X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මත ගැටුම් නවත්වා වැඩ බහින්න සිතමු

පොහොර අර්බුදයෙන් රජය ඇතුළේ බරපතළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇති වූ අවුල් සහගත තත්ත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමැතිවරයා බවට චෝදනා කළේය.

මේ නිසා රට තුළ ඇති වූ අවුල් සහගත තත්ත්වය නිවැරැදි කරගැනීමට කාලයක් ගතවනු ඇති බව ද එය පහසු කරුණක් නොවන බව ද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මෙයට කෘෂිකර්ම ඇමැතිවරයා ද පිළිතුරක් දී තිබූ අතර හරිත කෘෂිකර්මාන්තය යහපත් ප්‍රතිපත්තියක් වුවද එය නිවැරැදිව සමාජගත කිරීමට නොහැකි වූ බව ද රජයේ පාර්ශ්වයෙන් ද ඊට අවශ්‍ය සහාය නොලැබුණු බව ද එහිදී ප්‍රකාශ විය.

හරිත කෘෂිකර්මය සහ රසායනික පොහොර එකිනෙක පටලවා ගැනීම හේතුවෙන් ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වයේ උණුසුම දැන් ආණ්ඩුව ඇතුළතටද දැනෙන්නට පටන්ගෙන තිබෙන බව මේ චෝදනා සහ ප්‍රතිචෝදනා මගින් පැහැදිලි වෙයි. හරිත කෘෂිකර්මාන්තයට මේ රටේ කිසිවකුත් විරුද්ධ නැත.

හරිත කෘෂිකර්මාන්තය නුසුදුසු බවට මත දරමින් රසායනික පොහොර ගෙන්වීම හෝ නොගෙන්වීම හෝ කළ යුතු යැයි කිසිවෙක් ප්‍රකාශ කළේ ද නැත. ගැටලු‍ව ඇතිවූයේ හරිත කෘෂිකර්මය රටට නොගැළපීම නොව මෙතෙක් කාලයක් රටේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි ජනතාවටත් රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් ගෙනදුන් තේ කර්මාන්තයටත් රසායනික පොහොර එකවර අහිමිවීම හේතුවෙන් සියලු‍ දෙනා අමාරුවේ වැටීමෙනි.

හරිත කෘෂිකර්මාන්තය යහපත් වුවද රසායනික පොහොර මත යැපෙමින් තිබූ කෘෂිකර්මාන්තය එකවර හදිසි තීන්දුවකට යාම දුවන කෝච්චියට බෙල්ල තැබීමකි. ඒ බව රජය වටහා ගන්නා විට රටේ කෘෂිකර්මාන්තයටත් තේ කර්මාන්තයටත් විශාල හානියක් සිදු වී හමාරය. අඩුම තරමින් මේ තීරණය ගැනීමේදී රටේ කෘෂිකර්ම විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීමේ වැදගත්කම කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ජනාධිපති ඇතුළු ඉහළ බලධාරීන්ට පෙන්වා දිය යුතුව තිබිණි.

ඒ වෙනුවට අප දුටුවේ තම හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහාය නොදක්වන බවට චෝදනා කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවක් එහාට මෙහාට තල්ලු‍ කර දැමීම පමණි. එයින් ගැටලු‍ව විසඳුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ගැටලු‍ව අර්බුදයක් බවට පත්වී ආණ්ඩුව ඇතුළේම බරපතළ මත ගැටුම් දක්වා එය වර්ධනය වීමය. එය පොදුවේ රටට යහපත් නැත.

කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ මත ගැටුම් පමණක් නොව පාස්කු ප්‍රහාරයේ චෝදනා සම්බන්ධයෙන්ද රජය ඇතුළේ බලවත් මතභේදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පසුගිය දිනවල පාර්ලිමේන්තු විවාදවලදී පෙන්නුම් කෙරිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ද කෘෂිකර්ම ඇමැතිවරයා ඉලක්ක කර ගනිමින් බරපතළ කතාවක් සිදුකළ අතර ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමන් අතේ බවට අනතුරු ඇඟවීමක්ද කළේය. මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා ජනාධිපතිට, රටට සහ පාර්ලිමේන්තුවට ද ගොවි ජනතාවට ද බොරු කී බවට ද චෝදනා කෙරිණි. එයට ද මහින්දානන්ද මහතා පිළිතුරු ලබාදී තිබූ අතර පාස්කු ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්න දැයි ඔහු විමසා තිබිණි.

සාමාන්‍යයෙන් මෙවැනි මතභේදාත්මක කතා ඇති වන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර වුවද මේ වාග් ප්‍රහාර සිදුවූයේ ආණ්ඩුව ඇතුළේම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු අතරය. මේ බහින් බස්වීම්වලට ආණ්ඩුව ඇතුළේම තවත් මැති ඇමැතිවරුන් සම්බන්ධ වූ අතර ඒවා ද ඉතාම උණුසුම් විය. මෙය රටට හොඳ තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුය. දුර්වල ආර්ථිකයක සිටිමින් අට අනූවක් රෝග ව්‍යාධීන්ගෙන් පෙළෙන රටකට ආණ්ඩුව ඇතුළේම මෙවැනි බරපතළ මතගැටුම් ඇතිවීම කනගාටුදායක තත්ත්වයකි.

සන්ධාන ආණ්ඩු ගොඩනැංවෙන්නේ විවිධ මත දරන පක්ෂ කිහිපයක් එකතු වීමෙන් නිසා ආණ්ඩු ඇතුළේ මතභේද ඇතිවීම පුදුමයක් නොවේ. එහෙත් ඒ මතභේද එළිපිට ප්‍රකාශ වන්නේ කලාතුරකිනි. විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ වාද විවාදවලදී මෙසේ ජ්‍යෙෂ්ඨ නායකයන් තම අතැති තුරුම්පුවලින් දමාගසා ගැනීම්වල අවාසිය ඇත්තේ ආණ්ඩුවටම බව නොපෙනීම අවාසනාවකි. මේ ප්‍රශ්නවලට පිළිතුරු නැතිව එසේම තිබියදී ආණ්ඩුව ඇතුළේ ගහ මරා ගැනීම් සිදුවීම ජනතාවගේ කෝණයෙන් බලන විට ඔවුන්ට සිදුකරන අවමානයක් බව පෙන්වා දිය යුතුය.

මේ මතභේද පටන් ගත්තේ රටේ කෘෂිකර්මාන්තය කාබනික ද රසායනික ද යන ප්‍රශ්නය මුල්කර ගනිමිනි. එහෙත් මේ මතභේද සහ වාද විවාද කර ගැනීම්වලින් ගොවීන්ගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය ද මේ මතභේදවලටම ඇදී ආවේය.

තමන්ගේ දේශපාලන ගැටලු‍ විසඳා ගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ ගැටලු‍ විසඳෙන්නේ නැත. ඔවුන්ගේ දුක තුනී වන්නේද නැත. කාදිනල්තුමන් බලාපොරොත්තු වන යුක්තිය, සාධාරණත්වය ඉටුවෙන්නේද නැත. එසේ නම් මේ වාද විවාද වෙනුවට රට මුහුණ දී සිටින ගැටලු‍ විසඳා ගැනීමට මූලිකත්වය දීම රජයේ වගකීම නොවේදැයි ප්‍රශ්න කළ යුතුය.

මේ රට දැන් තිබෙන්නේ ආර්ථික ගිනිකන්දක් මතය. මෙය කොයි කොයි මොහොතේ හෝ පුපුරා ගියොත් රටත් ජනතාවත් අනතුරේ වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ පුපුරා යාම වළක්වාගෙන රට ගොඩගැනීමට මත ගැටුම් ඇතිකර ගන්නා ආණ්ඩුවකට ශක්තියක් තිබේදැයි යන්න ප්‍රශ්නයකි.

(***)



අදහස් (0)

මත ගැටුම් නවත්වා වැඩ බහින්න සිතමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site