කාන්තාවන්ට අතවර කිරීම් පිළිබඳ සිදුවීම් අතිවිශාලය. සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තා හිංසනයන් සිදුවන බව අපට දිනපතා අසන්නට දකින්නට ලැබෙන දෙයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආරක්ෂක අංශ, පොලිසිය, හෙද සේවය මේ සියල්ලකම ඇතැම් කාන්තාවන් විවිධ අංශයෙන් අතවරයන්ට මුහුණ දෙන බව වාර්තාවෙයි. එහෙත් දේශපාලන ලෝකයේද මෙවැනි අතවර සිදුවන බවට මේ මෑතකදී අනාවරණය වූයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහා සභාව රැස්වූ අවස්ථාවේය. එහි වෙබ් අඩවියේ පළවූයේ ශ්‍රී ලංකාවේද එවැනි දෑ සිදුව ඇති බව ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්ද මාධ්‍යයෙන් වාර්තා විය.
“-ඉරිදා ලංකාදීප”ය උපේක්ෂා ස්වර්ණමාලි සහ හිටපු ඇමැතිනී රෝසි සේනානායක යන මහත්මීන්ගෙන් කළ විමසුමකි.
අදටත් අපි ජීවත්වන්නේ මාතෘ මූලිකත්ව සමාජයක නෙවෙයි. කවුරු මොනව කිව්වත් මේක පීතෘ මූලික සමාජයක්. රැකියාවකදීත් උසස්වීමකදීත් මේ තත්ත්වය කාන්තාවන් සියලු දෙනාටම බලපාන දෙයක් ලෙස පෙන්විය හැකියි.
මේ නිසාම අපි කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ කටයුත්තට මුල් වුණා. මානව හිමිකම් නීතිය ඇතුළු සියලු අංශවලට අදාළ කරුණු ඒ යෝජනාවලියට ඇතුළත් වුණා. දැන් ඒ යෝජනාවලියෙන් සියයට 80ක් වත් ක්‍රියාත්මක කර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.
පසුගියදා ක්‍රිකට් ආයතනයෙන් කාන්තාවක් ලිංගික පීඩාවට පත්වී ඇති බව වාර්තා වුණා. ලිංගික හිංසනය සිදුවෙනවා. මම පාර්ලිමේන්තුව නියෝජනය කරද්දි සිදුවූ දේවල් තියෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නෙ -මම කැමැත්තෙන් ඉදිරිපත් වෙනව ඔබට පිළිතුරු දීමට ඔබ වැනි සුන්දර කාන්තාවකට පිළිතුරු දීමට යනාදි වශයෙන් ප්‍රකාශ කරන ඇමැතිවරු හිටියා. මම සුරූපී නිසා නෙවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියක් ලෙස මමත් ඒ අය හා සමාන තලයක සිටින බව සිතා පිළිතුරු දිය යුතු වෙනවා. මගේ සුරූපී බව හෝ මම ගැහැනියක් නිසා හෝ විහිළු තහළු කරමින් මගේ ප්‍රශ්නයට පිළිතුරුදීම වැරැදියි.
මේක හැම තැනටම බලපානවා. මේ බලපෑම නිසාම ව්‍යවස්ථාවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීමට යෝජනා කළා. මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 2013 දී එය ඉදිරිපත් කළ අවස්ථාවේ අඩු වශයෙන් සභාගත කිරීමටවත් ඉඩ දුන්නෙ නැහැ. පිරිමි ඒ තරමට බයයි. දක්ෂ කාන්තාවන් ඉදිරියට එනවට පිරිමි බයයි. අපේ පක්ෂයෙ නායකතුමා මට උදව් කරල ඒ යෝජනාව පසුව සභාගත කළා. අපි ගේන යෝජනාවක් ගැනවත් සැලකිලිමත් නොවුණා පමණක් නොව පාර්ලිමේන්තුවෙවත් නිසි තැනක් ලැබුණේ නැහැ.
පාර්ලිමේන්තුවෙදි මම කතා කරන විට ඇතැම් අවස්ථාවල උසුළු විසුළු කළ අය ඉන්නවා. ප්‍රශ්නයක් අහන්න නැගිට්ටම සුදුසු නැති කතාවක් කියනවා. පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකත් ඒ වගේ දේවල් සිදුවීම ගැන කනගාටු වෙනවා.
අද පාර්ලිමේන්තුවට තේරීපත්වෙන අය ගැන හිතුවම ඒ ගැන වචන දෙකක් නැහැ. ඒ අයගේ අසාමාන්‍ය ලෙස හැසිරීම සාමාන්‍ය දෙයක් වෙලා.
බිම් මට්ටමේ කර්මාන්ත අංශවල සේවය කරන කාන්තාවන් පවා රැකියා ස්ථානවලදී මඟ තොටේදී ගෙදර දොරේ සිදුවන ලිංගික හිත් පීඩාවන් හැම තැනදීම මුහුණදීමට සිදුවෙනවා.
ප්‍රශ්නයක් අසනවිට හෑල්ලුවට ලක් කළ අවස්ථා ඇතිවූයේ මම රෝසි සේනානායක නිසාද? මම ඕනෑ ප්‍රශ්නයකට මුහුණදීමට සූදානම් කාන්තාවක් නිසාද? කියල කියන්න දන්නෙ නැහැ. මට ගරුත්වයක් තිබුණා. මට කායික වශයෙන් කාගෙන්වත් බලපෑමක් තිබුණේ නැහැ. අදත් කාන්තාවක් වූ පමණින් හෑල්ලුවට පත් වෙනවා. කාන්තාව වැදගත් නැහැ කියන ස්ථාවරයක පිරිමි අය ඉන්නෙ.
බොහෝ ස්ථානවලදී බරපතළ තීන්දු තීරණවලට එළඹිය හැක්කේ පිරිමින්ට පමණක් යන මතය සමාජයෙ තියෙන්නෙ. මේ මතයෙන් අප මිදෙන්න අවශ්‍යයි.
මම පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කළේ කාන්තාවගෙ අයිතීන් ආරක්ෂා කිරීමට. මගේ පරාජය කාන්තාවගෙ පරාජයක්. කාන්තාවට ඡන්දය නොදෙන එක ගැන මා දුක් වෙනවා.
රෝසි සේනානායක ලෙස මගේ ප්‍රතිරූපය නිසා කිසියම් දෙයක් පහසුවෙන් කර ගැනීමේ හැකියාව මට තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී සමහරු කථා කරන විලාසය වෙනස්. මම තනතුරු ගණනාවක සේවය කළා. එහෙත් බොහෝ විට වේදිකාවලදී තවමත් රූප සුන්දරී කියල කියන අවස්ථා තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් තවමත් බලනවා. ඒක ජීවිතයෙ එක් එක් මංසන්ධිවලදි ගමන් කරන ඒ අවස්ථාවන්. සමාජයට යම් සේවයක් කරල තියෙනවා නම් ඒක ඉස්මතු කරන්නෙ නැහැ.
ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම ඉතාම පහත් තත්ත්වයකින් පවතින්නෙ. හැමෝම නොවෙයි. ඇතැම් අයගෙන් ලිංගිකත්වය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුව තුළදීත් හිරිහැර සිදුවෙයි. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට මුහුණදීමට වන අවස්ථා ද වුණා.
විශේෂයෙන් දේශපාලනය වෙනත් ක්ෂේත්‍රවලට වඩා විශේෂිත එකක්. ආගමික අංශ සංස්කෘතික අංශවලට වඩා වෙනස්. දේශපාලනය විවිධාකාරයි. විවිධ අංශවලට විහිදෙන ක්‍ෂේත්‍රයක්. ජනතාවට සේවය කිරීමේදී දේශපාලකයා ගැහැනියක්ද පිරිමියෙක්ද කියා බලපාන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සේවාවයි.
ඒ සේවය ඉටු කිරීමේදී මන්ත්‍රීවරියකට මුහුණපෑමට සිදුවන විවිධ දුෂ්කරතා තිබෙනවා. එහිදී ඇතැම් අවස්ථාවල මන්ත්‍රීවරියක් වශයෙන් මම අසීරුතාවයන්ට පත්වූ අවස්ථා බොහොමයකි. ඇතැම් දේශපාලනඥයන් බලය ඉස්මතු කර ගැනීමට උත්සාහ කළ අවස්ථා ද විය.
මා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ විවාහක කාන්තාවක් ලෙසටයි. ඒ අවස්ථාවේ මට තිබූ පිළිගැනීම හා මා දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. දික්කසාදයෙන් පසු ඇතැම් දේශපාලනඥයන් මට අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. තවත් අය ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට යෝජනා කළා. එවැනි යෝජනා කළ අය විවිධ මාර්ගවලින් මා කොටුකර ගැනීමට උත්සාහ කරන අයුරු පෙනී ගියා.
ඇතැම් අය මට ඔවුන්ගේ කාර්යාලයට එන ලෙස ආරාධනා කර සිටියා. තවත් අය විදේශ සංචාරවලට මා රැගෙන යාමට උත්සාහ කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට දුරකථනයෙන් කතා කරන ලෙස ප්‍රකාශ කළා. එවැනි අත්දැකීම් මා ලබා තිබෙනවා.
මා නැවත වරක් ප්‍රකාශ කළ යුතුයි හැමෝම මෙහෙම නැහැ. ඉතා උසස් ලෙස මන්ත්‍රීවරියන්ට ගෞරවය දක්වන දේශපාලනඥයන් සිටින බව කිව යුතුයි.
මෙවැනි තත්ත්වයට පත්වූ පිරිස අතළොස්සක්. ඒ සුළු පිරිසගේ හැසිරීම කතාබහ බොහොම කනගාටුදායකයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ටත් ලිංගික හිංසන හිටපු මන්ත්‍රිනි රෝසි - උපේක්ෂා කියන කතාව
රාජේශ්ඛන්නා Wednesday, 09 November 2016 08:33 AM
අම්මා තරම් උත්තරීතර කෙනෙකු නැත. ඒ අම්මා ගැහැණියක් නිසාම නොවේ. මෙහි දී සිදුවන්නේ අම්මා සහ ගැහැණිය පටළවා ගනිමින් අදහස් දැක්වීමට ගන්නා අසාර්ථ උත්සාහයකි. ගැහැණියට හිමිවිය යුතු තැන අහිමිවී ඇත්නම් ඒ පිරිමින් නිසාමද නොවේ. ඒ ගැහැණියකගේ දියුණුවට වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරනුයේද ගැහැණුන්ම වීමය. එය පිටට නොපෙනෙයි. පිරිමින් කරන දේ පමණක් පිටට පෙනෙයි (නි)
දිලිනි Monday, 21 November 2016 05:16 AM
රණසි ගැහැනියක් වෙලා තියෙන්නේ අනිත් ගැනුන්ගේ කරුමයකටද කොහෙද. (බ)
දිලිනි Monday, 21 November 2016 05:13 AM
කඳ බඩ මිස ඔලුවක් තියෙන එකෙක් ඔතන ඉන්නවද. පුදුම වෙන්න දෙයක් නැහැ. (බ)
දහම් Friday, 18 November 2016 04:32 PM
අපිට නම් තවත් කතා ඕනෑ නැහැ (නි)
ගයාන් සංජීව Friday, 18 November 2016 04:15 PM
කාන්තාවකගේ අගය මේ මිනිස්සු හරියට දන්නේ නැහැ. (නි)
විජේපාල Friday, 18 November 2016 03:23 AM
අපි නම් ඔය කවුරු කවුරු ගැනත් දන්නවා
ජීවා Thursday, 17 November 2016 07:53 PM
මේ වගේ පිරිහුණු රටක රෝසිලා පබාලා ඔහොම බේරිලා ඉන්නවා ඇති (නි)
ජෙරමි Tuesday, 15 November 2016 03:17 AM
අපි නොදන්නා කට්ටිය!
අජිත් Sunday, 13 November 2016 02:27 PM
මේ දෙන්නම දැන් පරාදයිනේ. අනික අපි නොදන්නා මේ දෙන්නා. (නි)
නුවන් Sunday, 13 November 2016 11:47 AM
රන්සිගේ කතාව මමත් අනුමත කරනවා. මෙතැනදී පිරිමි අය බලන්නේ හැම කාන්තාවක්ම වරදේ බැඳෙනවා කියලා අවස්ථාවක් ආවහම. වරදේ බැඳෙන කෙනා හරියටම අල්ල ගත්තහම පිරිමින්ගේ උත්සාහය හරියනවා. මෙහිදී පිරිමියාගේ සල්ලි වලට, රැකියාවට, ජනප්‍රියත්වයට, බලපුළුවන්කාරකම් වලට කාන්තාවන්ගෙන් මුල් තැනක් ලැබෙනවා. සමාජයේ ඕනෑතරම් උදාහරණ තියනවා මේවට. (නි)
සෆර් Friday, 11 November 2016 07:27 PM
මන්ත්‍රී වරියන්ටත් මෙහෙමනම්, හිතන්න මන්ත්‍රී වරුන්ගාව උදව් ඉල්ලලා යන සාමාන්‍ය කාන්තාවන්ගේ තත්ත්වේ කොහොමද කියලා. උදව් කරන්න මොනතරම් ලිංගික අල්ලස් වලට ගොදුරු වෙනවඇත්ද. මන්ත්‍රී වරයා , ඊට පස්සේ ලේකම් වරයා , කාර්යාලේ පියන් වරයා දක්ව යනවා ඈත්ද. ඕකට ඇහින් දකපු සාක්ෂිකරුවෙක් වශයෙන් කියන්නේ (අ).
රන්සි Friday, 11 November 2016 02:23 AM
ගැහැණුන්ට හිංසන වලට මුහුණදීමට සිදුවන්නේ එයාලගේ වැඩ නිසාත් එයාගේ පැවතුම් නිසාත් මිස කාගේවත් වරදින් නොවේ. ගැහැණියක කියා අම්මාට සළකන සැළකුම් හැම ගැහැණියකටම දෙන්න බැඳිලා නැහැ නේද. (නි)
සොපි Thursday, 10 November 2016 04:33 AM
මේ අය මේ විදියට අදහස් ප්‍රකාශ කිරීම ගැන සතුටුයි . (ම)
මාලක Thursday, 10 November 2016 01:26 AM
මේක කොහොමත් ඉතින් අමුතුම රටක්නේ (නි)
ලසන්ත Monday, 07 November 2016 12:23 PM
මේක හොඳ ලිපියක්.(හේ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 08 November 2016 11:44 PM
මේ හැමදෙයකටම මුල අම්මා ගැහැණියක් බව අමතක කිරීමයි. මිනිසා වානරයාගෙන් පරිණාමය වූ බව පිළිගැනීමෙන් මිනිස්කමට ලොකු හානියක් නොවුනත් "සුනඛයා" මිනිසාගෙන් පරිණාමය විය හැකිය යන්න විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට බැරි වුවත් එදිනෙදා චර්යාවෙන් කදිමට පෙන්වා දී ඇත. (නි)
රූපවතී Tuesday, 08 November 2016 07:04 PM
පිටිගල මිලානෝ මහත්මයා, ඔබේ කියමන 100% සත්‍ය බව සනාථකරමින් ඔබට මගේ දෙඅත් එක්කොට ආචාර කරමි ..!!! (නි)
ආරියරත්න Tuesday, 08 November 2016 05:03 PM
අපිට නම් පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
රූපවතී Tuesday, 08 November 2016 10:36 AM
ඔව්! රෝසි සේනානායකගේ කතාවේ ගැබ්වූ ලොකු අර්ථයක් තියෙනවා. කාන්තාවගේ අයිතීන් හා පවුලෙන් මෙන්ම සමාජයෙන් ඇයට ලැබෙන ගරුත්වය කෙබඳුද ඒ ගරුත්වය මීටවඩා ආරක්ෂා කරගැනීමටත් කාන්තාවට මේ ලෝකේ පිරිමියාටත් වඩා වැඩි වැඩකොටසක් කරගෙන යාමට ඇය ශාරීරිකවත් මානසිකවත් හොද ස්ථානයක සිටිනා වග මේ දේශයේ බහුතරයක් පිරිමින්ට ඒත්තු ගැන්විය යුතු බව ඇය කියනා ඒ කතාව 100%ක් ම සත්‍ය බව මාද ප්‍රකාශ කරමි ...! (නි)
අනුල Tuesday, 08 November 2016 09:05 AM
අනේ මන්දා මේක පුදුම රටක්
පිටිගල මිලානෝ Tuesday, 08 November 2016 07:49 AM
පාර්ලිමේන්තුවට තේරී පත් වන අය පමණක් නොව මෙය ලංකාවේම බහුතරයක් පිරිමින්ගේ ඇති නිවට ස්වභාවයයි. රුපයෙන් සහ බොහෝ අංග ලක්ෂණ වලින් ලංකාවේ කළු කොට බඩ ඇති පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින යුරෝපීය මිනිසුන් ගැහැණියට ගෞරවයක් දක්වයි. මවට එක් අකාරයකටත් තම බිරිඳට හෝ පෙම්වතියට හෝ තම කාර්යාල සහයිකාවට විවිධ ආකාරයට ඔවුන් ගරු කරයි. යුරෝපීයන් සමග විවාහ වී ඇති ලංකාවේ ස්ත්‍රීන් හැම අතින්ම තෘප්තිමත් ජීවිතයක් ගත කරන අතර ලාංකිකයන් හා විවාහ වුණ සමහර ස්ත්‍රීන් තම නිවසේම දාසියක් ලෙස ජීවත් වෙයි.(ම)
බන්දුල. Tuesday, 08 November 2016 06:40 AM
හැදියාව, උගත්, නුගත්, හැමෝම එකතු වුණාම චාරයක් නැති අයත් ඉන්නවනේ, ගැහැනියක් දැක්කම කුලප්පු වෙන මානසික ලෙඩ්ඩු එහෙත් ඇති....! වැදගත් ලිපියක්.(අ)
ද සිල්වා බර්ලින් Monday, 07 November 2016 07:16 PM
ලංකාවේ මිනිස්සු වැඩි හරියක් මනාපය ගහන්නේ උගත්කම් ගුණයහපත්කම් අවංකකම් ගැන බලලා නොවේ. ලංකාව දිනෙන් දින පරිහානියට යන්න ප්‍රධාන හේතුවකි මේක. මේක කවදා වෙනස් වේවිද? (නි)
ඩී.උපුල් Monday, 07 November 2016 05:38 PM
කුණුහරුපෙන් පවා බැනගන්නා අපේ රටේ පාර්ලිමේන්තුව උත්තරීතරද? (නි)
සන්දලී -ටෝකිඕ Monday, 07 November 2016 03:12 PM
අපේ රටේ හඩක් නගන කාන්තවන්ටත් එරෙහිවන නිල්මිනිල වගේ රට හරක් ඉන්නවා,,අපි උගත් කාන්තාවන් හැටියට මින්පසු පෙළ ගැහි එක් වෙමු,කන්තාවෝ තමයි තොටිල්ල නලවන දෙඅතින් රජවරු හදන්නෙත් (අ)
නිල්මිණි-ජපානය Monday, 07 November 2016 02:14 PM
සමහරුන්ට නම් ලොතරැයිත් ඇදෙද්දී සද්ද නැතිව ඒ අකටයුතු කම් වෙනුවෙන්ම පෙනීසිටල දැන් බොරු කයිවාරු ගහනවා වගෙයි. (බ)
අශිකා Monday, 07 November 2016 02:09 PM
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ දැන් වැඩි හරියක්ම ඉතාමත් නුගත් සහ ගම්වල උන්නු චන්ඩි සහ ,වැදගත් පවුල් පසුබිමක් නැති පිරිසක් ඉතින් එහෙම උන්ගෙන් අපිට උත්තරීතර දේවල් බලාපොරොත්තු වෙන්න බෑ (බ)