මේ හෙළිදරව්ව කරන්නේ මරුසිරා සමග බෝගම්බර සිරමැදිරියේ එකට සිරබත් කෑ අයෙකි. ඔහු ගම්පහ ජේ.ඒ. මුනිදාස ජයසිංහ හෙවත් ගම්පහ මුනිදාසය. මේ වන විට හැත්තෑවන වියේ පසුවන මුනිදාස වසර 32 ක්ම බන්ධනාගාරයේ දී දඬුවම් ලබා සිරගත වූ අයෙකි.
මරුසිරා, චීනා, නවරියන් වැන්නන් සමග බන්ධනාගාරගතව සිටි මුනිදාස ගාල්ල, අනුරාධපුර, මහර, වැලිකඩ, මැගසින්, යාපනය හා බෝගම්බර යන සිරගෙවල්වල මෙම වසර 32ක කාලය ගතකර තිබේ. වරක් අනුරාධපුරයේ සිට ගම්පහ අධිකරණයට රැගෙන ආ මුනිදාස සමග එකට මාංචු දමාගෙන සිටියේ මීරිගම පදිංචිකරුවකු වූ ධර්මේ නැමැත්තෙකි. දුම්රියේ පැමිණ ගම්පහ දුම්රිය ස්ථානයෙන් බහින විටම මුනිදාස බන්ධනාගාර නිලධාරියෙකුට පහර දුන්නේය. ධර්මේ ද ඒ සඳහා උදව් කළේය. කලින් සැලසුම් කළ පරිදි අසල නවතා තිබූ මෝටර් රථයක ඩිකියට දෙදෙනාම රිංගා ගත්තේ අත්ලා තිබූ මාංචු පිටිනි. පසුව දෙදෙනා පලා ගියහ.
මෙම සිදුවීමෙන් පසුව මුනිදාස අල්ලා ගැනීම සඳහා එවකට පුවත්පත්වල දැන්වීම් ද පළ කළේ මුනිදාස අල්ලා දෙන අයෙකුට මුදල් ත්‍යාගයක්ද දෙන බව සඳහන් කරමිනි. එහෙත් මුනිදාස අල්ලා ගැනීම පොලීසියට ඒ තරම් පහසු නොවීය. පොලිසිය මුනිදාස අල්ලා ගැනීමට විශාල මෙහෙයුමක් දියත් කර තිබුණි. මුනිදාස පොලීසිය අතින් මැරුම් කනු ඇතැයි ඔහුගේ මව දැඩි ලෙස බියවී සිටියාය. දින ගණනාවක්ම නොකා නොබී දුකෙන් කාලය ගතකළ ඇය රෝගාතුර වූවාය. ඇය සිය පුතුගෙන් ඉල්ලා සිටියේ පොලිසියට බාර වෙන ලෙසය.
තම මව ආහාර කිසිත් නොගෙන දුක්විඳීම නිසා පොලිසියට බාරවිය යුතුයැයි මුනිදාස කල්පනා කළේය. මීගමුව පොලිසිය වෙත බාර වෙන්නට නීතිඥයකු සමග මුනිදාස ගමන් ගත්තේ නීතිඥවරයාට අයත් වාහනයකිනි. වාහනයට තෙල් ගැසීමට ජාඇල දී ඉන්ධන පිරවුම්හලක නැවතූ විට එහි පොලිස් ජීප් රථයක් ද නවතා තිබිණි. එහි සිටි පොලිස් නිලධාරීන් මුනිදාසව හඳුනා ගත්තේය. වහා ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසිය උත්සාහ කළ විට මුනිදාස කළේ දිවගොස් අසළ පිහිටි දඬුගම් ඔයට පැනීමය. කෙසේ හෝ පසුව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුනිදාස යළිත් සිපිරිගෙට යැවිණි.
බන්ධනාගාර නිලධාරීන් සමග වරින්වර ගැටුම් ඇතිකරගත් නිසා මුනිදාස යළි යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට අයත් දඬුවම් කාලය තවත් වසර ගණනකින් දීර්ඝ විය. යාපනේ බන්ධනාගාරය තුළ සිටින විට ඔහු වරක් බන්ධනාගාර නිලධාරීන් හා ගැටුම් ඇතිකරගත් අතර එහි ප‍්‍රතිඵලය වූයේ ”බාස්කර්සිංහම්” නැමැති බන්ධනාගාර නිලධාරියා මුනිදාසගේ එක් පාදයක් කඩා දැමීමයි.
පසුව මුනිදාසව මහර බන්ධනාගාරයට මාරු කර එවන ලදී. පසුව බන්ධනාගාරය තුළ දී කිසිවකු විසින් මුනිදාසගේ හිසට ගලකින් පහරදීම නිසා ඔහුගේ හිසට බරපතළ හානි සිදුවී තිබුණි.
මුනිදාස පළමුවරට සිරගත වන්නේ අවුරුදු 18දීය. ඒ මිනීමැරුමකට චෝදනා ලබමිනි. ගම්පහ පහළගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා කරමින් සිටිය දී එතැන දී සිදුවූ බහින් බස්වීමක දී මුනිදාස තවත් පුද්ගලයෙකුට පිහියෙන් ඇන්නේය. එම වරදට වසර 10ක සිරදඬුවමක් මුනිදාසට ලැබිණි. වරින්වර මුනිදාසට එල්ල වූ චෝදනාවලට වසර 50 කට අධික සිරදඬුවම් හිමිවුව ද බන්ධනාගාර නීතිරීතිවලට අනුව ඔහුට සිරගතවීමට සිදු වූයේ වසර 32 ක කාලයකි.
බන්ධනාගාරයේදී මරු සිරා සමග මිත‍්‍ර වූ මුනිදාසට ඒ මිතුදමේ මතකයන් රැසක් නොනැසී පවතී.
”සිරිපාල එල්ලා මරා දමන දිනය ළං වන විට ඔහුට රාත‍්‍රියට නින්ද ගියේ නැහැ. ඒ නිසා ඔහු වෛද්‍යවරුන්ගෙන් නිදි පෙති ඉල්ලාගෙන බිව්වා. ඔහු හැමදාම රාත‍්‍රියට මත්පැන් ඉල්ලාගෙනත් බිව්වා. ඔහු මත්පැන් බිව්වා මිස නිදිපෙති බිව්වේ නැහැ. ඔහු ඒ පෙති ටික එකින් එක එකතු කළා. වෛද්‍යවරු ඒ බව දැනගෙන හිටියේ නැහැ.
සිරිපාල එල්ලා මරා දමන්නට නියමිත දිනයට කලින් දිනයේ මට හමුවුණා. ඔහු කිව්වා හෙට මාව එල්ලන බව. සිරිපාලගේ මුහුණ මැළවිලා ගිහින් තිබුණා වගේ මතකයි. ඒත් ඔහු එදා හොඳින් නා ගත්තා. ”මාව අවසාන වතාවට බලාගනින්. හෙට ඉඳන් මම ආයෙ එන්නේ නෑ” කියලත් සිරිපාල කිව්වා.
පසුවදා උදේ සිරිපාලව එල්ලා මරා දමන්නට නියමිතව තිබුණා. උදේ 7 ට විතර මම දැක්කා නිලධාරීන් දෙදෙනෙකු ට්‍රොලියක දමාගෙන සිරිපාලව අරගෙන යනවා. එල්ලා මරා දමන්නට නියමිත වේලාවට කලිනුයි මා එය දැක්කේ. ඒත් ඒ වෙලාවේ මම දැක්ක විදිහට සිරිපාල මිය ගොස් සිටියා. ඔහුගේ මළ සිරුර තමා එහෙම තල්ලූ කරගෙන ගියේ.
වෛද්‍යවරු දීපු නිදිපෙති එකතු කරලා සිරිපාල එදා පාන්දර ඒ සේරම එකවර බීලා කියලා පසුව ආරංචි වුණා. සිරිපාල එල්ලා මැරීමට කලින් ඔහු සියදිවි හානි කරගත්තා කියලා ඒ කාලෙ බන්ධනාගාරය ඇතුළේ විශාල රාවයක් ගියා. සිරිපාල මට වඩා අවුරුදු ගාණකින් බාලයි. මුනිදාස කියයි.
මුනිදාස සිරගතව සිටින කාලය තුළ බන්ධනාගාරයේ දී කළේ ඇඳුම් මැසීමේ කාර්යයයි. ඒ අතරතුර ඔහු කරාටේ හා කුංෆු යන ක‍්‍රීඩාවන් ද ප‍්‍රගුණ කළේය. කරාටේ වලින් සතුරන්ට පහර දෙන හැටිත්, කුංෆු ක‍්‍රීඩාවේ දී සතුරු ප‍්‍රහාර වලින් වැළකෙන අයුරුත් මුනිදාස දැනටත් අප ඉදිරියේ අත් වේගයෙන් විහිදුවමින් පෙන්වයි.
අවුරුදු 80කට ළංවී සිටින මුනිදාසගේ එම පහරක් වුවද ප‍්‍රතිවාදියකුට වැදුණහොත් බරපතළ හානි සිදුවන්නට හැකි බව තේරුම් යන්නේ තවමත් එම පහරවල් වේගවත් නිසාය.
රගර් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළ මුනිදාස තම ජීවිතයේ අවසාන කාලයේදී සාහිත්‍ය කලාව කෙරෙහි දැඩි ලෙස යොමුවී සිටිත්ය. පුවත්පත්වල පළවන සාහිත්‍ය පිළිබඳ වැදගත් ලිපි ලේඛන රැසක් මුනිදාස සතුව පවතියි.
”මහත්තයෝ සාහිත්‍ය කලාවට මම මුල ඉඳලම නුඹුරු වුණානම් මම එක දවසක්වත් බන්ධනාගාරයේ තපින්නේ නැහැ.”
අවිවාහකයෙකු වූ මුනිදාස අවසන් වශයෙන් කීවේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මරුසිරාගේ මරණය ඇසින් දුටු ගම්පහ මුනිදාසගේ කතාව
ධම්ම Thursday, 23 October 2014 12:24 PM
අපරාධයක් කරන්නට පෙර අඩු ගණනේ මෙවැනි කතාවක්වත් අසා තිබුනා නම්... (නි)
කුමාරි Friday, 24 October 2014 12:53 PM
සෑම මිනිසෙකු තුළම යක්ෂයෙක් හා දෙවියෙක් සිටී. යක්ෂයා ඉස්මතු වූ විට කළයුතු නොකළ යුතු දේ පැහැදිලි වෙන්නේ නැහැ.නිතර මෛත්‍රී සිතින් කටයුතු කරන කෙනා ළඟ වැඩියෙන් ගැවසෙන්නේ දෙවියාය. පස්සේ පසුතැවිලි වෙනවාට වඩා හැමෝම, හැමෝම ගැනම පහන් සිතින් කටයුතු කරමු. (නි)
රසික Saturday, 25 October 2014 05:56 AM
අපරාදේ! අද වගේ ඒ කාලයේ දේශපාලනය තිබුනා නම් මරුසිරාට ඇමතිකමක් වුණත් ගන්න තිබුනා. (නි)
නිලන්ත ගමගේ Sunday, 26 October 2014 04:07 AM
මහත්තයෝ සාහිත්‍ය කලාවට මම මුල ඉඳලම නැඹුරු උණා නම් මම එක දවසක්වත් බන්ධනාගාරයේ තපින්නේ නැහැ. අපරාධකාරයන් බිහිවීමට ප්‍රධානතම හේතුව අවිධිමත් අධ්‍යාපනය (නදී)
රස්පී Sunday, 26 October 2014 09:13 AM
මෙවැනි පුද්ගලයන් කරන්නේ තමන්ගේ පම්පෝරිය කියවනවා මිසක කල වැරදි පිලිගෙන සමාව ඉල්ලන එක නෙවී. හිතනන්න මෙයාගෙන් අසාධාරණ වුන පවුල් වල කට්ටියට මේවා කියවනකොට මොනවා හිතෙනවා අැතිද? (නදී)
බක්ති Tuesday, 28 October 2014 12:28 PM
අවසාන කාලයේ හෝ කළ වැරදි තේරුම් ගත්ත එක ලොකු දෙයක් .ඒ කාලයේ ඒවා කරන්න හේතු තියෙන්න ඇති .අපරාද අඩු කරන්න හේතු සොයා බල රජයවල් පියවරවල් ගත යුතුය(හේ)
වාසනා Friday, 31 October 2014 04:27 AM
හොඳ ලිපියක් (නි)
ගුණතිලක Sunday, 09 November 2014 11:22 PM
පාසල් විෂය මාලාවට අපරාධ කිරීමේ පළවිපාක හා එහි නීතිරීතිත්, දඩුවම් සහ ඉවසීමේ ගතිගුණ ඇතුළත් මනෝ විද්‍යාව ඇතුළත් කළයුතුය (නි)