ගාල්ලේ අනුරුද්ධ ලියනගේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.
නමින් සුනිල් නම් වූ ඔහු මැදිවියේ පසුවූ විවාහක දෙදරු පියෙකු විය. රජරට ප්‍රදේශයේ ජීවත් වූ ඔහුගේ ජීවිතය කටුක බවින් යුක්ත වූයේ ආර්ථිකමය ගැටලු නිසාවෙනි. ජීවිකාව වශයෙන් නොකළ යුතු ව්‍යාපාරයක් ලෙස බුදු දහමෙහි නම් කළ මස්, මාංශ වෙළඳාම එනම් මසුන් මරා විකිණීම සිදුකරන ලදී. වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙකු ලෙස සුනිල් දිනපතා මසුන් මැරීමේ ක්‍රියාවලිය තම කුඩා ඔරුවක ආධාරයෙන් සිදු කළේය. බෞද්ධයෙකු වූ සුනිල් සතුන් මරා විකිණීමේ ඇති බරපතළ කම නොදැන සිටියා යැයි සිතීම ද අපහසුය.
ආර්ථිකය ගොඩනඟා ගැනීමට මෙකී පාපක්‍රියාවට අමතරව කොතෙක් මාර්ග ඇත්දැයි සුනිල්ට අවබෝධයක් නැතැයි සිතීමට ද නොහැක. වී ගොවිතැන, හේන් වගාව, පළතුරු වගාව ආදී බොහෝමයක් සාධාරණ රැකියා සිදුකරගෙන යෑමට මනාව ඉඩ ප්රස්ථා ඇති ප්රදේශයකි. මේ තවද මෙකී ඓතිහාසික වැව්, අමුණු අතීත රජදරුවන් විසින් නිර්මාණය කළේ ද කෘෂිකාර්මික බෞද්ධ ජනයාට විනා මසුන් මරන්නන්ට නොවන බවද නොඅනුමානය.
කරුණු එසේ වුවත් තමා සතු ඔරුව ආධාරයෙන් දින පතා වැවෙහි මසුන් මැරීමට යන මොහු අල්ලා ගන්නා මසුන් ඔරුවෙහි විත් ගොඩට ගෙන එනු ලබනුයේ පණ තිබියදීමය. එසේ බොහෝ වේලාවක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවන එම මත්ස්‍යයන් බොහෝ වෙලා දුක් විඳ මරණයට පත්වන අතර පණ කෙන්ද සවිමත් කිහිපදෙනෙකු මාළු ලෑල්ල වෙත ගෙන ගියද තවම ජීවිතය යදිමින් දගලනු “වැව්මාලු” මිලදී ගැනීමට යන බොහෝ දෙනෙකු දැක තිබෙනු ඇත.
එසේ පැමිණෙන ඇතමෙකුට මෙම මසුන් පණපිටින් සිටියදීම ඔහු විසින් කපා විකුණන අවස්ථා ද නැතුවාම නොවෙයි. වන්දනාකරුවෝ බොහෝමයක් වැව් මාළු සමඟ බත්කටක් කෑමට ද අමතක නොකරති. එසේ කරන අයවළුන් හටද ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?
මෙසේ සුනිල් තම ජීවිකාව ඔස්සේ බොහෝමයක් අකුසල් රැස් කර සොච්චම් මුදලක් අතට ගන්නේ තම දරුපවුල රැකගැනීමට යැයි කෙනෙකුට සාධාරණී කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුත් “මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්” අප කුමක් අරභයා මෙම සසර දුක් වැඩි කර ගම්ද? මෙතරම් නිර්මල සුපැහැදිලි ධර්මයක් අප හමුවේ තබාගෙන මෙලෙස නිකරුණේ වල් වැදීමට තරම් අප අඥාන විය යුතුද?
අපගේ කතා නායක සුනිල් පෙර පරිදිම සුපුරුදු මසුන් ඇල්ලීමට වැවට පැමිණ තම ඔරුව දියත් කළේ මසුන් රැගෙන ආපසු පැමිණීමේ අදිටනෙනි. මේ දිනවල කාලගුණයේ පවතින අයහපත් භාවය නිසා වැවෙහි වෙනදා මෙන් මසුන් මරන්නන් නොවූ අතර සුනිල් පමණක් අදාළ අකුසල කර්මයෙහි නිරත විය. අපරාධයක් සිදුවන විට මහ පොළොව පවා කම්පා වන බව සමාජයේ නිතර කියවෙන මතයකි. මෙලෙස ස්වභාව ධර්මය විසින් මිනිසා සිදුකරන අපරාධවලට දඬුවම් දෙන අවස්ථා අප අනන්තවත් අසා ඇත.
එලෙසම මෙම පාපකාරී ක්‍රියාව ස්වභාව ධර්ම මාතාවගේ නෙත ගැටෙන්නට ඇත. ඇය වරක් දෙවරක් ඉවසන්නට ඇත. නමුත් මෙවර එසේ නොවීය. අහස ගිඟුරුම් හඬින් දෝංකාර දෙන්න විය. සුළඟ චණ්ඩ ලෙස නලියන්න විය. විදුලිය ගිනි සිළු මෙන් දිදුලන්නවිය. මේ සියල්ල මැද ඒ පාපතරයාගේ සිරුර අකුණු සැරයක් වැදී බිම හෙලූ කඳක් මෙන් නිරුද්ධ විය. එකී සිරුර බොහෝ වේලාවක් දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ ගැහි ගැහී ඔරුවේ තිබෙන්නට ඇත.
බොහෝ වේලාවකට පසුව ගම් වාසීන් විසින් සිරුර ඔරුවේ තිබී සොයාගෙන රෝහල් ගත කළ නමුත් ඒ වනවිටත් ඔහු අවසන් ගමන් ගොස් හමාරය. මසුන් ඔරුවෙහි මිය යන තෙක් දැගලූ ආකාරයටම ඔහුද මිය යනුයේ කළ කම් මෙලොවදීම පළදෙන බව සනාථ කරමිනි.
“කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ” යන කවි පදය මෙකී සිද්ධිය සමග මතකයට නැගෙනුයේ නිරායාසයෙනි. අප සිදු කරන හොඳ ක්‍රියාවන්ට ප්‍රතිඵල හොඳ වන්නා සේම නරක පාප ක්‍රියාවන්ට ද ප්‍රතිඵල එලෙසම ප්‍රතිවිරුද්ධ ලෙස ලැබෙන බව සනාථ කරමින් සුනිල් අප අතරින් සමුගත්තේ අමතක නොවන පාඩමක් සමාජයට ඉතිරි කරමින්ය.
රාජගිරිය, කලපළුවාවේ මුනිදාස සෝමතිලක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
‘කඩලේ කඩලේ රට කජු කඩලේ’ වෙරළ බඩ දුම්රිය මගින් යන්නකුට එදා රටකජු, අන්නාසි, කඩල වට්ටියක දමාගෙන වෙළෙඳාම් කරන තරුණයන් දැකීම සුලභ දර්ශනයකි. මීට වසර කීපයකට පෙර මා රාජකාරිය සඳහා ගමන් කළේ මුහුදුබඩ දුම්රිය මාර්ගයෙනි.
මා දුම්රියෙන් ගමන් ගන්නා විට බොහෝවිට අසුන් ගන්නේ මහ මුහුද පැත්තෙනි. උඩට නැගෙන රළගෙඩි බිඳී විසිරී වෙරළ පුරා විහිදී යන්නේ මනාලියකගේ සුදෝ සුදු වේලයක් පරිද්දෙනි. එම දසුන එදා මා බලා සිටියේ පුදුම ආසාවකිනි.
‘කඩලේ කඩලේ රට කජු කඩලේ’ වයස අවුරුදු විස්ස නොඉක්මවූ තරුණයකුගේ කටහඬ මා දෙසවන වැටිණි. ඔහු සමුදුර අද්දර ගල්පර මත මුහුදු සුළඟ රැලි සුව විඳගනිමින් විවේකීව ගතකරන්නවුන් වෙත අන්නාසි රට කජු විකුණමින් ජීවිකාව කරගත්තෙකි. එවැනි අහිංසක තරුණයන් දිනපතාම දුම්රියේ ගමන් ගන්නා විට මට හමුවෙයි.
එදා මා ගමන් ගත් දුම්රිය මැදිරියේ දොරටුව අසල හිටගෙන සිටි තරුණයන් කීපදෙනෙකි. රේල් පාර අද්දරින් පයින් යන්නන්ට සහ වෙරළේ ගල්පර මත කුඩ යටටවී සිටින කිසියම් යුවළකට උසුළු විසුළු කිරීම මේ තරුණයන්ගේ සිරිතකි.
“ඔන්න බලන්න ගුණේ.... අර රටකජු කාරයගෙ වට්ටියට මොකද වෙන්නෙ කියලා.... ඔන්න මම කකුල අල්ලනවා. උගේ වට්ටිය හුළඟට යන හැටි බලමු.. හායි.. හුළඟට යන වට්ටිය කුරුල්ලෙක් වගේ පියඹනව. මාරයි.... එක කඩල ඇටයක්වත් වට්ටියෙ ඉතිරි වුණේ නැහැ. අර... අර.. හා...යි” ඔහුගේ යාළුවකුට කියනු මට ඇසිණි.
රටකජු කඩල වෙළෙඳාම් කළ අසරණ තරුණයාගේ කඩල වට්ටිය ඈතට ඈතට ගසාගෙන යන අයුරු මමද දුටුවෙමි. රට කජු ගොටු අහුලා ගැනීමට තරුණයා දිව යයි. තමාගේ අමනොඥ පාපකාරී ක්‍රියාව දෙස බලමින් පාපුවරුවේ එල්ලී සතුට ප්‍රකාශ කිරීමට ඔහුට සොබා දහම ඉඩදුන්නේ මොහොතකි. ඊළඟ මොහොතේ ඔහුගේ හිස දුම්රිය පාර අද්දර කණුවක වැදී ඔහු බිම පතිත විය.
වහාම ඔහු ළඟට දුව ආවේ අර රටකජු වෙළෙන්ඳාය. දුම්රිය නැවතිණි. අපිද දුවගොස් බැලුවෙමු. දුම්රිය පාපුවරුවේ ගමන් කළ තරුණයාගේ හිස පොඩිවී ලේ ගලමින් තිබිණි.
“මට නෙති වුණේ කඩල රටකජු ටික විතරයි. මේ මාතියට මට විහිළු කරන්න ගිහිං ජීවිතේම නැතිවුණා.”
කඩල වට්ටියෙන් පවන් සලමින් සිටි තරුණයාගේ ඇකයේදීම ඔහු අවසන් හුස්ම හෙළුවේය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමුකරන්න.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මසුන් මරන්නා ගොඩදැමූ මාළුවකු මෙන් ගැහී මියයයි
එරික් Monday, 07 March 2016 05:15 AM
ගැහිලා මැරෙනවා දැක්කේ කවුද ? (ර)
සමන්ත Wednesday, 23 March 2016 02:53 AM
අයිස්ටන් පවා කියලා තියෙනවා ලෝකයේ දියුණුවත් සමඟ පැවතිය හැකි එකම ආගම බුදු දහම කියලා. (නි)
ප්‍රියාන් Wednesday, 09 March 2016 09:53 AM
කොන්ටම් විද්‍යාඥයෙකු වූ මාක් ප්ලාන්ක් කිවුවා "විද්‍යාවට ස්වභාවයේ සැබෑ රහස් සොයාගත් නොහැක, මන්ද එම රහස් සොයනා අපද එම රහසේම කොටසක් බැවින් " කියලා. ඒ වගේම කොන්ටම් විද්‍යාඥයෙකු වූ නීල් බෝ කීවා "අපි යථාර්ථය යැයි කියන දේ යථාර්ථය යැයි ගිනිය හැකි නොවේ" කියලා. මාක්ලට, අයිස්ටන්ලාට, නීල් බෝලාට මෙහෙ ආවා නම් අපේ පහන්ලා, ගයාන්ලා වගේ කට්ටියගෙන් බොහෝ දේ ඉගෙනගන්න තිබුනා. (නි)
ආලෝක Wednesday, 09 March 2016 08:57 AM
"මේ ජීවිතයේදීම කර්මය පල දෙන සැටි "කියා කීවාට යම් නිශ්චිත පලයක් ඇතිවුනේ අසවල් කර්මය නිසා යයි මිනිසෙකුට කිව හැකි දෙයක්දැයි මම නොදනිමි. අපට කළ හැක්කේ අනුමානයක් පමණි.(බ)
ප්‍රියාන් Wednesday, 09 March 2016 06:16 AM
පහන් ,මිනිස්සු පදාර්ථයේ කුඩාම අංශුව පරමාණුව කියල එකක් කියල කලින් ඇදහුවා,ඊට පස්සේ එහෙම නැහැ ඒක ඉලෙක්ට්‍රෝනය හා න්‍යෂ්ටිය ලෙස බිදිය හැකි බව ඇදහුවා.පරමාණුක න්‍යෂ්ටිය නැවත බිදිය නොහැකියි කියල ඇදහුවා.ඊට පස්සේ එක එහෙම නෙවෙයි ,බිදිය හැකියි කියල ඇදහුවා. එට පස්සේ පරමාණුක වියුහයෙන් ඔබ්බට ගොස් කොන්ටම් ක්ෂේත්‍ර පිළිබද අදහනවා. ඔයාල කරන්නෙත් කවුරු හරි කියන ඒක අදහන ඒක තමයි. කුලියපිටියෙත් එහෙමයි කොළඹත් එහෙමයි, (කෞ)
පහන් Tuesday, 08 March 2016 09:45 AM
කුලියාපිටිය අවම මිනුම් දණ්ඩ හැටියට තියල බැලුවොත් මේ කතා තියෙන්නේ ඊටත් පහලින්. මේවා තමයි ලංකාවේ ගොයියොන්ගේ ඇදහිලි හා විශ්වාස. (කෞ)
අතුල Monday, 07 March 2016 01:53 PM
එරික්,ඔයගොල්ලෝ ඉතින් සුද්දා තුවක්කුව දික් කරලා වැළද ගනින් කිව්ව ආගම පස්සේ යන අයනේ ඉතින් පව් පින් ගැන කතා කරලා වැඩක් නැහැ! (බ)
බුද්ධික Monday, 07 March 2016 01:56 PM
කඩල වෙළෙන්දාට වගේම ඔය වගේ වැඩ කරන නොමිනිසුන්ට විපාක දෙවියන් විසින් මෙලොවදීම ලැබෙනු ඇත...(බ)
බුද්ධික Monday, 07 March 2016 01:52 PM
ලංකාවේ,,,,ලෝකේ,,මිනිසුන් 5/1 ක්ම,,,ජීවත් වෙන්නේ ධීවර කටයුත්තෙන්...(බ)
අලෝක Friday, 04 March 2016 05:02 AM
අප අත්දැකීම් එවිය හැකි ලිපිනය පල කරන්නේ නම් මැනවි. (බ)
ටෙහාන් Monday, 07 March 2016 02:39 AM
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
ගුණරත්න Sunday, 06 March 2016 10:12 AM
ඕවට තමා දිට්ට ධම්ම වීදනීය කර්ම කියන්නේ (හේ)
ප්‍රියාන් Saturday, 05 March 2016 04:04 AM
ගණ, විෂ්ණු, කාලි ආදී දේව ප්‍රතිමා ඇතැම් විශේෂ අවස්ථාවල ඇස් චලනය කිරීම් ඉතිහාසයේ සිට නොයෙකුත් අවස්ථාවන් වල සඳහන් වෙනවා. කන්නගි මාතාව කළ ශාපයෙන් මදුරාපුරයම ගිනිගත්තේ නම් මෙවන් දේ සිදුවීම ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. මිනිසාගේ දැනුම් පරාසය තුළින් මේ වගේ දේවල් අවබෝධ කරගන්න නොහැකියාවයි තියෙන්නේ (නි)
ලීනා Saturday, 05 March 2016 12:34 AM
ගයාන් කොහොමද කියන්නේ ආලෝක බොරු කියනවා කියලා? ගයාන් පවු පළදෙනවා කියන කතාව අහලා නැතුව ඇති (නි)
ඔසී Friday, 04 March 2016 06:00 PM
මෙහෙම කතා තව තවත් පළකරන්න (නි)
අලෝක Friday, 04 March 2016 12:03 PM
හොඳ ලිපියක්.(හේ)
ගයාන් නිමන්ත Friday, 04 March 2016 09:06 AM
ආලෝක මහත්තයෝ, ඇත්තයි බොරුයි කලවම් කරලා කිව්වහම ඔක්කොම බොරු වෙනවා. (නි)
ආලෝක Friday, 04 March 2016 05:54 AM
ප්‍රදේශය පයාගල මලේගොඩ ග්‍රාමයයි. ඔහු නිතරම බීගෙන විත් බිරිදට කෑම රස නැති බව කියමින් දෙස් දෙවොල් තියයි. එවිට බිරිඳද නිතරම සැමියාට කිවුවේ "තමුසේ මැරෙන්නේ කවදාහරි කන දේ හිරවෙලා". ඒ වගේම ඔහු මියගියේ රොටී උගුරේ හිරවීමෙන්. එම ගම අසලම පන්සලක පින් කැටය කඩා සැඟවීසිටි සොරෙකු ටික වෙලාවකට පසු විහාරාධිපති ස්වාමින් වහන්සේ පවසන ස්ථානයෙන් ගොස් පයාගල පොලිසිය විසින් අල්ලා ගන්නා ලදී. එහි වූ විෂ්ණු පිළිමය එම අවස්ථාවේ ජීවමාන වූ බව ගම්වැසියන්ට දැකගත හැකිවිය. මේ සියල්ලද තවක් බොහෝදේටද ගම් වැසියන් සාක්කි දරයි. (නි)