X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


බණ්ඩාරනායක ඝාතනයට හසුවූ සෝමාරාමගේ පන්සල සොයා ගිය ගමනක්

ඔය අපේ පන්සලේ හාමුදුරුවෝ නොවැ. කවදාවත් අපේ හාමුදුරුවො නම් ඔයවාගෙ වැඩක් කරන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි. කොළඹ අක්‍ෂි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සීටෝහාමි මාතාව කීවාය.

මේ කතාව ඇසූ සැණින් කෝපාවිෂ්ට වූ හෙදියෝ හා උපස්ථායකයෝ කළේ, ”ආ එහෙමද? උඹත් එහෙනං ඒ ගමේ කෙනෙක් නේද? උඹලට සලකන්න  ඕනෑ විදිය අපි දන්නව.” උඹ ඇඳක් උඩ තියන්න වටින්නෙ නෑ යි පවසා දිරාගිය පැදුරු කඩමාල්ලක් වාට්ටුවේ කෙළවරක දමා ඒ මතට සීටෝහාමි මාතාව ඇද දැමීමයි.

තල්දුවේ සෝමාරාම නම් භික්‍ෂුව ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ යැයි කියන පුවත ගැන එදා අක්‍ෂි රෝහලේ සේවය කරමින් සිටි හෙදියන් සහ උපස්ථායකයින් කරන ලද කතාබහ කන වැකුනු විට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සීටෝහාමි උපාසිකාව කළ ප‍්‍රකාශය හා ඊට එම පිරිස ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ඉහත හඳහන්වේ.

අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ කවරෙකු විසින්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මතභේදයන්ද පවතින අතරම එවකට සිටි ප‍්‍රකට දාමරිකයකු විසින් එය කළේ යැයි කුප‍්‍රකට මතයක් ද පවතී. කෙසේ වුවත් මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් හිමිවූයේ තල්¥වේ සෝමාරාම හා කැලණි රජමහා විහාරයේ එවකට සිටි අධිපති හිමියන්වන බුද්ධරක්ඛිත භික්‍ෂුවටය. ඉන් ප‍්‍රධාන විත්තිකරු වූයේ තල්¥වේ සෝමාරාම භික්‍ෂුව වන අතර ඔහුට මරණීය දණ්ඩනය හිමි විය.

අදින් වසර පනස් පහකට පමණ ඉහතදී සිදුවූ මේ සිද්ධියේ ප‍්‍රධාන විත්තිකරු වූ තල්දුවේ සෝමාරාම භික්‍ෂුව පිළිබඳව එදා සිටි අය පවසන්නේ කෙබඳු අයුරින්ද යන්න ගැනත්, සෝමාරාම භික්‍ෂුව විසූ තල්දුවේ සෝමාරාමය අද පවතින්නේ කෙබඳු තත්ත්වයකදැයි සොයා බැලීමත් පමණක් මෙම ලිපියේ අරමුණ වේ. සෝමාරාම භික්‍ෂුව නිදොස් අයකු හෝ වරදකාරයකු ලෙස තවදුරටත් තහවුරු කිරීමේ අදහසක් මේ ලිපියෙන් අපේක්‍ෂා නොකරන වග අවධාරණය කරමු.

 


සෝමාරාමයට කොළඹ සිට යා හැකි මාර්ගය වන්නේ අවිස්සාවේල්ලට ගොස් එතැන් සිට කෑගල්ල නැතිනම් යටියන්තොට මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගියවිට තල්දුව නගරය හමුවේ නගරයේ සිට දකුණතට දිවෙන අතුරු මාර්ගයකි. අතුරු මාර්ගය ආරම්භවන තැනම සෝමාරාමය යැයි නම සඳහන් පැරණි පන්නයේ කොන්ක‍්‍රීට් නාම පුවරුවක් ඇත. එනිසා  ඕනෑම අයකුට ඉතා පහසුවෙන් සෝමාරාමය සොයාගෙන යා හැකිය. ඉදින් මේ අතුරු මාවතෙහි මඳ දුරක් යනවිට කුඩා කඳුගැටයක් මත සෝමාරාමය පිහිටා ඇත්තේය.

නූතන සංචාරක හෝටල් බඳු වූ ඇතැම් පන්සල් අභියස නම් සෝමාරාමය යනු එතරම් විශාල පන්සලක් නොවේ. ඒ නුදුරෙන්ම පෙනෙන මානියම්ගම කන්ද අභිසය කුඩා තුඹසක් යැයි පැවසීම නිරවද්‍යය. එහෙත් වසර පනස් පහකට ඉහතදී තත්ත්වය ගැන සිහියට නැගුවහොත් තත්කාලයට අනුව, මේ සංඝාරාමය හා විහාරගෙය නවීන එකක් වන්නට ඇතැයි සිතේ.

එදා ජනීජනයාගෙන් පිරීගත් මේ වෙහෙර ඉසුරුබරව තේජාන්විතව තිබුණේ යැයි පැවසෙතුදු අප එහි ගිය දිනය පෝය දිනක වුවත් ජන ශූන්‍යව පැවතියේය. මිනිසකු තබා කපුටකුවක් මෙහි ආගිය බවට සළකුණුකුදු නොවීය. සංඝාරාමය වසා තිබූ මුත් එහි පිටුපස පැත්තේ වැලක කසාවතක් වනා තිබෙනු දක්නට ලැබුණි. එහෙත් සංඝයාවහන්සේ නමක නොදුටුවේ, දොර ජනෙල් වසා තිබූ බැවිනි.

සංඝාවාසය පසුකර කඳු ගැටය මත මඳ දුරක් ගිය කල්හි දෙමහල් විහාර මන්දිරය. දැක ගත හැකි වේ. පොහෝ දින පමණක් නොව අන්  ඕනෑම දිනෙක දී පවා විහාර මන්දිරයක් අසලට යනවිට තෙල් මල් හඳුන්කූරු සුගන්ධය අවට සිසාරා පැවතීම සුලභ ලකුණක්ය. එය එහි යන එන්නවුනගේ ගතට මෙන්ම සිතටත් සුපසන් බවක් දනවයි.

ඉදින් බොදු පුදබිමක ඇති අසිරිමත් ශාන්ත දාන්ත මිහිරියාව මෙහිදී අපට අත්විඳිය නොහැකි විය. මෙය ඔබ පුදුමයට පත්කරවන්නක් විය හැකි නමුදු එහි පැවති සැබෑ තත්ත්වයයි. පාළු බවත් අත්භූත ගුඪ භාවයත් මේ පරිසරය අරක්ගෙන තිබුණේය. හුදෙකලාවූ පරිසරය නිසා කිසිදු බාධාවක් හෝ අවහිරයකින් තොරව මෙහි ඡායාරූපය ගන්නට අපට හැකිවිය.තල්දුවේ සෝමරාම භික්‍ෂුව ගිහිකල යමක් කමක් තිබූ තල්දුවේ පවුලක සාමාජිකයකුව සිට ඇත්තේය. ඒ යුගයේ හැටියට ගුරුවරුන් රජයේ සේවකයින් වැනි පිළිගත් වෘත්තීන්හි ඔහුගේ සහෝදරයෝ නියැලී සිටියාහ. ඉහළ තල්දුවේ ඞී. ජයතිස්ස මහතා සෝමාරාම භික්‍ෂුව ගැන තරමක් දුරට දන්නා අයෙකි.

ඔයකාලේ මට අවුරුදු දොළහක් විතර ඇති. සෝමාරාම හාමුදුරුවන්ට අවුරුදු තිහක් තිස්දෙකක් විතර ඇති. කියලයි මගේ හිතේ. මං පොඩි කොල්ල අපේ ආච්චි දානෙ අරන් පන්සලට යනකොට මාත් යනව. හාමුදුරුවෝ එක්ක අපේ ඥාති සබඳතාවකුත් තිබුණා. ඒක හින්ද නිතරම වාගේ අපේ මහගෙදරත් එනවා. එහෙම ආපු වෙලාවක මගේ ඔළුව අතගාල කොල්ලෝ උඹ මහණ වෙයං කීවා. මාව මහණ කර ගන්නත් අපේ තාත්තගෙන් අහලත් තිබුණා. එයා මහණවෙලා හිටියේ ඉහළ තල්දුවේ ඉසිපතනාරාමයේ වුණාට අප දන්න කාලෙ ඉඳලම හිටියේ නම් තල්දුවේ ටවුමෙ තිබුණ සෝමාරාමයේ. ඒක සෝමාරාම හාමුදුරුවොම හදපු පන්සලක්. ඒ කාලේ මාසයක් ගානේ ඔය පන්සලේ ජයට පිංකම් තියෙනව අපි ඒව බලන්න එහෙමත් යනවා.
මේ යුගය වනවිට තල්දුව අයත්ව තිබුණේ දෙහි ඕවිට මැතිවරණ කොට්ඨාසයටය. නමසිය පනස්හය වනවිට මෙහිද දේශපාලන උණුසුම දැඩිව තිබුණේය. එහෙත් මේ ප‍්‍රදේශයේ එකදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු හෝ නොසිටියේය. ජයසේකර මහතා පවසන විදියට වැඩි පිරිසක් සම සමාජ පාක්‍ෂිකයෝය. ඉතිරි පිරිස එක්සත් ජාතික පාක්‍ෂිකයින්ය. එයින් බැහැරව කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු හෝ මෙහි නොසිටි බව ජයසේකර මහතා කියයි.

එතකොට සෝමාරාම හාමුදුරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙලා වැඩ කළාද. මම ප‍්‍රශ්නයක් නැගීමි.

”නෑ. නෑ. එයා දේශපාලනය කරේම නෑ. ඒ වුණාට මේ පැත්ත පළාතෙම ප‍්‍රසිද්ධයි. ජනප‍්‍රියයි. එකක්, එයා නක්ෂත‍්‍ර කටයුතු කළා. ඊළඟට දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරයෙක් ලස්සන කඩවසම් ප‍්‍රියමනාප කෙනෙක්.  ඕනෑම කෙනෙක් එක්ක කතාකරල සිත් දිනාගන්න දන්නව. මැති ඇමැතිවරු අඳුරනව. නිතරම පන්සලේ හිටියේ නෑ. කොළඹ තමයි හිටියේ. සමාජ සේවා වැඩ කරන්නත් හුඟක් කැමැතියි. වැඩිහිටි නිවාසයක් හදන්නත් මුල්ගල තිබ්බ. මුල්ගල තියන්න ආවේ බුද්ධරක්ඛිත හාමුදුරුවොයි. විමලා විජයවර්ධනයි. හැබැයි එයා නඩුවට පැටලූනාට පස්සෙ ඒක එහෙමම නැවතුනා.

තල්¥වේ සෝමාරාම භික්‍ෂුව කාන්තා ඇසුරට ලොල්වූ අයකු බවට ද කතාවක් පවතී. මම ඒ ගැනද ජයසේකර මහතාගෙන් විමසීමි.

මම නම් එහෙම දෙයක් ගැන කියන්න දන්නේ නෑ. ඒ ගැන කව්රුවත් කියනවවත් අහලත් නෑ. ඒ නිසා නොදන්නා දෙයක් ගැන මට කියන්න බෑ. ඒ වුණාට ඒ දවස්වල කතාවක් තිබුණා හාමුදුරුවො පිස්තෝලෙකින් පන්සල්වත්තේ තිබුණ කෙසෙල් මුවවලට වෙඩි තියල වෙඩි කියන්ඩ පුරුදු වුණා කියල නම් සමහර විට ඒක දැකපු මිනිස්සු ඉන්ඩත් ඇති.

එතකොට ඔයකාලෙදි තල්දුවේ හිටපු එයාගේ ඥාතීන්ට මොකද වුණේ.

සෝමාරාමගෙ අයියකෙනෙක් හිටිය විමලසේන කියල ඉස්කෝලේ මහත්තයෙක් එහෙම. ඉතින් පවුලේ අය ඔක්කොම ගමට මුණ දෙන්ඩ බැරිව මාස තුන හතරක් ගමෙන් පිටවෙලා ගිහිල්ල හිටිය. මාස තුනහතරකින් තමයි ඒ අය ආපහු ආවේ. ඒ අයට විතරක් නෙමෙයි තල්දුවෙ අය ඒ කාලෙ බස් එහෙකටවත් නග්ග ගත්තේ නෑ. නැග්ගහම ගම කොහෙද කියල අහල තල්දුවෙ කීවොත් ගහල බිමට ඇදල දානවා. අපේ තාත්තටත් එහෙමවෙලා තියෙනවා.
 


මට මතකයි. ඔය කාලේ අපේ ආච්චි හිටියේ කොළඹ ඇස් වාට්ටුවේ. දවසක් තාත්තා එයාව බලන්ඩ ගිහින් ඇවිල්ල කීව අන්න අම්ම ඇඳෙන් බිමට ඇදල දාලා කියල. ආච්චිගෙ නම සීටෝහාමි. ඉතින් බණ්ඩාරනායක මහත්තයට තල්දුවෙ සෝමාරාම කියල හාමුදුරුනමක් වෙඩි තියල කියල වාට්ටුවේ හිටපු මිසීලයි, ඇටෙන්ඩන්ලයි කතාවෙලා. මේක අහපු ආච්චි කියල තියනව ඔය අපේ හාමුදුරුවො නොවැ  ඕක වෙන්ඩ බැරි දෙයක් කීයටවත් අපේ හාමුදුරුවො නම් ඒ වගේ වැඩක් කරන්නේ නෑ කියල ඒක කීව විතරලූ කට්ටියම ආ උඹත් ඒ ගමේද උඹලවගේ අයට කරන්න  ඕනේ වැඩ අපි දන්නව කියල ඇඳෙන් අරන් පැදුරුකඩමල්ලකට ඇදලා දාල තිබෙනවා. අපේ තාත්තා ආච්චිව බලන්ඩ ගිහින් ඇවිත් ඔය කතාව කීව මට හොඳටම මතකයි.
සෝමාරාම එල්ලල මැරුවට පස්සේ මිනිය ගමට ගෙනාව කියන්නේ ඇත්තද? මම ඇසුවෙමි.

නෑ. නෑ. ගමට නම් ගෙනාවේ නෑ. ඒ වුණාට මිනිය බලන්න එයාගෙ අම්ම, විමලසේන මහත්තය එහෙම ගියා. එයාගෙ අම්මගෙ නම ඉනානෝනා. මා හොඳටම දන්නව. අපේ ආච්චිත් එක්ක හොඳටම හිතවත් සිල්ගන්න යන්නෙත් ආච්චිත් එක්කමයි. එයත් ඒ දවස්වල අපේ මහගෙදරට එනවා. අපි කියන්නේ ඉනා ආච්චි කියලා. ඉතින් ඔය ඉනා ආච්චි සෝමාරාමගේ මිනිය බලලා ආවට පස්සේ ඉඳල ඔළුව නරක්වුණා ඊට පස්සේ පාර දිගේ ඇවිදින්න පටන් ගත්තා. බොහොම කෙටි කාලෙකින් මැරිලා ගියා.

සෝමාරාම පන්සලට මොකද වුණේ?

කව්රුවත් යන්නේ එන්නේ නැතිව ගිහින් වල් බිහි වුණා. 1988x89 කාලෙත් මහ කැලෑව තිබුණේ. ඒ කාලේ කට්ටියගේ තිප්පොලක් වෙලා තිබුණා. දැනට අවුරුදු පහළොවකට විස්සකට විතර උඩදී තමයි කැලේ එළිකරල අරන් තියෙන්නේ පාලනය කරන්නේ ඉහළ තල්දුවේ විහාරාධිපති හාමුදුරුවොමයි.

ඒ වුණාට තවමත් කිසිම කල එළියක් නෑ. ඔහේ නිකම්ම තියෙනවා.

 



අදහස් (0)

බණ්ඩාරනායක ඝාතනයට හසුවූ සෝමාරාමගේ පන්සල සොයා ගිය ගමනක්

හෙට්ටිආරච්චි Saturday, 22 March 2014 05:08 PM

මේ වගේ දේවල් හොයල ලියන එක හොද වැඩක්.(නදී)

:       0       0

ප්‍රිනා Tuesday, 25 March 2014 11:25 AM

යට ගිය අතීතය. ස්තුති ලිපිය වෙනුවෙන්.(නදී)

:       0       0

තිලාන් Thursday, 27 March 2014 12:21 AM

හොඳ ලිපියක්. (නි)

:       0       0

නිරෝෂිනී Wednesday, 02 April 2014 06:25 AM

බොහොම හොද ලිපියක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site