X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


මන්තර බලයෙන් අලියා මෙල්ල කළ හැටි

මා සෑම විටම මරණයෙන් බේරී ඇත්තේ අනූ නමයෙනි. මගේ මව් බිමෙන් සැතැපුම් ලක්‍ෂ ගණනාවක් ඈත නැගෙනහිර අප‍්‍රිකාවේ ටැන්සානියාවේ දී වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේ ‘අභියෝග ජයගැනීම’ පාඨමාලාවේ දී මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උසින් පිහිටා ඇති කිලිමන්ජාරෝ වනාන්තර ප‍්‍රදේශයේ දී ටැන්සානියානු යුද හමුදා කැප්ටන් කපායා අපට නියම කළේ තනිවම ගිනි අවියක් නොමැතිව රාත‍්‍රී 02 එනම් දින 03ක් ගසක් යට ගත කළ යුතු බවය.

 

පහරදීමට හඹා එන අලියකු වන සත්ව නියාමක සුජීව විසින් නතර කරලීම (යාල වනෝද්‍යානයේදී)

 

අපට ලැබුණේ සීමිත අමුද්‍රව්‍ය ආහාර ස්වල්පයකි. මා සිටියේ තනිවම දැවැන්ත ඇකේෂියා (Accacia) ගසක් පාමුලය. හුදෙකලාව සිටි මම ඊළඟ සගයා සිටින්නේ කොහිදැයි දැන නොසිටියෙමි. එදින අලූයම මගේ කැන්වස් ඇඳ අසලටම කිසිත් නොදැන සංක‍්‍රමණය වූ අප‍්‍රිකානු අලි රංචුවෙන් බේරුනේ හාස්කමකින් මෙනි. එම අවස්ථාවේ මා පියවි ඇසින් නොසිටින්නට මේ වන විට මා මියගොසිිනි.

මන්ත‍්‍ර බලයෙන් හඹා එන වන අලින් නතර කරලීම
මිනිසාට පහර දීමට හඹා එන අලින් මන්ත‍්‍ර බලයෙන් නතර කරලීමේ අභියෝගය මැනවින් ඉටු කරන්නේ දකුණු ප‍්‍රදේශයේ සේවය කරන වනජීවී සේවකයින් බව උතුරු, නැගෙනහිර හා මධ්‍යම වනජීවී ප‍්‍රදේශවල අස්සක්xමුල්ලක් නෑර රාජකාරි සිදුකොට ඇති මගේ පෞද්ගලික නිරීක්‍ෂණයි. වසර 1971 ජේ.වී.පී. භිෂණය සමයේ දී ස්වේච්ඡා යුද හමුදා නිලධාරීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරී ගේ පියා අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම් සිදු කළ වනජීවී නිලධාරියකු බව, ඔහු මා හමුවූ දිනවල මා සමග පවසා තිබේ. මා අම්පාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ හැටියට සේවය කළ වකවානුවේ මගේ නිල ජීප් රථය පැදවූයේ ඔහුගේ පුතකු වූ කරුණාදාස මනම්පේරිය.

දිනක් කරුණාදාස මනම්පේරි ඇමතූ මම’’ කරුණාදාස.. මම අහලා තිබෙනවා.. ඔයාගේ තාත්තා හඹා එන අලින්ට... ලේxබඩයන්න මතුරනවා කියලා.... ඒ ගුරුකම් කොහෙන්ද එයාට ලැබුණේ... ’’ යයි විමසුවෙමි. ඊට පිළිතුරු දුන් කරුණාදාස
‘‘ඇයි සර්... තාත්තා පානම වැඩ කළානේ දිගු කාලයක්. ඒ පළාතෙම ගෙදරක.. පදිංචිකරුවෙකුගෙන් තමයි ඒවා ලැබිලා තිබෙන්නේ. පුළුවන් නම් සර් කොහොම හරි තාත්තගෙන් ඒවා ටික ගන්න’’ යයි ඔහු මට කීය.

 

යාල වනෝද්‍යානයේදී වනසත්ව නියාමක හෙන්දිරික් අප්පුහාමි විසින් හඹා එන අලියකු නතර කරලීම.

 

පානම වනාහි වන අලින් බහුලව වෙසෙන නැගෙනහිර වෙරළට නුදුරු ගම්මානයකි. ‘පානම’ පසුකොට සැතපුම් විසි පහක් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය තුළට ගිය තැන ‘කුමන’ පුරාණ ගම්මානය හමුවෙයි. කිට්ටු සබඳතාවයක් පැවති මෙම ගම්මාන දෙකෙහි විසූ පැරණි ගම්වාසින් දක්‍ෂ ගුරුකම් කාරයින් වූහ. ‘කුමන’ ගමේ ඉපිද හැදී වැඩුනු කේ. ඬේවිඞ් කලක් යාල උද්‍යානයේදී මා යටතේ සේවය කළ එහෙත් සොහොයුරකු ලෙසින් මම ආශ‍්‍රය කළ වනසත්ව නියාමක (පසුව අඩවි සහකාර) නිලධාරියෙක් විය. ඔහු දැන සිටියා වූ වන සතුන් මෙල්ල කළ හැකි මන්ත‍්‍ර මා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මා සමඟ කියා සිටියේ ඒ මන්ත‍්‍ර මගෙන් ගන්නවාට වැඩිය හොඳයි.. මම ඒවා දීපු කෙනෙකුගෙන් ගන්න.. ඔහු මට කීය. ‘‘ ඒ ඇයි?’’ මම විමසුවෙමි... එවිට ඬේවිඞ් මට කියා සිටියේ  ‘‘එහෙම ඉල්ලගත්තම.. බල වැඩියි.. ඒ නිසා සර්ගෙ යාලූවා ලක්‍ෂමන් නෙත්ති කුමාර (මියගොස් සලාකා සමූහ ව්‍යාපාරය - කොළඹ) මහත්මයාගෙන් ඉල්ලා ගන්න.’’ ඔහු ද මට ඒවා ලබාදුන්නේ කිහිප වතාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. ඬේවිඞ්, ලක්‍ෂමන් නෙත්ති කුමාර සහ මා කුළුපග මිතුරන් ය. විවිධ අයගෙන් ලැබුණු මන්ත‍්‍ර මම කට පාඩම් කරගත් නමුත් මම ඒවා අත්හදා නොබැලූවේ මගේ ගොරෝසු කටහඬ භාවිතයෙන් වනාන්තරය තුළදී මම මුහුණදුන් අවස්ථා ලෙහෙසියෙන් ජයගත් බැවිනි.

මගේ හිතවත් සේවක ඬේවිඞ් ගේ පුත් වනසත්ව නියාමක සුජීව තම පියාගෙන් ලබාගත් ප‍්‍රබල අලි මන්ත‍්‍රයකින් තමාට පහරදීමට හඹා ආ කෝපාවිෂ්ඨ වූ අලියකු මෙල්ල කළ ආකාරය මට අද මෙන් මතකය. මගේ දෙ ඇස් ඉදිරියේ එය සිදු වූයේ 1989 අප‍්‍රියෙල් මස පසළොස්වක් පොහොය දිනක යාල උද්‍යානයේ රාත‍්‍රී කාලයේ පැරණි බූතවසංචාරක බංගලා නිවහන ඉදිරිපිටදීය.

නියමිත මුදල ගෙවා යාල උද්‍යානයේ බුතව (පැරණි) බංගලාව දින තුනකට වෙන්කරවා ගත් ලක්‍ෂමන් සිය බිරිඳ වජිරා, දරුවන් සහ සමීප මිතුරන් කණ්ඩායමක් සමග බුතව බංගලාවේ පදිංචියට පැමිණියහ. කණ්ඩායමේ මාර්ගෝපදේශක වනසත්ව නියාමක (ඬේවිඞ්ගේ පුත්) සුජීව විය. යාල වනෝද්‍යානයේ භාරකරු වූයේ මමයි.

සිරිත් පරිදි  ලක්‍ෂමන්, වජිරා සහ දරුවන් හමුවීමට ඔවුන් පැමිණි දිනම මම රාත‍්‍රී 8.00 පමණ බුතව බංගලාවට පැමිණියෙමි. ජීප් රථයෙන් බැසගත් මා කෙළින්ම ගියේ කිසියම් කරුණක් වීමසීමට බංගලා භාරකරු හමුවීමට මුලූතැන් ගෙයටය. එකෙනෙහිම කිසියම් කෙනෙකු උස්හඬින්  කතා කරමින්’’ හා පුළුවන් නම් සුජීව. අර ගල උඩ වතුර ටැංකියට වතුර බොන්න යන අලියා ළඟට.. යනවා කෝ.. ‘‘නියාමක සුජීවට අභියෝගයක් එල්ල කළ බව මට ඇසුනි. ඒ මගේ මිත‍්‍රයාගේ කටහඬ නොවන බව මම හඳුනා ගතිිමි. ‘‘අලියා ළඟටම යන්න  ඕනැද?’’ එසේ ඇසුවේ සුජීවයි. ‘‘ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් (රු. 5000/=) දෙනවා.’’ තවත් කෙනෙක් සුජීව දිරිගන්වමින් කෑ ගැසීය. මා පැමිණ සිටින බව කණ්ඩායමේ කිසිවකුත් දැන සිටියේ නැත. මෙම සංවාදය මුළුතැන් ගෙයි සිට අසා සිටි මම වහා බංගලාවේ ඉදිරිපසට ගියෙමි. මගේ මිත‍්‍රයා ලක්‍ෂමන් නෙත්තිකුමාර ඇතුලූ පිරිස මා පැමිණ සිටින බව දැනගත්තේ එවිටය. මා දුටු  ලක්‍ෂමන් ‘‘හා... විල්සන්.. කොයි වෙලාවෙද ආවෙ... වාඩිවෙන්න... මොනවද බොන්නෙ’’ විමසීය. මම කිසිත් නොදොඩා අසල තිබූ පුටුවක හිඳ ගතිමි.
බංගලාව ඉදිරිපිට ගල්තලාව සහ අවට වනාන්තරය සඳ එළියෙන් නෑවී ඇත. මුහුදේ රැුල පහර ගල්පරවල හැපෙන ශබ්දය ද මට ඇසේ.. සුජීව කොහිදැයි මම විපරමින් අවට බැලූවෙමි... මම ප‍්‍රමාද වැඩිය ඒ වන විටත් ඔහු ගන්තලාව ඉහළට නිසොල්මනේ ඇවිද යන දැවැන්ත අලියා සමීපයට ඉක්මන් පියවර තබමින් යන ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ගමන වළක්වාලීමට මා විසින් ඒ අවස්ථාවේ කෑගැසීම අන්තරාදායක විය හැකි බැවින් මම එසේ නොකළෙමි.

මා අසතුටින් සිටින බව දුටු ලක්‍ෂ්මන් මගේ මිත‍්‍රයා ‘‘අපි දන්නෙ නැහැ... විල්සන්  බංගලාවට ඇවිත් සිටි බව’’ යයි කීය.

‘‘දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. සුජීව ගල්තලාවෙන් පහළට ආපුවාවෙ කෝ...’’ මගේ සිත තුළ ජනිතව ඇත්තේ සියුම් කෝපයකි. බැරි වෙලාවත් සුජීවට අනතුරක් සිදු වුවහොත් මට එය විශාල ගැටළුවක් වනු ඇත.

වයස අවුරුදු පණහක් පමණ වන මෙම අලියා කාලාන්තරයක් තිස්සේ දිනපතා රෑ බෝ වූ පසු ‘‘බුතව’’ බංගලාව ඉදිරිපිට පිහිටා ඇති ගල් තලාව ඉහළටම ඇවිද ගොස් ඒ මත ඉදිකොට ඇති බංගලාවට ජලය සැපයෙන වැසි වතුර ටැංකිය තුළට තම හොඬ වැල බහා සිත්සේ පිපාසය සංසිඳුවාගනී. බංගලාව ඉදිරිපිට ඇති නෙලූම්,  ඕලූ සහිත ‘බුතව වළේ’ වතුර මඩ සහිත බැවින්, දිනපතා එය පසු කරමින් අලියා ගල්තලාව ඉහළට ගොස් ටැංකි ජලයෙන් පිපාසය සංසිඳුවාගනී. අලින් මඩවතුර නොබොන බැවින් නියං සමයේ දී ඉව අල්ලමින් පැහැදිලි ජලය සොයාගෙන ඉතා ඈත දුර බැහැරට යති.

මේ වන විට බංගලාවේ සිටි පහළොස්  දෙනෙකුගේ පමණ ඇස් යොමු වී ඇත්තේ ගල ඉහළට ඇවිද යන අලියා සහ ඔහු පසුපසින් කඩිනමින් යන සුජීව වෙතය. පැහැදිලි සඳ එළිය හේතුවෙන් දහවල් මෙන් සියල්ල මනාව දර්ශනය වේ. වැසි ජල ටැංකිය සමීපයට ගිය අලියා තම හොඬවැල දියට පහත් කොට එක උගුරක් තම මුව තුළට ගත්තා පමණි... අලියා සහ සුජීව අතර දුර යාර 15-20 පමණය. ක්‍ෂණයකින් අලියා දිය බීම පසෙක තබා සුජීව දෙසට හැරුණි. තම හොඬවැල අග මුව තුළට ගති. කන්පෙති දෙක කෙලින් කරගෙන සුජීව දෙසට මුහුණට - මුහුණලා බලාගෙන මොහොතක් නිසොල්මන් විය. තව නිමේශයකින් අලියා සුජීවට පහර දීමට ඒකාන්තයෙන්ම හඹා යන බව මම දැන සිටියෙමි. සුජීවගේ ගමනේ වේගය අඩු වී ඔහු ඉතා සෙමින් අලියා දෙසට පියනගන්නට විය. එවිට එක්වරම වනාන්තරය දෙවනත් කරවන සුලූ අති භයංකර මහා ශබ්දයක් මුවින් පිටකරමින් අලියා හොඬවැල උස්සාගෙන සුජීව කරා පහරදීමට හඹා එන්නට විය. අලියාගේ හඬ නිසෝල්මන් වනාන්තරයේ දෝංකාරය දුනි. එකඳු අඩියක් පස්සට නොගත් සුජීව තම දකුණත අල්ල ඇඟිලි දිගුකොට ඉදිරියට හඹා එන අලියා දිසාවට යොමු කරගෙන ශබ්ද නගා මන්ත‍්‍රය මතුරන්නට විය... ‘‘ ඕං..... සංසාර.... දිරි ආදී වශයෙන් තම පියාගෙන් උගත් අලි මන්ත‍්‍රයෙන් නැවත නැවතත් ශබ්ද නගා මතුරන්නට විය.

සුජීව ආසන්නයටම දිව ආ අලියා තම හොඬවැල පහත් කොට සුජීවට පහර නොදී හෝ පහර දීගත නොහැකිව පසෙකට හැරී ඉතා වේගයෙන් ගල්තලාව පහළට දිවගියේ විකාරයෙන් මෙන් ‘බුතව වළ’ හරහාය. ඒ දිවගිය ආකාරයට ‘‘බුතව වළේ’’ (Buttuwa Pond) දියයට සිටි කිඹුලන් දෙතුන් දෙනෙකුගේවත් හිස් කබල්, ඉළ ඇට අලියාට පෑගී උන් මිය යන්නට ඇතැයි මට සිතුනි.

දිව ගිය අලියා පෙනෙන්නටවත් නැත. සුජීව ජයග‍්‍රාහි ලීලාවෙන් ගල පහළට වුත් ඔහුට අභියෝග කළ සහ රු. 5000/= ත්‍යාගය දීමට පොරොන්දු වූ අය අසලින් වාඩිවිය. එකෙණෙහිම මගේ මිත‍්‍ර ලක්‍ෂ්මන් නෙත්තිකුමාර සුජීව වෙත ගොස් කනට කොඳුරා කුමක්දෝ කීවේය. ඒ මම බංගලාවට පැමිණ සිටින පුවත විය යුතුය.

ඒ සැණින් මා අසලට පැමිණි සුජීව ‘‘සර්... කොයි වෙලාවෙද ආවේ... මම දැනගෙන සිටියෙ නැහැ සර්... ඉන්න බව...’’ යයි මා ඇමතීය. මම ඔහුට දැන්වූයේ ‘‘බැරි වෙලාවත් සුජීව ඔයාට අලියා ගැහැව්වා නම්... මට මගේ රැුකියාවත් අහිමි වෙනවා.. මීට පස්සෙ මම ඉන්න තැනක ඔය වැඬේ කරන්න එපා’’ යනුවෙන් මම ඔහුට අවවාද කළෙමි. සුජීව මේ වන විට සේවය කරන්නේ කතරගම උතුරින් පිහිටි ගාල්ගේ අඩවියේය. ඔහු අති දක්‍ෂ වනෝද්‍යාන මාර්ගෝපදේශක කෙනෙකි.


(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්

විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු

ඊමේල් [email protected]

ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා



අදහස් (0)

මන්තර බලයෙන් අලියා මෙල්ල කළ හැටි

වාසල Saturday, 05 October 2013 05:10 PM

මේ තොරතුරු ඇතුලත්කර ඔබතුමාගේ අත්දැකිම් එක්ක පොතක් ලියන්න. ඒක ගොඩක් වටින එකක් වේවි, ඔබතුමාලා, පර්සි මහතා( මා අසා ඇති පරිදි විල්පත්තුවේ සිටි ) වැනි නිළධාරින් නිහඩව සහ අනේක බාධා මැද ඉටුකළ සේවාව මෙන්ම ලද අත්දැකීම් මතු පරපුරට ලබාදිමෙන් තවත් ආකාරයකින් තම සේවය රටට ලබාදිමට හැකිවේව්.(නදී)

:       0       0

චාන් Saturday, 05 October 2013 08:57 PM

නදී දර්ශනී ,පසුගිය දිනවල වැඩ පෙන්නුවා වගේ මෙයත් කරලා පෙන්නන්න පුලුවන්ද?(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 06 October 2013 12:55 AM

සියුම් සතුටකින් මා හද පිරීගියා (නි)

:       0       0

විභූති Sunday, 06 October 2013 04:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ශර්මිලා Sunday, 06 October 2013 06:39 AM

මේ වගේ ලිපි හරි ලස්සනයි. කියවන්න ආසයි (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 06 October 2013 05:13 PM

නියම ලිපියක්...හරිම ආශ්වාදජනකයි කියවනවිට....තවත් මෙවැනි අත්දැකීම් ලංකාදීප සමග බෙදාගන්න..(නදී)

:       0       0

ලක්මාල් Sunday, 06 October 2013 05:21 PM

ඇත්තටම ලස්සන ලිපියක් වාසල ඔබගේ කතාව හරි මේවා මතු පරම් පරාවට ලබාගන්ඩ පොතක ලියන්ඩ .(නදී)

:       0       0

ලංකා පුත්‍ර Monday, 07 October 2013 06:42 PM

ලෝකේ වටේම දුර කිලෝ මීටර් 37000 යි. ඉතින් කොහොමද හැතැප්ම ලක්ෂ ගානක් ඈතට ගියේ, හඬටද ..? (නදී)

:       0       0

අමිල Tuesday, 08 October 2013 01:17 PM

වෙන රටවල පාරම්පරික දෑනුම කාලයත් සමග දියුණු වෙනවා. ඒත් ලංකාවෙ දෑනුම පරිහානියට පත් වෙනවා. ගුරු මුෂ්ටි නැතුව දෑනුම පරම්පරාවෙන් නොලැබීම දුකක්. (නි)

:       0       0

නාමල් Thursday, 10 October 2013 07:59 AM

මේ මන්තර උගන්නලා දවස ගානේ මැරුම් කන අලිත් මිනිස්සුත් ගළවාගන්න විදියක් පටන් ගන්න. ඒක පිනක් වගේම නැතිවී යන දුක් විඳින අලින් රැක ගන්නත් තිබෙන මගක්. මෙයට රටේ හුඟ දෙනෙක් සහාය දෙයි. කරුණාකර මේ ගැන සිතා බලන්න. ක්‍රියාත්මක කිරීමට නායකයන් නැතිකමයි ප්‍රශ්නය වන්නේ. දැනුම ති‍බෙනවා රට තුළම. (නි)

:       0       0

දිලංකා Thursday, 10 October 2013 04:04 PM

හොද ලිපියක් මේවා කියවන්න ආසයි. ඔයාට සුභ අනාගතයක්.(දිල්)

:       0       0

විදුරංග Friday, 11 October 2013 08:41 AM

වන විනාශය නැවැත්තුවේ නැත්නම් රටම ලෝකෙම විනාශ වෙනවා ඉක්මනින්. ඉඩම් අයිතිය නොදී මේ තරම් විනාශයක් වෙනවා නම් දුන්නම කොහොම වෙයිද? ඊට පෙර මොනවා හරි කරලා පාලකයන්ට වටහලා දෙන්න බලය ලැබුනේ ඇයි කියලා? හුඟක් අයට අමතක වෙලා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site