ඔබේ ළමා කාලයේ මතකයන් අවධි කළොත්.
මගේ ළමා කාලය ගතවුනේ අනෙක් පුංචි දරුවන්ට වඩා වෙනස් විදියට. මට අවුරුදු හතර වෙද්දි මගේ මව්පියන් වෙන්වුණා. ඊට පස්සේ මගේ ළමා කාලය අස්ථාවර වෙනවා. හෝඩියේ පංතියේ ඉඳලා උසස්පෙළ දක්වා එනකොට මම පාසල් නවයක අධ්‍යාපනය ලබලා තියෙනවා. ඒකට හේතුව අම්මාගේ ආර්ථිකමය ගැටලූ හා විවිධ රැුකියාවලට යොමුවීමට සිදුවීම. ඒ අස්ථාවරකම ජීවිතයේ තිබුණත් මගේ අම්මා මට අඩුපාඩුවක් කළේ නෑ. ඒනිසා මට ජීවිතේ ලොකු වෙනසක් දැනුණේ නෑ. ඒත් අද ආපස්සට හැරිලා බලනකොට යාළුවන්ගෙන් ගුරුවරුන්ගෙන් සහ අසල්වැසියන්ගෙන් ඈත්වීම පොඩි අඩුවක් හැටියට දකිනවා.
පාසල් කාලය මොන වගේද?
අධ්‍යාපන කටයුතුවලදී මම සාමාන්‍ය දරුවෙක්. විශේෂ දක්ෂතා තිබුණේ නැහැ. ක්‍රීඩා කටයුතුවලටත් එතරම් දක්ෂතාවයක් තිබුණේ නැහැ. ඒත් මට අවුරුදු හතර වෙනකොට අම්මා නර්තනය හදාරන්න යොමුකළා. පොඩිකාලේ ඉඳලා කලා කටයුතුවලට නම් දක්ෂ වුණා.
පාසල තුළ නිහඬ ළමයෙක්. ඒනිසා එතරම් ජනප්‍රිය වුණේ නැහැ. එක අවස්ථාවක මම කානිවල් එකකදී නැටුමක් ඉදිරිපත් කළා. එදා අපේ පාසලේ අය හිතුවේ මම වෙන පාසලක ළමයෙක් කියලා. ඒත් මම ඒ පාසලේ කියලා දැනගත්තම එයාලා පුදුම වුණා. මට පන්තියේ හිටියේ එකම යාළුවයි. එයත් අහිංසක, පැත්තකට වෙලා හිටිය ළමයෙක්.
ආදරය සම්බන්ධ පළමු අත්දැකීම ගැන කතා කළොත්.
පාසල්කාලයේ ආදරය සම්බන්ධ වුවමනාවක් තිබුණේ නෑ.
ගොඩක් ළමයි ආදරයට පෙළැඹෙන්නේ යාළුවෝ නිසා, මාධ්‍ය නිසා නැත්නම් වෙනත් කුමන හෝ හේතුවක් නිසා. ඒත් මං ගැටලූ සමග පාසල් මාරුකරමින් පාසල් ගිය කෙනෙක්. ඒ වගේම මම හැදුණේ ක්වේට්වල. පාසල් ගියේ එහේ. ඒනිසා විශේෂයෙන් ආදරය ගැන හැඟීමක් ඇතිවෙලා නැහැ. කානිවල්වලට ගියහම මාව දැකලා පිරිමි ළමයින් යාළුවෙන්න අහපු අවස්ථා තිබුණා. අම්මට මියුසිකල් ගෲප් එකක් තිබුණා. මම ඒ පරිසරයත් එක්ක සමාජයට ගියපු කෙනෙක්. ඒ අවස්ථාවලත් මට ආදරය සම්බන්ධ යෝජනා ඇවිත් තිබුණා. ඒත් මට ඒ වගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ අය බෑ කිවුවම කරදර කර කර තර්ජනය කර කර පස්සෙන් ආවෙත් නැහැ. ලංකාවට වැඩිය ගොඩාක් වෙනස් පරිසරයක් ක්වේට්වල තිබුණේ.
මට මුලින්ම විශේෂ හැඟීමක් දැනුණේ අවුරුදු 16දී විතර. එයා මාත් සමග නර්තනයේ යෙදුණු මගේ පාට්නර්. උසස්පෙළ පංතියේ හිටපු අයියා කෙනෙක්. ගොඩක් හොඳයි. එයා ගැන විශේෂ කැමැත්තක් තිබුණා. ඒ ඇරුණුකොට වෙන කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මගේ පළමු ආදර සම්බන්ධතාව ඇතිවුණේත් වයස අවුරුදු 18දී. එය පටන් ගත්තේ පල්ලියේදී. එයා ඉන්දියානු ජාතිකයෙක්. ඒ පල්ලියට විවිධ ජාතීන් එකතුවෙනවා. මගේ ජීවිතේ යම්කිසි ස්ථාවරයක් පල්ලියේදී හැදෙනවා. පාසල් මාරුකළා වගේ පල්ලි මාරුකළේ නෑ. උනන්දු වෙලා පල්ලි ගියා. අවුරුදු තුනක් විතර ආශ්‍රය කරලයි යාළුවෙන්නේ. ඒත් එයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට යන්න සිද්ධවෙනවා. මමත් ලංකාවට එනවා. ඒකෙන් අපි දුරස්වෙනවා.
මම ලංකාවට එනකොට වයස අවුරුදු 21යි.
ලංකාවට ආ පසු ඔබේ ජීවිතය වෙනස් වුණා නේද?
ඔව්, ලංකාවට ආ මුල් කාලයේම මම රංගනයට සම්බන්ධවෙනවා. ඒ කාලයේමයි මගේ පෙම්වතා මුණ ගැහෙන්නෙත්. අපි අවුරුදු පහක් ආදරය කරනවා. එයා හොඳ කෙනෙක් කියලා හිතුන නිසා අපි බඳිනවා. ඊට පසු ඇති වූ විවිධ ගැටලූ නිසා අපි දික්කසාද වුණා.
ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී වයසත් එක්ක අත්දැකීම් එක්ක ආදරය කාලයෙන් කාලයට දැනෙන විදිහ වෙනස් ලෙස අවබෝධ වෙනවා. මගේ හිතට එකඟව ප්‍රශ්න මධ්‍යයේ වුවත් සතුටින් කාලය ගතකළා. ප්‍රශ්නයි සතුටයි සංසංදනය කරලා බලපුවාම සතුට බොහොම ඉහළින්ම තිබුණා. ඉදිරියේදීත් ආදරය පුළුවන් උපරිමයෙන්ම විඳින්න කියලයි මගේ හිත කියන්නේ. මට ආදරවන්තයෙක් ඉන්නවා. ඒත් විවාහය ගැන තවම හිතලා නැහැ. පසුගිය කාලේ සිදුවීම් එක්ක පුංචි බයක් හිතේ තියෙනවා. ජීවිතේ හැමෝම ළඟ අඩුපාඩු තියෙනවා. අංගසම්පූර්ණ අය කොහේවත් නැහැ. ඒත් සතුටින් ජීවත්වෙන්න උත්සාහ කරනවා.
තරුවලට ආදරය කරන පේ්රක්ෂකයෝ ඉන්නවා. ඔයාගේ අත්දැකීම් මොනවාද?
එක මනුස්සයෙක් හිටියා එයා මගේ ෆෙස්බුක් එකෙත් හිටියා. ඒ මනුස්සයා පැයකට මැසේජස් දහයකට වැඩිය එවනවා. දිගටම ෆේස්බුක් එකේ මැසේජ් තියෙනවා. ඒත් මේ මනුස්සයා ඒ එවන එක මැසේජ් එකකවත් වැරදි දෙයක් කියලා තිබුණේ නෑ. වැදගත් දේවල් තමයි මට මැසේජ් කරන්නේ. ඒනිසා බනින්න හිතෙන්නෙත් නැහැ. ඒත් එයා හරි වදයක් වුණා. අවුරුදු දෙකහමාරක් විතර ඉදලා මේ මනුස්සයා මැසේජ් කරනවා, කෝල් කරනවා. වදයක්ම වෙච්ච නිසා මම එයාව බ්ලොක් කළා. ඊට පස්සේ අලූත් නම්බර් එකකින් කතා කරන්න ගත්තා. බැරිම තැන දවසක් මම මේ මනුස්සයට කතා කරන්න අපි ෂූටින් කරන තැනට එන්න කිව්වා. ඒ මනුස්සයා එතනට ආවා. එයා බලාපොරොත්තු වුණේ විවාහවෙන්න. ආදරය කරන්න, මම ඒක නොවෙන දෙයක් බව කිව්වා. අපේ කට්ටියත් ටිකක් බයිට් කළා. පස්සේ මම මගේ වාහනේ දීලා ඒ මනුස්සයා වැඩට යන්න බස් හෝල්ට් එකට ගිහින් දැම්මා. ඒත් ඒක ඉවරවුණේ නෑ. එයා මගේ ගෙදරට ආවා. ගම්පහ තියෙන දේශපාලන කාර්යාලයට ආවා. ඒ කරදරය එන්න එන්න වැඩිවෙන නිසා මට පොලිසියට කියන්න වුණා. හේතුව ඔහුට මානසික ලෙඩක් ඇති බව මට වැටහුණා. මම හිතපු දේ හරි. ඔහුව අන්තිමට අංගොඩට යොමු කරා. දැන් ප්‍රතිකාර ලබනවා. හේතුව මීට පෙර බාල වයස්කාර ගෑනු ළමයකුට ආදරය කරලා පොලිසි ගිහින් ගුටිකාලා මානසිකව දුර්වල වෙච්ච කෙනෙක්. මේ වෙන කොටත් ප්‍රතිකාර ගන්නවා එයා. ඒත් ෆේස්බුක් එකෙත් මට අදටත් පණ්විඩ තියෙනවා. මුලින් මම ඔහුට බැන්නත් ඔහු මානසික ලෙඩෙක් බව දැනගත්තම අනුකම්පා හිතුණා. ඒත් ඒ වගේ අයට අනුකම්පාව පෙන්නන්නත් බයයි. ඒක තමයි මතක සිටින අත්දැකීම්.
ඔබ ළඟදී විවාහ වෙනවද?
මට සම්බන්ධතාවක් තියෙනවා. ඒත් තවම විවාහය ගැන හිතලා නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා හැඟීමක් නැහැ. මම දික්කසාද වුණ කෙනෙක්. ඒනිසා ජීවිතේ පිළිබඳ තීරණ ගනිද්දි පුංචි බයක් තියෙනවා. හේතුව මේ ලෝකේ හැම පුද්ගලයෙකුගෙම අඩුපාඩු තියෙනවා. ඒක මනුස්ස ස්වභාවය. මම ආදරය කරන කෙනා හොඳ කෙනෙක්. ඒ්ත් මගේ ජීවිතේට නොගැළපෙන අඩුපාඩුවක් දැක්කොත් ඉන් හදවතට පුංචි චකිතයක් ගෙන එනවා. මට මොකක් වෙයිද කියලා හිතෙනවා. ඒත් මම විශ්වාස කරනවා එයා හොඳයි කියලා. මගේ අම්මගේ ආශීර්වාදය මට තියෙනවා. කේ්න්දර පිහිටීමත් හොඳයි. මේ දවස්වල තියෙන දේශපාලන අස්ථාවරත්වය සමතයකට පත්වුණාම ඉදිරියෙදි විවාහය ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.
අනාගත බලාපොරොත්තුව මොනවාද?
පුංචි කාලේ ඉඳලා මට තිබුණ ලොකුම බලාපොරොත්තුව ළමා නිවාසයක් පවත්වාගෙන යාම, දැනටමත් මම ළමා නිවාස කීපයකටම උදවුකරනවා. ඒ වගේම අලූත් ළමා නිවාසයක් පටන්ගන්නවට වඩා පවත්වාගෙන යාමට අපහසු ළමා නිවාසෙකට උදව්කිරීම හොඳයි කියලා හිතනවා.
ඒවගේම මම මටමයි කියලා ස්ථාවරත්වයක් හදාගන්න ඕන. හේතුව මගේ ඒ සිහින සපුරා ගන්න මුදල් වගේම කාලයත් අවශ්‍යයි. මට ප්‍රශ්න ගැටලූ තියාගෙන තවත් කෙනෙකුට උදවු කරන්න අපහසුයි. මම ස්ථාවර වුණොත් මට ස්පොන්සර්ලා පස්සේ ගිහින් කරදර වෙන්නේ නැතිව දරුවෝ වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන්. දැනුත් මම හැකි පරිදි ඒ දේවලට දායක වෙලා කටයුතු කරනවා.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගේ ප්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක්
දිමුත් Thursday, 07 May 2015 09:13 AM
එතකොට මෙයා කියන්නේ දැන් තියෙන්නේ දේශපාලන අස්ථාවරත්වයක් කියලා? (ම)
දනුක Thursday, 07 May 2015 10:53 AM
මේ වගේ වැඩක් නැති අය පුම්බන්න හොඳ නෑ (බ)
ආරියසේන Thursday, 07 May 2015 10:53 AM
අහිංසක දුර්නිරුපනය දාල ඡන්දෙ ගන්න වගේ හදන්නේ මේ පාර කොහොමද ටිකිරි මොලේ??? (බ)
ජනක Friday, 08 May 2015 09:10 AM
වෙන වැඩ නැද්ද මේ වගේ මෝඩ ජෝක් ඇර (බ)
සනදීප් තාරක කුරේ Friday, 08 May 2015 12:32 PM
මගේ ප්‍රියතම නිලිය. සුභ පැතුම් (නදී)
භානුක Saturday, 09 May 2015 10:01 PM
පෙම්වතුන් කී දෙනෙක් දැනට ඉදලා තියෙනවද?(හේ)
සනෝජ් Monday, 11 May 2015 06:04 AM
ගම්පහ ජනතාවනි, ආයෙනම් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. වඳින්නම්!! (නි)
දයා අලහාකොන් Monday, 11 May 2015 10:25 AM
අන්තිම පෙම්වතා කව්ද කියලා කියන්න බැරිද ? (නදී)
එස්.කේ Monday, 11 May 2015 11:25 AM
අපෝ මෙයා දේශපාලනයට සුදුසු නැහැ. (අ)
සාමපාල Monday, 11 May 2015 04:27 PM
පෙම්වතුන් කී දෙනෙක් ඉඳලද මේ කියන විදියට? (නි)
පහන් Tuesday, 12 May 2015 07:07 PM
මමත් ගම්පහ. ඒ වුණාට මම ඡන්දෙ මෙයාට දුන්නේ නැහැ. (නි)
ජයතු Tuesday, 12 May 2015 09:02 PM
මෝඩ කතා නිසා තමන්ගේ තත්ත්වය නැතිකරගන්න එපා (නි)
ඍතු Wednesday, 13 May 2015 10:08 AM
නැති කරගන්න තත්වයක් තියෙනවද මෙයාට? (ම)
අජිත් Wednesday, 13 May 2015 11:11 AM
ඔබගේ අනාගතයට සුබ පැතුම්.(හේ)
මිනිපෙ Thursday, 14 May 2015 12:24 AM
පුද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ (නි)
ප්‍රියානි වීරකෝන් Tuesday, 19 May 2015 09:24 AM
ඔයා හරි මිනිපේ (බ)