X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


පුංචි තිරයේ ජලරකුසා වූ දෙහිවල වර්චිල්

හිටපු අමාත්‍යවරයකු මෙන්ම කලාකරුවකු වූ අභාවප්‍රාප්ත සී.වී. ගුණරත්න මහතාගේ 20 වැනි ගුණ සමරුව හෙටට (7) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මීට වසර 35 කට පමණ පෙර එක්තරා හැන්දෑවක රත්මලානේ කඳවල වත්තේ පොකුණක් අසල දී මට දිය රකුසකු දැක ගන්නට ලැබිණි. මතකය හරි නම් ඒ 1985 වසරය. මේ දිය රකුසා පොකුණ අසළ සිටි කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටි අපව ද බිය ගන්වමින් රළු කටහඬින් ශබ්දයක් නංවා මතු වූයේය.

ජාතක කතා මාලාවේ එන ‘‘නලපාන ජාතකය’ ඇසුරෙන් සුමිත්‍රා පීරිස් වර්ල්ඩ් විව් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි ටෙලි නාට්‍යයේ අවස්ථාවකි මේ. එදා ඒ නපුරා ලෙස රඟපැවේ එවකට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායක වරයා වූ සී.වී. ගුණරත්න මහතාය.

එදා ගුණරත්න මහතා හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ හැඳින්වීම නිසාය. ඒ මහතා හමු වූ මුල්ම හා අවසාන දිනය ද එය විය.

නපුරු දිය රකුසකු ලෙස රඟපෑමක් දියෙන් ගොඩට පැමිණි ගුණරත්න මහතා අපූරු සුන්දරත්වයකට හිමිකම් කී හදවතක් තිබූ බව මොනවට පැහැදිලි විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් හා කැමරා අධ්‍යක්ෂ විලී බ්ලේක් සමග සතුටු සාමීචියේ යෙදී සිටි ගුණරත්න මහතා ටෙලි නාට්‍යයේ රඟ පෑ කුඩා දරුවන් සමග වඩාත් සමීපව මිතුරුකමින් කතා කළ අයුරු මට තවමත් මැවී පෙනෙයි.

‘‘ලෙස්ටර් මම ඇත්තටම රකුසෙකු වගේ නොවේදැයි’’ ගුණරත්න මහතා ඇසුවේ තම බිරිඳ සිනහ ගන්වමිනි.
‘‘නැහැ, ඔබ රකුසකු ලෙස හොඳට රඟපෑවා. ඊළඟ අපේ ටෙලිඩ්‍රාමා එකේ මම ඔබව රජ කරනවා’’ යි ලෙස්ටර් මහතා කීය.

පසු කලෙක තම පියා වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපති වූ මේජර් ඇල්.වී. ගුණරත්න මහතාගේ අඩිපාරේ යමින් සී.වී. ගුණරත්න මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙන් දේශපාලනයට පිවිස එහි විපක්ෂ නායකවරයා විය.

1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කර කර්මාන්ත සංවර්ධන ඇමැතිවරයා විය. ගුණරත්න මහතාගේ පියා වූ මේජර් එල්.වී. ගුණරත්න 1956 මහා මැතිවරණයේදී එදා දෙහිවල වැල්ලවත්ත ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට පරාජය විය. තම පියා කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ නිසා සී.වී. කුඩා කල සිටම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු ක්‍රීඩාවට කුසලතා දැක්වූ ශිෂ්‍යයකු වූ අතර ශිෂ්‍ය නායකයකු, පාසලේ රග්බි පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ද කැඩෙට් භට කණ්ඩායමේ සාමාජිකයකු ද වී ඇත.

පොදුජන පෙරමුණු රජයේ දක්ෂ හා කීර්තිමත් ඇමැතිවරයකු වූ ක්ලෙමන්ට් වික්ටර් ගුණරත්න 1935 අප්‍රේල් 17 වැනිදා දෙහිවල උපත ලැබීය. ඔහු 2000 දී මිය යන විට වයස අවුරුදු 65 කි.

2000 වසරෙ ජුනි 07 වැනිදා රණවිරු දිනය නිමිත්තෙන් රත්මලානේ ගොළුමඩම හන්දිය පසු කොට තම සගයන් 24 දෙනකු සමග යමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් සී.වී. ගුණරත්න මහතා දිවි පිදුවේය.

ගුණරත්න මහතා මිය ගිය අවස්ථාවේ එතුමා කුඩා කල සිටම හොඳින් හඳුනන විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා ප්‍රවීණ රංගවේදී ගාමිණී ෆොන්සේකා මා සමග කී මතක සටහන් මේ ලිපියට එකතු කිරීමට මට සිතුණි. මේ තිදෙනාම දෙහිවල හන්දිය සමීපයේ ඉපදී ඇති අතර ඔවුන්ගේ පියවරුන්ද සමීප මිතුරන් වී සිටියේලු.

‘‘වරක් ගුණරත්න මහතා මිය යාමට ටික කලකට ඉහත එක්තරා සිනමා සම්මාන උළෙලක දී කළ කතාවක දී සිනහ උපදවන කතාවක් කිව්වා.’’ ලෙස්ටර් මහතා මට ටෙලිෆෝනයෙන් මෙසේ කීවේය.

‘‘මම නියම ජල රකුසෙකු වගේ නිසා ලෙස්ටර් මහත්තයා මාව ජල රකුසාගේ චරිතයට තෝරා ගත්තා.’’ කියලා ගුණරත්න ඇමැතිතුමා කිව්වම සභාව සිනාසුනා.

උත්සවය ඉවරවෙලා එතුමා මා ළඟට ආ විට මම කිව්වා ‘‘ඇයි ඔබ රජෙකු ලෙස මගේ ටෙලි නාට්‍යයක රඟ පෑ බව නොකිව්වේ කියලා’’ එතකොට ඇමතිතුමා මගේ පිටට තට්ටු කරලා කිව්වා ‘‘මම කතා කළේ මගේ හොඳම රඟපෑම ගැන පමණයි’’ කියලා.

ලෙස්ටර් මහතා තම කුඩා කාලය මතක් කරමින් මෙසේ කීවේය.

‘‘මට මගේ ගැටවර කාලෙ මතක් වෙනවා. මට වයස අවුරුදු 15ක් විතර ඇති. මගේ පියා (දොස්තර ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස්) සමීපව ඇසුරු කළ යහළුවන් දෙදෙනෙක් හිටියා. දෙහිවල හන්දියට ගාලු පාරේ තිබුණු ‘‘සිහගිරි’’ කියන ගෙදරට යන එන සී.වී.ගේ තාත්තා මේජර් එල්.වී, අනික් එක්කෙනා දොස්තර කොල්වින් රොඩ්රිගෝ. මේ තිදෙනා බ්‍රිජ් කාඩ් සෙල්ලමට සූරයෝ. එල්.වී. සමග පුංචි සී.වී.ත් අපේ ගෙදර එනවා. එයා ටිකක් දඟයි’’.

සී.වී. ගුණරත්නයන් ගේ කුඩා කාලය ගැන දැන සිටි ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා. ඔහු එදා මතකය අවදි කළේ මෙහෙමයි.
‘සී.වී.ට අපි පුංචි කාලේ හුරතලේට කතා කළේ ‘චගී’ කියලා. චගී ට පුංචි කාලෙ ඉඳලම තිබුණේ දේශපාලනය ගැන උනන්දුවක්. සර් වින්සන්ට් චර්විල් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ දේශපාලන කතා රැසක් කට පාඩම්ව තිබුණා. ඒ කාලේ මමත්, චගීත්, තවත් අපේ වයසේ යහළුවෝ කිහිප දෙනෙක් එකතුවෙලා ක්ලබ් එකක් හදා ගත්තා. චගීගේ සොහොයුරා ජෙම්, මම, කනක සබේ, ඩී.එච්. ප්‍රනාන්දු (පසුව කර්නල්) ලෝංග් ජෝන් සිල්වා, මේ ක්ලබ් එකේ සාමාජිකයෝ. චගීගේ නැන්දගේ ගෙදර (දෙහිවල දුම්රිය පොළ පාරේ) ඉස්සරහ තිබුණු තාප්පෙ තමයි අපේ ආසන. මේ තාප්පේ ක්ලබ්’ ගැන දෙහිවල බොහෝ දෙනෙක් දැන හිටියා. අපි ක්‍රිකට් ගැහැව්වේ ප්‍රෙස්බටීරියන් ගර්ල්ස් ඉස්කෝලෙට. චගී වැඩිය කැමති රගර්වලට.

‘චගී’ නොහොත් සී.වී. කුඩා කාලේ ඉඳලම ප්‍රිය මනාප කෙනෙක්. විහිළුවලට, හාස්‍යයට කැමති, පොත පත කියවපු බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. චගී ඉගෙන ගත්තේ රෝයල් එකේ. මම ගියේ ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලයට. චගී වාදවිවාදවලට දක්ෂයා. චතුර ලෙස චර්චිල් අගමැතිවරයාගේ ඉංග්‍රීසි උච්චාරණය කරමින් කතා කරන ඔහු දෙස ‘‘වොල් ක්ලබ්’’ එකේ අය ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා. අපි පස්සේ පස්සේ ‘චගී’ නම වෙනුවට ‘චර්චිල්’ කියලා සී.වී.ට කතා කළා. මම නිතරම ඔහු සමග තර්ක කළා. වාද කළා. මා සමග සී.වී. කළ වාද තාප්පෙන් ගියේ පාර්ලිමේන්තුවට.
1989 වසරේ සී.වී. කොළඹ දිස්ත්‍රික්කයෙනුත් මම මාතර දිස්ත්‍රික්කයෙනුත් පාර්ලිමේන්තු ගියා. එයා ශ්‍රී ලංකා එකෙන්. මම යූ.ඇන් පියෙන්. මගේ ඥාති සම්බන්ධයක් සී.වීට තිබුණා. නෑකමට වඩා අපි හොඳ යාළුවෝ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මම කටයුතු කරද්දී සී.වී.ගේ මිත්‍රත්වය මට උපකාර වුණා. මම මගේ මිත්‍ර සී.වීට හැමදාම ගරු කළා. ඔහුත් මට ගරු කළා’’ ගාමිණී, සී.වී. ගැන කීවේය.

එහෙත් ගාමිණී ෆොන්සේකා නියෝජ්‍ය කතානායකවරයා පළමුවරට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට නියම කළා. සී,වී. ගුණරත්න, මහින්ද රාජපක්ෂ හා දි.මු. ජයරත්නටය. මේ තිදෙනාම එකවරම එළියට යැව්වද ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිට හොඳ යහළුවන් වූ අතර කිසිදු තරහක් වෛරයක් නොතිබූ බව ගාමිණී කීය.

‘‘සී.වී. මැරුණු බව ආරංචි වුණාම මම පුදුම වුණා. අපේ පුංචි වින්සන්ට් චර්චිල් මැරුණ ද කියලා මම එකවරටම විශ්වාස කළේ නෑ. මොකද? අපි වෝල් ක්ලබ් එකේ ඉන්න කාලේ චර්චිල්ගේ ඇත්ත හඬ අහල තිබුණේ නැහැ. චර්චිල්ගේ හඬ සී.වී. උච්චාරණය කරන විට අපි ඔහුගේ ගැඹුරු කටහඬ ඇත්ත චර්චිල්ගේ කටහඬ ලෙස පිළිගැනීමට තරම් අපි එදා පෙළඹුණා. ඔහු පාර්ලිමේන්තුවේ ඔහුගේ හඬ ඇහෙන විට මට මතක් වුණේ ‘වෝල්ක්ලබ්’ එකේ චර්චිල්ගේ ගැඹුරු කටහඬ මොකක්ද පත්‍රයක කවුද ලියලා තිබුණා. සී.වී.ට ‘චර්චිල්’’ කියල නම දැම්මේ රන්ජන් විජේරත්න මහත්තයා කියලා. ඊට ඉස්සෙල්ලා අපේ  ‘වෝල්ක්ලබ්’ එකෙන් දෙහිවල ස්ටේෂන් පාරේ මුල පදිංචිව සිටි මමත්, ඒ පාරෙම කෙළවර පිහිටි මේජර් ගුණරත්නගේ හා සී.වී.ගේ නිවසත් ඒ මැද පිහිටි වෝල්ක්ලබ්’ එකත් මට නිබඳව සිහි වෙනවා. ඒ අනරින් මතුව එන්නේ අපේ චර්විල්ගේ කටහඬ’ එදා (2000) ගාමිණී මට කීවේ හැඟීම් බරව.

අද සී.වී. මෙන්ම ආචාර්ය ලෙස්ටර්ද ගාමිණීද ජීවිතවලින් සමුගෙනය.

(***ඒ.ඩී. රන්ජිත් කුමාර)



අදහස් (0)

පුංචි තිරයේ ජලරකුසා වූ දෙහිවල වර්චිල්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site