X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බස් ගාස්තුවත් වැඩිවෙයි

 

ඉල්ලූවේ වැඩිවීමක් නොවෙයි  -
ඩීසල් සහනාධාරයක්

ගැමුණු විජේරත්න

 

කැබිනට් අනුමැතියට යවලා

 

බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ යෝජනා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇත.


තවමත් ඒ සඳහා කැබිනට් අනුමැතිය නොලැබුණු බවත්, අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ලබන මස පළමුවැනිදා සිට බස් ගාස්තු වැඩිවනු ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.


සෑම වසරකම ජූලි පළමුවැනිදා බස් ගාස්තු සංශෝධනය කෙරෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවත් වසර මැද ඞීසල් මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් කරන බස් ගාස්තු සංශෝධනයකට අනිවාර්යයෙන්ම කැබිනට් අනුමැතිය ලැබිය යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.


ඒ අනුව තෝරා ගැනීමේ ක‍්‍රමවේද 12 ක් හරහා දර්ශක මිනුම් කොට ලබාගත් තොරතුරු වාර්තාවක් කොමිෂම පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදුන් බවත් එය රහස්‍ය වාර්තාවක් බවත් ගුණවර්ධන මහතා කීය.


බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය ගන්නේ පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශය මිස ගැමුණු විජේරත්න මහතා නොවේ යැයි කී සභාපතිවරයා, පෞද්ගලික බස් රථ නියාමනය සිදුවන්නේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් බව ඔවුන් මතක තබාගත යුතු යැයිද කීය.


සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.


අපි ඉල්ලූවේ බස් ගාස්තු වැඩිවීමක් නොවෙයි. සහනාධාරයක්. නමුත් දුන්නේ නැහැ. අකමැත්තෙන් වුනත් බස් ගාස්තු වැඩිවීමකට යන්න වුණේ ඒ නිසයි. ආණ්ඩුව කියන්නේ සියයට 7 ක වැඩිවීමක් ලබාදෙන ලෙසයි.


ඒ අනුව රුපියල් 9 ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ. සෙසු ගාස්තු වැඩිවීම මෙහෙමයි.


රුපියල්     12    -    13 ට
රුපියල්    16    -    17 ට
රුපියල්    19    -    21 ට
රුපියල්    23    -    25 ට
රුපියල්     27    -    28 ට
රුපියල්     30    -    32 ට
රුපියල්     32   -    34 ට


ආදී වශයෙන් වැඩිවෙනවා.
රුපියල් 9 සිට ඉහළට ගමන් ගාස්තු 18 ක්ම කාසි සමග එන මුදලක්. 19 වන ගමන් ගාස්තුව රුපියල් 60 ක්. ගමන් ගාස්තු අවස්ථා 18 ක්ම මාරු කාසි සමග අයවීම තුළ දෙපාර්ශ්වයම එනම් කොන්දොස්තර හා මගියා යන දෙදෙනාම අපහසුවට පත්වෙනවා.
කෙසේ වෙතත් මෙවර ගමන් ගාස්තු වැඩිකිරීම අපේ වුවමනාවක් නොවෙයි. මේ මොහොතෙත් අපි ඉල්ලන්නේ ගමන් ගාස්තු වැඩි නොකර ඉන්ධන සහනාධාරය දෙන්න කියලයි. ගැමුණු විජේරත්න මහතා කියයි.

 

සටහන විනීතා එම්. ගමගේ

 



අදහස් (0)

බස් ගාස්තුවත් වැඩිවෙයි

මිලින්ද Wednesday, 20 March 2013 01:57 PM

ජනතාව තමයි තැලෙන්නේ (දී)

:       0       0

බෑන් Thursday, 21 March 2013 09:45 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 11:21 AM

ඔක්කොම තියෙන්නේ වැඩි වෙන ඒවා තමයි (ස)

:       0       0

දීපාල් Sunday, 24 March 2013 01:11 PM

අනේ මන්දා අපිට පිස්සුද නැත්නම් ගැමුණුට පිස්සුද මන්දා. අමුඩෙයි, පුකයි එකට යනවා වගේ ආන්ඩුවයි මේ අයයි යන්නේ එකම බෝට්ටුවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site