තාපස්පරගේ හසිත මුහන්දිරම් මහතා සබරගමුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඉදිරි පෙළේ මන්තී‍්‍රවරයෙකි. පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාය. කලවාන මැතිවරණ කොට්ඨාසයේ එජාප ප‍්‍රධාන සංවිධායකවරයා ලෙසද මරණීය දඬුවම නියමවනතුරු ඔහු කටයුතු කළේය. දැනට මාස තුනක පමණ සිට හසිත මුහන්දිරම් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් තිබූ පුද්ගල ඝාතන නඩුවක ප‍්‍රධාන විත්තිකරු ඔහු විය. මහාධිකරණ විනිසුරුවරයාගේ නියමයෙන් හසිත මුහන්දිරම් රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව විභාග කිරීමට නියම විය. 2004 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයකට යටකර බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහක් සම්බන්ධව හසිත මුහන්දිරම්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණ,
කලවාන මානානේ පදිංචි මුහන්දිරම්ගේ අමරසේන සහ ආරියසිංහ මුදියන්සේලාගේ කමල් පුෂ්පකුමාර යන දෙදෙනා වාහනයකට යටකර ඝාතනය කළේ යැයි චෝදනාවට හසිත මුහන්දිරම් වරදකරු බව තීරණය කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණීය දඬුවම නියම කළේය. වාහනයට යටවී මියගිය මුහන්දිරම්ගේ අමරසේන යන අය වරදකරු වූ හසිත මුහන්දිරම්ගේ ඥාතියෙකි. ඥාතිකමට මාමා කෙනෙකි. පෞද්ගලික ප‍්‍රශ්නයක් දුර දිග යාමෙන් ඔවුන් අතර ආරවුලක් පැවැති බව පරීක්ෂණවලදී හෙළිවිය.
එම සිදුවීම වනවිට හසිත මුහන්දිරම් කලවාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකි.
හසිත මුහන්දිරම් හෙවත් සර්පයාට එරෙහිව සබරගමු පළාතේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙකු වූ රංජිත් නන්දසේන මහතා ඝාතනය කිරීම ගැනද චෝදනා එල්ලවී තිබිණ. එම නඩුවෙන් ඔහු නිදහස් විය. ඉන්පසු මහා මැතිවරණ අවස්ථාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකු වූ ලංගම සේවකයකු සහ තවත් අයකුට කලවාන නගරයේදී පහරදී ඝාතනය කළේ යැයි චෝදනා මත තවත් නඩුවක් විභාග වෙමින් තිබේ.
හසිත මුහන්දිරම් පසුගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදීය. ඔහු එවර එජාපක්ෂයේ වැඩිම මනාප ඡුන්ද සංඛ්‍යාව ලබමින් ජයග‍්‍රහණය කළේය. මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දුන්නේද රක්ෂිත බන්ධනාගාරයේ සිට පැමිණය.
”ඔහු සර්පයා නොව මිනිසාය” යන්න හසිත මුහන්දිරම්ගේ මැතිවරණ ප‍්‍රචාරක පාඨය විය. හසිත මුහන්දිරම්ට සර්පයා යන අනවර්ථ නාමයට හේතුව වෙනස් කතාවකි.
කොළඹ ප‍්‍රධාන පෙළේ විදුහලකින් අධ්‍යාපනය ලද හසිත මුහන්දිරම් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. සිංහරාජය පාමුල ගමක ඉපදීමත් ජීව විද්‍යාව හැදෑරීමත් නිසා හසිත මුහන්දිරම් තරුණ කාලයේදී සර්පයින් ගැන හදාරණ ගවේෂණය කරන්නෙක් විය. ඔහු විනෝදාංශයට සර්පයින් ඇති දැඩි කළේය. ඉන්දුනීසියාවට ගොස් සර්ප විද්‍යාව ගැන වැඩිදුර හැදෑරීමක්ද කළ බව ඔහු වරෙක අප සමග කීවේය.
හසිත මුහන්දිරම් යන නමට වඩා සර්පයා යන නාමය ප‍්‍රසිද්ධ වූයේ ඔහු දේශපාලනයට පැමිණීමත් සමගය. ඔහුගේ හැසිරීම් හා කි‍්‍රයා කලාපයන්ද සර්පයා යන නම වඩාත් ප‍්‍රචලිත වීමට හේතුවක් වූවා නිසැකය.
කුමන අභියෝග බාධක පැමිණියද දේශපාලනයේදී හසිත මුහන්දිරම් පසුපසට නොගිය අයෙකු බව බොහෝ අයගේ අදහසයි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ බොහෝ තැන්වල විපක්ෂයේ කොඩියක් හෝ නොමැති මැතිවරණයකදී කලවානේ තම ව්‍යාපාරික ස්ථානය අසල සැරසිලි කර ඒවා රැුක ගැනීමට හසිත මුහන්දිරම් කටයුතු කළේය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සතියකට ඉහතදී කලවානේ එජාප කාර්යාලයක් විවෘත කර පොදු අපේක්ෂයාට සහාය පළ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණ. හසිතගේ ඥාති සහ හිතවත්තු එම කාර්යාලය විවෘත කළහ.
ප‍්‍රදේශයේ තරුණ කණ්ඩායම් අතර ජනපි‍්‍රයව සිටි මොහු ප‍්‍රතිපක්ෂය හැඳින්වූයේ මැරකම් සිදුකරන පුද්ගලයෙකු ලෙසිනි. හසිත මුහන්දිරම්ගේ කි‍්‍රයා කලාපයන් ගැන අපි නොකියන්නෙමු. මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු සිනහමුසුව බන්ධනාගාර රථයට ගොඩවූ ඔහු අත වනමින් පිටවී ගියේ සැහැල්ලූවෙනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෝරකයට නියම වූ කලවානේ දේශපාලකයා
සජිත් Wednesday, 17 December 2014 10:59 AM
මරාපු ගණන දස දෙනෙකුටනම් වැඩියි.එයාටම ගාන හරියට මතක නැතුව ඇති.මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවානම් බොහෝ දෙනෙකුට සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන්.(හේ)
සදුනි Thursday, 18 December 2014 02:34 AM
බලනකොට හැමෝම එකයි. එකම කාසියේ දෙපැත්ත වගෙයි (නි)
ටිකිරි Thursday, 18 December 2014 03:18 AM
ලංකාවේ ඡන්දදායකයන්ගේ මානසික මට්ටම ගැන කියනවා නම් ඔතරම් මිනීමැරුම් ගණනකට වගකිවයුතු කෙනෙකුට වැඩිම මනාප ගණනක් දුන්නනේ. ලංකාවේ දේශපාලකයන් අපරාධකාරයෝ කරන්නේ ජනතාවමයි. දේශපාලකයෝ කරන්නේ මහජනයා ඉල්ලන දේ දෙන එකයි. (නි)
චන්ද්‍රසිරි Thursday, 18 December 2014 10:42 AM
ටිකිරිගේ කතාව මමත් අනුමත කරනවා. (ර)
ශලනි Thursday, 18 December 2014 04:11 PM
මමත් ටිකිරිගේ කතාව අනුමත කරනවා (නි)
අබේ Friday, 19 December 2014 06:16 AM
මමත් එහෙමයි, ටිකිරි අපිට ,අපි ටිකිරිට.. ටිකිරි පොදු අපේක්ෂකයා කරමු...(බ)
රොහාන් Saturday, 20 December 2014 09:53 AM
මෙවන් අපරාධකරුවන් දේශපලනයෙන් සහ සමාජයෙන් පිට කර තැබිය ගොඩක් හොද දෙයක් පුදුමයි නම් මෙවැනි දරුණු අයෙක් වැඩිම මනාපයෙන් පත් වීම ගැන.(හේ)
කැලුම් Saturday, 20 December 2014 11:57 PM
අනේ! එයාව ඉක්මනින්ම එල්ලනවාද එතකොට? (නි)