X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


ප‍්‍රංශයේ සැරිසරන සිගිරි බළකොටුව

පස්වන සියවසේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූ කාශ්‍යප රජුගේ රාජධානියවූ සීගිරිය බළකොටුව ලොව ප‍්‍රසිද්ධ ඉතා වටිනා පෞරාණික සිද්ධස්ථානයකි. මීටර 350ක් උසැති මහා ගල්පර්වතයක් මත ගොඩ නගා ඇති විස්මිත නිර්මානයත්, ගල් පර්වතයේ බඳවටා හැඩ කළ අජන්තා ගල් ලෙනේ උපත ලද සීගිරි රූ ළදුන් අද මුළු විශ්වයම පුදුමයට පත් කරවීමට සමත්වී ඇත්තේය.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය නොහොත් ජාත්‍යන්තර යුනේස්කෝ සංවිධානය අනුමත කල ලෝක උරුමයන් අතර ඇස් දෙක මෙන් රැකගත යුතු ලොව වටිනා පෞරාණික ස්ථාන අතරින් පෙරමුණේ සිටින ශ්‍රී ලංකාව සතු සීගිරි බලකොටුව පසුගියදා ප‍්‍රංශ තැපැල් ක්‍ෂේත‍්‍රයට මුද්දරයකින් ඇතුල් වුයේය.

 සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.

ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.

 බඩුමිල මෙන් සිගිරි මුද්දර මිලද ඉහල ගොස් ඇත්තේය. එම සීගිරිය මෙවර ප‍්‍රංශ මුද්දර පොලට තෝරා ගත්තේය.

 සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය  එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.

අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.

සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.

ඒ අතර තුර 1984 වසරේ නොවැම්බර් 26 වෙනිදා ඔහුගේ ප‍්‍රථම මුද්දර නිර්මාණය ප‍්‍රංශය එළිදැක්වීය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනුවෙන් එම මුද්දරය නිපැයූ ඔහු මේවන විට මුද්දර අටසියයක් පමණ ප‍්‍රංශය ඇතුලත් විදේශ රටවලද ඔහුගේ මුද්දර රාමු වලින් තැපැල් මළු මුද්දර කලාගාරයක් බවට පත්කර ඇත්තේය.

 මොසැබික් හා මැඩගස්කාර් රාජ්‍යයන් අතර ඉන්දියානු සාගරයේ පිහිටා ඇති වර්ග කි:මී: 376ක් විශාලැති මායෝට් ලෙස හදුන්වන ප‍්‍රංශයට අයත් සුන්දර දුපතේ මුද්දර හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස මෑතක් වනතුරු තම නිර්මාණ ලොවට බිහිකරමින් සැඳෑ සමයට පිය නගන ඔහු ; අද නිදහස් නිර්මාණ ශිල්පියෙක් ලෙස ලොවට මුද්දර නිර්මාණ බිහි කරමින් පැරීසියේ තම මුද්දර නිවසේ ජීවත් වන්නේය. මුද්දර ශිල්පයේ පියෙක් ලෙස හදුන්වන මුද්දර පියාගේ මෙවර බිහිවීම ශ්‍රී ලංකාව සතු සිගිරි බළකොටුව වුයේය.

ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.

පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.

 

 

 

 

 



අදහස් (0)

ප‍්‍රංශයේ සැරිසරන සිගිරි බළකොටුව

විජේ Thursday, 21 November 2013 12:34 PM

මේ කෝ අර මීට කලින් සීගිරියේ තිබිල හොයාගත්තු මැටි කලය. ඒකට මොකද උනේ ? ඒක ඇරලා බැලුවද ? (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 21 November 2013 05:48 PM

ස්තුතියි ලංකාදීප මේ වගේ අපිව දැනුවත් කරනවාට. (නි)

:       0       0

පාලි Thursday, 21 November 2013 05:49 PM

මගේ රටට දළදා හිමි සරණයි (නි)

:       0       0

ලක්ෂීත ප්‍රංශය Friday, 22 November 2013 01:05 AM

මට මාර චූන් හරිම සංතෝෂයි (ස)

:       0       0

ප්‍රදීප් කුමාර දිසානායක Friday, 22 November 2013 09:04 PM

ගොඩක් ස්තුති මේවගේ දේවල් පලකිරීම ගැන අපේ දේවල් වල අගය අපට නැතී හැටි ඊ අපටත් මෙවැනි දේවල් කරන්න බැරි (ස්තුතියි ලංකාදීප ) (ස)

:       0       0

කමල් Saturday, 23 November 2013 04:08 AM

සුභ පැතුම්! (නි)

:       0       0

සාගරිකා ප්‍රංශයේ සිට Saturday, 23 November 2013 05:59 AM

වසරකට වඩා වැඩිකලක් තිස්සේ වැර වෑයමෙන් මේ දේ සාර්ථක කරගන්නට මහන්සි වූ කිසාගෝතමී සරත්චන්ද්‍ර මහත්මියට ජාතියේ ප්‍රණාමය. හරවත් දෙයක් පළකරන ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

ධම්මක-කැන්ඩි Sunday, 24 November 2013 09:36 AM

බුදු සරණේ යන අපිට , සිංහල ජාතියට මහගු පිටුවහලකි .....'(නදී)

:       0       0

ශාම් Tuesday, 16 September 2014 04:07 PM

සිංහලයෙකු වීම මට මහත් ආඩම්බරයකි. . . . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site