X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


ප‍්‍රතිචක‍්‍රීයකරණ ඉල්ලුමට සැපයුමක් නැතිකමින් ගොඩගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය

භාවිතයෙන් පසුව ඉතිරි වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය එන්න එන්නම බැරෑරුම් වෙමින් තිබේ. එහෙත් විවිධ පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් තාවකාලික විකල්ප ඉදිරිපත් කරනවා විනා ස්ථිරසාර විසඳුමකට යාම මඟහරිමින් සිටින බව පෙනේ.

මේ සම්බන්ධයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේදී ක්ෂේත‍්‍රයේ සිටින වෙළෙඳ නාම හිමිකරුවන්ගේ හා නිෂ්පාදකයින් සම්බන්ධකරගත් කතිවකදී හෙළිදරව් වූයේ එහි වගකීම බාරගැනීමට ඔවුන් සූදානම් බවයි.

මෙම සාකච්ඡාවේදී මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය මෙම ගැටලූව විසඳීම සඳහා සියලූ දෙනාම එක්ව සාමූහික ක‍්‍රමවේදයක් ඔස්සේ ක‍්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළාය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේදී ක්ෂේත‍්‍රයේ සිටින වෙළෙඳ නාම හිමිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ කාර්යභාරයේ ඇති වැදගත්කම පිළිබඳව ද ඇය පෙන්වා දුන්නාය.

“ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය සඳහා දැනට ලෝකයේ භාවිතා කරන සංකල්පයක් වන දිගුකාලීන නිෂ්පාදක වගකීමේ (EPR) ක‍්‍රමවේදය හරහා කසළ කළමනාකරණ ගැටලූව විසඳීමේ වගකීම් අදාල නිෂ්පාදකයින් (සන්නාම හිමිකරුවන්, ඇසුරුම් සැපයුම්කරුවන් සහ අලෙවිකරුවන්) විසින් භාර ගනු ලබනවා. ඒ තූළින් මෙය සාර්ථක කරගත හැකි බව අප විශ්වාස කරනවා. මෙම ක‍්‍රමවේදය පිළිබඳව දැනට අප ලංකා වාණිජ මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන්ගේ මැදිහත් වීම ද සමඟින් මෙය ක‍්‍රියාත්මක කළ යුතු යැයි දැනට අදහස් කරගෙන සිටිනවා“ යනුවෙන් ඇය සඳහන් කළාය. 

බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණි. මෙයින් 10%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහාත්, 15%කට ආසන්න ප‍්‍රමාණයක් කොම්පෝස්ට් සෑදීම සඳහාත්, තවත් 75%ක් කසළ රැඳවුම් අංගනවලට යොමු කරන බවත් මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් පෙන්වා දුන්නේය.

මේ සාකච්ඡාවට එක් වූ Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා අදහස් දක්වමින් ‘‘අපගේ දැනට පවතින ප්ලාස්ටික් එකතු කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කළ යුතුයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ට ලැබෙන්නේ වෙළෙඳපොලේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් 20%ක් පමණයි. අපට තිබෙන ප‍්‍රධාන ගැටළුව වන්නේ අපගේ අවශ්‍යතාවයට සරිලන සැපයුමක් නොමැති වීමයි. අප රටක් ලෙස ආයතනයක් ලෙස සියලූ දෙනාම එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ශක්තිමත් යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීමට හැකි නම් ප්ලාස්ටික් ගැටළුවට සාර්ථක විසඳුමක් ලබා දිය හැකියි කියා මා විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

ඇසුරුම්කරණ ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූ මොඩර්න් පැක් ලංකා සමාගමේ ළහිරු විජේරත්න මහතා සඳහන් කර සිටියේ මහ නගර සභා හා පළාත් සභාවලට අවශ්‍ය ශක්තිමත් හා වඩාත් ප‍්‍රායෝගික කසළ කළමනාකරණ ප‍්‍රතිපත්ති පිළිබඳවය.

 ‘‘ඇත්තෙන්ම ප‍්‍රශ්නය ඇත්තේ පොලිතින් හා ප්ලාස්ටික්වල නොවේ. මිනිසුන් විසින් පොලිතින් හා ප්ලාස්ටික් වගකීමක් නොමැතිව භාවිතා කිරීම හා නිසි ලෙස කළමනාකරණය නොකිරීමයි. ඒ නිසා ප්ලාස්ටික් මේ වන විට ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.’’  යයි කී ඔහු ක‍්‍රමානුකූලව ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම තුළින් මෙරටට ප්ලාස්ටික් ආනයනය කිරීමට වැයවන වියදම අවම කරගැනීමට හැකි වනවා වගේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට හා වෙන්කිරීමට රජයට සහාය විය හැකියි යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නිවෙස් තුළින් කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත්කිරීම් ඉහළ නැංවීමත් වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින්ට දීමනාවක් ලබා දීම ආදිය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් විය.

චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය හිමේෂ් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේ කසළ බැහැර කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම හා අවබෝධයක් ලබා දීම තුළින් චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ඇති වන ගැටලූවලට ගත යුතු සාමූහික ක‍්‍රියාමාර්ග හා ඒ සඳහා පුද්ගලයින්, ව්‍යාපාරවල හා රජයේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරවමින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව අවසන් විය.

ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව AIESEC ශ්‍රී ලංකා සංවිධානය විසින් ‘ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක්’ යන මැයෙන් පසුගියදා ත්‍රෛභාෂා සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා, චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය හිමේෂ් ප‍්‍රනාන්දු මහතා සහ මොඩර්න් පැක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී, ළහිරු විජේරත්න මහතා යන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ  සහභාගී වූහ.

ඇඞ්වොකාටා ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, ධනනාත් ප‍්‍රනාන්දු මහතා විසින් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙය වන ලදී.

අන්තර්ජාලය ඔස්සේ පැවැති මෙම සම්මන්ත‍්‍රණයේදී දැක් වූ අදහස් පිළිබඳව දැන ගැනීම සඳහා AIESEC Sri Lanka ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.



අදහස් (0)

ප‍්‍රතිචක‍්‍රීයකරණ ඉල්ලුමට සැපයුමක් නැතිකමින් ගොඩගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site


A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 34 bytes failed with errno=28 No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 272

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/lib/php/sessions)

Filename: Unknown

Line Number: 0

Backtrace: