X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


මරණයට අභියෝග කරන පරකාය ප්‍රවේශය

සියල්ල හැරදා යා යුතු ගමන මරණයයි. ලොව සියල්ලෝම ඒ ගමන යා යුතුය. කවදා කවර වෙසෙකින් හමුවේදැයි නොදනිතත් ජීවිතයේ කවදා හෝ කවර තැනකදී හෝ මරණය හමුවීම නියතයකි.

නියත දහම ලෙස වෙන් වී යන්නට දිනය පැමිණෙන තෙක් අප ජීවත්වීම තුළ කරන්නේ තම අභිමතය හා සිතුවිලි ඔස්සේ ජීවිතය සොයා යාමය.
ඉකුත් සතියේදී අපි කය හැර යාම පිළිබඳව කතා කළෙමු. අද අප කතා කරන්නේ පරකාය ප‍්‍රවේශය පිළිබඳවය. යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරමින් සමවතට සමවැදෙන ඍෂිවරුන්ට පරකාය ප‍්‍රවේශය ඔස්සේ තවත් කාලයක් මොලොව ජීවත් වෙන්නට විවරණ හිමිවේ.

මරණය ජයගන්නට හැකි ක‍්‍රමවේද පිළිබඳව ඍෂිවරුන් දිගු කාලයක් මුළුල්ලේ කළ අධ්‍යනයන්හි එක් ප‍්‍රතිඵලයක් ලෙස පරකාය ප‍්‍රවේශය සඳහන් කළ හැකිය.
පරකාය ප‍්‍රවේශය යනු තවත් ශරීරයකට ඇතුළු වීමයි. එහෙත් පරකාය ප‍්‍රවේශය සාමාන්‍යයෙන්  ඕනෑම අයකුට කළ හැකි දෙයක් නොවේ. ඍෂිවරුන්ට සහ සිත දියුණු කරගත් භාවනා යෝගියකුට මනෝමය කයින් වෙනත් මනුෂ්‍යයකුගේ සිරුරට ඇතුළු වී ඒ සිරුර පාලනය කරමින් සිටීමේ හැකියාව ඇත. එවිට ඒ සිරුර මෙහෙයවන්නා බවට පත්වන්නේ මනෝමය කය හිමි ඍෂිවරයා හෝ භාවනා යෝගියාය.

පෙර දවස වැඩ උන් ඍෂිවරුන් අධාර්මික රජවරුන් පහළව අධාර්මිකව පාලනය මෙහෙයවද්දී ඒ රජවරුන්ගේ සිරුරට ඇතුළු වී ඒ රජු මෙහෙයවමින් ධාර්මික පාලනයක් කෙරෙහි රජු මෙහෙය වූ බව සඳහන් වේ. ඍෂිවරුන් හා භාවනා යෝගීන් කිසිදු විටෙක තවකෙකුට අවැඩක් කරනු පිණිස පරකාය ප‍්‍රවේශය ප‍්‍රයෝජනයට නොගැනීමද මෙහිලා සටහන් කර තැබිය යුතු විශේෂ කරුණකි.

පරකාය ප‍්‍රවේශය ඔස්සේ සැමට හිතසුව පිණිස වන මෙහෙවරක් කළ හැකිනම් එම මෙහෙවර සාක්ෂාත් කරනු පිණිස උන්වහන්සේලා ඒ හැකියාව ප‍්‍රයෝජනයට ගත්හ.

කාලය අනුව සියල්ල වියපත් වීම ස්වභාව ධර්මයේ නියමයයි. මොහොතක් පසා සියල්ල වෙනස් වෙයි. ක්‍ෂණයක් ක්‍ෂණයක් පසා සියල්ල මරණයට පත්වෙයි. සොබාදහමේ එකී කොන්දේසිවලට පිටුපා යන්නට මනුෂ්‍යයාට හැකියාවක් නැත. මරණය හා අබල දුබල බව මිනිසාට උරුම නියතයක් වන්නේද එබැවිනි.
ඍෂිවරුන්ටද දැන් තම ශරීරය දුර්වලය අබල දුබල තත්ත්වයට පත් වී ඇත යන්න දැනෙන්නට පටන් ගන්නා අවධියක් එළඹේ. එසේ දැනුණු විට ඒ ඍෂිවරුන් කරන්නේ තම කය හැර දමා මියගිය (මොළයේ සෛල මිය යාමට පෙර) තවත් ශරීරයකට ඇතුළු වී ඒ ශරීරය මෙහෙයවමින් ජීවත් වීමයි.

පුද්ගලයෙක් මරණයට පත්වීමේදී හදවත නිහඬවීමත් සමඟම මොළයේ ෙසෙල සියල්ලම එකවර මැරීයන්නේ නැත. හදවත නිහඬ වූවත් මොළයේ ෙසෙල සියල්ල මැරීයාමට තවත් කාලයක් ගතවේ. ඍෂිවරු කරන්නේ කවර හෝ හේතුවක් මත මරණයට පත් තරුණ - යකුගේ සිරුරේ මොළයේ ෙසෙල මිය යාමට පෙර තම අබල දුබල ශරීරය හැර ගොස් අර තරුණ ශරීරයට ප‍්‍රවේශ වීමය. මොළේ ෙසෙල මිය යාමට පෙර එම ශරීරයට ඇතුළු වී නැවත එම සිරුරේ ප‍්‍රාණය හා ඉන්ද්‍රිය අවදි කරවා එම ශරීරය මෙහෙයවමින් ජීවත් වීමට ඉඩහසර ඍෂිවරුන්ට ලැබෙන බව යෝග ශාස්ත‍්‍රයේ සඳහන්ව ඇත.

මගේ ගුරුවරයා වුණේ රාමා මහේෂ්තුමා. එතුමා බෝලේ බාබා නමිනුත් හඳුන්වනවා. රාමා මහේෂ් තුමා ශිෂ්‍යයෙක් ව සිටියදී එතුමාගේ ගුරුතුමා වුණේ බෙංගාලි බාබාතුමා, බාබාජි කියලාත් එතුමා හඳුන්වනවා.

එතුමා රාමා මහේෂ්තුමාව ඉගෙන ගන්න ඉන්දියාවේ තවත් ඍෂිවරයෙක් ළඟට යවා තියෙනවා. රාමා මහේෂ්තුමාට ඒ ඍෂිවරයා මුණ ගැහෙන්න යන්න කියපු දවස් වෙද්දි එතුමාට ඒ ඍෂිවරයා ළඟට යන්න බැරිවෙලා. ටික කලක් ප‍්‍රමාද වී තමයි ගිහින් තියෙන්නේ.

මම ඔබ පැමිණෙන තෙක් බලා සිටියා. එහෙත් ප‍්‍රමාද වැඩියි. මා දැන් ශරීරය අත්හරින්නයි හදන්නේ. ඍෂිවරයා ප‍්‍රමාද වී පැමිණි රාමා මහේෂ් තුමාට එසේ කියා තිබෙනවා.

රාමා මහේෂ්තුමා සහ ඍෂිවරයාණන් වහන්සේ එක ගල් ලෙනක ඉද්දි ගංගා ගඟ දිගේ මළ කඳක් පාව එමින් තිබුණා. ඔහු මිය ගොස් ඇත්තේ නයෙක් දෂ්ඨ කරමින් බව ඍෂිතුමා දැනගත්තා. ඒ වගේම ඒ වෙද්දී ඔහුගේ මොළේ සෛල මියගිහිල්ලත් නෑ. මේ ඍෂිවරයා ඒ මෙහොතේ තම කය ඇත්හැර ගිහින් ඒ ශරීරයට ඇතුළු වෙලා.

 

 

ඉන්පසුව මාස දෙකක විතර කාලයක් ගියාට පස්සේ රාමා මහේෂ් තුමාට අර ඍෂිතුමා කතා කරනවා ඇහිලා තියෙනවා. ඒ තම ගුරුවරයාත් සමග. ඔහු පැමිණි තිබුණේ අලූත් ශරීරයක් එක්ක. මා අඳුරන්න බැරිද? මම ඒ ශරීරය අත්හැරලා ගිහින් දැන් අලූත් ශරීරයක ඉන්නවා කියලා එතුමා කියලා මේ රාමා මහේෂ් තුමා එතුමාගේ ගෝලයන් වූ අපට කියූ කතාවක්.

බෝගානාතර් ඍෂිතුමාත් මේ විදියට තමන්ගේ කය අත්හැරලා ගිහින් මියගිය චීන තරුණයකුගේ ශරීරයට ඇතුළු වෙලා තියෙනවා. ඉන්පසු එතුමා කාය කල්ප ඖෂධය හදලා එය භාවිත කරලා වහැරෙන්නෙ නැතුව ඉන්න පුළුවන් තත්ත්වය ලබාගෙන තියෙනවා. ඉන්පසුව උන්වහන්සේ සොරුබා සමාධියට සමවැදිලා ඒ

රාමා මහේෂ්තුමා

ඖෂධයෙන් දිව්‍යමය ස්වභාවයට, බ‍්‍රහ්මකාය ලැබීමේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. චීන ජාතිකයන් චීන තරුණයකුගේ සිරුරක් තුළ ජීවිතය ඇරඹූ බෝගානාතර් ඍෂිවරයා හඳුන්වන්නේ බෝයගේ ඍෂි නමින්.

පරකාය ප‍්‍රවේශය දුර්ලභ අත්දැකීමකි. අභිඥාවැඩු, සිත දියුණු කළ පුද්ගලයන්ට හැරෙන්නට සාමාන්‍ය පුද්ගලයන්ට හිතු මනාපයට පරකාය ප‍්‍රවේශය ඔස්සේ

නව ජීවන ඇරඹුමකට මාර්ගය සකස්කර ගත නොහැකිය. පරකාය ප‍්‍රවේශයේදී තම ශරීරය තාවකාලිකව අත්හැර යන අවස්ථාවකදී නම් දැඩි අධිෂ්ඨානයකට එළඹ ශරීරය වටා පටලයක් සේ ආරක්‍ෂාව යොදවා තම ශරීරයට සියුම් ආත්මවලට ඇතුළු වෙන්නට නොහැකි ලෙස තම ශරීරයෙන් පිටව යයි. එසේ ශරීරය ආරක්‍ෂා කර ගිය විට නිරුපද්‍රිතව පවතින ශරීරය වෙත නැවත පැමිණෙන්නට පුළුවන.

හිමාලයේ යෝගින් ඇසුරේ යෝග ශාස්ත‍්‍රය හදාරන්නට ගිය අර්ජුන වික‍්‍රමාරච්චි මහතා යෝග ශාස්ත‍්‍රය ඇසුරේ ලද අත්දැකීම් පාදක කරගෙන අප විසින් සම්පාදනය කළ ලිපි පෙළ නිසාම යෝග ශාස්ත‍්‍රය හැදෑරීම කෙරේ උනන්දු වූ පාඨක ඔබ වෙනුවෙන් නොමිලයේ යෝගී වැඩ මුළුවක් පැවැත්වීමට ශ්‍රී යෝගි පදනම කටයුතු සංවිධානය කර ඇත.

එළඹෙන 01 වැනිදා උදේ 8.00 සිට සවස 3.30 දක්වා කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී අර්ජුන වික‍්‍රමාරච්චි මහතා මෙහෙයවන මෙම වැඩමුළුව පැවැත්වෙන අතර දුරකථන අංක:- 0775856479, 0777980578, 0777449254 සහ 0774437698 ඔස්සේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැනගත හැකිය.

(එළඹෙන සතියේදී අපි තෙවැනි ඇස පිළිබඳව කතා කරමු.)


 

සටහන - සංජීවිකා සමරතුංග

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05

හිමාලයේ යෝගීන් ඇසුරේ - 06

හිමාලයේ යෝගීන් ඇසුරේ - 07

 



අදහස් (5)

මරණයට අභියෝග කරන පරකාය ප්‍රවේශය

රංජිත් Sunday, 25 August 2013 08:34 PM

මේ පිළිබඳව වැඩි දුර හදාරන්න ක්‍රමයක් තියෙනවනම් දන්වන්න පුලුවන්ද.(නදී)

:       0       0

උපාලි Monday, 26 August 2013 01:38 PM

මෙම විස්තරය පිළිබඳව වැඩිදුර දැන ගැනීමට ක්‍රම මොනවදේ.එම ක්‍රම පිළිබඳව දන්වනවද? (ස).

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 27 August 2013 05:05 AM

මම දහම් පාසැල් ගියේ බම්බලපිටියට.මා දහම් පාසැල් යන අවදියේදී සමහර දිනවලට හාමුදුරුවන් අපට උගන්වනවා ,එක් දිනක් හාමුදුරුවන් අපට කියපු ලස්සන කථාවක් තියනවා, ඒ තමයි යෝග වඩන ඍෂිවරුන් දැකිමට අප හාමුදුරුවන් හිමාලය වනයට වැඩ, ඍෂිවරුන් බැහැ දැක ඇත. ඉන්පසු අප හාමුදුරුවන්, ඍෂිවරුන් සමග දින කීපයක්ම වාසය කර ඇත. පළමු දින අප නාරද හාමුදුරුවන් උදෙන්ම බඩගින්නට කෑම සදහා යමක් දෙන ලෙස ඉල්ලා ඇත. ඒ ගමන ඍෂිවරුන්ගේ හිස් පිගන් පිරි කෑම මේසයට ඍෂිවරුන් සුදු රෙද්දකින් වසා, ඉන්පසු අප හාමුදුරුවන්ට කියා ඇතතේ දැන් මේ සුදු රෙද්ද ඉවත් කොට බලන ලෙසය. අප හාමුදුරුවන් සුදු රෙද්ද ඉවත් කොට බලන විට තිබී ඇත්තේ සම්පුර්ණයෙන්ම පිරුණු පලතුරුය. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 31 August 2013 09:44 AM

අප දන්නා දේට වඩා,නොදන්නා දේ වැඩිය,මේ දේවල් ගැන වැඩිපුර දැනගැනීම සදහා පොත් පත් තිබේද,මේගැන වැඩි විස්තර ලබදෙනමෙන් කතෘ මණ්ඩලයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(අ)

:       0       0

Ruchira dilshan Sunday, 28 March 2021 02:56 AM

පරකාය ප්‍රවේශය සිදුකරමින් සත්ත්ව සිරුරු වලට ඇතුළු වූ පුවත් ඉතිහාසයේ සඳහන් වේ. ඒ පිළිබඳ විස්තරයක් දෙන්න. මෙම ලිපියට ස්තූතියි❤️

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site