X Advertisement
IMG-LOGO

2025 මැයි මස 26 වන සඳුදා


මා දුටු ප්‍රේමදාස

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

ජනතා හදවත්වල ස්වකීය නම සටහන් කොට නික්ම යන මනුෂ්‍යයන් දුර්ලභය. කාලයේ වැලිතලාවෙන් මැකී නොයන තරමට එබඳු මිනිසුන් ජීවමානය. මීට විසිපස් වසරකට පෙර අප අතරින් සමුගත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් ද එලෙස පොදු ජනතාව අතර නොමැකෙන නමක් සටහන්කොට නික්ම ගිය ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි.  ූ ජීවිතයේ බෙහෙවින්ම දුෂ්කර තැනකින් පටන් ගෙන රටේ ඉහළම තැනට ගිය චරිත අතර ප්‍රමුඛතම සහ සුවිශේෂම චරිතය ප්‍රේමදාස ජනාධිපති බව අවිවාදිතය. බින්දුවෙන් පටන්ගෙන ඉහළටම යා හැකි බව වර්තමාන, අනාගත පරපුරට ක්‍රියාවෙන් ඔප්පු කළ පළමුවැනි රාජ්‍ය නායකයා ඔහුය.

සමාජ අසාධාරණයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් නොබියව කතා කළ ඔහු පොදු මහත් දුක්විඳින ජනතාවගේ නායකයකු ලෙස පෙරට ආවේ ප්‍රායෝගිකවම ඒ වෙනුවෙන් ඇප කැප වෙමිනි. 1950 වර්ෂයේ දී සාන්තබස්තියම නාගරික මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට කොළඹ මහ නගර සභාවේ අසුන් ගත් එතුමා, පියවරෙන් පියවර රටේ මුල් පුටුව කරා පැමිණි ගමන දුක් කම්කටොලු, කැපකිරීම් සහ ඉවසීම ප්‍රගුණකොට ආ ගමනකි. ජයග්‍රහණයෙන් උඩඟු නොවන්නටත්, පරාජයෙන් පසුබට නොවන්න තරම් ආත්ම ශක්තියක් තවත් නැත. යන්න එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළ අතර එය තම ජීවන දර්ශනය බවට ද පත්කර ගත්තේය.

තම විවේකය පිළිබඳව නොසලකා හරිමින් සෑම මොහොතක්ම ‘වැඩ කිරීම’ උදෙසා ම වෙන් කළ හෙතෙම සියලු කාරණා සම්බන්ධව පුළුල් දැක්මකින් සහ විචක්ෂණ හැඟීමකින් යුක්තව කටයුතු කළේ ලාභ සන්තානයකින් තොරවය.

ජනතාවගේ හද ගැස්ම මනාව හඳුනාගත් සැබෑ දේශපාලනඥයකු වූ ප්‍රේමදාස මහතා දක්‍ෂ ශූර සංවිධායකවරයෙක් විය. එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන වශයෙන් ඇදවැටුණු අවස්ථාවල දී පරිණත නායකයකු ලෙස ප්‍රේමදාස මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා සමග එක්ව පක්ෂය ගොඩනැංවීමට කැපවුණේ ‘පරාජයේ දී’ නොසැලෙන ගුණය මනාව විදහා පාමිනි.

පරාජයේ දී ඉවසිලිමත්ව කටයුතු කිරීමත් ශක්තිමත්ව එය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීමත් ඔහුගෙන් දකින්නට ලැබුණු විශිෂ්ටතම ගුණාංගයක් විය. දේශපාලන ජීවිතයේ දී තමන් වෙත පැමිණි සියලු අභියෝග ඔහු ස්වකීය පරිණත දේශපාලන විඥානයෙන් මනාව කලමනාකරණය කරගත්තේය. දේශපාලනයේ දී ඔහු හැම විටම තෝරා ගත්තේ විදුලි සෝපානයෙන් යන ගමන වෙනුවට තම ශක්තිය මතින් යන ගමනය.

දශක හතරකට ආසන්න කාලයක් දේශපාලනයෙහි නියැළුණු ඔහු තරම් බාධක කම්කටොලුවලට මුහුණ දුන් වෙනත් නායකයකු සමකාලීන දේශපාලනය තුළ සොයා ගැනීම පවා උගහටය. ඇතැම් අවස්ථාවල දී තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා ඔහු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හොඳ හිත දිනා ගත්තේය. ඒ තරමටම පක්‍ෂ විපක්‍ෂ දෙපාර්ශ්වය තුළම ඔහු ජනප්‍රිය දේශපාලනඥයෙක් විය.

නිවාස ලක්‍ෂ ගණනක් ඉදිකර ටවර් හෝල් රඟහල ජාතිය සතුකොට දුප්පත් කලාකරුවාට විශ්‍රාම වැටුපක් ලබා දී වගුරු බිම් සංවර්ධනය කොට, නොදියුණු ගම් දියුණු කර දරුවන්ට නොමිලයේ නිල ඇඳුම් ලබා දී, දිවා ආහාරය ලබා දී දුප්පත්කම තුරන් කරන්නට ‘ජනසවිය’ නමැති මහා ව්‍යාපෘතිය අරඹමින් ඔහු පොදු ජන සුබසෙත සැලසුවේය. එතුමා ආරම්භ කළ එම විවිධ ජාතික ව්‍යාපෘති එදා මෙන් අදත් ජනතා ආකර්ෂණය ඉහළින් දිනාගෙන තිබේ.

රණසිංහ ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයාව සිටි කාලය තුළ සමාජයෙන් නැඟුණු අපවාද බොහෝය. මා ඝාතනය කරන්න... මගේ චරිතය ඝාතනය කරන්න එපා... ඔහු අවසානයේ කීවේ එකී අපවාද දරාගන්නට බැරිම තැනය. සත්‍යය කවදා හෝ ජයගනී’ යනුවෙන් පවසමින් එතුමා සිය අවසන් කතාව නිමා කළේය. ඊට පසුදා, එනම් 1993 මැයි මස 1 වැනි දින මේ රටේ ජනතාව සෝ සයුරේ ගිල්වා එතුමා අභාවප්‍රාප්ත විය. ශාරීරිකව අප අතර නොමැති වුව ද මේ රටේ පොදුමහ ජනතාව අදත් එතුමන්ව සිහිපත් කරනුයේ ඔහු සිදුකළ සුවිසල් කාර්යභාරය අති මහත් වන බැවිනි.

 



අදහස් (3)

මා දුටු ප්‍රේමදාස

gamini Wednesday, 02 May 2018 05:39 AM

හිටපු ජනාධීපතිවරයා පිළීබදව වත්මන් ජනාධිපතිවරයා තබා ඇත්තේ ඔහුගේ නියම චරිත ලක්ෂණ හා ගුණාංගයන්ය පාසැල් ළමුන් සදහා නිළ ඇදුමි කට්ටලයක් හා ආහාර වේලක් නොමිලයේ ලබාදෙන බවට මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ නොමිලයේ පාසැල් පෙළපොත් බෙදාදිමේ ජාතික උත්සවයට සහභාගි වෙමින් බකමුණ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයේදිය. ඔහු විසින් දියත් කල ජාතික ව්‍යාපාර අදටත් අනාගතයටත් ජාතියේ උන්නතියට ඉමහත් රුකුලක් වනු ඇත. මේවා නොවෙනස් විය යුතුය. අවාසනාවට අද නායකයින් ඒවා වෙනස් කරනු ඇත. ගමේ ගොවි සංවිධානයෙන් ගන්න තිබු පොහොර සහනාධාරය ගන්න දින ගනන් බැංකුවල ගිහින් පොලිම්වල ගහගන්න වුනා. ඒ මුදල් අරගෙන කුලියට ටැක්ටරයක් අරගෙන කඩගානේ පොහොර හොයන්න වුනා. පාසලේදි පංතිභාර ගුරුතුමිය දරුවට පංති කාමරයේදි අතට දුන්න රෙදි කෑල්ල අහිමිව රු 450 වවිචරයට අත්සන ගහන්න ගිහින් රු 2000 කුලි කම්කරුවගේ දෛනික රැකියාව අහිමි වුනා තවත් දිනක වචිචරය අරගෙන රෙදි කෑල්ලක් ගන්න කඩවල් ගානේ යන්න වුනා. ඒ වෙනුවෙන් විදුහල්පතිට හා පංතිභාර ගුරුවරුන්ට දින ගනන් කාලය වැයකරන්න වුනා. නාස්තිය අවමලු මුදල් කුටිටියේ ඉතිරිය දැකලා සතුටු වෙනවා රටෙි මිනිසුන්ගේ දුක දැක්කේ නැහැ.

:       1       1229

BamunuarachchiWednesday, 02 May 2018 10:51 AM

එල්.ටී.ටී.ඊ. යට සිමෙන්ති, ආයුධ සහ සල්ලි වලිනුත් ආධාර කළා.. අපි ඒවත් අමතක කරන්න හොඳ නැහැ. ඒවා අමතක කරන සිංහලයෝ සිංහලයින් නොවෙයි.

:       522       411

udayaWednesday, 02 May 2018 04:05 PM

ජයවර්ධන ජනාධිපතිගෙන් පස්සේ භීෂණය දිගටම ක්‍රියාත්මක කරපු අසහාය නායකයා. මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන හෙනේ... කවුරුවත් කරපු වැරදි ටික කාලයක් යනකොට අමතක වෙන එකයි. ඔහොම ගියාම කවුරු හරි ලියාවි ප්‍රභාකරන් ගැනත්. අනේ මගේ කට...!!!

:       179       19

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site