උවනත දිලිසෙනා පානා සඳ | සෙ මි නා |
සියොගත බබළනා නානා රුවෙනි | මනා |
සිහිවෙන පියමනා නූනා අදර | ගුනා |
මගේසිත වෙහෙසෙනා නෝනා නුඹව | ගැනා |
ඇලපාත මුදලිගේ කවි හසුන තම සුරතින් ගත් ගජමන් නෝනා වරක් නොව දෙතුන් වරක්ම මේ කවිය කියෙව්වාය.
සැමියාගේ අභාවයෙන් පසුව මේ වනවිට වසර හයකටත් වඩා ගෙවී ගොසිනි. ඇලපාත මුදලි හා කවි හසුන් හුවමාරු කරගන්නා අතර ඔහු සමග ඇරඹි පේ‍්‍රමයේ මල්ද පිපී තිබේ.
තවදුරටත් තනියහනේ නිදාගත යුතුදැයි ගජමන් නෝනා කල්පනා කළාය.
නෙතට දුකයි නුඹෙ උවනත | නොදැකීම |
කනට දුකයි නුඹෙ අම බස් | නොඇසීම |
කයට දුකයි නුඹෙ සුපහස | නොලැබීම |
හිතට දුකයි මෙළෙසින් නිති | පසුවීම |
ඇලපාත මුදලි නැවතද ලියා එව්වේය. මේ වනවිට ගජමන් නෝනාටද තනියහන එපා වී තිබිණි.
සිත පමා නොවන පදරුත් | දන්න |
සිත යොමා වසන සරසවි පමන | මෙන |
සිත පෙමා කරන මැතිඳුනි | සුපසන්න |
මම පමාවුනයි නොසතුටු | නොමවන්න |
ගජමන් නෝනා ඇලපාත මුදලිට එසේ ලියා යැව්වාය.
අන්තිමේදී එතෙක් කලක් තම හිතේ හැංගී තිබුණ පේ‍්‍රමයට පියාපත් ලැබිණි. ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන පැමිණියේය. තවදුරටත් තම හැඟීම් සඟවා තබාගත යුතු නැති බව ගජමන් නෝනා තීරණය කළාය. ඇලපාත මුදලි සමග තහනම් පේ‍්‍රමයේ රස පහස භුක්ති විඳින්නට ඇය හිත හදාගත්තාය.
ඔවුන්ගේ හමුවීම් අතිශයින්ම රසවත් විය. දෙදෙනාම කවීහුය. ඔවුහු හමුවන හැම මොහොතකම කවි කීහ.
මද මත් දිගු හොඬින් දස අත | පිඹින්නිය |
ළැම පත් පියයුරන් හස පොළඹ | වන්නිය |
සිරිමත් ඒ ගජමන් නෝනා | ඇතින්නිය |
තෙරහත් රඹ උයන සිඳ බිඳ | හෙළන්නිය |
ඇලපාත මුදලි එක්තරා සන්ධ්‍යාවක ගජමන් නෝනාට ඇසෙන්නට පැවසුවේය.
ගජමන් නෝනා වහා මෙසේ පැවැසුවාය.
වැස තදින් ගලන සිව් ඕගය | ඈත |
විසිරෙමින් පිරීගිය නොරදා | මෑත |
තම දහම් බැම්ම බැඳි වැර | ඇලපාත |
බිඳ ගොසින් වැටුණි නාරියතොට | ඇත |
ගජමන් නෝනා බලන්නට ඇලපාත මුදලි පැමිණි විට ඔහු ඉක්මණින් ආපසු ගියේ නැත. ඇතැම් විට රාත්‍රිය පවා ඔහු ගතකළේ ගජමන් නෝනාගේ පුංචි නිවහනේය. තම සුවිසල් ඇලපාත වලව්වට වඩා වැඩි සැපක් ඔහුට ගජමන් නෝනාගේ නිවසේදී දැනුණි. ඇය උයා පිහා දෙන කෑමද රසවත්ය. එම කෑමවලින් ඔහුගේ රස නහර පිනා ගියේය. කෑම සේම ඇගේ රූසිරියද ආදරයද මී පැණි තරමටම රසවත් විය.
ඇලපාත මුදලි, ගජමන් නෝනා එකගෙයි දීග කන පුවත සමකාලීන කවි කිවිඳියන් අතරද පැතිර ගියේය. රංචාගොඩ ළමයා කවි මඩුවලට ගිය විට ගජමන් නෝනාගේ මේ අනියම් සම්බන්ධය ගැන පහර ගැසුවාය. එවිට ගජමන් නෝනා හොඳ වචනවලින් උත්තර දුන්නේ රංචාගොඩ ළමයාගේ කට වැහෙන පරිද්දෙනි.
මේ කාල පරිච්ෙඡ්දය ගජමන් නෝනාට අග හිඟ දැනුණ කාලයක් නොවේ. ඇගේ වැඩිමහල් දරුවෝ ගුරුවෘත්තිය ලැබී කොළඹ පැත්තේ පාසල්වල ඉගැන්වූහ. ගජමන් නෝනාට තිබුණේ ඇලපාත මුදලි සමග පේ‍්‍රමය සමපාත කිරීමට පමණකි.
එහෙත් කාලයත් සමග ගජමන් නෝනාගේ රූසිරිය වියැකී ගියේය. ඇලපාත මුදලිගේ කවි සිතද වියැළුණේ ඒ නිසාමය. කලක් බොහෝ ආශාවෙන් ප්‍රාර්ථනා කළ ගජමන් නෝනාගේ රස පහසම ඇලපාතට එපාවිය.
අන්තිමේදී ඔහු පැදුරටත් නොකියාම යන්නට ගියේ ගජමන් නෝනා අන්තෙටම අසරණ කරමිනි.
ගෙදරින් නික්ම ගිය දරුවන්ටද ගජමන් නෝනා එපාවී තිබිණි. පිටව ගිය එක දරුවෙකුවත් ලියුම් කරදාසියක් තරම්වත් එව්වේ නැත. වෙන එකක් තියා ඇලපාත මුදලිවත් ගජමන් නෝනාට එක කවියක්වත් ලියා එව්වේ නැත.
වරක් මේ ගැන දුක සිතුණු ගජමන් නෝනා මේ නිහඬතාවය ගැන අසා ඇලපාත මුදලිට හසුනක් යැව්වාය.
එයට ලැබුණු පිළිතුර ඇය කවදාවත් ප්‍රාර්ථනා කළ පිළිතුර නම් නොවේ.
මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් | හදේ |
කෙමෙන් එය නැතිව නුඹ සිිටි නිසා | තදේ |
මේ දැන් කියමි කරුණක් දැනගන්න | හොඳේ |
නිවන් දකින තුරු මට ඔබ එපා | ලඳේ |
ඒ කවිය කියවන විට ගජමන් නෝනාට ඇඬිණි. ඇයට සිහිපත් වූයේ තල්පේ ආරච්චි සහ උයන්වත්තේ මුහන්දිරම් යන දෙදෙනාවය. ඔවුන් ජීවතුන් අතර සිටියානම් ඇලපාත මුදලි මෙන් කවදාවත්ම ඇයව ප්‍රතික්ෂේප නොකරන බව ගජමන් නෝනාට සිතිණි.
සැබෑ ආදරය යනු රස පහස වෙනුවෙන් කෙරෙන බාල බැඳීමක් නොව ඊට එහා ගිය අධ්‍යාත්මික බන්ධනයක් බව ගජමන් නෝනා තේරුම් ගත්තාය.
ඇය ඇලපාත මුදලිට පිළිතුරු ලිව්වේ දෙනෙත තෙත් කළ කඳුළු වලිනි.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම | හදේ |
කෙමෙන් එය දැඩිව අලි කළුගලක් | ලෙදේ |
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද | වදේ |
නිවන් දකින තුරු මා හැර කවුද | හොඳේ |
ඇලපාත මුදලිඳු වෙතින් ප්‍රතික්ෂේප වූ පසුව ගජමන් නෝනා ගතකළේ අතිශය දුෂ්කර වූ ජීවිතයකි. විටෙක ඇයට සිදුවූයේ බඩගින්නට වතුර විතරක් බී නිදාගන්නටය. ඇයට පිහිටට සිටියේ නෝනාගම වැව පමණක්මය.
ඒ වනවිට ඩොයිලිද මාතර සිටියේ නැත. ඔහුවත් සිටියානම් තම දුක ඔහුට හෝ කියාගන්නට ඉඩ තිබිණි. ඒ වෙද්දී ජෝන් ඩොයිලි සේවය කළේ කොළඹය. සිවිල් ඔඩිටර් ජනරාල් ලෙස ඔහුට උසස්වීමක් ලැබී තිබිණි.
එක්තරා රාත්‍රියක ගජමන් නෝනාට දැඩි කුසගින්නක් දැනිණි. එදා උදේ සිටම ඇයට බඩකට පිරෙන්නට තරම් රස අහරක් ලැබී තිබුණේ නැත.
ඇය මුළුතැන්ගෙට ගියේ එහිවත් බඩට දාගන්නට මොනවාහරි ඉතිරි වී තිබේදැයි බලන්නටය. ඇගේ නෙත ගැටුණේ පිහිය පමණි. ඒ පිහිය අතටගත් ඇය පිහියත් රැුගෙනම ගෙයි එහා මෙහා ඇවිද්දාය. කපාගන්නට කුරුම්බා ගෙඩියක්වත් වූයේ නැත. තවදුරටත් ජීවත්වන්නේ කුමටදැයි ඇය කල්පාන කළාය.
හැමදාමත් තනි නොතනියට ළඟ සිටි කවියට අන්තිමට වරටත් පණදුන් ඇය මෙසේ ලියුවාය.
සත විසි නෙත් දහස් සතිස් | වස |
වත ලෑ කෙලෙස් උඳුවප් අඩහැර | දවස |
නෙත ගුණ ඉසබෙල් පෙරුමල් | දිගැස |
සතපුර පැමිණි දිව සිරි සැප විඳින | ලෙස |
ඉක්බිතිව ඇය කළේ පිහිය ගෙල මුල තබාගෙන ගෙලට තද කර ගැනීමය.
ගජමන් නෝනාගේ මරණය පිළිබඳ පුවත ගිරුවාපත්තුව පුරා පැතිරගියේ විදුලි වේගයෙනි.
රුහුණේ කිවිවරිය ලෙස එදාද සමහරකු හැඳින්වූ ගජමන් නෝනාගේ මිනිය බලන්නට බොහෝ දෙනෙක් නෝනාගමට පැමිණියහ. ඇලපාත මුදලිටද ගජමන් නෝනාගේ මරණය ගැන ආරංචි වී ඔහුද නෝනාගමට පැමිණියේය.
”අන්තිම කාලේ මමවත් බැලූවෙ නැහැනෙ, මේ ගෑනි දිහාවෙ...”
ඇලපාත තමන්ටම කියා ගත්තේය.
දැන් ඉතින් කළයුත්තේ ගජමන් නෝනාගේ අවමගුල් කටයුතු හොඳට කිරීමයි. ඇලපාත මුදලි ඒ කටයුත්ත තම වගකීම සේ සැලකුවේය.
මියගොස් වසර සිය ගණනකට පසුත් තවමත් කතාකරන ගජමන් නෝනාගේ සොහොන නෝනාගම වැව අද්දර කිරිනුග ගහක් යට කාලයක් යනකෙත් තිබූ බවද නෝනාගම වැසියෝ කියති.
එසේ වුවත් මේ වනවිට ඉතිරිව ඇත්තේ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් යටතේ නෝනාගම හන්දියේ ඉදිකරුණු ගජමන් නෝනාගේ ප්‍රතිමාව පමණකි.
(අවසන්)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිහියකින් ගෙල කපාගෙන කිවිඳිය මියයයි
ලලිත් කෝචාගොඩ Thursday, 30 July 2015 06:42 PM
සසරේ ස්වභාවය, හරිම කුරිරුයි. රටම අදත් කථා කරන ඒ ශ්‍රේෂ්ට කිවිදියගේ ජීවිතය අවසන් වූ හැටි ? ඉතාම ඕනෑ කමින් කියවූ මේ ලිපි පෙළ ලියූ - තොරතුරු සොයා ගන්නට නොයෙක් අයුරින් උදව් කල මෙන්ම ලිපි පලකල පුවත් පතටද ස්තුතියි. (නදී)
ලියොන් ගුණවර්ධන Friday, 13 November 2015 06:28 PM
ලන්දේසි යුගයේ සිටි නිර්භීත චරිතයකින් යුත් මෙම කිවිඳියගේ ජීවිත කතාව ලිපි පෙළකින් සාධක සහිතව ඉදිරිපත් කිරීම ගැන ශාන්ත කුමාර පුතණුවනි, ඔබට පින්! දැන් අභාවට ගොස් ඇති අප කවි කලාව ලන්දේසි යුගය වැනි කලදීද දියුණුව තිබුනු අතර මීට දශක හයකට පෙරත් ජනප්‍රියව තිබු බව 83 වියැති මට මකතය (නි)
ක්‍රිෂාන්ති Sunday, 01 November 2015 06:40 AM
අනේ මන්ද ... මොන කවි ලීවත් වැඩක් නැහැනේ .. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී (බ)
උපාලි Friday, 23 October 2015 05:19 AM
ලංකාදීපයට ස්තූතියි! (නි)
සිරි Friday, 23 October 2015 03:52 AM
ප්‍රේමදාස ජනපතිතුමා උදාර මිනිසෙක්. අපගේ ප්‍රණාමය එතුමාට! (නි)
නිමාෂ ප්රිතිමාලි Thursday, 22 October 2015 06:36 AM
ආසාවෙන් කියෙවුවා. ගොඩක් වැදගත් දේවල් ගොඩක් තිබුනා. (බ)
දිසානායක Wednesday, 21 October 2015 12:00 PM
ගජමන් නෝනා පිළිබඳව ඉදිරිපත්කර තිබෙන ලිපියේ අඩංගු කරුණු වලින් අපේ ජීවිත යථාර්ථය දකින්නට උත්සාහ කරමු. (නි)
සුරෙන් Friday, 18 September 2015 10:30 AM
කතුවරයා පොතක් නිකුත් කළාද ? කොහෙන්ද ගන්න පුළුවන් ? කරුණාකරලා අපට කියන්න. හොද ඉදිරිපත් කිරීමක් ස්තුතිය (හේ)
විජිත Tuesday, 08 September 2015 08:06 AM
ඉතාමත් ආශාවෙන් කියැවූ ලිපි පෙළක් (නි)
බුද්ධික Monday, 31 August 2015 12:36 PM
ඉතාමත් වැදගත් ලිපියක්...තවත් බලාපොරොත්තු වෙනවා මේවගේ ලිපි ඉදිරියටත්. ස්තුතිය ඔබට. (බ)
ඉෂා Monday, 31 August 2015 06:09 AM
ස්තුතියි ලංකාදීප ,හොඳ රසවත් ලිපියක් (ම)
ලහිරු Saturday, 29 August 2015 10:31 AM
රසවත් වගේම හරවත්. සතුටින් ආරම්බ උනා වගේම සතුටින් අවසන් නොඋනු එක ගැන දුකයි ස්තුතියි ඔබට (නදී)
ඉමේෂ් Wednesday, 19 August 2015 07:34 AM
ප්‍රේමදාස මහත්තයට ස්තුතියි පිළිමයක් හැදුවට අපිට මෙයාව මතක් වෙන්න.(ම)
සිරිපාල Monday, 17 August 2015 06:44 AM
කන්න දෙයක් නැතුව ඉන්නකොට බලන්න එකෙක් හිටපු නැති උනත් මරණය නම් විදුලි වේගෙන් ආරංචි වෙලා තියනවා. ඒ කාලේ ඉඳන්ම එහෙනම් එහෙම තමයි (නදී)
පබෝදා Sunday, 16 August 2015 02:41 PM
හොඳ රසවත් ලිපියක්. (නි)
සමන්තිකා පෙරේරා Sunday, 16 August 2015 10:49 AM
ඉතා ආශාවෙන් කියවූ ලිපි පෙළක්.නොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්ත.ගොඩක් ස්තුති.(ම)
පුෂ්පකුමාර Tuesday, 11 August 2015 01:31 AM
පෙර නොතිබු ඉතා හොඳ දැනුමක් ලැබුවා. බොහොම ස්තුතියි (නි)
ඉන්දික ගම්පහ Thursday, 30 July 2015 12:16 PM
පල ඇති තෙක්ය වවුලන්ගේ පැමිණීම රොන් ඇති තෙක්ය බබරුන්ගේ රොන්ගැන්ම රුව ඇති තෙක්ය සලේලුන්ගේ නොනිමි පෙම නිකෙලෙස් නිවන වෙයි කාටත් සැනසීම (නදී)
පුබුදු Friday, 31 July 2015 06:35 AM
ස්තුතියි ලංකාදීප. හරවත්.(නදී)
සෞදි රොහාන් Saturday, 01 August 2015 01:02 PM
මෙම ලිපිපෙළ ඉදිරිපත් කල ලේඛකයා සහ ලංකාදීප එසැනට මගේ ගෞරව ප්‍රණාමය. ගොඩක් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට. ඉදිරියේදී ද මෙවැනි රසවත් හරවත් ලිපි පළවනු තුරු ආශාවෙන් බලා සිටිමි. (නදී)
සමන් Saturday, 01 August 2015 06:33 PM
මේ කතා පෙළ මම ඉතාම ආශාවෙන් කියෙව්වා. ගජමන් නෝනා ගැන අපි නොදත් ඉතාම වටිනා තොරතුරු මේ මඟින් මම දැනගත්තා.බොහොම ස්තුතියි (නි)
නිවන්ත Sunday, 02 August 2015 05:33 AM
ඉතාම රසබර කවි පෙලක් ඉදිරිපත් කලාට ස්තුතියී (නදී)
ටී.එම් කස්තුරිආරච්චි Sunday, 02 August 2015 08:49 AM
හොද ලිපි පෙළක් ලංකාදීපයට තුති. එදත් අද වගේම බලය ඇති අය නැති අයව තාවකාලිකව ප්‍රයෝජනයට අරන් තියෙනවා. වෙසෙසින්ම කාන්තාවෝ හැමදාම මේ අසරණ බවට පත් උණු බව පේනවා. අදත් මේ බව සිය දහස් වාරයක් වෙමින් පවතිනවා. දිනපතා පොලිසියට අහුවෙන වෙසගණන් ප්‍රමාණය බලනකොට ගජමන් නෝනා වාසනාවන්තියක් (නදී)
රත්නායක.නුවන් Monday, 03 August 2015 02:49 AM
මට හිතෙන හැටියට ගජමන් නෝනාට එක්තරා මානසික ගැටළුවක් තිබිලා තියෙනවා. මේ කතාවල හැටියට ගජමන් නෝනා කිසිම විටෙක තමන්ගේ පැලැන්තියේ කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධ තිබිලා නැහැ. ඒ කියන්නේ ගජමන් නෝනාට ඉහළ පන්තිය ඇසුරු කිරීමට ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒක එක්තරා මානසික සංකීර්ණත්වයක්. (නි)
විපුල Monday, 03 August 2015 08:19 AM
මේක තමයි ජිවිතේ යථාර්තය, අපි හැමෝටම මේක පොදු කතාවක්, (ම)
දිනූෂා Monday, 03 August 2015 12:01 PM
මේ ලිපි පෙළම මම, පළවූ දා පටන් කියවූවා. හරිම අගෙයි. ගජමන් නෝනගේ නිවාස පිහිටා ඇති තැනට ගිහින් ඇතිමුත් මෙපමණ දේවල් දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි ඔබට. ඉතිහාසයේ අමතක වී යන චරිත ගැන ලිවීමට ඔබට සුබ පතනවා.මම ගජමන් නෝනා ගැන අසා තිබු දුර්මත දේවල් මේ ලිපියෙන් පසු දුරු වී ගියා. මා අසා තිබු දේ වලට රංචාගොඩ ළමයාගේ කවිත් හේතුවෙන්න ඇති කියලා හිතෙනවා (නි)
දිනූෂා Monday, 03 August 2015 12:05 PM
ශකුවිගේ ලිපි වලට මම කුඩා කාලයේ සිටම ඇලුම් කළා. මම පොඩි කාලේ ගෙදරත් ඇවිල්ලා තියනවා ඔබගේ. සමන්ති දේශප්‍රිය නම මතක් කළොත් ඔබට මා ගැන මතකයක් ඇති (නි)
අජිත් Tuesday, 04 August 2015 02:26 PM
හොඳ ලිපි පෙළක්. ලංකාදීපයට තුති! (නි)
රොහාන් Wednesday, 05 August 2015 10:22 AM
ඇත්තෙන්ම හුගක් අසාවෙන් කියවපු ලිපි පෙළක් (බ)
සොපී Friday, 07 August 2015 05:22 PM
තම කුසලතා වලින් සමාජය රසගැන්වූ බොහෝ පුද්ගල චරිතවල තමුන්ගේ ජීවිතය බොහොම කටුකයි. (නි)
අසෝකා Sunday, 09 August 2015 09:50 AM
අදටත් අපේ ඇස් මානයේ පෙනෙන ලෙස ;..........කොපමණ කලාකරුවන් දුක් විඳිනවද?. මළපසු කොතෙක්වත් ගුණ ගී ගයන්නට .......රැස්වෙයි ඉහල අතු නැමි, නැමි හතර අත! (බ)
ගයාන් Friday, 14 August 2015 06:36 PM
හරිම ලස්සන ලිපියක් (නි)
gamage Sunday, 15 August 2021 04:21 PM
වැළලීයන අතීතයට පණ පෙව්වට බොහෝම ස්තුතියි...!!!
වින්ද්‍යානි Sunday, 19 September 2021 04:37 PM
ගජමන් නෝනා ටෙලිනාට්‍යයේ තිබෙන්නේ මීට වඩා වෙනස් අවසානයක් නේද?
සඳකත්මිණි Tuesday, 21 September 2021 12:22 AM
කුසුමාසන දේවිය සහ ගජමන් නෝනා අතර කිසියම් ආකාරයක සමානකමක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ දෙන්නාම දේවවාදී අන්ධ ආගමික මිත්‍යාවෙන් දෑස් අන්ධ කර ගත් අය. දෙදෙනාටම බහු පුරුෂයන්. දෙදෙනාම අල්පායුෂ්කව මිය යනවා. හරි පුදුමයි නේද?