වළාකුළක් පරිද්දෙන්.


පියල්ගෙත් නාලිකාගෙත් දියණිය නමාෂාට අවුරුදු දහයයි. ඒත් පියල්ට තමන්ට අවුරුදු දහයක දරුවෙක් ඉන්නවද කියලවත් ගාණක් තිබුණේ නැහැ. පියල් කාලයක් තිස්සේ එම ආයතනයේම සේවය කළ අවිවාහක තරුණියක් සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාව දිනෙන් දින මල්ඵල ගැන්වුණා. කාලයක් යද්දී මේ සම්බන්ධය ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා. නාලිකාට මේ දේවල් දරාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නාලිකා හරියට මේ සියල්ල දෙසම බලාගෙන ඉන්න ගෙදර වහලියක් බවට පත්වුණා. ඇයට මේ දේවල් ඉවසගෙන ඉන්න බැරිවුණා.


ඇය තමන්ගේ ජීවිතේ අවාසනාවන්තම තීරණයක් ගත්තා. දියණියව නාලිකාගේ මවට භාර කරලා නාලිකා ගෙල වැලලාගෙන ජීවිතය නැති කර ගත්තා. දීර්ඝ ලිපියක තම ජීවිතේ අත්විඳි සැප දුක, සතුට දරාගැනීම්, පියල් කළ වෙනස්කම්, මේ හැම දෙයක්ම අකුරුවලට පෙරළලා නාලිකා ජීවිතයෙන් සමුගත්තා. හැබැයි මේ මරණයට වගකිවයුත්තා පියල් කියලා ඇය කොතනකදීවත් සඳහන් කරලා තිබුණේ නැහැ. පියල් කොයිතරම් වැරදි කළත් ඇය පියල්ට බෙහෙවින් ආදරය කළා. ඒ වෙනකොට ඇය නැවත ගැබිණියක් වෙලා හිටියා. ගැබිනියක් ගෙලවැලලා එල්ලී මැරිලා යනුවෙන් දිනපතා පුවත්පතක පුවත පළවෙලා තිබුණා.


ඒත් නමාෂාගේ භාරකාරත්වය ගන්න පියල් ඉදිරිපත් වුණේ නැහැ. තමන්ගේ ලෙයින් උපන් දරුවව ඒ තාත්තා ප්‍රතික්ෂේප කළා. අම්මා මැරුණා. තාත්තා වෙනත් විවාහයක් කරගත්තා. නමාෂාව භාරගන්න ඉදිරිපත් වුණේ අතපය වාරු නැති නමාෂාගේ ආච්චි (නාලිකාගේ අම්මා). හෙට අනිද්දා ළමිස්සියක් වෙන්න ඉන්න දැරිවියක් ආරක්ෂා කරන්න මිත්තණියට වාරු නැහැ. මේ නිසාම හිතවත්කමක් මත ඉස්කෝලේ නෝනා කෙනෙකුගේ ගෙදරටක නමාෂාව භාරදුන්නේ බඩගින්නට දංකුඩ ටිකක් හෝ ඒ දරුවට ලැබේවි කියලා හිතලා. මිත්තණිය නිතරම හිතුවෙ ඇය ජීවතුන් අතර නැති කාලෙක නමාෂාගේ අනාගතේට ආරක්ෂාවක් ගැන. ඒත් ඒ ඉස්කෝලේ නෝනා නමාෂාගෙන් මෙහෙකාරියක් වගේ ගෙදර වැඩ කරව ගත්තා. වැඩ කරලා විතරක් මදි. ඒ නෝනා අතේ පයේ හිරි ඇරියෙත් මේ පුංචි එකීගෙන්. ඒ ඉස්කෝලේ නෝනාගේ ගෙදරට නමාෂාව භාරදීලා මාස 2යි. නමාෂාගෙන් වහලියක වගේ වැඩ ගත්තා. ඒ පුංචි දෑත්වලට ගෙදරක වැඩපළ කරන්න ශක්තියක් නැහැ. ඒ දෑතට කරන්න බැරි වැඩකන්දරාවක් දීලා පුංචි වරදටත් අමානුෂික ලෙස තරවටු කළා. මිත්තණිය නමාෂාව බලන්න ආපු හැම අවස්ථාවකම නමාෂා ගෙදර යන්න හඬා වැලපුණා. ඒත් මිත්තණියට ගෙදර ගෙනිහින් කන්න බොන්න දෙන්න ශක්තියක් තිබුණේ නැහැ.


දවසක් නමාෂා අතින් වුණ පුංචි වරදකට ගෙදර නෝනා හිතක් පපුවක් නැති ගෑණියෙක් වගේ නමාෂාගේ ඇඟට උණුවතුර වත් කළා. නමාෂාගේ විලාපය ඉවසගෙන ඉන්න බැරි තැන ඇයව රෝහල් ගත කළා. ඉස්කෝලේ හාමිනේට නීතියෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. මිත්තණියට නීතියේ පිහිට පතන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇය උසාවි භූමියට වී කළේ තමා ඉදිරියේ කටුක සිත්තමක් දිගහැරිය එක.


ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝ. මව්පියන්ගේ ප්‍රශ්නවලදී ඇතිවෙන කැළැල් බලපාන්නේ හයක් හතරක් නොතේරෙන දරුවන්ට. අම්මා තාත්තාගේ වැරදි නිසා අද නමාෂා මේ ලෝකේ තනි වෙලා පිළිස්සුම් තුවාල සහිතව. ජීවිතේ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා අසරණවෙලා පාරට වැටෙන්නේ මේ පුංචි දරුවො කියලා අමතක කරන්න එපා. එහෙම වුණොත් මේ දරුවෝ ඉබාගාතේ ගිහින් සමාජය ඉදිරියේ වැරදිකාරයෝ බවට පත්වෙනවා. දරුවන් සමාජය ඉදිරියේ ඒ තත්ත්වයට පත්කරන්න එපා.
නම් ගම් මනඃකල්පිතයි.

m18



අදහස් (0)

පියාගේ අනාදරයෙන් වහල්කමට වැටුණු දැරිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site