X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මහජන නියෝජිතයන්ගේ අපූරු නත්තල් තෑග්ග

මේ උත්සව සමයයි. උත්සව සමය වෙනුවෙන් බොහොමයක් ආයතනවල සේවකයන්ට ප‍්‍රසාද දීමනා, වැටුප් වැඩිවීම, උත්සව අත්තිකාරම යනාදී ප‍්‍රතිලාබ, වරදාන හිමිවෙයි. ජනතාව හා රටේ සුභසෙත වෙනුවෙන් පෙනී සටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට ද විශේෂ වාසනාවක් මේ උත්සව සමයත් සමග හිමිවී ඇත. ඒ තීරුබදු රහිත වාහන බලපත‍්‍රය විකිණීමේ සීමාව ඉවත් කිරීමයි. තමන්ට ඡන්දය දුන් ජනතාවට හා රටට සේවයක් කිරීමේ අධිෂ්ඨානයෙන් මැතිවරණය ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රීවරුනට මේ නිසා ස්වීප් ටිකට් පතක දිනුම හිමිවී ඇත. දෙන දෙවියො මන්ත‍්‍රී බංගලාවටම ගෙනැවිත් දී ඇත. මන්ත‍්‍රීවරුනට තීරු බදු රහිත වාහන පහසුකම් ලැබුණේ මීට දශක දෙක තුනකට පෙර සිටය. තීරු බදු රහිත වාහනයක් වසර 5 ක් යනතුරු විකිණිය නොහැකි බවට නීතියක් ද පැවැතිණි. ඒ නීතිය කුමක් වුවත් වසර පහ ඉක්මයාමට පෙර බොහොමයක් මන්ත‍්‍රීවරුන් වෙනත් අයකුට වාහනය පවරා ඒ ලබා ගන්නා මුදලින් "ගොඩයාම” සිදුවිය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් යනු විශේෂ මිනිස් කොට්ඨාසයක් නොවේ. ඔවුන්ටද තම තමන්ගේ තරාතිරම මත මුදල් ප‍්‍රශ්න විසඳා ගැනීමට සිදුවනු ඇත. දුවා දරුවන් පිටරට විශ්ව විද්‍යාලවලට යවා උපාධි ලබා ගැනීම, දෙමහල් හෝ තෙමහල් නවීන නිවෙසක් ඉදිකර ගැනීම, බිරින්දෑට අතට, කණට, ගෙලට අවශ්‍ය වළලූ, කරාබු, මාල ලබාදීම මීට අමතරව තම පාක්ෂිකයන්ට අවශ්‍ය වූ අවස්ථාවල උදව් උපකාර කිරීම ඇතුළුව වැඩ කටයුතු රාශියකට මුදල් අවශ්‍ය වේ. මේ මන්ත‍්‍රීධූරය ලබා ගැනීම සඳහා වූ මනාප පොරයට තරඟ කිරීමට මුදල් නෝට්ටු වීසි කිරීමට සිදුවිය. මුදල් නෝට්ටු වීසි කිරීම සඳහා ඉඩම කඩම විකිණීමට සිදුවිය. බිරින්දෑගේ රන් ආභරණ ටික බැංකුවේ තැබීමට සිදුවිය. ජයග‍්‍රහණයෙන් පසු ඒවා යළි හිමිකරගත යුතුය. ඒ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට මුදල් ලබාගත හැකි සරල මාර්ගය තීරුබදු රහිතව ලබා ගැනීමට හැකිවන වාහනය විකුණා දැමීමය. තීරුබදු රහිතව ලැබෙන වාහනය විකුණා දැමීමට අමතරව මන්ත‍්‍රීවරුනට ආදායම් ලැබෙන තවත් මාර්ග ගණනාවකි. ඒවා පිළිබඳව මෙහි සඳහන් කළයුතු නොවේ. මෙහිදී සඳහන් කළයුතු විශේෂ කරුණක් ඇත. එනම් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පිළිබඳවය. ඔවුන් අධි සුඛෝපභෝගී වාහන ලබා ගැනීමක් නොකරති. ඔවුන් පාවිච්චි කරනු ලබන්නේ කැබ් රථයකි. පොදුවේ සඳහන් කරනවිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අති බහුතරය තීරු බදු රහිත වාහන මිලදී ගනිති. ඔවුන්ගෙන් අති බහුතරය එම වාහනය විකුණා මුදල් ලබා ගන්නා බව වාර්තාවේ. වසර පහක කාලයක් තුළ මෙම වාහනය විකිණීමට නීතියෙන් ඉඩ ලබාදී නැතත්, ඒ වෙනුවට විකල්ප ක‍්‍රම භාවිත කරමින් තීරු බදු රහිත වාහන අලෙවියට මග පාදා ගෙන ඇත. නමුත් භාණ්ඩාගාරය ගෙන ඇති අලූත් තීරණයකට අනුව මේ මන්ත‍්‍රීවරුන්ට දෙන දෙවියෝ ගෙදරටම ගෙනැවිත් දී ඇත. තීරු බදු රහිත වාහනය වසර පහක් තුළ විකිණිය නොහැකි බවට මෙතෙක් පැවැති නීතිය ඉවත් කර ඇත. මෙම පහසුකම සකස් කරදෙන ලෙස මන්ත‍්‍රීවරු ගණනාවක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් ද කර තිබිණි. දැන් තීරුබදු රහිත වාහන විකිණීමට මන්ත‍්‍රීවරුන්ට තිබූ සියලූ බාධා ඉවත්වී ඇත. එය එක්තරා ආකාරයකට මේ උත්සව සමයේ ලැබුණ අපූරු ත්‍යාගයකි. මේ වරප‍්‍රසාදය මන්ත‍්‍රී පදවිය සඳහාය. තීරුබදු සහිතව ලක්ෂ 250 ක් පමණ වන බී.එම්.ඩබ්ලිව්, වොල්වෝ, ප‍්‍රාඩෝ, බෙන්ස්, වර්ගයේ වාහනයක තීරුබදු රහිතව සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 30 ත් 40 ත් අතරය. ලක්ෂ 40 කට ගන්නා වාහනයක් ලක්ෂ 225 කට විකුණා ගත්තොත් ලාභය ලක්ෂ 185 ක් පමණය. මන්ත‍්‍රීවරයාට ස්වීප් ටිකට් පතක් ජයග‍්‍රහණය කර ගැනීමේ අවස්ථාව මෙහිදී උදාවී ඇත. මේ මන්ත‍්‍රී තනතුරට හිමිවන ප‍්‍රාතිහාර්යයන්ය. මන්ත‍්‍රී තනතුරට හිමිවන තවත් වරප‍්‍රසාද බොහෝය. වැටුප තවත් වරප‍්‍රසාදයකි. ඒ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කරනු ලබන සේවයටය. අගමැතිවරයාගේ මාසික වැටුප රුපියල් 71,500.00 කි. කතානායක වැටුප රුපියල් 68,500.00 කි. ඇමතිවරුන්ගේ හා විපක්ෂ නායක වැටුප රුපියල් 65,000.00 කි. නියෝජ්‍ය ඇමැති වැටුප රුපියල් 63,500.00 කි. මන්ත‍්‍රි වැටුප රුපියල් 54,285.00 කි. මෙම වැටුපට තවත් දීමනා කීපයක්ද එක්වේ. සංග‍්‍රහ දීමනාව වශයෙන් රුපියල් 1000.00 කි. පාර්ලිමේන්තු සැසියකට සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 500.00 කි. ප‍්‍රවාහන දීමනාව රුපියල් 10,000.00 කි. ඇමතිවරයකු හෝ නියෝජ්‍ය ඇමතිවරයකුට වාහන දෙකක් බැගින් හිමිවන අතර ඉන්ධන නොමිලයේ හිමිවේ. බස්නාහිර පළාතෙන් පිටත සිටින ඇමතිවරයකුට පෙට‍්‍රල් වාහනයකට රුපියල් 75,000.00 කද, ඞීසල් වාහනයකට රුපියල් 30,000.00 කද ඉන්ධන දීමනාවක් මාසිකව හිමිවේ. බස්නාහිර පළාත තුළ සිටින ඇමතිවරයකුට පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 50,000.00 ක්ද ඞීසල් වාහනයකට රුපියල් 20,000.00 ක් ඉන්ධන දීමනාව හිමිවේ. නියෝජ්‍ය ඇමතිවරයකුට බස්නාහිර පළාතෙන් පිට, පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 65,000.00 ක්ද ඞීසල් වාහනයක් සඳහා රුපියල් 30,000.00 ක්ද හිමිවේ. බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 40,000.00 ක්ද ඞීසල් වාහනයක් සඳහා රුපියල් 20,000.00 ක්ද හිමිවේ. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5 ක්ද නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3 ක්ද හිමිවේ. ඇමතිවරයාට කාර්යාල දුරකථන 2 ක් නිවාස දුරකථන 2 ක් ජංගම දුරකථනයක් හා කාර්යාල ෆැක්ස් යන්ත‍්‍රයක් පරිගණකයක් හිමිවන අතර කාර්යාල දුරකථන 2 සඳහා රුපියල් 20,000.00 ක්ද රාජකාරි නිවාස දුරකථන 2 සඳහා රුපියල් 10,000.00 ක්ද ජංගම දුරකථනය සඳහා රුපියල් 4000.00 ක්ද හිමිවේ. අමාත්‍ය කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහකට රුපියල් 15,050.00 ක්ද නියෝජ්‍ය ඇමතිවරයකුට කාර්යාල දුරකථන 2 ට රුපියල් 10,000.00, නිවාස දුරකථන 2 ට රුපියල් 5000.00 ජංගම දුරකථනය සඳහා රුපියල් 2000.00 ක්ද හිමිවේ. අමාත්‍ය කාර්ය මණ්ඩලය 15 කි. නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය 10 කි. පෞද්ගලික ලේකම්, පෞද්ගලික සහකාර, සම්බන්ධීකරණ ලේකම් යනාදී තනතුරුවලට බොහෝ විට පත් වන්නේ බිරිඳ සොහොයුරෙක් හෝ දරුවෙකි. එබැවින් ඒ ඒ තනතුරුවලට හිමි වැටුපද පවුල සඳහාමය. එසේ පත්කර ගෙන නැති අයද සිටිති. ඇමතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට පෙට‍්‍රල් වාහනයක් සඳහා ලීටර් 218 ක් සඳහා රුපියල් 17,440.00 ක් හිමිවේ. ඞීසල් වාහනයක් සඳහා ලීටර් 264 කට රුපියල් 13,200.00 ක් හිමිවේ. ඔහුට අතිකාල දීමනා පැය 100 ක්ද සංයුක්ත දීමනා දින 6 ක්ද හිමිවේ. මන්ත‍්‍රීවරුන්ට ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට තම කාර්ය මණ්ඩලය සඳහා හිමිවී ඇති පහසුකම් මන්ත‍්‍රී වරප‍්‍රසාදයකි. මීට අමතරව වසර 5 ක කාලයෙන් පසු විශ‍්‍රාම වැටුපට ද හිමිකම් ඇත. මීට අමතරව ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්ට පෙට‍්‍රල් වාහනයකට ලීටර් 240 කි. ඒ සඳහා උපරිම මුදල රුපියල් 19,200 ක් ද ගෙවනු ලබයි. ඞීසල් වාහනයක්  නම් ලීටර් 288 ක් මාසයකට හිමිවන අතර අනුමත උපරිම මුදල රුපියල් 14,400.00 කි. අතිකාල දීමනා මසකට උපරිම පැය 125 ක් සඳහාද සංයුක්ත දීමනා උපරිම දින 9 ක්ද හිමිවෙති. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලය 5 දෙනෙකි. එයින් එක් අයෙක් පර්යේෂණ නිලධාරියකු ලෙසින් උපාධිධාරියකු විය යුතුය. මන්ත‍්‍රීවරයකුට දුරකථන දෙකක් හා වාහනයක් හිමිවේ. මේස පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක්, ෆැක්ස් යන්ත‍්‍රයක්, ජංගම දුරකථනයක්, ෆොටෝකොපි යන්ත‍්‍රයක් කාර්යාල උපකරණ වශයෙන් ලැබෙන අතර ඒ සඳහා උපරිම වැය කරන මුදල රුපියල් 350,000.00 කි. මෙම කාර්යාල උපකරණ සඳහා ක්ෂයවීමේ පදනම මත මන්ත‍්‍රීවරු විසින් ගෙවීම් කළයුතුවේ. මේස පරිගණක හෝ ලැප්ටොප් පරිගණකය රුපියල් 20,000.00 ක්ද, පිටපත් යන්ත‍්‍රය රුපියල් 100,000.00 ක්ද, ජංගම දුරකථනය රුපියල් 20,000.00 ක්ද, ෆැක්ස් යන්ත‍්‍රය රුපියල් 30,000.00 ක්ද වශයෙන් මිල නියම වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කර ඇත. සෑම මන්ත‍්‍රීවරයෙක් සඳහාම ලක්ෂ 20 ක රක්ෂණ ආවරණයක් ඇත. මන්ත‍්‍රීවරයකුට හදිසි අනතුරකින් හෝ ත‍්‍රස්ත ක‍්‍රියාවකින් හෝ ජීවිත හානිවුවහොත් ඔහුගේ පවුලේ අයට රුපියල් ලක්ෂ 50 ක වන්දියක් හිමිවේ. ඇස් කණ්ණාඩි සඳහා රුපියල් 5000.00 ක් වසර 3 කට වරක් හිමිවේ. තම දරුවන් ප‍්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කිරීම, විදේශ සංචාර තමන් නියෝජනය කරනු ලබන ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා වාර්ෂිකව ලක්ෂ 50 ක ආධාර හිමිවේ. මේ සියල්ල ඉක්මවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළත මන්ත‍්‍රීවරුනට හිමිවන වරප‍්‍රසාද අති විශාලය. පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරයකු කරනු ලබන කතාවක් සම්බන්ධයෙන් අධිකරණයේ පවා පියවරක් ගත නොහැකිය. මන්ත‍්‍රීවරයකුට අපහාස වන ආකාරයේ කිසිදු චෝදනාවක් පාර්ලිමේන්තුව තුළ සිදු කළ නොහැකිය. අසභ්‍ය වචනයෙන් බැන වැදිය නොහැකිය. කිසිවකු මන්ත‍්‍රීවරයකුට බාධාවක් නොකළ යුතුය. විශේෂයෙන් සභාවට පැමිණෙන විටත්, සභාවෙන් පිටවී යනවිටත් මන්ත‍්‍රීවරුනට මාර්ග අවහිරයක් නොවිය යුතුවේ. මාර්ග බාධාවකින් තොරව පාර්ලිමේන්තුවට ඒමට හා යාමට හැකියාව සැලසිය යුතුවේ. තමන්ගේ වරප‍්‍රසාදයන් අහිමිවූ විටක ඒ පිළිබඳව කතානායකවරයාට පැමිණිලි කර වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළ හැකිවේ. මන්ත‍්‍රීවරයාගේ වරප‍්‍රසාද කඩවීමක් බව පැහැදිලි වුවහොත් ඒ පිළිබඳව වරප‍්‍රසාද කමිටුවට ඉදිරිපත් කෙරේ. මීට අමතරව මන්ත‍්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ දී සැපයෙන ආහාර ද ඔවුන්ගේ වරප‍්‍රසාදවලට අයත්ය. මන්ත‍්‍රීවරයකුගේ උදේ ආහාර වේලට වැය කරන මුදල රුපියල් 60 කි. දිවා ආහාරය සඳහා රුපියල් 150 කි. සියලූම මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගනී. බහුතරයක් පිරිස පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගනිති. උදේ ආහාරයට බත් හෝ පාන් සමග මාළු ලූණුමිරිස්, පොල්සම්බෝලයක්  ඇතුළුව පළතුරුද හිමිවේ. දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබෙන ආහාර වේලට අමතරව, සෞඛ්‍යයට හා රුවට බලපාන ඉතා ඉහළ මිල ගණන්වල විදේශ ආහාරද මේ වනවිට මන්ත‍්‍රී කෑමට එක්වී ඇත. අග‍්‍ර තේ දල්ලෙන් නිපදවෙන "සිල්ව ටිප්” යන අති විශේෂ ඉහළ මිලකින්යුතු තේ වර්ගය පානය කිරීමට මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබී ඇත. කෝන් ෆ්ලේක්ස්, ඔලිව් ගෙඩි, බේබි කෝන් ඇතුළු  ගුණට හා රුවට අදාළ ආහාර වර්ග  මේ අනුව ලබාගත හැකිය. මීට අමතරව මන්ත‍්‍රී භෝජනාගාරයේ විශේෂ මේසයක් (Action Table) පිළියෙළ වී තිබේ. මන්ත‍්‍රීවරුන්ට ඇති සාමාන්‍ය දිවා ආහාර වේලට අමතරව, මාළු කෑල්ලක් බැද ගැනීමට හෝ වෙනත් විශේෂ ආහාරයක් ඒ මොහොතේ පිළියෙළ කරවා ගැනීමට පහසුකම් සැලසී ඇත. එවැනි ආහාර සඳහා විශේෂ අයකිරීමක්ද නොකෙරේ. මිල එකමය. නොමිලේ වෛද්‍ය පහසුකම් හා බෙහෙත් වර්ග ලබා ගැනීමට පාර්ලිමේන්තුව තුළම පහසුකම් සැලසී ඇත. ඒ ආයුර්වේද හා බටහිර වශයෙනි. නුවරඑළියේ විශේෂ නිවාඩු නිකේතනයක් මන්ත‍්‍රීවරුන් සඳහාම වෙන්වී ඇත. ඉතා අඩු මුදලට තම පවුල් සමග මෙහි නවාතැන් ගැනීමට පහසුකම් සැලසී තිබේ. එක්තරා ඇමතිවරයෙක් දෙපාවලට සෙරෙප්පු දෙකක් හෝ නොමැතිව ගැමි ගෙදරකට ගොස් පිඟානට බත් බෙදාගෙන කෑමට ගන්නා අවස්ථා අදටත් ඇති බව සඳහන් කළයුතුව ඇත. මන්ත‍්‍රී තනතුරට හිමි තවත් වරප‍්‍රසාදයක් නම් ආරක්ෂක නිලධාරීන්ය. ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ඉහළ වටිනාකමක් ඇති වාහනයකින් ඉගිලී යනවිට හිතට දැනෙන "අභිමානය හා වැදගත්කම” පුදුමාකාරය. ඒ පුදුමාකාර බව මතින් දැනෙන ප‍්‍රභූ ලක්ෂණ සාමාන්‍ය ජනතාවගෙන් මුළුමනින්ම ඈත්වීමක් නොවන්නේ නම් එය රටට යහපතකි.

සටහන - දයාසීලි ලියනගේ



අදහස් (0)

මහජන නියෝජිතයන්ගේ අපූරු නත්තල් තෑග්ග

වන්නි වීරවන්නි Tuesday, 11 December 2012 12:41 PM

හිතා ගනිල්ලා...(නු)

:       0       0

සජි Saturday, 15 December 2012 12:47 PM

දෙයියනේ! අපි මාසෙට රුපියල් 15000.00ක් හොයන්න කොච්චර නම් මහන්සි වෙනවද? (නි)

:       0       0

පියුමාල් Saturday, 15 December 2012 06:08 AM

අයියෝ මේ සල්ලි නේද? අපි අවුරුදු කීයක‍ ඉදන්ද මේ රටවල් වල‍ට වෙලා දුක් විදින්නේ? (නි)

:       0       0

අසෝකා Friday, 14 December 2012 02:26 AM

අසරණ අපිට මොන තෑගිද (දී)

:       0       0

බන්දුල Thursday, 13 December 2012 01:27 PM

ජේ.වී.පී. එක‍ට අපි ඡන්දය නොදුන්නොත් එයාලා මීටවැඩිය ජනතාව ගැන හිතාවි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සුකිරි Thursday, 13 December 2012 08:44 AM

අපිවනේ නියෝජනය කරන්නේ. ඒ ගොල්ලන්ට හම්බුනා කියන්නේ අපිට ලැබුනා වගේ තමයි (දී)

:       0       0

නිලන්ත Wednesday, 12 December 2012 07:40 PM

මේ ලිපියට ගොඩාක් ස්තුතිය. මමත් අදය දැනගත්තේ මේ ගොල්ලන්ට මෙච්චර සැප තියෙනවා කියල. මෙහෙමනම් එකට තමයි මේ අය බලයට එන්න ඇනකොටා ගන්නේ. (අ)

:       0       0

සජිත් Wednesday, 12 December 2012 04:03 PM

එවුවට දෙයිද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

දුමිඳු Wednesday, 12 December 2012 01:51 PM

අහිංසක අපිට හුලන් (දී)

:       0       0

සජිත් Wednesday, 12 December 2012 01:37 PM

අයියෝ අපේ සල්ලි

:       0       0

වසන්ත Tuesday, 11 December 2012 06:35 PM

පඩිය එහෙමපිටින්ම ඉතුරුයි. (නි)

:       0       0

තේජන Tuesday, 11 December 2012 02:46 PM

නියමයි..!(නු)

:       0       0

නොයෙල් Sunday, 09 December 2012 04:23 PM

ගොඩක් ස්තුතියි... අද අපි දැනගත්තා කොහොමද මන්ත්‍රීකෙනෙක්ගේ ජීවිතය කියලා...!(නු)

:       0       0

අචිනි Tuesday, 11 December 2012 09:41 AM

දුක් නොවවු මිනිසුනේ... (නි)

:       0       0

ප්‍රභාත් Monday, 10 December 2012 07:39 PM

මේවා දකින කොට මට ගොඩාක් දුක හිතෙනවා අපි ගන මහජනතාව ගැන. අපි පව් (දී)

:       0       0

සුප්‍රියා Monday, 10 December 2012 06:57 PM

අපි ඉතින් ඒව දිහා බලල හුල්ලනවා (දී)

:       0       0

සම්පත් Monday, 10 December 2012 04:51 PM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

දයා Monday, 10 December 2012 02:03 PM

අපිට හුලන් (දී)

:       0       0

මාරසින්හ Monday, 10 December 2012 10:05 AM

අපි පත් කරලා යවපු අපිට මොනවද (දී)

:       0       0

කහවත්තේ Monday, 10 December 2012 09:17 AM

දුප්පත් අපි හිඟාකනවා (ස)

:       0       0

කහවත්ත Monday, 10 December 2012 09:21 AM

රටකට ගිය කල (ස)

:       0       0

සුවෙනි (දී) Monday, 10 December 2012 08:16 AM

අපිට ඇඩෙනවා අනේ (දී)

:       0       0

විලේගොඩ Sunday, 09 December 2012 07:28 PM

ඇති .. ඇති (ස)

:       0       0

මද්දුම Sunday, 09 December 2012 07:03 PM

මේවාට කවුද සල්ලි දෙන්නේ, අහිංසක අපි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site