මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල පිහිටි නිවෙසට ආදරවන්තයන්ගේ දිනයදා අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරකයන් සිවු දෙනකු පැමිණ එක් ප්‍රහාරකයකු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා තම බාරයට ගෙන සෙසු තිදෙනා පරිශ්‍රයට ඇතුළුවී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව අප පුවත්පත වාර්තා කර තිබේ. සුදු පැහැති කුඩා වෑන් රියකින් ප්‍රහාරකයන් පැමිණ ඇති බව ද වාර්තා විය. ගල් මුල් ප්‍රහාරයේ හඬට අමතරව වෙඩි ප්රහාරයක ශබ්දයක් ද තමන්ට ඇසුණු බව චමුදිත සමරවික්‍රම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරකයන් කවුද යන්න තවම නිශ්චිතවම හඳුනාගෙන නැත. එහෙත් අවි බලයෙන් බාහු බලයෙන් තම තමන්ගේ ගැටලු නිරාකරණය කරගත හැකි යැයි සිතන ත්රාඩයකුගේ අතවැසියන් සිවුදෙනකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බව ඉතා පැහැදිලිය. එම නිවාස සංකීර්ණයේ නිවාස සියයක් පමණ තිබෙන බවත් එයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙස ටක්කෙටම ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලකර තිබීමෙන් ඉතා සැලසුම් සහගතව මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව ද පැහැදිලිය.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙස මැර ප්‍රහාරයකට ලක්වන්නේ ඔහුගේ මාධ්‍ය භාවිතය නිසා යැයි අපි විශ්වාස කරමු. මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ මාධ්‍ය භාවිතයට ඇලුම් කරන්නන් මෙන්ම ඇලුම් නොකරන්නන් ද සිටිය හැකිය. ඔහුගේ ප්‍රහාරාත්මක ප්‍රශ්න කිරීම් හමුවේ මෙන්ම පත්තර විස්තර ඉදිරිපත් කිරීමේ දී දක්වන නිර්දය විචාරයන්ගෙන් ‘‘රෙදි ගලවාගත්’’ අය ද සිටිය හැකිය. එහෙත් කිසිවකුට මැර බලය පා තම විරෝධය පළ කිරීමට අයිතියක් නැත. එහෙයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ලවූ මෙම තුච්ඡ මැර ප්‍රහාරය බලවත් පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු.
මාධ්‍යවේදියා නියෝජනය කරන්නේ ජනතාවගේ හද ගැහෙන රිද්මය වේ. ඒ ජනයා විඳින විඳවන අතොරක් නැති දුක් ගැහැට සමාජය මත මුදාහරිනු ලබන්නේ මාධ්‍යවේදියාය. එහෙයින් මෙම මාධ්‍යවේදියා සමාජයේ බහුතරයකගේ ගෞරවයට පාත්රවන අතර සුළුතරයකගේ වෛරයට පාත්‍ර වේ. එකී වෛරය විවිධාකාරයෙන් මුදාහැර ඇති අවස්ථා ඉතිහාසයේ අප්‍රමාණ ලෙස සටහන් වී තිබේ.
ඇත්ත පුවත්පතේ කාටුන් ශිල්පි ජෙෆ්රි යුසුප් මහතාගේ නිවෙසට පැන ඔහුගේ කට කපා පලාගොස් තිබුණේ පාතාල කල්ලි නායකයකුගේ මැර බළකාය විසිනි. මේ පාතාලයාට එවකට තිබූ එජාප ආණ්ඩුවේ ප්‍රබල සහයෝගයක් ද තිබිණි. රූපවාහිනී මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා මහතා පහැරගෙන ගොස් මරා මළ සිරුර මුහුදට විසි කරනු ලැබුවේ ද ඒ පාලන සමයේදීමය. උතුරු අර්ධද්වීපයේ ප්‍රබල මාධ්‍යවේදියකු වූ එස්. නිමලරාජන් මහතා යුද සමයේ නාඳුනන තුවක්කුකරුවකුට බිලි විය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමුවේ දෙනෝ දාහක් ජනී ජනයා ගැවසෙන ප්‍රධාන මාර්ගයක දී මහ දවාලේය. එහෙත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අද වනතුරු ද නැත. රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි උපාලි තෙන්නකෝන් මහතා නිවසේ සිට පත්තර කන්තෝරුවට යන අතරතුර දී මැර ප්‍රහාරයකට ලක්විය. ඔහු ජීවිතය බේරාගත්තේ අනූ නවයෙනි. වෙබ් මාධ්‍යවේදියකු වූ එක්නැලිගොඩ අතුරුදන් කර සෑහෙන කලක් ගත වුවද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නැත. දේශපාලන විචාරකයකු වූ සිවරාම් හෙවත් තාරකීගේ වෙඩි වැදුණු නිසල මළ සිරුර හමුවූවේ අධි ආරක්ෂිත කලාපයේදීය.
මාධ්‍යවේදීන් පසුපස මරණය මෙසේ ලුහුබඳින්නේ ඇයි? ඔවුන් ජනතාවගේ හඬ නියෝජනය කරන හෙයිනි. ජන සටන් මුවහත්ව නව වටයකින් රළ ගසා පෙරට පැමිණෙන්නේ ජනමාධ්‍යවේදීන්ගෙන් ලැබෙන ජවය බලය ශක්තිය මතිනි. එහෙයින් එම ජනමාධ්‍යවේදීන්ගේ හඬ නිහඬ කිරීම බියවද්දා මුළුවැද්දීම සෑම ආකාරයකම, සෑම වර්ණයකම තක්කඩියන්ගේ පළමු උත්සාහය වේ. එහෙත් ඉතිහාසයේ සිදුවී ඇත්තේ කුමක්දැයි එළැඹ ගත් සිහියෙන් යුතුව ආවර්ජනය කර බලන්නැයි ඒ තක්කඩියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ලවීම එක් හුදෙකලා සිද්ධියක් නොවන බව අපි විශ්වාස කරමු. මෙය දිගුකාලීන මහා ව්‍යාපෘතියක අත්හදා බැලීමක් විය හැකිය. මෙබඳු නිවට තක්කඩියන්ට රිස්සක් කර ගැනීමට ඉඩදී නිහඬව සිටිය යුතු නැත. මෙම සකල අගති කුදලා දමන මහා හඬක් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්විය යුතුය. එහි අපගේ පළමු පියවර මෙසේ සටහන් කර තබමු.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍යවේදීන් දඩයම් කිරීම දැන්වත් නතර කරවමු