ගිං ගඟ නිම්නයේ පිහිටි බද්දේගම පිලගොඩ මිටියාවත අති රමණීය භූමි භාගයකි. පහතරටට පැමිණි මුල්ම බ්‍රිතාන්‍ය ජාතික වැවිලි කරුවන් අතරින් එක් අයෙක් වන ජෝර්ජ් වින්ටර් සිය වැවිලි කර්මාන්තය සදහා පිලගොඩ මිටියාවත තෝරා ගත්තේය.
මේ ඉතිහාස කථාව 19 වන ශතවර්ෂයේ අග භාගය දක්වා දිවෙයි. ඔහු අක්කර 999 කින් යුත් පිලගොඩ වත්තේ උක් වගාව ආරම්භ කළේය. ඒ සමගම එහි සිය වාස භවනය සඳහා නිවසක් ද ඉදිකිරීම ආරම්භ කළේය. එහෙත් ඔහු එහි වැඩ නිම නොකරම අත හැර දැම්මේය. ඒ 1898 දීය.
පසුකාලිනව ඔහුගේ මුණුබුරෙකු වන ඇල්ෆ්‍රඩ් විලියම් වින්ටර් විසින් 1904 දී එහි පදිංචි වී සිටිමින්ම එම නිවස ඉදිකර අවසන් කළේය. එය බකිංහැම් මාලිගයේ අනුරුවක් අනුව ඉදිකිරීම හේතුවෙන් වින්ටර් පවුලට රජ පවුලෙන් නඩුවක් පවරා තිබු බව ද ඉතිහාසයේ කියැවේ.
කෙසේ වෙතත් වින්ටර් පවුලේ සාමාජිකයන් අත තිබු පිලගොඩ වත්ත වින්ටර් පවුලෙන් අතහැරුණේ 1972 න් පසුවය. අතහැර දමන කාලය වනවිට වතුයායට තේ කම්හලක් හා රබර් කම්හලක් ද ඉදිකර තිබු අතර එම කම්හල් පහතරට ඉපැරණිම කම්හල් දෙකකි. එයින් රබර් කම්හල මේ වනතුරුත් හොඳින් ක්‍රියාත්මකය. එම කම්හලේ ජලය සපයා ගැනීමට යොදාගෙන ඇති දිය පහර ස්වභාවික දියපහරකි. එය කම්හල මැදින් ගලා යයි. එවැනි දියපහරක් කම්හලක් වෙනුවෙන් යොදාගෙන ඇති එකම ස්ථානය පිලගොඩ වත්ත පමණි.
වින්ටර් පවුල විසින් අතහැර දැමුණු වතුයාය එවකට අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සංකල්පයක් ඔස්සේ සමුපකාර ගම්මානයක් ලෙසින් 1972 දී සංවර්ධනය විය. අතීතය දෙස බලද්දී එය එම වතුයායේ ස්වර්ණමය යුගයකි.
පසුකාලිනව 1977 න් පසු රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ එය අනතුරුව සමාගම් කිහිපයක් යටතේ ද පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ද පාලනය විය. එම කොමිසම මගින් මෙම ඉඩම බදු දීමට කටයුතු යෙදුණු අතර අක්කරයකට රුපියල් 35 ක බද්දට, එනම් වතුයායම රුපියල් 25,000 ක පුද්ගලික සමාගමකට බදු දීමට එහි දී කටයුතු කර තිබිණි.
බදු ගිවිසුමක් මත ලබා ගෙන ඇති මෙම වතුයාය මධ්‍යයේ ඇති පෞරාණික බංගලාව ආසන්නයේ නළ ළිඳක් කපා භූගත ජලය ලබාගෙන පානීය ජල බෝතල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙම පුද්ගලික සමාගම කටයුතු යොදා ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශය උණුසුම් වී ඇත.
මේ වනවිටත් නළ ළිඳ ඉදිකර අවසන්ව ඇතත් ජල බෝතල් ව්‍යාපාරික මට්ටමින් අලෙවි කිරීමක් ආරම්භ කර නැත. එසේ වුවත් මෙම නළ ළිඳ හේතුවෙන් පිලගොඩ මිටියාවතේ මතුපිට ජලය සිඳී යාමෙන් පානීය ජල හිඟයක් මතුවීමේ අවදානමක් මතුව ඇතැයි පිලගොඩ මිටියාවත සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු දිමුතු නවීන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය.
වත්තේ මේ නළ ළිඳ පාවිච්චි කරල වතුර බෝතල් කරන්න පටන් ගත්තොත් වැඩි කාලයක් නොගිහින් මුළු මිටියාවතේම වතුර නැති වෙනවා. ඒක සිද්ධ වුණාට පස්සෙ අපි මේ ගැන කථාකරල වැඩක් නැහැ. ඒ නිසයි අපි සභාවට කියන්නේ මේකට අවසර දෙන්න එපා කියලා.
මේ නළ ළිඳ ඉදිකරන්න හදනවා ඒකට අවසර දෙන්න එපා කියල මම මුලින්ම කිව්වේ 2019 සභා වාරයකදි. නමුත් ඒක ඉදිකළා. දැන් වත් මේක නවත්වන්න කියලයි මම ඉල්ලන්නේ. අනාගත පරම්පරාවට වතුර ටිකක් බොන්න නැති කරන තැනට ගේන්න දෙන්න එපා.
මෙම පානීය ජල බෝතල් ව්‍යාපෘතියට අවසර ලබා දෙන ලෙස බද්දේගම ප්‍රාදේශිය සභාවට අවස්ථා තුනක දී යෝජනා පැමිණ ඇතත් එම අවස්ථා තුනේ දීම එම යෝජනා පරාජය වී තිබේ. එහෙත් ඉකුත් සභාවාරයේ දී එය වැඩි ඡන්ද පහකින් සම්මත වූ බවත් එය කුමන්ත්‍රණකාරි ලෙස සිදුකළ වංචාවක් බවත් එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ජනක ඉලේසිංහ මහතා පැවැසීය.
පිලගොඩ වත්ත යළි රජයට පවරා ගන්නා ලෙස යෝජනාවක් මීට පෙර එම සභාවේ දීම සම්මතව තිබිය දී එහි වාණීජ මට්ටමේ ව්‍යාපාරයක් සඳහා අවසර දිමට කිසිසේත්ම යෝජනාවක් හෝ ගෙන එන්නට අවසරයක් නැතැයි හෙතෙම කියා සිටියේය.
එම ව්‍යාපෘතිය නවතා දමන ලෙසත් ඉක්මණින්ම පෞරාණික වතු බංගලාව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පවරා ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද ඉලේසිංහ මහතා පැවැසීය.
මේ සම්බන්ධව මෙම ජල බෝතල් ව්‍යාපෘතියේ කළමණාකරු ජී. හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කියා සිටියේය.
“මේකෙන් භූගත ජලය ලීටර් 8000 ක් විතර තමයි එක වතාවකට ගන්නේ. ඒ වුණාට මෙතනින් වතුර ලීටර් 80,000 ක් විතර නිරන්තර ගලාගෙන යනවා. ඒ නිසා ඒ තරම් හානියක් වෙන්නේ නැහැ. අපි මේ ව්‍යාපෘතියට අවසර අරන් තියෙන්නේ.
ඇත්තටම මම මෙතනට පත්විම අරන් එද්දි මේ නළ ළිඳ ගහලා. නැත්නම් මම මෙතන නළ ළිඳක් ගහන්න දෙන්නේ නැහැ.මොකද මෙතන වතුර වල ෆෙරස් අයන වැඩියි. ඒක පානිය ජලය හැටියට සුදුසු නැහැ. අපට ගොඩක් පිරිසිදු කරන්න වෙනවා.”
අවසර ලබා ඇත්තේ කොතැනින් දැයි කළ විමසීමට ඔහු කියා සිටියේ සියලු තැන්වලින් අවසර ලබා ඇති බවය. එම අවසර පත්වලින් කිහිපයක් පෙන්විය හැකි දැයි කළ විමසීමට ඔහු කියා සිටියේ ඒ අවසර පත් අස්ථාන ගතවී ඇති බවය.
භූගත ජලය මහා පරිමාණයෙන් ලබා ගැනිමෙන් සිදුවන පරිසර හානි කවරේ දැයි භූ රසායන විද්‍යාඥවරියක අයර්ලන්ත ජාතික විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය , ආචාර්ය නදීකා රත්නායක මහත්මියගෙන් ලංකාදීප කළ විමසුමක දී ඇය පවසා සිටියේ විශාල ප්‍රමාණයකින් භූගත ජලය ලබා ගැනීමෙන් මතුපිට පවතින ජලය සිඳි යන බවය.
එය දීර්ඝ කාලිනව ප්‍රදේශයේ ජල උල්පත් විනාශවීමට හේතුවන බව ද ඇය කියා සිටියාය.
“ සාමාන්‍යයෙන් නළ ළිදක් ගැඹුරට ඉදිකර වාණිජ පරමාර්ථයෙන් ජලය නිතර ඉහළට අදිද්දී සාමාන්‍ය මට්ටමේ පවතින ළිංවල ජලයත් මේ වෙනුවෙන් ඇදී යනවා. එවිට ළිං වල ජලය සිඳී යන්න පුළුවන්. ප්‍රදේශවාසින් භාවිතා කරන්නේ ළිං ජලය නම් මෙයින් තිබෙන ප්‍රධාන හානිය පානිය ජලය නොමැතිවීමයි. ” යයි ඇය කියා සිටියාය.
මේ සම්බන්ධව මේ වනවිට ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති අතර පිලගොඩ කොකාවල, වරකපිටිකන්ද, කිරින්දලහේන, බොරළුකඩ ඇතුළු ගම් ගණනාවක ජනතාව මෙම නළ ළිඳ ඉදිකිරීමට විරුද්ධව පෙල ගැසී සිටිති.
මේ වනවිටත් පිලගොඩ වත්තේ සේවය කරන කේ ජී කරුණාතිලක මහතා කියා සිටියේ “අපි ප්‍රාදේශිය සභාවට ඡන්දෙ දීල මිනිස්සු පත් කරල යැව්වේ පළාතෙ තියෙන වතුර ටිකත් නැති කර ගන්න නොවෙයි. වහාම මේ නළ ළිඳ වහල දාන්න ඕන. ඒ විතරක් නොවෙයි, මේ ප්‍රදේශයේ තියෙන පෞරාණික වටිනාකම් තියෙන ස්ථාන පුරාවිද්‍යා පනත යටතේ පවරගෙන ආරක්ෂා කරන්න ඕන. මට ආරංචි හැටියට වත්තෙ මේ පැරණි බංගලාව හෝටලයක් කරන්න යනවා. ඒකට අපි විරුද්ධයි. මේක ඉතිහාසගත ස්ථානයක්” යයිද ඔහු කීවේය.
සටහන - විනීතා එම් ගමගේ
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිලගොඩ මිටියාවතේ ජල බිඳුවත් නලයෙන් අදී
SENA Thursday, 28 October 2021 10:24 PM
පරිසරය ආරක්ෂා කිරීම ගැමියන්ගේ වගකීමක්.. සමාගම් පැමිණ ඔබගේ ප්‍රදේශයේ කරන්නා වූ සියලු කටයුතු රජයට දැනුම් දෙන්න.
Raveendra Friday, 29 October 2021 06:21 AM
"අක්කරයකට රුපියල් 35 ක බද්දට, එනම් වතුයායම රුපියල් 25,000 ක පුද්ගලික සමාගමකට බදු දීමට එහි දී කටයුතු කර තිබිණි." සහ "මේකෙන් භූගත ජලය ලීටර් 8000 ක් විතර තමයි එක වතාවකට ගන්නේ. ඒ වුණාට මෙතනින් වතුර ලීටර් 80,000 ක් විතර නිරන්තර ගලාගෙන යනවා. ඒ නිසා ඒ තරම් හානියක් වෙන්නේ නැහැ." යන මෙම වාක්‍ය දෙකම ඇති අප මොනතරම් "ධීන ජාතියක්" ලෙස හඳුනා ගැනුමට. ස්වභාවික සම්පත් විනාශකර සහ මුදල් කර ලැබෙන දෙයක් නැත... යන්න තේරුම් ගැනුමට මේ අයට ඥානයක් නැතිවීම කණගාටුවකි. තවද එකල අක්කරය රුපියල් 35කට තරම් අති විශාල මුදලකට බද්දට දුන් නිවට බල්ලන් අද රටේ සම්පත් විකුණනවා යයි කෑමොර දෙන්නේ කොහොමද? අපගේ මාතෘ බුමියට යහපතක්ම වේවා......
කුමාර Saturday, 30 October 2021 10:25 AM
මේ දිනවල විශාල ආන්දෝලනයකට ලක්වෙලා තියෙන පොහොර නිසා ඇතිවෙනවා කියන ජල දූෂණය ගැන බැලුවාම... මෙවන් ස්වභාවික ජල පහරක් සහිත ප්රදේශයකදීත්, භූගත ජලයේත් පෙරස් හමු වෙනවා නම් ජල දූෂණය පොහොර නිසාම සිදුවන බව පැවසීම පදනම් විරහිත බව කිව යුතුයි...