X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


පොල් අතු පැලේ සිට ශිෂ්‍යත්වය දිනූ දියණිය

 

ජීවත්වන නිවස

 

”ජාතික වෘක්ෂය මොකක්ද? නා ගස,
නාමලේ අංග මොනවද? පෙති තුනක් තියෙනවා. නාමල් රේණු තියෙනවා....”
නාමල් අංග මහා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ දරුවෝ මේ කරුණු ඉගෙන ගත්හ. පසුගිය අගෝස්තු විභාගයට ඉදිරිපත් වුණා. ඔක්තෝබර් පළවැනිදා නාමල්අංග විද්‍යාලයේ ගුරුවරියක් ඇගේ ජංගම දුරකථනයෙන් ප‍්‍රතිඵල බැලූවා.

ඩබ්.කේ. මධුෂිකා මධුවන්ති කුමාරි ලකුණු 171 ක් ලබාගෙන. තවත් දරුවො තුන්දෙනෙක් සමත්, මධුෂිකා විභාගය සමත්වීම පිළිබඳ පංතිභාර ගුරුතුමිය වන එස්.ඩබ්.ජී.කේ. රම්‍යලතා මහත්මිය, විදුහල්පති ගනේගොඩ සීලානන්ද හිමි ඇතුළු ඇදුරු මඩුල්ලම සතුටු වූහ.

මධුෂිකා ගැන අප ලියන්නට තීරණය කළේ ඇය ඉගෙන ගන්නට විඳින අපමණ දුෂ්කරතා ඔබ හමුවේ තැබීමටය. අප ඇගේ නිවසට යන විට මධුෂිකාගේ මව කිට්ටු නිවසකින් ප්ලාස්ටික් පුටු දෙකක් ගෙනැවිත් තැබුවාය.

”ඉතින්න දු කියන්න. ඔයා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්නෙ...” මම කීවෙමි.

”අපේ ටීචර් කෙනෙක් එයාගෙ ෆෝන් එකෙන් ප‍්‍රතිඵල බලලා කිව්වා. ලකුණු 171 ක් අරගෙන මධුෂිකා පාස්වෙලා කියලා. මං ගෙදර ඇවිත් අම්මට කිව්වා. අම්මා කිව්වා හොඳයි කියලා.

 

අද පාඩම් කරන්නේ මෙහෙමයි.

 

”මෙහෙ ඉඳලා අපව ඉස්කෝලෙ ගෙනියන්නෙ තාත්තා. මං පංති ගියේ නෑ. ඉස්කෝලෙන් ඉගැන්වූ දේවල් පාඩම් කළා. විදුහල්පති හාමුදුරුවෝ හැම මාසෙම මට පත්තරයක් අරගෙන දුන්නා. ප‍්‍රශ්න පත්තර එහෙමත් දුන්නා. දැන් ඉතිං ලොකු ඉස්කෝලෙකට මට ගිය හැකියි.” කියලා ටීචර්ලා කිව්වා.

මධුෂිකා බැලීමට ගිය අපි හැකි පමණින් තෑගි පාර්සලයක් ගෙන ගියෙමු. ඒවා රැුගෙන ඇතුළට ගිය මධුෂිකා සමග අපිද ගියෙමු. ”කෝ පුතේ පොත් මේසය...?”

”තියෙනවා” යැයි කියූ මධුෂිකා කාමරයට ගොස් කාඞ්බෝඞ් පෙට්ටි පියනක් අයින් කර පෙන්නුවාය. වහලෙන් රොඩු වැටෙන නිසා පෙට්ටි පියන වැසූ බවයි මධුෂිකා කීවේ. මේක අපේ නිදන කාමරය, මධුෂිකාගේ නැගණිය වන ස්වර්ණකාන්ති කුමුදු කුමාරි ද කාමරයට ආවාය. ”මම ඉස්කෝලෙ එකේ පංතියේ ඉන්නේ ඇය කීවාය.

”නං

පන්තිභාර ගුරුතුමිය සමග

ගීටත් මා පාඩම් කියලා දෙනවා.” කියමින් අප ගෙනගිය කතන්දර පොතක් රැගෙන ඉස්තෝපුවේ ලී මැස්ස උඩ ඉඳගත්තාය. මම පාඩම් කරන්නෙ මෙතැන ඉඳන්. මේක හදලා දුන්නෙ තාත්තා” ඇය කීවාය.

වර්ග අඩි 120 ක් පමණ වූ කුඩා ගෙපැළේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන බවත්, පුංචි කුස්සියේ ඉදෙන බතෙන් ටිකක් කුරුල්ලන්ට දමන බවත් මධුෂිකා කීවාය. කුප්පි ලාම්පුව දල්වාගෙන දරලිප පත්තු කරලා මට උයන්නත් පුළුවන්. මුළු ගෙපැළම පොල් අතුවලින් වටවී තිබියදීත්, ගේ පිරෙනතුරු ගොඩගසා ඇති රෙදි මලූ තිබියදීත් කුප්පිලාම්පු භාවිත කිරීම මේ කිරි දරුවන්ට කෙතරම් අවදානම් දැයි අපි සිතුවෙමු.

”පුතේ ඔයාලා අඳින ඇඳුම් තෝරගන්නේ කොහොමදැයි අපි විමසුවේ රෙදි වැටක්වත් නැති ගේ රෙදි මලූ විතරක් ගොඩගසා තිබෙන බව දැක්ක නිසාය.
වටිනාම රෙදිපිළි තබන්නේ, විසිතුරු සහ යතුරු දැමිය හැකි අල්මාරිවල වුවත්, මධුෂිකාගේ නිවසේ වටිනාම රෙදිපිළි වූ පාසල් නිළඇඳුම් තැබීමට ගේ ඉදිරිපිට කුඩා මඩුවක් සාදා තිබුණි. අපි ඇගේ නිවස ඇතුළත් පිටත් බැලූවෙමු. හැමදේම මධුෂිකා හරිම සතුටින් විස්තර කළාය.

එච්.ඒ. පොඩි මැණිකේ මධුෂිකාගේ මවය. ඇය කෙදිනකවත් පාසල් ගොස් නැති නිසා අකුරක්වත් ලිවීමට නොදනී. එහෙත් ඇය පොත්වල වටිනාකම දන්නීය. ඒ නිසාම ඇය ඉරටු ගා විකුණා මුදල් කළ පසු දරුවන් දෙදෙනාට පොත්පත් අරන් දෙනබව මධුෂිකා කීවාය. මධුෂිකාගේ පියා ඩබ්.කේ. ජයතිලකය. ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගන තිබුණත් මේසන් බාස් කෙනකුට අත්වැඩ දෙමින් දෛනික වැටුපට වැඩකරගෙන යයි. ඔවුන් දැනට පදිංචි ඉඩමේ පර්චස් අටක කොටසක් ඉඩම් හිමිකරුවන් පරිත්‍යාග කළ බව මධුෂිකාගේ මව කීවාය. අසල පන්සලකින් ගල් ට‍්‍රැක්ටරයක් ලැබී ඇති නමුත් අත්තිවාරම දමා ගැනීමට ඔවුන් අපොහොසත්ය. මෙහෙනින් වහන්සේගේ සොයා බැලීම යටතේ දරුවන් දෙදෙනාට අවශ්‍ය රෙදිපිළි පොත්පත් කෑම බීම යනාදිය හැකිතරම් පිරිමැසූ බව මෙහෙනින් වහන්සේ කීවාය. ඒ නිසාම කරුවලගස්වැවේ සුචින්තනී මෙහෙනින් වහන්සේගෙන් තව තොරතුරු ටිකක් අපි අසා දැනගත්තෙමු.
”මධුෂිකාගේ තාත්තා මත්පැන් පානය කරන්නෙ නෑ. සිගරට්ටුවක්වත් බොන්නෙ නෑ. මේ ළමයි තියාගෙන ඉස්කෝලෙට ගිහිං දානවා. ආපහු ගේනවා. ඒ තාත්තා ජයතිලකගෙ උපන්ගම ගොකරැල්ල. ඒත් මධුෂිකාගේ මව ගලේවෙල ප‍්‍රදේශයේ. ඇයත් සුළු සුළු වැඩ කරනවා. ඒත් මේ අයව නැගිට්ටවන්න  ඕනෑ. මාත් ඉතා අමාරුවෙන් ජීවිතය කළමනාකරණය කරගන්නෙ. හැකි පමණින් මේ අයටත් උදව් කරනවා. මට යමක් මේ සමාජයට කියන්න  ඕනෑ. පුහු දේවල් පිටුපස නොගියා නම් ජීවිතය ජයගන්න පුළුවන්. ඒත් මේ අසරණ පවුලට උදව් උපකාර ලැබිය යුතුයි. ඔවුන්ගේ හෙට දවස සකස්කර දිය යුතුයි. මම හැම මොහොතෙම සූදානම් උදව් කරන්න.” සුචින්තනී මෙහෙණින් වහන්සේ කීවාය.

ආපසු එන්නට සැරසෙද්දී කිසියම් මුදලක් මධුෂිකා අත තැබුවේ ”බිස්කට්, චොක්ලට් ගන්න” කියමිනි. අපි කඩචෝරු කන්නෙ නෑ. ඒ සල්ලි වලිනුත් අපට අවශ්‍ය දේ ගන්නවා. මධුෂිකා හිනාවී අප සමග කීවාය.

 

ඇගේ පොත් මේසය.

 

ඉරිදා ලංකාදීප පාඨකයන් ඉතා පරිත්‍යාගශීලී බව අපි දනිමු. මෙවැනි අසරණ දරුවන් ගැන අසනවිට ඔබේ හද උණුවන බවද අපි දනිමු. ඒ නිසා මේ දිරිය දැරියටත් ඔබේ පිහිටාධාරය ලැබෙනු ඇතැයි අපි සිතමු. ඇගේ නිවසේ එක බිත්තියක්වත් නැත. නිවසක් කීවාට එය පොල් අතු කිහිපයක් ඇතිරූ මඩුවකි. ඒ මඩුවේ කුඩා නැගණියත් අම්මා සහ තාත්තාත් සමග මධුෂිකා ගෙවන ජීවිතය සැබැවින්ම ඇසට කඳුළක් නැංවීමට සමත්ය. හෙට අනිද්දා වැඩිවිය පත්වන්නට සිටින මේ දැරිවියට එම කුඩා පැල්පතේ හිමි රැකවරණය ගැන සිතන විට මගේ නෙතට කඳුළු නංවයි. මේසය යැයි කියන කාඞ්බෝඞ් පෙට්ටි පියන උඩ තබාගෙන පුටුව යැයි කියන ලීමැස්ස මත වාඩිවී ඇය ඉගෙන ගන්නා අපූරුව ඔබ දුටුවේ නම් ඔබේ නෙතට කඳුළු උනනු ඇත. අද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 171 ක් ලැබුවේ මේ පරිසරයේ සිටය. ඇගේ ඉදිරි අනාගතය වෙනුවෙන් පිහිටක් වන්නට ඔබට හැකිනම් එය මහත්ඵල මහානිසංස ලැබෙන පිනක්ම වනු ඇත.

 

 

 



අදහස් (0)

පොල් අතු පැලේ සිට ශිෂ්‍යත්වය දිනූ දියණිය

බුද්ධිකා වික්‍රමසිංහ. Wednesday, 23 October 2013 07:35 PM

මම කැමැතියි උදව් කරන්න. කරුණාකර ගෙදර ලිපිනය එවන්න. (නි)

:       0       0

රුවන් පුබුදු Thursday, 24 October 2013 08:47 AM

අපි කැමතියි උදව් කරන්න,තොරතුරු ලිපියක් පල කරන්න. (ස)

:       0       0

නිරෝෂා Thursday, 24 October 2013 12:21 AM

කරුණාකර මේ දරුවාගේ නිවසට යන ආකාරය හා ලිපිනය කියන්න (නි)

:       0       0

මේරියන් ෆෙර්නන්ඩෝ Thursday, 24 October 2013 12:19 AM

උදවු කළ හැකි වැඩපිළිවෙලක් සදහන් කරන්න. (නි)

:       0       0

ශලින්ත Wednesday, 23 October 2013 11:48 PM

දුවේ මටනම් ඔය තමයි ලංකාවෙන්ම පළවෙනියා...ගිණුම් අංකය එවන්න අපිත් උදව් කරන්නම් .....(අ)

:       0       0

දිනිත් මුතු කුමාර Wednesday, 23 October 2013 11:39 PM

ලිපිනය හරි නැත්නම් ගිණුම් අංකයක් දාන්නකෝ,කරුණාකරලා (නි)

:       0       0

රන් බණ්ඩා Wednesday, 23 October 2013 11:03 PM

හැකි සෑම ආකාරයකින්ම උදව් කරන්න කැමතියි. එනිසා බැංකු ගිණුම් අංකයක් තිබේ නම් වහාම දන්වන්න. නැත්නම් ඔවුන් සම්බන්ධ කර ගත හැකි ආකාරයක් සඳහන් කරන්න. මේ දුවට බුදු සරණින් හොඳට ඉගෙනගෙන සමාජයේ යහපත් ආදර්ශමත් චරිතයක් වීමට හැකිවෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා! මෙම ප්‍රවෘත්තිය ගැන ලොවට කියූ ඔබටත් ගොඩාක් පින්!! (නි)

:       0       0

සමන්ත Wednesday, 23 October 2013 10:28 PM

කිසිම තොරතුරක් නෑකොහොමද උදවි කරන්නේ අඩුම තරමින් ඉගෙන ගන්න පාසැල වත් නැ.(දිල්)

:       0       0

විපුල Wednesday, 23 October 2013 09:32 PM

දළ එන ඇතා කොයි කැලේ දැම්මත් දළ එනවා කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ දක්ෂයන්ට තමයි. මොන‍තරම් දුෂ්කරතා තිබුනත් දක්ෂයා ඉදිරියට එනවා. ඔබට ජය!අපි පුළුවන් හැම උදවුවක්ම කරනවා.බුදු සරණයි දුවේ! (නි)

:       0       0

අතපත්තු Wednesday, 23 October 2013 08:42 PM

ලියන්න හැලි නෑ,ලිපිනය දන්වන්න,ඔබට තෙරුවන් සරණයි (අ)

:       0       0

බුද්ධික Wednesday, 23 October 2013 07:35 PM

කරුණාකර එම දරුවට උපකාර කළ හැකි විදියක් සදහන් කරන්න. හැකිනම් පාසලේ දුරකතන අංකය සදහන් කරන්න (නි)

:       0       0

විජේසුන්දර Thursday, 24 October 2013 09:05 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ළමයි දුව තරම් දක්ෂ නොවේ .මට දුව ගැන ආඩම්බරයි .උදව් කිරීමට ගිණුම් අංකය එවන්න .මගේ විද්‍යුත් තැපැල් අංකයට එවන්න පුලුවන්නම් හොඳයි. (ස)

:       0       0

ප්‍රදීපා Wednesday, 23 October 2013 07:01 PM

මම උදවු කරන්න කැමතියි (නි)

:       0       0

ප්‍රදීප ජයසිංහ Wednesday, 23 October 2013 06:56 PM

මම කැමතියි උදවු කරන්න (නි)

:       0       0

තරංග Wednesday, 23 October 2013 06:05 PM

කරුණාකරලා ඔය දරුවාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් දන්වන්න (නි)

:       0       0

සමන් කුමාර ඒකනායක Wednesday, 23 October 2013 04:55 PM

මොනවා කරන්නත් අපිට ලිපිනය දුරකථන අංකය අනිවාර්යෙන්ම ලබාදෙන්න. (ස)

:       0       0

දුමිදු Wednesday, 23 October 2013 01:27 PM

ඒ දුව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් තිබෙනවා නම් මට එවන්න​.මම උදව් කරන්න කැමතියි. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 23 October 2013 12:49 PM

මට එම දරුවාගේ ලිපිනය හෝ දුරකථන අංකය ලබාදෙන්න (නි)

:       0       0

බණ්ඩාරනායක Wednesday, 23 October 2013 09:33 AM

මේ සමඟම ගිණුම් අංකයක් හෝ ලිපිනයක් පළ කළා නම් මේ හැමෝම මේ දරුවාට උදව් කරනවා.මගේ ඉල්ලීමත් එයයි.විදුහල්පතිතුමාගේ දුරකථන අංකයවත් දෙන්න.එංගලන්තයේ වෙසෙන අපට ගොඩක් උදව් කරන්න පුළුවන්. බණ්ඩාරනායක - මිරිහානේගම විදුහල - මිරිහානේගම - වාරියපොල (ස)

:       0       0

සම්පත් Wednesday, 23 October 2013 05:17 AM

කරුණාකර මේ දැරියගේ දුරකථන අංකය හරි ලබා දෙනවානම් ගොඩක් පින් (නි)

:       0       0

සමන් Wednesday, 23 October 2013 04:56 AM

මට එම දරුවාගේ ලිපිනය හෝ දුරකථන අංකය ලබාදෙන්න. අපි උදව් කරන්න සුදානම් (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 26 October 2013 02:22 PM

මෙවැනි අති දක්ෂ අහිංසක දරුවන් මේ රටේ කොතෙක් සිටිනවාද? මෙවැනි දරුවන්ට උදවු කළ යුතුයි. අධ්‍යාපනය පුද්ගලිකරනය කිරිමෙන් මෙවැනි දරුවන්ට යන එන මං නැතිවේවි. (නි)

:       0       0

නිසසංසලා Wednesday, 18 February 2015 09:11 PM

මධුෂිකාට උදව් කරන්න කැමතියි ලිපිනය ලබා දෙන්න. (අ)

:       0       0

ඉසුරු Wednesday, 01 January 2014 12:53 PM

මට ගිනුම් අංකයක් දෙන්න.(නදී)

:       0       0

චානක Saturday, 28 December 2013 03:58 PM

ලිපිනය ලබාදෙන්න මේ ළයින් අපිව ඉස්සරහට ගන්න ඕනි (අ)

:       0       0

සපුමල් Sunday, 10 November 2013 09:47 AM

ඇත්තටම අපි උදවු කරන්න කැමති කරුණාකර ලිපිනය ලබා දෙන්න....(නදී)

:       0       0

අසන්ක Tuesday, 29 October 2013 06:01 PM

කරුණාකර මටත් විස්තර එවන්න (නි)

:       0       0

සිංහ Monday, 28 October 2013 09:25 AM

සතුටුයි ! අපෙ අයගේ එකමුතුකම ගැන .... (ස)

:       0       0

හචිකෝ Sunday, 27 October 2013 12:07 PM

අපිත් පුළුවන් විදිහට උදව් කරන්නම් එයට විදිහක් සලසා දෙන්න (දිල්)

:       0       0

පද්මසිරි Sunday, 27 October 2013 10:41 AM

ඔක්කොම උදව් කරන නිසා දුවට ප්‍රශ්නයක් නොවේවා කියලා මම පතනවා. (නි)

:       0       0

වසන්ත Saturday, 26 October 2013 10:51 PM

දයාබර දියණියනි අපි එනවා ඔයා හොයාගෙන ළඟදීම (අ)

:       0       0

දිනුෂ Wednesday, 23 October 2013 04:33 AM

ලාල් තාම සුරංගනා ලෝකෙන් බිමට බැහැල නෑ වගේ (අ)

:       0       0

අස්මිත් Saturday, 26 October 2013 11:17 AM

මෙවන් ත්‍යාගශීලී කර්තව්‍යක් කල ලංකාදීපයට ගෞරවනීය ස්තුතිය. කරුණා කර හැකි ඉක්මනට බැංකු ගිණුමක් හෝ දුර කතන අංකයක් පලකරන්න. මෙහි අදහස් ලියු සංවේදී හදවත් සැමට සුභ අනාගතයක් සමග වාසනාවන්ත දරු පරපුරක් හිමිවීමට සුභ පැතුම්.(නදී)

:       0       0

තරංග Friday, 25 October 2013 08:59 PM

දුවට තෙරුවන් සරණයි. (නි)

:       0       0

සමන් Friday, 25 October 2013 07:31 PM

උදවු කළහැකි ක්‍රමයක් හෝ ලිපිනය එවන්න (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 01:00 PM

දිනුෂ මං ඉල්ලීමක් කලේ ගියොත් වචනයක් ආවොත් ගෙයක්නේ .අනික ප්‍රසිද්ධියට හරි කරයිනේ. (ස)

:       0       0

ගීෂාන් විජේසිරි Friday, 25 October 2013 11:51 AM

මේ අහිංසක දූගෙ ලිපිනය අපිට එවන්න. (ස)

:       0       0

සනත් Thursday, 24 October 2013 09:22 PM

අපේ රටේ මේ වගේ දුක්විදන මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා මේවා දකිනකොට (නි)

:       0       0

රාජපක්ෂ Thursday, 24 October 2013 06:32 PM

මට ගිණුම් අංකයක් එවන්න. ලිපිනය හෝ දුරකථන අංකයකුත් එවන්න.(දිල්)

:       0       0

චතූ Thursday, 24 October 2013 01:22 PM

සැබෑ දක්ෂ දරුවෙක් (නි)

:       0       0

තිලකරත්න Thursday, 24 October 2013 10:54 AM

දරුවා සම්බන්ධව තොරතුරු ලබාගත හැකි ලිපිනය පල කරන්න. පින් සිදුවේවි. විදුහල්පති සීලානන්ද හිනි නම ළඟ මහා විද්‍යාලය මැල්සිරිපුර (ස)

:       0       0

ජගත් Monday, 21 October 2013 04:28 AM

කරුණාකර මටත් විස්තර එවන්න (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 21 October 2013 08:15 PM

ඇයට උපකාරයක් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න. (නි)

:       0       0

සංඛ Monday, 21 October 2013 03:39 PM

බැංකු ගිණුම් අංකය දෙන්න.. (ස)

:       0       0

ප්‍රියන්ත - ඉතාලිය Monday, 21 October 2013 02:09 PM

ගරු කතෘතුමනි,මෙම අය සඳහා උදව් කල හැකි ආකාරයක් දන්වන්න.භික්ෂුන් වහන්සේගේ දුරකථන අංකය, ලිපිනය, උදව් කල හැකි ක්‍රම ආදිය, ඔබලා සියලු දෙනාට නිවන් දකින තුරු මේ පින් ලැබෙනවා ජාති ජාතිත්.ඔවුන් ගන්න හුස්ම පොදක් ගානෙ.අනේ කරුණාකරලා විස්තර සපයා දෙන්න.මින් අනතුරුවද මෙවැනි ලිපි සමඟ සියලු විස්තර සපයා දෙන්න.තෙරුවන් සරණයි ඔබලා සියලු දෙනාට. (ස)

:       0       0

රුවිනි අනුරුද්ධිකා Monday, 21 October 2013 02:05 PM

මෙවැනි පුවත් පළකරන ඔබ වැනි අයට ඒ පිනම ඇති නිවනට යන්න. උදව්වක් කළ හැකි අාකාරයක් ගැනත් පළ කළා නම් තවත් අගෙයි. (නි)

:       0       0

ලන්ඩන් - ධර්මසේන නවරත්න Monday, 21 October 2013 01:18 PM

මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදිලා දුෂ්කර පළාතක ඉගෙන ගෙන ඇන් එංගලන්තයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මේ පවුලට උදව් කරන්න ලෑස්තියි. කරුණාකර කරුවලගස්වැවේ විදුහල්පති තුමාගේ හරි ගුරු තුමියකගේ දුරකථන අංකය පල කරන්න. (ස)

:       0       0

මල්ලිකා නවරත්න - එංගලන්තය Monday, 21 October 2013 01:14 PM

මෙය දැක හදවත කම්පා වුනා. ඇසට කදුළු අාවා. අනේ මේවා පළ කරපු ඔබලාට පින් සිද්ධ වෙයි.අපිත් කැමතියි මේ පවුල විශාල පරිත්‍යාගයක් කරන්න. කරුණාකර ලිපිනය පල කරන්න. (ස)

:       0       0

අනුරුද්ධ Monday, 21 October 2013 08:59 AM

වටිනා පුවතක්. කරුණාකර ලිපිනය හෝ දුරකතන අංකය පල කරන්න. මෙවැනි පුවත් වලට ප්‍රමුඛතාවය දෙන්න. (ස)

:       0       0

ආරියසේන Monday, 21 October 2013 07:30 AM

ඒ ළමයි දන්නවා විභාග පාස් වෙලා ඉස්සරහට යන්න නොලැබුනොත් ඒ අපා දුකෙන් කවදාවත් ගොඩ එන්න බෑ කියලා.(නදී)

:       0       0

උදය කුමාර Monday, 21 October 2013 07:21 AM

කරුණාකර ලිපිනය පලකරනවද ලොකු උදව්වක්. අපිටත් උදව් කරන්ට පුළුවන් (නදී)

:       0       0

කුසුම් Monday, 21 October 2013 06:48 AM

කරුණාකර ලිපිනය ‍පළකරන්න (නි)

:       0       0

ලීලානන්ද ජයකොඩි Monday, 21 October 2013 10:10 PM

බැංකු ගිනුම එවන්න.(නදී)

:       0       0

ට්‍රිශාන් Monday, 21 October 2013 01:57 AM

කරුණාකර නියම ලිපිනය සමග ගුරුතුමිය හෝ විදුහල්පති ස්වාමින් වහන්සේගේ දුරකථන පල කරන්න, අපි කැමතියි උදව් කරන්න, අද හෙටම වුණත් (නි)

:       0       0

ලාල් Monday, 21 October 2013 01:14 AM

මේකට වැඩි ප්‍රසිද්දියක් ලැබෙන විදියට පලකරන්නකෝ .(අ)

:       0       0

ලාල් Monday, 21 October 2013 01:05 AM

විමල් ඇමති තුමනි මෙයාලට නිවසක් හදල දෙන්න අනාගතේ රටට වැඩ දායක දරුවෙක් මෙය .(අ)

:       0       0

ලහිරු ලියනගේ Sunday, 20 October 2013 10:05 PM

රත්තරන් දරුවෙක්...තවත් හොදට ඉගෙන ගන්න... අපේ මුළු රටටම ආඩම්බරයක්...(අ)

:       0       0

සාම Sunday, 20 October 2013 09:35 PM

ඇගේ ලිපිනය හෝ බැංකු ගිණුමක් ඇත්නම් සදහන් කරන්න.මා කැමතියි මේ අහිංසක සිසුවියට උදව් කරන්න (නි)

:       0       0

සංජීව කුමාර Sunday, 20 October 2013 08:03 PM

මම කැමැති දුවට මට පුළුවන් විදියට උදවු කරන්න. එයාගේ ලිපිනය පළකරන්න. දුව ඇතුළු සියලු දෙනාට සුබ අනාගතයක් (නි)

:       0       0

අමර් Sunday, 20 October 2013 06:45 PM

ලිපිනය සදහන් කරන්න(නදී)

:       0       0

සේනාරත්න Sunday, 20 October 2013 05:52 PM

මගේ දුවට බුදු සරණයි. ඹයා තව ඉස්සරහට ඉගෙන ගන්න අපි උදවි කරන්නම්. හරි තොරතුරක් දෙන්න මම තාත්තට කියන්නේ දහිරියවන්තව වැඩ කරන්න.(නදී)

:       0       0

විභුති Sunday, 20 October 2013 04:33 PM

උදව් කල හැකි විදිහක් පල කරන්න.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 October 2013 11:07 AM

කරුණාකර මේ අයව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න. මට පුළුවනි මේ දරුවට ඉන්ඩ අඩුම තරමේ එක කාමරයක් හරි හදල දෙන්ඩ. මේ ඉස්කෝලේ විදුහල්පති තුමා ම‍ට තොර තුරු සපයනවා නම් වඩා හොඳයි. මගේ දුරකථන අංකය 00962789141883 (ස)

:       0       0

රන්ජනී Wednesday, 23 October 2013 03:23 AM

මේ සමගම ගිණුම් අංකයක් හෝ ලිපිනයක් පළ කළා නම් මේ හැමෝම මේ දරුවාට උදව් කරනවා.මගේ ඉල්ලීමත් එයයි.විදුහල්පතිතුමාගේ දුරකථන අංකයවත් දෙන්න.එංගලන්තයේ වෙසෙන අපට ගොඩක් උදව් කරන්න පුළුවන්. (නි)

:       0       0

චන්දිම Tuesday, 22 October 2013 05:06 PM

මමත් කැමතියි උපකාර කරන්න. බැංකු ගිණුම් අංකය දෙන්න (නි)

:       0       0

අශාන් Tuesday, 22 October 2013 03:16 PM

කරුණා කර විස්තර සපයන්න. (ස)

:       0       0

ධර්මසේන Tuesday, 22 October 2013 01:44 PM

මම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අහිංසක දුප්පත් ළමයට ආධාර කරන්න කියලා. ප්‍රතිචාර වලින් කීදෙනෙක් ඉදිරිපත්වෙලා තියෙනවද?සැවොම අහන්නේ ළමයාගේ හරි, පාසලේ හරි ලිපිනය, දුරකතන අංකය හරි බැංකු ගිණුම් අංකය. (නි)

:       0       0

චන්දන Tuesday, 22 October 2013 01:02 PM

හොදයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 October 2013 11:51 AM

පලමුවෙන්න්ම ලංකාදීපයට තුති මේ නෙව්ස් එක පල කලාට.ඇත්තෙන්ම දිරිය දියණියක්. ඔබේ මුලු අනාගතයටම සුබ පතනවා. ඒ වගේම ඔබට උදව් කල හැකිය. මේ දියණියගේ ලිපිනයත්,බැංකු ගිනුමත්,පල කරන මෙන් ලංකදීපෙන් කරුණිකව ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 October 2013 11:30 AM

කරුණාකර විදුහල්පති තුමාගෙ හරි දුරකථන අංකය එවන්න. (ස)

:       0       0

චාමර සුපුන් වීරසිංහ Tuesday, 22 October 2013 11:23 AM

මම ජිවත් වෙන්නේ පිට රටක, මම කැමති මේ ළමයට උපකාරයක් කරන්න . කරුණාකර විස්තර දන්වන්න. (ස)

:       0       0

චාමර Tuesday, 22 October 2013 11:17 AM

කරුණා‍කර මේ දරුවාට උදවු කළ හැකි ආකාරයක් දන්වන්න (නි)

:       0       0

දීපාල් Sunday, 20 October 2013 04:06 PM

එයාගේ ලිපිනය පලකරන්න. ඔබට තුනුරුවන්ගේ සරණයි. ඉඩම ලබාදුන් මහත්මාට ගොඩක් පින්.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 10:43 AM

මේ පුවත අමතක වෙන්ට පෙර මේ දරුවට උදව් කල හැකි ක්‍රමයක් දන්වන්න. අර ගුරුතුමියගේ ෆෝන් අංකයවත් ලබා දෙන්න. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 22 October 2013 06:00 AM

දරුවාගේ විස්තර සමග ඒ අයගේ ලිපිනයත් පාසලේ නිවැරදි විස්තරත් දමන්න, සංස්කාරක හිතවතුනි. මම ළගදි ලංකාවට යනවා. මගේ දරුවන්ට පෙන්නන්න ඕනෑ සමාජයේ මේ තිබෙන වෙනස (නි)

:       0       0

ලුමින්ද Tuesday, 22 October 2013 03:24 AM

මම කැමතියි මේ දරුවට උදව් කරන්න. කරුණාකර විස්තර දන්වන්න පුලුවන්ද? (නි)

:       0       0

අනා Tuesday, 22 October 2013 02:30 AM

කරුණාකර පාසලේ ලිපිනය දෙන්න (නි)

:       0       0

ජානක Tuesday, 22 October 2013 01:58 AM

කරුණා‍කර මේ දරුවාට උදවු කළ හැකි ආකාරයක් දන්වන්න (නි)

:       0       0

මහේසික Tuesday, 22 October 2013 01:34 AM

කොහේද මෙම ළමයා ඉන්නේ? කරුවලගස්වැවට යන්නේ කොහොමද? අනුරාධපුර සිට පුත්තලම පාරේද තියෙන්නේ? අනුරාධපුරේ සිට සැතපුම් කීයල් තිබෙනවද? කාර් එකකින් මේ ගමට යන්න පුලුවන්ද? නැත්නම් ත්‍රීවිල් රථයකින්වත් යන්න පුළුවන්ද? දන්නා කෙනෙක් කියන මෙන් ඉල්ලමි (නි)

:       0       0

ධර්මසේන Tuesday, 22 October 2013 01:30 AM

මෙම පුවත පලකළ ලංකාදීපයේ කතෘ මණ්ඩලයටත් එසේම ඡායාරූප ගතකළ අයටත් විශේෂයෙන්ම මෙය ලියූ මාවතගම චාන්දනී දිසානායක මහත්මියටත් ඉමහත් ලෙස මම ප්‍රශංසා කරන අතර ළගදීම අපි ලංකාවට පැමිණි විට ඔබ සියලු දෙනාම දැක ගැනීමට ලංකාදීප කාර්යාලට පැමිනීමට බලාපොරොත්තු වෙමු. බැංකු ගිණුම් අංකය දන්වන්න (නි)

:       0       0

රුවන් Tuesday, 22 October 2013 12:45 AM

මම දැනට ඉන්නේ පිටරටක. මම ලංකාවට ගියාම මේ දරුවාව බලන්න යනවා.පුළුවන් අයුරින් උදව් කරනවා.මෙවැනි නිවාස ලංකාවේ තියනවා කියලා දැක්කෙත් අද.දුවට හා පව්ලේ සැමට බුදුසරණ ලැබේවා. (නි)

:       0       0

කෝසල Tuesday, 22 October 2013 12:12 AM

ලංකාදීපයට පින් සිද්ධ වේවා! මේ දුවට උපකාර කරන්න තොරතුරු එවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site