X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


පෙම්වතියගේ මළසිරුර සමග විවාහ වූ තරුණයා

  18_PAGE_4_RASA

 

ඉර හඳ ගෙනැවිත් දෙපා මුල තබන්නෙමැයි තම පෙම්වතියට පොරොන්දු දී කෙටි කලෙකින් ඔවුන් අතහැර යන, නැතිනම් ඔවුන් මරා දමන පෙම්වතුන් පිළිබඳ පුවත් ලොව නන් දෙසින් අසන්නට ලැබේ. එහෙත් තමා පණ මෙන් පෙම් කළ යුවතිය හදිසි රිය අනතුරකින් මිය ගියද ජීවිතයේ ඉතිරි කාලය ඇය වෙනුවෙන් කැප කරන බවට පොරොන්දුවක් දෙමින් මිය ගිය යුවතියගේ අවමඟුල පැවැති දින ඇය හා විවාහ වූ තරුණයකු පිළිබඳ අපූරු පුවතක් තායිලන්තයෙන් අසන්නට ලැබිණි.


ඩෙෆ් යින්ගුයෙන් නමින්ද හැඳින්වෙන චඩිල් ඩෙෆි උසස් අධ්‍යාපනය ලබුවේ ඊස්ටන් ඒෂියා විශ්වවිද්‍යාලයෙනි. 2002 වසරේ ඔහු එහි පිවිසෙන විට සරිණ්‍යා ඈන් කම්සූක් නම් යුවතියද එහි අධ්‍යාපනය ලබමින් සිටියාය. එකම පීඨයක අධ්‍යාපන කටයුතු කළ සරිණ්‍යාගේ සුන්දරත්වයෙන් වශී වූ ඩෙෆී ඇයට සිතින් පෙම් කරන්නට විය. තම අදහස කෙළින්ම පවසන්නට තරම් ධෛර්යයක් ඔහුට නොවුණද තම හැසිරීමෙන් එවැන්නක් ඇතැයි හඟවන්නට ඔහු උත්සාහ කළේය. ඩෙෆී තමාට විශේෂ ඇල්මක් දක්වන බැව් සරිණ්‍යාටද වැටහී තිබුණි. මෙම කඩවසම් තරුණයා පිළිබඳව ඇගේ සිතේද කැමැත්තක් මෝදු වන්නට විය. යුවතිය තමාට ඇලුම් කරන බැව් වටහාගත් ඩෙෆී දිනක් තම සිතේ සඟවා ගෙන සිටි ප්‍රේමය සරිණ්‍යාට ප්‍රකාශ කළේය. එතැන් සිට ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.


විශ්වවිද්‍යාලයේදී සැමවිටම එක්ව සිටින්නට පෙම්වතුන් දෙදෙන පුරුදුව සිටියහ. එකිනෙකා නොදැක සිටින්නට නොහැකි තරමට දැඩි ප්‍රේමයකින් වෙ`ඵණු ඔවුහු අනාගතය පිළිබඳව සුබ සිහින දකිමින් සිටියහ. තමා විවාහ කර ගන්නැයි දිනක් සරිණ්‍යා ඩෙෆීගෙන් ඉල්ලා සිටියේ ඔහුගෙන් වෙන්ව මොහොතක් හෝ ගෙවන්නට අකමැති වූ බැවිණි.  තමා ඇය හා විවාහ වීමට කැමති බවත් එහෙත් තම අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ඉවසා සිටින ලෙසත් ඩෙෆී ඇයගෙන් ඉල්ලීය. සරිණ්‍යා එයට අනුමැතිය පළ කළාය. 


ඩෙෆීට අවශ්‍ය වූයේ සරිණ්‍යා හා සතුටින් පිරුණු සාර්ථක විවාහ ජීවිතයක්  ගෙවීමටය. එහෙයින් තම අධ්‍යාපන කටයුතු අවසන් කොට සුදුසු රැකියාවක් සොයා ගැනීමෙන් පසු ඇය විවාහ කර ගැනීමට ඔහු සිහින මැවීය.

 

6

 


කාලය ගෙවී ගියේය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට දස වසරක් පිරිණි. අධ්‍යාපන කටයුතු අවසන් කළ ඩෙෆී සුදුසු රැකියාවක් සොයා ගත් අතර තමන්ගේම නිවෙසක් තනාගෙන සරිණ්‍යාට දුන් පොරොන්දුව ඉටු කිරීමට සූදානම් විය.  ඒ වන විට ඩෙෆී 28 හැවිරිදි වූ අතර සරිණ්‍යා 29 හැවිරිදි විය. ඔවුන්ගේ විවාහය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරුණු අතර විවාහ මංගල්‍යය 2012 ජනවාරි 4 වැනි දින පවත්වන්නට දින නියම කර ගැනිණි. එහෙත් දෛවය ඔවුනට අතිනත ගන්නට ඉඩ තැබුවේ නැත. මහ මඟ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ පුද්ගලයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් දස වසරක් මු`ඵල්ලේ පැවැති ඩෙෆීගේ සහ සරිණ්‍යාගේ පෙම් ලොව සුනු විසුනු වී ගියේය.


විවාහ මංගල්‍යයට පෙර දින සරිණ්‍යා සාප්පු සවාරියක යෙදුණේ අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලට ගනු සඳහාය. සියල්ල රැගෙන යළි පැමිණෙමින් සිටියදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඇය යටකර ගෙන ගියේ සිදු වූයේ කුමක්දැයි කිසිවකුට සිතා ගැනීමට අවකාශයක් නොතබමිනි. පසු දින තම පෙම්වතා සමඟ අතිනත ගෙන පතිනියක වන්නට සිහින මැවූු සරිණ්‍යා ලේ විලක් මැද මහ මග වැටී සිටියාය.

3
තරුණිය වහා රෝහල් ගත කෙරිණි. දරුණු ලෙසින් තුවාල ලද සරිණ්‍යා පැය හයක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය. ඇයගේ තත්ත්වය නරක අතට හැරෙන්නට වූ හෙයින් වෛද්‍යවරු රෝගියා වෙනත් රෝහලකට පිටත් කර හැරීමට පියවර ගත්හ. එසේ ගෙන යන අතුරතුර සිහි නොලබාම ඇය ජීවිතයෙන් සමු ගත්තාය.


තම පෙම්වතියගේ අකල් වියෝව ඩෙෆී දැඩි කම්පනයකට පත් කළේය. ඇය මිය ගිය බව අදහන්නට ඔහුට නොහැකිය. තමා ඇයට දුන් පොරොන්දුව කෙසේ හෝ ඉටු කරන්නෙමැයි සිතූ ඩෙෆී කිසිදු තරුණයකු නොගන්නා දැඩි තීරණයකට එළැඹියේය. ඒ තම මිය ගිය පෙම්වතිය හා විවාහ වී ජීවිතයේ ඉතිරි කාලය ඇයගේ මතක සුවඳ මැද තනිකඩව  ගත කිරීමටය.


2012 ජනවාරි 4 වැනි දින උතුරු තායිලන්තයේ සුරින් ප්‍රාන්තයේ පිහිටි ත්‍රි විවේක් පන්සලේ සරිණ්‍යාගේ අවමඟුල් කටයුතු සිදු කිරීමට සූදානම් කර තිබිණි. ඇයගේ සිරුර මනාලියක ලෙස සරසා තිබිණි. බෞද්ධයන් වූ හෙයින් පැන් වඩා මතක වස්ත්‍ර පූජා කෙරිණි.  මනාලයකු ලෙස සැරසුණු ඩෙෆී තම පෙම්වතිය අසලින් වාඩිවී සිටියේය. ආගමික කටයුතු අවසන් වූ පසු ඔහු සරිණ්‍යාගේ අත අල්ලා ගත්තේය. තම කබා සාක්කුවෙන් රන් මුදුවක් ගත් ඩෙෆී එය ඇගේ ඇඟිල්ලේ පැලඳුවේය. ඉන්පසු විවාහ චාරිත්‍ර සිදු කෙරිනි. ඇයගේ අවමඟුල හා විවාහ මංගල්‍යය එකම දිනක සිදුවිය. මඟුල් - අවමඟුල් උත්සවයට ඩෙෆීගේ සහ සරිණ්‍යාගේ මාපියන් හා හිතමිතුරන් රැසක් සහභාගී වී සිටියහ.


තම විවාහය පිළිබඳව ඩෙෆී සිය ෆේස් බුක් ගිණුමේ පළකොට එයට සහභාගී වන මෙන් සියලු මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා තිබිණි. දෙදෙනා අධ්‍යාපනය ලද ඊස්ටන් ඒෂියා විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියෝ විශාල පිරිසක්ද අවමඟුලට සහභාගී වී සිටි අතර නන් දෙසින් මල්වඩම් රැසක් එවනු ලැබ තිබිණි. උත්සවය තායි රූපවාහිනියෙන්ද ප්‍රචාරය කෙරිනි. බොහෝ දෙනෙකුගේ අනුකම්පාව ඩෙෆීට හිමිවිය. ලොව විවිධ රටවලින් ශෝක පණිවුඩ ගලා ආ අතර ඩෙෆී සැබෑ පෙම්වතකුගේ පරමාදර්ශය බැව් ඔවුහු පැවසූහ.


තම විවාහය ප්‍රමාද වූයේ අධ්‍යාපන කටයුතු හා වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් හේතුවෙන් බැව්  පැවසූ ඩෙෆී “අපේ ජීවිත කෙටියි. එම කෙටි කාලය තුළ කිසිවක් වැරදුණොත් එය නිවැරැදි කර ගැනීම අපහසුයි.  ඔබට කිසියම් අරමුණක් ඇත්නම් එය අප්‍රමාදව ඉටු කර ගන්න. මව්පියන්, පවුලේ සාමාජිකයන්, පෙම්වතා හෝ පෙම්වතිය වැනි තමා ප්‍රේම කරන පුද්ගලයන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ප්‍රමාද නොවන්න. එසේ නොකළහොත් ඔබටත් මා මෙන් පසුතැවිලි වන්නට සිදුවේවි.” යනුවෙන් පවසා තිබිණි. තමාට පණ මෙන් ප්‍රේම කළ සරිණ්‍යාට යුතුකම් ඉටු කිරීමට තිබුණේ වසර ගණනකට පෙර යැයි පැවසූ ඔහු ඇයගේ මතකය වෙනුවෙන් ඉදිරි ජීවිතය කැප කරන බවද කියා තිබිණි.


තම විවාහ මංගල්‍යය හා අවමංගල්‍යය එකම මොහොතක සිදුවූ ලොව එකම යුවතිය සාරිණ්‍යා විය හැකි වන අතර මළ සිරුරක් හා විවාහ වූ එකම පෙම්වතා ඩෙෆී විය හැකිය. මේ වන විට 32 හැවිරිදි තරුණයෙක් වන චඩිල් ඩෙෆී තායිලන්තයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. පසු කාලයේ  ඔහු සාරිණ්‍යාගේ හා තමගේ විවාහයේ විඩියෝ පටයක් යූ ටියුබ් නාළිකාවට එක් කොට තිබූ අතර එය නැරඹු බොහෝ පිරිසක් කම්පාවට පත් වූ බැව් වාර්තා විය. චඩිල් ඩෙෆී ඇන්ඞ් සරිණ්‍යා ලෙස සොයා බැලීමෙන් ඔබටද එය නැරඹිය හැකි වනු ඇත.

m



අදහස් (0)

පෙම්වතියගේ මළසිරුර සමග විවාහ වූ තරුණයා

නිම්මි Tuesday, 21 June 2016 02:53 PM

නිෂ්ඵල ක්‍රියාවක් වුණත් ඔහුගේ ආදරය විශිෂ්ටයි. ඔහුගේ දුක තුනීවේවා! (නි)

:       0       0

සොපි Thursday, 23 June 2016 10:07 AM

ටික දවසකින් මෙතුමා තව විවාහයක් කර ගනියිද ? (ර)

:       0       0

නිම්මි Friday, 24 June 2016 03:15 PM

තව විවාහයක් කරගැනීමට ඔහුට බාධාවක් නැත. වටින්නේ ඔහුගේ ක්‍රියාවයි. ඔහුගේ ප්‍රේමය සුන්දරය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site