X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණියි

  20-Page-12-S2-4  

 

අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධානි යුගයත් පසුව ඇතිවන චෝල ආක්‍රමණ නිසා ක්‍රිස්තු පූර්ව දහවැනි සියවස වනවිට පොළොන්නරුව රාජධානිය බිහිවූ බවට වන ඉතිහාස කතාවට අලුත් හා වෙනස් කරුණු රැසක් එකතු කළ නව පර්යේෂණයක් පොළොන්නරුව නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රියාත්මක විය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කෙරී ඇති මෙය පොළොන්නරුව පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය නමින් හැඳින්වේ. එය පස් අවුරුදු ව්‍යාපෘතියකි. බි්‍රතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන ආයතනවල අන්තර් සහයෝගිතාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පොළොන්නරුව යුගය ක්‍රි. පූ. 4 වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත වූවක් බවට මෙම පර්යේෂණය මගින් සාක්ෂි හමුවී ඇත. පර්යේෂණය සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සැපයූ තොරතුරු මෙසේ සටහන් වේ.

 

SLD_20160821_B012

අනුරාධපුර යුගයට සමගාමීව පොළොන්නරුවේ ද වෙළෙඳ නගරයක ස්වරූපයක් පැවැති බවට කැණීම් මගින් සිදුකරන ලද සාක්ෂිවලට අනුව හඳුනාගෙන තිබේ. කැණීම්වලින් හඳුනාගත් ශිව දේවාල අංක 02 පරිශ්‍රයෙන් හමුවූ නටබුන් සාක්ෂි සපයා තිබේ. පොළොන්නරුව නගරයේ සිට කිලෝ මීටර් පනහක් පමණ දුරක් දක්වා මේ වනවිට පුරා විද්‍යා කැණීම් සිදුවී ඇත. පොළොන්නරුව ඇතුළු නගරයේ ශිවදේවාල අංක 01 නමැති ස්ථානයේදී හමුවූ පාදම් ගොඩනැගිල්ලත් උතුරු ඉන්දීය කාලරක්ත මැටි බඳුන්වල ශේෂ හමුවීමත් ඔස්සේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආගම් ඇදහීම වෙළෙඳ ගනුදෙනු පැවැතීම මෙන්ම ඉහළ මට්ටමක සමාජ පසුබිමක් පවතින්නට ඇති බව නිගමනය කර ඇත. ඊට අදාළ වාස්තු විද්‍යාත්මක කරුණු බොහෝමයක්ද මෙහිදී ඔවුන් විසින් සොයාගනු ලැබ ඇත. ශිව දේවාල ආශ්‍රිත ප්‍රදේශය තුළ යම් යම් නිෂ්පාදන ක්‍රියාවලීන් පැවැති බවට සාක්ෂි වශයෙන් යබොර කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් කැණීම්වල දී හමුවී ඇත. ඒ අනුව පොළොන්නරුව යුගයේදී වීදුරු හා යකඩ යන කර්මාන්ත පැවැතී ඇත. කැණීම්වලදී යබොර යකඩ හා වීදුරු නිෂ්පාදනය සඳහා යොදාගත් යන්ත්‍රෝපකරණවලින් ශේෂ වූ යබොරයි.


ශිවදේවාල අංක දෙකේදී හමුවූ මැටි පහන් වර්ග කාසි අච්චු පිළිබඳ තොරතුරු මෙන්ම ලිවීම සඳහා භාවිත කරන ලද තහඩු වැනි භාණ්ඩවල තොරතුරු රාශියක්ද මෙහිදී හමුවී ඇත. උතුරු ඉන්දියාව මෙන්ම මැදපෙරදිග රටවල් සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන යා හැකි මට්ටමේ ස්ථාවර ආර්ථික හා සමාජ පසුබිමක් පොළොන්නරුව තුළ පැවැති බව එයින් හඳුනාගත හැකිය.


පොළොන්නරුව යුගයේ පැවැති ආර්ථික රටාව මෙන්ම ගොඩනැගිලි නිර්මාණය ඉසුරුමත් තාක්ෂණ භාවිතයන්, කැටයම් හා අනෙකුත් කලාශිල්ප සඳහා දායකත්වය සපයන්නේ විජයබාහු, පරාක්‍රමබාහු වැනි රාජ්‍ය පාලකයන් යැයි ඉතිහාසයේ නිතර කියැවේ. නමුත් මෙම පර්යේෂණවලට අනුව රාජකීය අනුග්‍රහයකින් තොරව ඉහළ ආර්ථික සමාජ මට්ටමක් පවත්වාගැනීමට එවක පොළොන්නරුවේ වාසය කළ අය සමත්ව ඇතිය යන්න මෙහිදී හඳුනාගත හැකි තවත් සාක්ෂියකි. පොළොන්නරුවේ එවක පැවැති ආර්ථික ප්‍රවාහය දැවැන්ත සමාජ පසුබිම නිර්මාණ ශිල්පීය දක්ෂතා කොතෙක්ද යන්න පිළිබඳ පස් අවුරුදු පර්යේෂණයේ දී තව දුරටත් හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා එංගලන්තයේ ඩැරම් විශ්වවිද්‍යාලයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහභාගීත්වය හිමිවේ. තුන්වැනි අදියරේ පර්යේෂණවලදී පොළොන්නරුව ඇතුළු නගරයේ ස්ථාන කිහිපයක් තෝරාගෙන ඇත. මෙතෙක් කරන ලද පර්යේෂණවලදී නව පුරා විද්‍යාත්මක ස්ථාන එකසිය පනහක් පමණ වාර්තා කොට ඇත.

 

20-Page-12-S2-3

20-Page-12-S2-2

 


මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇති පොළොන්නරුව පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය මගින් අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප්‍රජාවට හා අනෙකුත් පර්යේෂකයන් ඇතුළු බොහෝ පිරිසකට පුරා විද්‍යාත්මක දැනුම ලබාදීමට හැකිවී ඇත. ව්‍යාපෘතිය ඔස්සේ සංචාරක කර්මාන්ත සඳහා අත්වැලක් සැපයීම පුරාවිද්‍යා සමීක්ෂණ ආදිය සඳහා පර්යේෂකයන් පෙළඹවීම ව්‍යාපාතියේ වක්‍ර අරමුණ වේ.


ලිඛිත ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුර යුගයට අයත් කාලසීමාවේ පොළොන්නරුවේද ස්ථාවර සමාජ ආර්ථික පරිසරයක් පැවැතීම පිළිබඳව සොයා ගන්නා ලද සාක්ෂි සාධක බොහෝමයක් පිළිබඳව විද්‍යාත්මක කරුණු සමීක්ෂණය අඟුරු නියැදි පර්යේෂණය, පස් නියැදි පර්යේෂණය ආදිය සඳහා බි්‍රතාන්‍යයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලය වෙත එම සාම්පල් මේ වනවිට භාරදී තිබේ.


ඉදිරි වසර තුනක කාල සීමාව තුළ පොළොන්නරුව ඉතිහාසය පිළිබඳව පුළුල් පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල අපේක්ෂාවෙන් සිටියි.

m



අදහස් (0)

පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණියි

රත්න Tuesday, 23 August 2016 06:43 PM

පර්යේෂණ කණ්ඩායමට තුති පුදමි.(රේ)

:       0       17

සුමේධ Tuesday, 23 August 2016 08:42 PM

මෙවන් තොරතුරු අපිට දැනගන්න ලැබීමත් සතුටක්. (නි)

:       0       0

අමිත පෙරේරා Wednesday, 24 August 2016 01:42 AM

අප ඉගෙනගෙන ඇති, පොත්පත් කියවීමෙන් ලබාගෙන ඇති දැනුමට වඩා දීර්ඝ ඉතිහාසයක් අප මව්බිමට උරුම බව අනුමානයෙන් තොර, වැළලී ඇති සාක්ෂි එළිදරව්වීමෙන් සැකයකින් තොරව පිළිගත හැකිව ඇත. මතු පරපුර පැහැදිලි නිවැරදි ඉතිහාසයක උරුමකරුවන් වනු ඇත. (නි)

:       0       0

සුබසිංහ Thursday, 25 August 2016 01:36 PM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 25 August 2016 08:37 PM

ලංකාවේ ඉතිහාස විෂය පාසල් වල නැවත උගන්වන්න පටන්ගත යුතුයි (නි)

:       0       0

ඩබ්.ජි.ඒ.ජයන්ති Wednesday, 07 September 2016 06:23 AM

ලංකා ඉතිහාසය නව මුහුණුවරකින් දැකිමට මාර්ග විවවර වීමකි. ඉතිහාසය වූ කලී අතීත සිද්ධිආවලියකි. එය ඕනෑම විටෙක සාක්ෂි මත පදනම්ව වෙනස් ලෙසකින් දැකිය හැකියි. ශ්‍රී ලංකාව වුකලී අති විශිෂ්ඨ වූ ඉතිහිසයකට උරුම කමි ඇතිරටකි. රටේ අභිමානය ඒ තුළින් තහවුරුවේ. (බ)

:       0       1

ශෂිකා Wednesday, 21 September 2016 03:22 PM

මහාචාර්ය තුමාට ක්‍රිස්තු පූර්ව..ක්‍රිස්තු වර්ෂ පටලවිලා වගේ නේද. (අ)

:       0       0

කමනි Thursday, 22 September 2016 09:01 AM

සන්හිදියාවට රිදෙන්නේ නැතුව කොහේ හැරුවත් කමක් නැහැ.(හේ)

:       0       1

දිලිනි Wednesday, 05 October 2016 06:34 AM

තමුන්ගේ ඉතිහාසය දරුවන්ට කියා නොදෙන එකම රට ලජ්ජාවට කරුණක්. අනවශ්‍ය ප්‍රශ්න සැබැ ඉතිහාසය නොදන්නාකම. ඕක තමා අපිට හැම එකාම පහරන්නේ..බොහොම පොඩි ඉතිහාසයක් තියෙන එක්තරා සංවර්ධිත රටක එම රටේ ඉතිහාසය හොඳින් හැදෑරුවේ නැත්නම් සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලැබෙන්නේ නැත. (බ)

:       0       35

විපුල Wednesday, 12 October 2016 08:29 AM

දැන් පාසල් යන ළමයින්ගේ ඉතිහාස පොතේ තියෙන්නේ ලෝක ඉතිහාසය.ළමයි හිතන්නේ අපිට ඉතිහාසයක් නැහැ කියල. අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන රටක අලුත හැදෙන ළමයට එම ලිඛිත ඉතිහාසය උගන්වන්න තරම් අපි භය වෙලා . (බ)

:       0       1

අනුල Sunday, 13 November 2016 12:17 PM

ඉතාම හොඳ ලිපියක් (නි)

:       4       15

සත්‍යයා Wednesday, 21 December 2016 10:51 PM

පොළොන්නරුව ප්‍රධාන වශයෙන් ඉතිහාසයට එක්වන්නේ චෝල ආක්‍රමණ වලින් පසුවයි. මේ කියන පොළොන්නරු ඉතිහාසය අනුරාධපුර ඉතිහාසයට කලින් සිට පැවතියේ නම් එය අනුරාධපුර යුගයටත් වඩා පැරණි හා දියුණු ශිෂ්ඨාචාරයක් වගේම පැරණි වංශ කතාවලට එක්විය යුතුමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site