X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


පොළොන්නරු ගොවීන්ගේ ඡන්දය ජනපතිටද? මෛත‍්‍රීටද?

  Mahinda-&-SIRISENA_P26

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ දැවෙන ප‍්‍රශ්න ගොඩක් තිබුණු බව අපි දිගින් දිගටම ලිය ලියා අවධාරණය කළෙමු. නමුත් ඒ කිසිම ප‍්‍රශ්නයකට උත්තර ලැබුණු බවක් පැහැදිලි වශයෙන් අප නොදුටුවත්, සොයා බැලීම් සිදුවූ බව දැනගන්නට ලැබුණි. රජරටට අයත් පොලොන්නරුවේ මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයා රජයෙන් ඉවත් වූයේ එවැනි තත්ත්වයක් රටේ තිබිය දී ය. කෙසේ වෙතත් පොලොන්නරුවේ වී මෝල් හිමියන්, ගොවීන් හා ජනතාව කියන හැටියට 2010 වසරෙන් පසු පොලොන්නරුවේ අභාග්‍යසම්පන්න යුගයක් තිබුණු බව පැහැදිලිය. එයට උදාහරණද ඔවුහු සපයති.


පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානතම ආදායම් මාර්ගය වී ගොවිතැනයි. එනම් කෘෂිකර්මාන්තයයි. ලංකාවටම සහල් බෙදන ප‍්‍රධාන මධ්‍යස්ථානයද පොලොන්නරුවයි. එසේ ගත් විට ප‍්‍රශ්නය දෙස සරලව බලමු. කෘෂිකර්මාන්තය හා වාරිමාර්ග පද්ධති සහිත රජරටට පළාතේ පරිසරයන් පිළිබඳ අවබෝධය ඇති විෂය භාර ඇමතිවරුන් අවසන් වසර කීපය අතර සිටියාද? වත්මන් කෘෂිකර්ම ඇමැති කවුද? වාරිකර්මාන්ත ඇමැති කවුද? ජලසම්පාදන ඇමැති කවුද? වෙළඳ පාරිභෝගික ඇමති කවුද? මේ අය රජරට ගැන සෙව්වේ මොනවාද? රජරටට කළේ මොනවාද? එහි ජනතාව නගන බරපතළ ප‍්‍රශ්නයකි. මෙකී ඇමැතිවරුන් රජරටට බොහෝ දේ නොකළා යැයි අපි නොකියමු. නමුත් මේ ඇමතිවරු රජරට ගැන විශාල දැනුමැති රජරට පදිංචිකාරයෝ නොවෙති.
රජරට කෙනකුට කෘෂිකර්ම හෝ වාරිමාර්ග ඇමතිකම ලැබුණා නම් එකී විෂය වඩා සර්ව සම්පූර්ණ වීමට ඉඩ තිබුණු බව ගොවීහු කියති.

6


2010 පසු පොලොන්නරුවේ පැවැති සරුසාර යුගයක් විනාශ වී ගිය බව කියැවේ. මෙහි වරද ඇත්තේ විෂය භාර ඇමතිවරුන්ටත් වඩා පහළ නිලධාරීන් පිරිසක් ළඟය. පොලොන්නරුවේ වී මෝල් 500 කින් 400 ක් වැසී ඇති බව පසුගිය කාලයේ ආරංචි විය. ඒවා වැසී ගියේ 2010 වර්ෂයට පසුය. දැන් මේ වී මෝල් සියල්ල යකඩවලට විකිණෙමින් පවතී. වීමෝල් හිමියෝ කීපදෙනෙක් ණය ගෙවා ගත නොහැකිව වස පානය කර සියදිවි නසා ගත්හ. මෙය කාලයක් තිස්සේ පොලොන්නරුවට තිබුණු බරපතළ ප‍්‍රශ්නයකි. මේ අතර තවත් ප‍්‍රශ්න ගොඩක් මෙතැන හිරවී තිබේ. ජනාධිපතිවරයාද ඉකුත්දා කීවේ පොලොන්නරුවේ තිබූ රජයේ වීමෝලක් විකිණීම සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බවය. එය කළේ දේශපාලකයන්ගේ වුවමනාවට බව ද ජනපති කීය.


පොලොන්නරුවේ මහ කන්නයේ ගොවිතැන සඳහා ජලය සීයට අසූවක් වැස්සෙනි. ඉතිරි සීයට විස්ස වැව් දියෙනි. නමුත් යල කන්නය සීයට සීයක්ම වැව් ජලයෙන් ගොවිතැන් කෙරේ. මහ කන්නය නිමා වෙන විට මහනුවර, මාතලේ ආදී ප‍්‍රදේශවලට වසින වැසි ජලය පොල්ගොල්ල හරහා උකුවෙලට පැමිණ මහවැලි ජලය ලෙස ලබාගෙන අඹන්ගඟින් හා අංගම්මැඩිල්ලෙන් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ වැව් පුරවා ගනු ලැබේ. වැසි ජලය නියමිත දින වකවානුවලටම පුරවා ගත යුතුය. එයට හේතුව වැසි ජලය අපට  ඕනෑ කරන අවස්ථාවට ලැබෙන්නේ නැතිවීමය.
පොලොන්නරුවේ ක‍්‍රමය දන්නා පෙර නිලධාරීන් නියම දින වකවානුවලට වැව් ජලයෙන් පුරවා ගන්නට අමතක නොකළහ. නමුත් වසර කීපයක සිට පොලොන්නරුවේ සිටින අලූත් නිලධාරීන් පොලොන්නරුවේ පාරිසරික ස්වභාවය හඳුනාගෙන නැති බව ගොවීහු පවසති.


එයට හේතුව විෂය භාර ඇමතිවරුන්ගේ ගෝල බාලයන් සියල්ලෝම පොලොන්නරුවේ ගොවිතැන ගැන අල්පමාත‍්‍රයකුදු නොදැන සිටීමය.


එබැවින් පසුගිය වසර කීපය තිස්සේම කෘෂිකර්මාන්තය සම්බන්ධව පොලොන්නරුවේ කටයුතු සිදුවුණේ නිලධාරීන්ගේ හිතුමතයටය. ඇළ හදන කොන්ත‍්‍රාත් කොයි ආකාරයට සිදුවුණිද යන්න නැවත සිතා බැලිය යුතුය.


වැව් පිරවිය යුතු කාලයේ ඇළ, වැව් ප‍්‍රතිසංස්කරණය කරන්නට යාම නිසා පසුගිය කාලයේ ගොවිතැනට ජලය නොමැතිව අර්බුද රාශියක් පැන නැගිනි. විශේෂයෙන් වැව් ජලය අවශ්‍ය මොහොතේ නොතිබීමෙන් එහි බලපෑම ඊළඟ කන්නයට එල්ල වේ. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ යල කන්නය පවතින්නේ දැඩි වියළි සුළඟක් සමගය. එයින් පොළොව වේළී යන නිසා වැව් දිය යල කන්නයට සම්පූර්ණයෙන්ම අවශ්‍ය වේ.

zxhxh


පොළොව වේළීමට ප‍්‍රථම අපේ‍්‍රල් 20 මැයි 05 අතර කාලයේ පොලොන්නරුවේ වැව් පුරවා නොතිබුණොත් වී ගොවිතැන ගැන සිතීම උගහටය. මේ තත්ත්වය තේරුම් ගත හැකි නිලධාරීහු 2010 ට පෙර පොලොන්නරුවේ සිටියහ. ඉන්පසු මේ න්‍යාය පිළිබඳ දැනුමක් නැති විෂය නිලධාරීන් පොලොන්නරුවේ වැඩ පටන් ගත්හ.


ගිරිතලේ සොරොව්ව ප‍්‍රතිසංස්කරණය මෙයට හොඳ උදාහරණයකි. වැව් පිරවිය යුතු කාලයේ වැව හිස් කර ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම නිසා ඊළඟ කන්නය ගොවියාට අහිමි විය. ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය ආදී වැව්වලට ජලය එන ප‍්‍රධාන ඇළේ ප‍්‍රතිසංස්කරණය ආරම්භ කෙරුනේද වතුර රැගෙන එන කාලයේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ අඹගස්වැව, මීගස්වැව, මැදිරිගිරිය වැනි ප‍්‍රදේශ ජලය නැතිව සම්පූර්ණයෙන් විනාශවී ගියේය. ඞී.ඇස්. සේනානායක සමයෙන් පසු සිටවූ පොල් ගස් පවා මේ ජල හිඟය නිසා විනාශයට පත්විය. ගව පට්ටි පිටින් මරණයට පත්විය. අවුරුදු 40 ක් තිස්සේ පොලොන්නරුවට ආවේණික ක‍්‍රමය පසුගිය සිවු වසර තුළ වෙනස් කිරීම මෙයට හේතු විය.


කවුඩුල්ල වැවට ජලය නොපිරවීම නිසා මිනිසුන්ට කන්නට තිබුණු පොල් ගහ පවා මැරී ගිය බව කියැවේ. මේ සියලූ ප‍්‍රශ්න යම් ආකාරයකට මැඩපවත්වා ගන්නට විසඳුමක් තිබුණා නම් එකක්, මොරගහකන්ද ජලාශය ගොඩනැගීමයි. එය අද හෙටම කරන ආකාරයට ”කටවුට් දඹුල්ල, සීගිරියේ සිට ප‍්‍රදර්ශනය කෙරුණත් එයට සිදුවූයේ කවරක්ද යන්න තවමත් මිනිස්සු හරිහැටි නොදනිති. නමුත් ඔවුන් දුටු දෙය හැටියට කෝටි ගාණක් ප‍්‍රදර්ශන පුවරුවලට වියදම් කළ බව කියති.


මොරගහකන්ද ජලාශය ගොඩනැගුවා නම් පොලොන්නරුවේ යල මහ කන්න දෙක ගොඩ දාගෙන සෞභාග්‍යමත් තත්ත්වයක් උදාකරන්නට තිබුණු බව කියැවේ.


එහෙත් පසුගිය කාලයේ පොලොන්නරුවේ යල කන්නය කර ගන්නට කන්තලේ ජලය නැති විය. මින්නේරියේ ජලය නැතිවිය. අඹගස්වැව ජලය නැති විය. කවුඩුල්ල ජලය නැති විය. එබැවින් පසුගිය කාල සීමාවේ නිලධාරීන්ගේ අදූරදර්ශී හා ප‍්‍රාදේශීය ක‍්‍රමවේදය පිළිබඳ අල්පමාත‍්‍ර දැනුමක් නොමැති නිසා සහ ජල කළමනාකරණය නිසි පරිදි සිදු නොවූ නිසා මහා පරිමාණ ඛේදවාචකයකට ගොවීන්ට හා පොලොන්නරුවේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය. මෙම කාලය පොලොන්නරුවේ ජනතාවගෙන් ”පළිගැනීමක් දෝයි ඔවුහු ප‍්‍රශ්න කරති. සෑම වැවකින්ම යාන්තමට ජලය නිකුත් කිරීම නිසා අක්කර හතරක් වගා කළ ගොවීන්ට අක්කරයකින් දෙකකින් වැඬේ හමාර කරන්නට සිදුවිය. ගොවියාගේ එකම ආදායම වී ගොවිතැනයි. මේ ජල ප‍්‍රශ්නය නිසා දැඩි ආර්ථික දුෂ්කරතාවට ගොවීහු මුහුණ දුන්හ. වැව් ප‍්‍රතිසංස්කරණය කළ යුතු, නොකළ යුතු කාලයවත් මේ නිලධාරීන් නොදන්නා බවට දැඩි විවේචනයක් දැන් එල්ල වේ.


බීජ වී පිළිබඳ දැවැන්ත ගැටලූවක් ද තිබේ. නිවෙසකට යොදන අත්තිවාරම යම් සේ ද කුඹුරකට මුලින් යොදන බිත්තර වී ද එතරම් ප‍්‍රබල විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බිත්තර වී ලේබලය ගත් පුද්ගලික ආයතන කීපයක් ‘වෙළඳ වී’ නමැති දුර්වල වී වර්ගයක් ලංකාව පුරා ගොස් ලබාගෙන ඩ‍්‍රයර් මැෂින්වල දමා වේලා බිත්තර වී ලෙස ගොවීන්ට ලබා දීම කෙරිණි.


බිත්තර වී කුඹුරට එළන ක‍්‍රමයක්, ගොයම රකින විදිහක්, කපන සහ ගබඩා කරන විදියක් තිබේ. නමුත් ‘වෙළඳ වී’ යැයි කියන වී වර්ගයක් බිත්තර වී ලෙස දීම පොලොන්නරුවට බලපෑ තවත් දරුණු ඛේදවාචකයකි. ඒ අනුව ජල කළමනාකරණයේ දුප්පත්කම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මනා අතපෙවීමක් නොවී පුද්ගලික ආයතන හිතුමතේ වැඩකිරීම අතිශය බැ?රුම් තත්ත්වයකි.


පොහොර පිළිබඳ ගැටලූවක්ද මේ අතර සාකච්ඡාවේ.


ගොවීන් කියන පරිදි හොඳ පොහොර වර්ග පොළොවට ලැබුණු විට එය පොළොවට හොඳින් උරා ගැනීමක් සිද්ධ වේ. පොහොර සහනාධාරයට පිටින් වෙළෙඳපොළ පවතින බොහෝ පොහොර වර්ග ගොවිතැනට නුසුදුසු බව පැවසේ. ලෝකයේ පිළිගත් පොහොර සපයන ආයතනවලට පිටින් පොහොර ගෙන්වීමක් ඇතැම් නිලධාරීහු කරගෙන යමින් සිටිති. තායිලන්තය, වියට්නාමය වැනි රටවලින් ප‍්‍රමිතියෙන් දුර්වලයැයි හරවා එවන පොහොර නැව් ලංකාවේ සමහර නිලධාරීන් මැදිහත් වී කොමිස් මුදලට රටට ගෙන්වා ගැනීමේ ‘පාපය ද’ පොලොන්නරුවේ මිනිසුන්ට විඳින්නට සිදුවිය.


ගල්රෝල්වලින් තලා ප‍්‍රමිතියෙන් දුර්වලව පොහොර ලබා දීම නිසා පොළොව නිසරු වී ගිය බවද පැවසේ. විශාල මුදලක් ගෙවා මිලට ගන්නා පොහොරවලින් පවා අවසානයේ බැටකෑවේ ගොවිජනතාවයි. විෂය භාර ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ කටයුතු නිසා මේ වන විට පොලොන්නරුවේද ගොවීහු ට‍්‍රැක්ටර්, කෘෂි ආම්පන්න විකුණමින්, රන් භාණ්ඩ උකස් කරමින් ජීවත් වීමට අරඅඳින අසරණභාවයට වැටී ඇත.


වී මිටියක් සහල් කර ගෝනියකට පටවා ජනතාව අතරට එවන්නට තරම් වී මෝලක් රජයට තිබෙනවා ද යන්න තවත් ගැටලූවකි. කෘෂිකර්මයට කවර දේ කරනවා කීවත් රජයට අයත් වී මෝල් කීයක් ඇතිද යන්න ගොවීහු ප‍්‍රශ්න කරති.  


මේ හේතුව නිසා ගොවියා දෙන වී මිලට ගන්නේ පෞද්ගලික ආයතන කීපයකි. ඒ අය තමන්ගේ අභිමතය පරිදි රටේ වී මිල, සහල් මිල පාලනය කරති. රජය සතු වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී තිබේද? වී මිලට ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැත. වී ගබඩා හිස්ව ගොස් තිබේ.


රටේ වී ගොවිතැන කරන්නට  ඕනෑවටත් වඩා පරිසරය තියෙද්දී මේ වන විට පිටරටින් සහල් ගෙන්වා ගබඩා පුරවා ගෙන තිබේ. පිටස්තර රටවලින් හාල් ගෙනැවිත් වී ගබඩා සහල්වලින් පුරවා තිබේ. නිකවැරටිය, වේයන්ගොඩ වී ගබඩා පිටරට සහල්වලින් පුරවා තිබේ.  


මේ තත්ත්වය නිසා පොලොන්නරුවේ ගොයම් කැපෙන කාලය වන විට පිටරට සහල්වලින් ගබඩා පීරී තිබේ. දැනට පවතින රට සහල් සමඟ ගොවීන්ගේ වී ටික ගන්නේ කෙසේදැයි ගොවීන්ද ඉදිරි අනාගතය දෙස අවිනිශ්චිතව දකිමින් සිටී. රට හාල් වෙළෙඳපොළ ඇතිවිට දේශිය සහල් වෙළෙඳපොළට දෙන්නේ කෙසේදැයි මෝල් හිමියෝද කුහුලක පසුවෙති.


එකම දේ රජයේ විෂය භාර ආයතන මත කළමනාකරණය දුර්වල වීම බව ගොවීහු, වී මෝල් හිමියෝ කියති.


ඞී.ඇස්. සේනානායක අගමැති කාලයෙන් පසු පොලොන්නරුවේ පරම්පරා පිටින් වී ගොවිතැනට නැඹුරු වූවෝ ජීවත් වෙති. කුඹුරු හිමිකරුවන්, ගොවීන්, කුඹුරුවල වැඩකරන අය, වීමෝල් හිමියන්, එහි සේවකයන්, තවත් වී ගොවිතැන ආශ‍්‍රිත වක‍්‍ර රැුකියා කරන්නන් පොළොන්නරු දිස්ත‍්‍රික්කය පුරා පැතිර සිටී.
එම කෘෂිකාර්මික ජනතාව වසර කීපයක සිට බරපතළ අර්බුදයකින් අනාථ වී සිටිති. කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන එකිනෙකට බෝල පාස් කර ගනිමින් ජනතාව හා සෙල්ලම් කරන අතර, පොලොන්නරුවේ මිනිස්සු දැඩි සේ තැළෙමින් පෙළෙමින් සිටින බව අපට දැනගන්නට ලැබේ. කොමිස් කුට්ටිවලට වැඩකිරීම, විෂය නොදන්නාකම, පොලොන්නරුවේ පාරිසරික තත්ත්වය නොවැටහීම, ගොවීන්ගේ හා මෝල් හිමියන්ගේ ප‍්‍රශ්න නොදැනීම, ඇළවේලි ප‍්‍රතිසංස්කරණ කළ යුතු කාලය නොදැනීම ආදී ප‍්‍රශ්න සමුදායක් මේ මොහොතේත් පොලොන්නරුවේ ඔඩු දුවමින් තිබේ.


m



අදහස් (0)

පොළොන්නරු ගොවීන්ගේ ඡන්දය ජනපතිටද? මෛත‍්‍රීටද?

කේ. සිරි Monday, 01 December 2014 03:44 PM

ජාතියට ද්‍රෝහී කම් කරන අය අපාගත වෙනවා මයි. "කරන කලට පවු මිහිරිය මී සේ. විඳින කලට දුක් වැඩිවේ ගිනි සේ" (අ)

:       0       0

වික්ටර් Monday, 01 December 2014 03:56 PM

ලිපියේ විස්තර ගොඩක් තිබුනත් මාතෘකාවෙන් අහන ප්‍රශ්නයට අදාළ මොනවත් කියල නැහැනේ? (අ)

:       0       0

පබා Tuesday, 02 December 2014 04:24 AM

අනිවාර්යයෙන්ම ඡන්දෙ නම් මෛත්‍රීටම තමයි. (නදී)

:       0       0

රනිල් ප්‍රියංකා Tuesday, 02 December 2014 06:47 AM

මේගොල්ලෝ කරපු වැඩේ අපි නොදන්නවා නෙමෙයි. මොකද පක්ෂයේ ඊලගට ඉහළට ඉන්න දෙන්නා තමයි මෛත්‍රීපාල සහ නිමල් සිරිපාල. ඒ දෙන්නා කොටවලා දෙන්නට දෙන්නා මඩගහගන්න දෙන්නගේ අමාත්‍යංශ මාරු කළා. නමුත් දෙන්නම බුද්ධිමත් නිසා එහෙම උනේ නැහැ. එහෙම කළේ මේ දෙන්නව විනාශ කරලා එයාලගේ අයව මුලට ගේන්න. (නදී)

:       0       0

සරත් පියසේන Tuesday, 02 December 2014 08:23 AM

පක්ෂයක ජ්‍යෙෂ්ඨ කම අනුව ඉදිරියට යනකොට ප්‍රශ්ණ ඇතිවෙනවා. හැම කෙනෙක්ම නායකයා වෙන්න බලනවා. එදා ලලිත්, ගාමිණීට උනා වගේ. නමුත් වෙනම පක්ෂ හදල බලය ගන්න ගිහිල්ල අද සමහර පක්ෂත් අවසන් නායකයොත් අවසන් වෙලා. මේවා ආදර්ශයට ගන්න ඕනා. නමුත් එදා වැරදුන දේම අදත් කරනවා ප්‍රතිපලය එකයි (නදී)

:       0       0

සරත් පියසේන Tuesday, 02 December 2014 08:28 AM

පොළොන්නරුවේ මිනිස්සු කොටි නිසා දුක් විඳපු හැටි මතක නම් බත් පිඟාන වෙනුවට ජීවිතය වටිනවා නම් මහින්ද රාජපක්ෂ කරපු මෙහෙවර අමතක නැහැ (නදී)

:       0       0

අසංග Tuesday, 02 December 2014 01:44 PM

සරත් පියසේන, සදහන් කරලා තියනවා වගේ පොළොන්නරුවේ මිනිසුන් යුද වකවානුවේ ජීවිතයත් මරණයත් අතර සටනක් ගෙනිච්චේ. ඔය සියලු දෙනාම අද ජිවතුන් අතර සිටින්නේ අපේ ගරු ජනාදිපති තුමා නිසා කියන එක අමතක කරන්න එපා. කලගුණ සලකලා නැවතත් අපේ ගරු මහින්ද ජනාදිපති තුමාවම පත් කරන්න.(නදී)

:       0       0

පියසේන Tuesday, 02 December 2014 03:21 PM

සරත් පියසේන ඔබ දන්න දෙයක්. (ස)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 03:30 PM

යුද්දේ දිනන්න දායක උන පලියට රට විනාස කරන්න කාටවත් ලයිෂන් දෙන්න බැහැ! (ස)

:       0       0

චානා Wednesday, 03 December 2014 07:48 AM

ඉතා වැදගත් ලිපියකි. බුද්ධිමත් රටවැසියන් තමන්ගේ ඡන්දය සුදුසු පුද්ගලයාට ලබාදෙන බව නියතයි. (නි)

:       0       0

වසන්ත Thursday, 04 December 2014 07:12 AM

එක බලමු 8 වැනිදාට.(හේ)

:       0       0

උෂාන් Thursday, 04 December 2014 11:35 PM

කීප දෙනෙක් විතරයි මහින්ද පරදිනවට කැමති. ඒත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. මහින්ද කියන්නේ රටට ආදරය කරන මනුස්සයෙක්. අපි ඉන්නකම් ඔහුට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නැහැ (නි)

:       0       0

හරිත Friday, 05 December 2014 09:16 AM

ඒක දැන්ම කියන්න බෑ.(හේ)

:       0       0

ජගත් Friday, 05 December 2014 10:56 AM

ඒ පැත්තේ ඉන්න මෛත්‍රීපාල මහතාට ඡන්දය දෙයි කියලා හිතනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site