X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


මහත්තයා නිදහස් කරනවා කියන එක ජනාධිපති මට සහතික වුණා.

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් වීම සම්බන්ධයෙන් කතාබහ කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ඉකුත් 16 වැනිදා බදාදා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය. එහිදී සාකච්ඡා කළ කරුණු මොනවාද යැයි ඉරිදා ලංකාදීප කළ විමසුමකට අනෝමා ෆොන්සේකා මහත්මිය දුන් පිළිතුරු මෙහි පළවේ. රජය සමග ටිරාන් අලස් මහතා මගේ මහත්තයා නිදහස් කර ගැනීමට කරගෙන ගිය සාකච්ඡුාවේ සමාප්තියේදී ජනාධිපතිතුමා දන්වලා තිබුණා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ කෙනෙක් සමඟ අවසන් කතා බහ කළ යුතුයි කියන එක. ඒ පණිවිඩය අපට දුන්නේ ටිරාන් අලස් මහත්තයා. ඒ දැනුම්දීම අනුව තමා මම ජනාධිපතිතුමා හමුවෙන්න කැමැත්ත පළ කළේ. එහෙත් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මුණ ගැහෙන්න මම කැමැති වුණේ නෑ. ඒ බව මා ප‍්‍රකාශ කළාම ටිරාන් අලස් මහතාගේ නිවසේදී ඒ හමුවීම කරන්නට කටයුතු පිළියෙළ කළා. ටිරාන් අලස් මහතාගේ නිවෙසට ජනාධිපතිතුමා පැමිණියා. මගේ මහත්තයා නිදහස් කරනවා කියන එක එතනදී ජනාධිපතිතුමා මට සහතික වුණා. එහෙත් ඒ දිනය කවදාද වේලාව කීයටද කියන එක කීවේ නෑ. එහෙත් නිදහස් කරන බව විශ්වාසයි. ඒ බව එතුමා තහවුරු කළා. ඒ වගේම ජනාධිපතිතුමා දුරකථන මගින් අදාළ නීතිඥවරුන්ට කතාකර හැකි ඉක්මණින් නඩු අවසන් කරන්න කියලා උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා ඉතා සුහදව කතා කළා. දුවලා දෙන්නා ගැන එයාලගේ අධ්‍යාපන කටයුතු ගැන එහෙම විස්තර ඇහුවා. එහෙත් එක සීමාවකින් පිට ඒ කතා බහ ගියේ නැහැ. මගේ මහත්තයා නිදහස් කිරීම පිළිබඳව කිසිම කොන්දේසියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ නෑ. අවසන් තීරණය ඒ කියන්නේ මගේ මහත්තයා නිදහස් කරන්නට ගත් තීරණය පවුලේ කෙනෙක් වෙතම දැන්වීමට අවශ්‍ය බව ජනාධිපතිතුමා කිව්ව නිසා තමා මේ හමුවීම සිදුවුණේ. ටිරාන් අලස් මහතාගේ නිවසේ අය සමඟත් ජනාධිපතිතුමා ඉතා සුහදව සතුටු සාමීචියේ යෙදුණා. මගේ මහත්තයා නිදහස් කර ගැනීමට කිසිවකුගෙන්වත් සමාව ගන්නේ නෑ කියන ස්ථාවරය මා වෙනස් කළේ නෑ. ඒ මගේ මහත්තයා වරදක් නොකළ නිසා. අපි ගත්ත මහන්සියේ අප දරපු වෑයමේ ප‍්‍රතිඵලය ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපට දිරිය දීපු හැම කෙනකුටම අපේ හදපත්ලින්ම නැගෙන ගෞරවය ස්තුතිය අපි පුද කරනවා.

අනෝමා ෆොන්සේකා

සටහන - සංජීවිකා සමරතුංග



අදහස් (0)

මහත්තයා නිදහස් කරනවා කියන එක ජනාධිපති මට සහතික වුණා.

ජයරත්න Sunday, 20 May 2012 03:02 PM

මුල මතක තියාගෙන දැන්වත් වැඩ කළොත් හොදයි

:       0       0

Sunday, 20 May 2012 08:28 PM

මැඩම්ට තියෙන සතුට....

:       0       0

අලිබබා Sunday, 20 May 2012 09:09 PM

සිනාහව අතරින් කදුලක් උපන්නා. ඒ බව නොදැනිම සිනහවක්ද පෑවා.

:       0       0

නිශාන්ත කුමාර Sunday, 20 May 2012 09:33 PM

ජෙනරාල් වාසනාවන්ත මනුස්සයෙක්.....

:       0       0

අඵත්ගමගේ Monday, 21 May 2012 01:26 AM

ජෙනරාල් තුමනි ඔබට ජය..

:       0       0

අනූශා ලක්මාලි Monday, 21 May 2012 09:43 AM

ඔහුගේ සේවය අපි අගය කරනවා...

:       0       0

කොබේවට Friday, 25 May 2012 06:25 AM

ජෙනරාල් තුමනි ඔබගේ සේවය අපි අගය කරනවා... ඔබට ජය!!!!!!

:       0       0

ප්‍රදීප් Friday, 25 May 2012 02:26 PM

දැන්වත් හැදෙන්නකෝ අනේ

:       0       0

රුවන් Tuesday, 10 July 2012 10:54 AM

දේශපාලනයට නාවත් ඔබේ නම සදා නොමැකේ......

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site