X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


මවූපිය රැකවරණ නොතිබීම ළමා අපචාරවලට මුලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී නිරංජි විජේවර්ධන මෙනවිය සමග කළ සාකච්ඡාවකි.


ළමයින් නුසුදුසු දේ සඳහා යොදා ගැනීම ළමා අපයෝජන ලෙස අර්ථ දැක්විය හැකියි. ළමා වයසට නොගැළපෙන දේ ලබාදීම සහ ළමයින්ට දිය යුතු දේ ලබා නොදීමත් ළමා අපයෝජන ලෙස විග‍්‍රහ කිරීමට පුළුවනි. මෙවැනි අපයෝජන තත්ත්ව ළමයින්ට කරන්නේ දැනුමක් තේරුමක් ඇති වැඩිහිටියන් බව පැවැසිය යුතුව තිබේ. කායික හා මානසික වශයෙන් සංවර්ධනය වූ වැඩිහිටියන් දැනුම් තේරුම් නොමැති වර්ධනයෙන් අඩු දරුවන් තම තමන්ගේ ආත්මාර්ථය සඳහා ගොදුරු බවට පත්කරගෙන තිබෙනවා. ළමා අපයෝජනය පුළුල් ඒකකයක්. දරුවකුව කායික සහ මානසික වශයෙන් හෝ ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කිරීමට පුළුවන්. මේ අතරින් දරුණුතම තත්ත්වය වන්නේ ළමයින් ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කිරීමයි. ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වූ දරුවකු තුළ කායික හා මානසික වශයෙන් ගැටලූ සහගත තත්ත්වයන් මතුවෙනවා. එවැනි ළමයකුගේ සමස්ත ජීවිතයේ වර්ධනයට මේ හේතුව තදින්ම බලපාන බව අමුතුවෙන් කිවයුතු නැහැ. සමාජයේ බොහෝ අවධානයකට කතිකාවකට ළමා ලිංගික අපයෝජනය ලක්වී තිබෙනවා. දරුවකුගේ පෝෂණය, සෞඛ්‍ය තත්ත්වය ගැන නොසලකා හැරීම සහ ළමා ශ‍්‍රමිකත්වය යන මේ සියල්ලම ද ළමා අපයෝජනයට අන්තර්ගත වන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත. සමහර පාසල්වල විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් හා ගුරුවර ගුරුවරියන් මාරුකර යැවීමට ඇතැම් අය උද්ඝෝෂණවලට පාසල් ළමයින් යොදාගන්නා අවස්ථා  ඕනෑ තරම්  මාධ්‍ය මගින් දැක ගැනීමට පුළුවන්. මෙවැනි දේවලට දරුවන් යොදා ගැනීමත් එම දරුවන් අපයෝජනයට ලක් කිරීමක් බව මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුයි. මෙවැනි උද්ඝෝෂණවලට හවුල්වී සිටින කුඩා දරු දැරියන්ගේ ප‍්‍රකාශ පවා ලබාගෙන ඇතැම් රූපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරන අතර එයත් අපයෝජන කි‍්‍රයාවක් වශයෙන් සලකන්න පුළුවනි. නොදරුවන් අනවශ්‍ය පෙළඹවීම්වලට මේ නිසා ලක්වෙනවා. මෙවැනි කි‍්‍රයා දරුවෙක් වැඩිවියට පත්වූ පසු ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු කිරීමට සාධකයක් වනු ඇත. කවුරුන් කොහොම කිව්වත් නූතන සමාජයේ මේ තත්ත්වයන් වර්ධනය වෙලා තිබෙන අතර ප‍්‍රචණ්ඩත්වයේ ද වර්ධනීය තත්ත්වයක් පවතිනවා. ළමයින් සුරැුකීම සඳහා නොයෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන තිබුණත් සැබෑ තත්ත්වය මේකයි. කොච්චර කටුක වුවත් අප මේ ඇත්ත තේරුම් ගත යුතුයි. ලිංගික අපයෝජන නූතන සමාජය සදාචාර පරිහානියකට පත්වී තිබේ. ආච්චි හා සීයාගෙන් ද සැදුම්ලත් සාම්ප‍්‍රදායික පවුලේ තිබූ භූමිකාව මේ වන විටත් වෙනස් වී කුඩා පවුල් ඒකකයක් බවට පත්ව තිබෙන බව ද පැවසිය යුතුයි. දරුවන්ට පවුල තුළ නිසි සුරක්ෂිතතාවයක් නැතිවීමට මේ හේතුව ද බලපා ඇත. ගැහැනු පිරිමි භේදයකින් තොරව මෑත කාලයේ දී දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම බහුල වශයෙන් සිදුවෙමින් පවතින බව පෙනී යන කරුණකි. දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ වට පිටාව සකස්කර ඇත්තේ සමහර මවුපියන්ගේ වරද නිසා බව අප කළ සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. පියා, බාප්පා, මාමා නිතර නිවසට යන එන පවුලේ සමීපතමයන්, සොහොයුරන්ගේ මිතුරන්ගෙන් විදුහල්පතිවරුන් පාසල් ගුරුවරුන් හා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් අතින් පමණක් නොව ඇතැම් ආගමික පූජකවරුන් අතින් ද දරුවන් ලිංගික අපයෝජනයට ලක්වූ අවස්ථා බහුල වශයෙන් පසුගිය කාලය පුරාම සිදුවී ඇති බව අප කළ සමීක්ෂණවලින් තොරතුරු හෙළිකර ගෙන තිබෙනවා. පවුල් සංස්ථාව තුළ සිදුවන ලිංගික අකටයුතුකම් වාර්තා වීම බොහොම අඩුයි. පවුලේ ඇති ගෞරවය රැුකීමට යාම, වැඩිහිටියන්ට දරුවන් දක්වන බය පක්ෂපාතීත්වය හා පොලිසිවලට ගොස් පැමිණිලි කිරීමට ඇති බිය නිසා මේ ලිංගික අතවරයන්ට පත්වන දරුවන් පවා සඟවාගෙන වසන්කරගෙන සිටින අවස්ථාත් එමට තිබෙනවා. ඒනිසා පවුල් සංස්ථාව තුළ සිදුවන ලිංගික අකටයුතුකම් වාර්තා වීම බොහොම අඩුවී පවතින්නේ. ආර්ථික අපහසුතා නිසා මව්වරුන් රැකියා සඳහා විදෙස්ගත වෙනවා. එවැනි අවස්ථාවල වැඩිමල් දියණියට බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීම පමණක් නොව ගේදොර වැඩපල පවා කිරීමට සිදුවෙනවා. මේ නිසා පාසල් ගමන ද නතර වෙනවා. ඒ විතරක් නොවේ බීමතින් ගෙදර පැමිණෙන පියාගේ ලිංගික අවශ්‍යතා ඉටුකර දීමටත් ඇයට සිදුවන අවස්ථා තිබෙනවා. මෙවැනි ශෝචනීය සිද්ධීන් රැසක් අප කළ සමීක්ෂණවලින් හෙළිකර ගැනීමට හැකි වුණා. මෙවැනි එක් සල්ලාල පියෙක් නිසා 14 හැවිරිදි වියේ පමණ පසුවූ දැරියක් මුහුණපෑ අතිශය ශෝචනීය සිද්ධියක් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී නිරංජි විජේවර්ධන මෙනවිය තොරතුරු හෙළිකරමින් පැවැසූ කතා කිහිපයකි මේ. සබරගමුව පළාතේ පිටිසර ගම්මානයක ජීවත්වූ ඇය දාහතර හැවිරිදි දැරියකි. නංගිලා දෙදෙනකුගේ හා මල්ලිලා දෙදෙනකු සිටින ඇයගේ මව විදෙස් ගතවී ඇත්තේ පවුලේ තිබූ අගහිඟකම් නිසාය. විදෙස් ගතවූ බිරිඳ බොහොම දුක් මහන්සියෙන් හරිහම්බකර ගත් මුදල් සැමියාට එව්වේ අබලන්ව පවතින පැල්පත වෙනුවට කුඩාවට හොඳ ගේ පොඞ්ඩක් හදා ගැනීමට හා දරුවන්ට හොඳට උගන්වන්න යැයි කියාය. බිරිඳ එවන මුදල්වලින් මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වූ සැමියා වැඩිකල් නොගොස් බේබද්දෙක් විය. බිරිඳගේ අඩුව සපුරා ගැනීමට යොදා ගත්තේ ඔහුගේම ලෙයින් මෙලොවට බිහිවූ වැඩිමල් දියණියයි. ගෙදර දොරේ වැඩ පළ නිසා ඇයගේ පාසල් ගමන ද ඒ වන විටත් නතර වී තිබිණි. තාත්තා අතින් විනාශයට පත්වූ මේ 14 හැවිරිදි දැරියට පසුව සිදුවූයේ සිය බේබදු පියාගේ කටුක ආශා සංතර්පනය කිරීමටය. ගෙදර කවුරුවත් නොමැති අවස්ථාවල පැමිණෙන බාප්පා ද ඇයගේ පහස සොයා යාමට පටන්ගෙන ඇත. පියාගේ හා බාප්පාගේ කටුක ආශා සංතර්පනය කර ගැනීමට පුංචි සිරුර පූජා කළ මේ දැරිය තවමත් සිටින්නේ පරිවාස නිලධාරීන්ගේ සුපරික්ෂාව යටතේ ළමා නිවාසයක රැකවරණය ලබමින්ය. සමනලියක් වැනි දැරියක් තළා පෙළා දමා තම පහත් ආශාවන් සපුරා ගත් පියා සහ බාප්පා සිටින්නේ රිමාන්ඞ් භාරයේය. දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන වසර ගණනාවක් වැලි කතරේ දුක් විඳ පැමිණි විට දියණියට සිදුවී ඇති විපත දැනගෙන ඇත. මේ මව රාතී‍්‍ර කාලයේ රැකියාවක නිරතවීම නිසා ඇයගේ බාල වයස්කාර දියණියට සිදුවූ සමාජ සම්මතයන්ට පටහැනිව ගිය සිද්ධියක් ගැන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරිය ඇතුළු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් කළ සමීක්ෂණයක දී හෙළිකරගත් තොරතුරු විය. මේ කියන දැරියගේ වයස අවුරුදු 12කි. ඇයට අවුරුදු 14ක සහෝදරයෙක් ද සිටින අතර පියා ඔවුන් අතහැර ගොස් වෙනත් කාන්තාවක් සමග ජීවිකාව ගෙන යයි. මව දරු දෙදෙනා ජීවත් කරවන්නේ කර්මාන්තශාලාවක රැකියාවට යාමෙනි. බොහෝ දිනවලට ඇයට රාතී‍්‍ර වැඩ මුර යෙදෙන අතර එදාට ගෙදර තනියම සිටින්නේ මේ බාල වයස්කාර සොහොයුරා සහ සොහොයුරිය පමණකි. අවුරුදු 12ක් පමණ වයසැති දැරිය දහම් පාසලට ගිය අවස්ථාවක ඇයට ක්ලාන්තය සෑදී ඇත. මවට මේ බව දැනුම් දීමෙන් පසු ඇය දියණිය වෛද්‍යවරයකු වෙත රැුගෙන ගියේ ක්ලාන්තය සෑදීම නිසා එයට ප‍්‍රතිකාර ලබා ගැනීමටය. වෛද්‍යවරයා දැරිය පරීක්ෂාකර බලා පැවැසූ දෙයින් ඇයගේ මවගේ හිස ගිනි ගත්තාය. දියණිය ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා දැනුම් දුන් අතර පසුව හෙළිවූයේ ඇය ගැබ්ගෙන ඇත්තේ ඇයගේ සහෝදරයාගේ අතින් බව ය. අයියා සහ නංගී යන දෙදෙනා බාල වයසේ පසුවන නිසා අධිකරණය දෙදෙනාම පරිවාස බාරයට පත්කර ළමා නිවාස දෙකක රැුකවරණය ලබමින් සිටිති. ළමා අපයෝජන හා අපචාර ගැන සමීක්ෂණය කළ කණ්ඩායම හෙළිකරගත් තවත් කතාවකි මේ. සබරගමුව පළාතේ පාසලක හය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. මේ සිසුවා කාලයක සිට නවීන පන්නයේ පාපැදියක ආශාවෙන් පසුවී ඇති අතර ඔහුගේ මාමා කෙනෙකු පාපැදියක් අරන් දීමට පොරොන්දු වී තිබේ. පාපැදියක් මිලදීගෙන දෙන බව පවසමින් මැදි වයසේ පසුවන මේ මාමා සිසුවා ලිංගික අපයෝජනයට ලක්කර ඇත. දිගින් දිගටම සිසුවා ලිංගික අපයෝජනයට ලක්කර ඇති මොහු මේ බවක් මව්පියන්ට පැවසුවහොත් පාපැදිය මිලදීගෙන නොදෙන බව පවසා තිබේ. සිසුවා ද පාපැදියක් ගැන මහත් බලාපොරොත්තු ඇතිව මාමාගේ ආශාවන් සපුරා ගැනීමට ඉඩදී මේ ගැන මව්පියන්ට පැවැසීමෙන් වැළකී සිට ඇත. අධ්‍යාපන කටයුතුවල දී මනා දක්ෂතාවයක් දැක්වූ සිසුවා කාලයක සිට අධ්‍යාපන කටයුතුවලට උනන්දුවක් නොපෙන්වන බව ගුරුවරුන්ට තේරුම් ගොස් ඒ බව සිසුවාගේ මව්පියන් දැනුවත් කර තිබේ. මව්පියන් සිසුවාගෙන් කරුණු විමසීමේ දී මාමා තමාට බයිසිකලයක් අරන් දෙන බව පවසා කරන ලද ලිංගික කි‍්‍රයා පිළිබඳව පැවැසීමෙන් පසු ඔවුන් මේ ගැන පොලිසියට පැමිණිලිකර ඇත. පොලිසිය පරීක්ෂණ පවත්වා සිසුවා ලිංගික අපයෝජනය කළ බව කියන මාමා අත්අඩංගුවට ගත්තේය. වර්තමානයේ විවිධ අපයෝජනයන්ට ලක්වන දරුවන්ගෙන් සියයට අසූවක් පමණ  එම තත්ත්වයට මුහුණ දී ඇත්තේ නිසි මව් පිය රැකවරණය නොමැති නිසා බව සමීක්ෂණවලින් හෙළිවී ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ද පවසයි. රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ දරුවන්ට නිසි රැකවරණයක් නොමැති වීමෙන් සමස්ත සමාජයටම බලපාන ගැටලූ රැසක් මතුවී ඇති බව ද අමාත්‍යවරයා පවසයි. පසුගිය වසර 2ක පමණ කාලය තුළ වයස 16න් පහළ ළමයින් 2500ක් පමණ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව පවසන්නේ මානව හිමිකම් කොමසාරිස් ප‍්‍රතිභා මාහානම හේවා මහතා ය. පසුගිය 2010 වසරේ ජනවාරි 1 වැනිදා සිට 2012 ජනවාරි මාසය දක්වා කාලය තුළ බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇති බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇතැයි ද ප‍්‍රතිභා මහනාම හේවා මහතා පෙන්වා දෙයි. පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම සහ දහම් පාසල් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම මව්පියන් දැනුවත් කිරීම වැනි විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළින් මෙවැනි ලිංගික අපයෝජන කි‍්‍රයා අවමකර ගැනීමට හැකි වන බව ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී නිරංජි විජේවර්ධන මෙනවිය පවසන්නීය.
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

මවූපිය රැකවරණ නොතිබීම ළමා අපචාරවලට මුලයි

අසීරු Monday, 06 August 2012 12:20 PM

පවුල ඇතුලෙ ආදරය සෙනහස තියනවා නම් මේ වගේ දේවල් වලක් වා ගන්න පුළුවන් එත් ආදරය සෙනහස දන් නැති අයට දරුවකු ගේ වටිනා කමක් නෑ . එහේම වටිනා කමක් ඇති වෙන්න ආදරය සෙනහස විදලා තියෙන්න ඕනි. කොහොම හරි පව්ලක් හදා ගන්නවට වඩා ආදරය කරලා පවුලක් හදා ගන්න ඕනි. එතකොට මේ වගේ දේවල් වලක් වා ගන්න පුළුවන් එත් එකට ටිකක් ඉගන ගෙන තියෙන්න ඕනි.(ඉස්කෝලේ ගිහින්ම නෙවි අඩුම ගානේ ආගම දහමින් හරි) (දී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 07:10 AM

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත වන අපරාධ වළක්වා ගතහොත් පිට වන අපරාධ නිකම්ම අඩුවේ. උගත් අය වැරදි හදා ගන්න. එවිට, ඒ දිහා බලලා සමාජයේ නුගත් පිරිසත් වැරදි හදාගනීවි. නැතිනම් ඔබ කරන්නේ හරියට, කකුලුවෝ මහ එවුන් ඇදයට යන ගමන් කකුලු පැටවුන්ට කියනවලු කෙලින් එන්න කියලා වගේ වැඩක්. (නි)

:       0       0

සමන් රෝහණ රණසිංහ Tuesday, 14 August 2012 06:12 AM

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුලත වන අපරාධ වලක්වා ගතහොත් පිට වන අපරාධ නිකම්ම අඩුවේ. උගත් අය වැරදි හදා ගන්න. එතකොට, ඒ දිහා බලලා සමාජයේ නුගත් පිරිසත් වැරදි හදාගනීවි. (ත)

:       0       0

සමන් රෝහණ රණසිංහ Tuesday, 14 August 2012 11:15 AM

13 අගෝස්තු 2012 සමන් රොහාන් රණසිංහ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී නිරංජි විජේවර්ධන මෙනවිය වෙත තමන්ගේ ඇසේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇසේ තිබෙන කුණු රොඩ්ඩ සොයන්නට යනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site