X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මිනී ඔළුත් විකුණගෙන කන මිනිස්සු

17-page1-S2-1 17-page1-S2-2

 

යම් කෙනෙක් ජීවත්ව සිටියදී ඔහුගේ හෝ ඇයගේ ඔළුගෙඩිය එහෙමත් නැතිනම් හිසට ලොකු මුදලක් ගෙවා මිලදී ගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වනවා තියා එවැන්නක් ගැන සිහිනෙකින්වත් සිතන්නේ නැත්තේ පණ පිටින් සිටින කෙනකුගේ ඔළු ගෙඩියක් අවශ්‍ය නොවන නිසාය.


ජීවත්ව සිටින කිසිම කෙනෙක් තමාගේ හිස ගලවා  තවත් කෙනෙකුට කෝටි ගණනකට වුවත් විකුණන්නට යන්නේ ද නැත.


එහෙත් කෙනෙක් මියගියාට පස්සේ නම් ඔහුගේ හෝ ඇයගේ හිස් කබලට ලොකු මිලක් නියම වන අවස්ථා නැතිවාම නොවේ.


තවත් අයෙකුට ජීවත්ව සිටින තවත් අයෙකුගේ ඔළුව කිසිම වටිනාකමක් නැතත් හැම කෙනෙකුම බලන්නේ තමාගේ ඔළුගෙඩිය බේරාගෙන ජීවත්වීමටය.
ඒත් ජීවත්ව සිටින කෙනෙකුගේ ඔළු ගෙඩියට වඩා මියගිය කෙනෙකුගේ ඔළු ගෙඩියකට ලක්ෂ ගණනක් වුවත් ගෙවා ලබා ගැනීමට ඉදිරිපත් වන අය සිටියත් ඒ හා සම්බන්ධ ගනුදෙනු සිදුවන්නේ බොහොම රහසිගතවය.


ජීවත්ව සිටින කෙනෙකුගේ ඔළුවට වඩා මියගිය කෙනෙකුගේ හිස් කබල බලගතු යැයි එයින් වෙනත් අයට කිසියම් හෝ බලපෑමක් කිරීමට හැකියාවක් තිබෙනවා යැයි සිතන, විශ්වාස කරන අය සමාජයේ ඕනෑ තරම් සිටිති.


ලොකු මිල ගණන්වලින් හිස් කබල්වලට මිල නියම වන්නේ එවැනි විශ්වාස තිබෙන අය නිසාය.


 යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට හිස් කබල් යොදා ගන්නේ මිනී ඔළු බලසම්පන්න බවට  කට්ටඬින් විශ්වාස කරන නිසාය.


මේ මිනී ඔළු ජාවාරම ගැන හා ඒ හා බැඳුණු කතා කිහිපයකි.


අනුරාධපුරය පැත්තේ මිනී කනත්තක වසර ගණනක් රැකියාව කර විශ්‍රාම ලබා සිටින සොහොන් පල්ලෙක් කී කතාවකි.


දවසක් රෑක මාව හොයාගෙන කනත්ත ළඟට තරුණ පිරිමි ළමයෙක් ආවා. ඒ ළමයා ඉස්කෝලේ යන කෙනෙක් බව මම පස්සේ දැනගත්තා. මම ඇහැව්වා ඇයි ළමයෝ මේ මහ රෑ මාව හොයාගෙන ආවේ කියා. අන්කල් මම ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ල ගන්නයි ආවේ. අන්කල් ඉල්ලන ඕනෑම ගාණක් මම දෙන්නම්. මට මිනී ඔළුවක් දෙන්න පුළුවන්ද කියා ඇසුවා. මම හිතුවේ ඉගෙන ගන්න ඕනෑකමට මිනී ඔළුවක් හොයනවා කියා. මම පරණ මිනියකින් ඔළුවක් ගලවා බෑගයක බහා ඒ ළමයට දුන්නා. ඒ ළමයා මට රුපියල් 5000 ක් කිසිම කතාබහක් නැතිව දුන්නා. මම සල්ලි එපා කිව්වත් නැහැ අන්කල් තියාගන්න.

මම කැමැත්තෙන් දෙන එකනේ කියා ඔහු කිව්වා. මට මේ හිස් කබලෙ තියෙන වටිනාකම ගැන කියන්න බැහැ කියාත් ඔහු පැවැසුවා. මට පස්සේ පොඩි සැකයක් ඇතිවුණා. ඇත්තෙන්ම ඔයාට මොකටද ඔය මිනී ඔළුව. ඉගෙන ගන්න නොවේද කියා මා නිකමට වගේ ඇසුවා.


තරුණ පාසල් සිසුවා ඒ ප්‍රශ්නයට ලබාදී ඇත්තේ සොහොන්පල්ලා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිළිතුරකි.


ඒ ගැන විශ්‍රාමික සොහොන්පල්ලා කී කතාවයි මේ.


මම තවමත් ඉස්කෝලේ යන එක ඇත්ත. ඒත් මම අන්කල්ගෙන් මේ මිනී ඔළුව ඉල්ලා ගත්තේ වෙනත් ලොකු වැඩකට. මම ඉස්කෝලේ යන ලස්සන ගැහැනු ළමයෙක් එක්ක කාලයක් ඉඳලා යාළු වෙලා හිටියා. ඒ ගැහැනු ළමයා මාත් එක්ක තරහ වුණා. මම එයත් එක්ක යහළු වෙන්න උත්සාහ කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මගේ යහළුවකුගේ මාර්ගයෙන් කට්ටඬි මහත්තයෙක් හමුවෙන්න ගියා. ඒ කට්ටඬි මහත්තයා තමා කිව්වේ පරණ මිනී ඔළුවක් ගෙනත් දුන්නොත් දවස් තුනක් මිනී ඔළුවට ජීවම් කරපුවාම තරහ වෙච්ච ගැහැනු ළමයා ආයෙත් යහළුවෙනවා කියා. තරහ වෙච්ච ගැහැනු ළමයා යාළු කරගන්නයි මම මේ මිනීඔළුව මෙච්චර ගාණක් දීලා ගත්තේ. එහෙම කියලා ඒ ළමයා යන්න ගියා. මේ කතාව අහලා මම පුදුම වුණා මහත්තයෝ කියා ඔහු සිය කතාව නිම කළේ මම ආයෙත් මොනම හේතුවක් කිව්වත් මිනීඔළු නම් දෙන්නේ නැහැ කියා හිතාගත්තා යැයි ද පවසමිනි.


දැන් ඔබට කියන්න යන්නේ විදේශ රටකට ගිය මිනී ඔළුවක් ගැන හරිම අපූරු කතාවක් කියන්නටය.


මේ කතාව කිව්වේ මගේ පාසල් මිතුරෙකි.


ඔහු වසර 10කට වැඩි කාලයක් තිස්සේ රස්සාව කරන්නේ විදෙස් රටක පිහිටි සමාගමක වැඩ පරීක්ෂකවරයෙක් වශයෙනි.


මගේ මිතුරා කී කතාව මෙසේ පෙළගස්වන්නෙමු.


අපිත් එක්ක එකට රස්සාවක් කරන මහත්තයෙක් ඉන්නවා. එයා ඉංජිනේරුවරයෙක්. මැදි වයස පසු කරමින් ඉන්න කෙනෙක්. මේ ඉංජිනේරු මහත්තයා ලංකාවේ ඉන්න කාලයේ කෙල්ලක් එක්ක යහළු වෙලා ඉඳලා තියෙනවා. ඒ කෙල්ලට ඉගෙන ගන්න හරියට උදව් කරලත් තියෙනවා. හැබැයි කෙල්ලට වඩා අවුරුදු 10ක් විතර වයසින් වැඩි කෙනෙක්. අන්තිමේදී කෙල්ල මෙයත් එක්ක තරහවෙලා. ඉංජිනේරු මහත්තයා මේ කලකිරීම නිසා රට අතහැරලා ඇවිත් තියෙන්නේ.


ජපානයේ ඉඳලා අපි ඉන්න රටට ඉගෙන ගන්න කෙල්ලක් ඇවිත් හිටියා. හරිම ලස්සන කෙල්ලෙක්. අපේ ඉංජිනේරු මහත්තයාට මේ ජපන් කෙල්ල ගැන ආදර සිතක් පහළ වෙලා. ඉංජිනේරු මහත්තයා මේ ජපන් කෙල්ලගෙන් යාළුවෙන්න අහලා එයා කැමැති වෙලා නැහැ. ජපන් කෙල්ල එක්ක යහළු වෙන්න ඉංජිනේරු මහත්තයා හරියට වෙහෙසුණා. ජපන් කෙල්ල බැහැම කිව්වා. අපේ ඉංජිනේරු මහත්තයට වඩා ඒ කෙල්ල ගොඩක් බාලයි. ඒ නිසා වෙන්න ඇති බැහැයි කියන්න ඇත්තේ.


මාතර පැත්තේ ඉඳලා ඇවිත් අපේ කම්පැණියෙම වැඩ කරන කෙනෙක් ඉන්නවා. ඔහු ඉංජිනේරු මහත්තයා එක්ක කිව්වා සර් කිසිම දෙයකට බයවෙන්න එපා. අපේ තාත්තා මාතර ඉන්න හොඳ ප්‍රසිද්ධ කට්ටඬියෙක්. මමත් මේ රට රස්සාවට එන්න කලින් තාත්තත් එක්ක කට්ටඬි වැඩ කරන්න ගියා. මන්තර ශාස්තර මමත් හොඳට දන්නවා. වශී ගුරුකමක් කරමු. එතකොට වැඬේ හරියනව කියා. හැබැයි මේ වැඬේට මිනී ඔළුවක් ඕනෑමයි නැතිව වැඬේ කරන්න බැහැ කියා මාතර මිතුරා ඉංජිනේරු මහත්තයා එක්ක කිව්වා. අපි ඉන්න රටෙන් මිනීඔළු හොයාගන්න බැරි නිසා ඉංජිනේරු මහත්තයා තකහනියක්ම ලංකාවට ඇවිත් මිනීඔළුවක් අරගෙන ආවා. මිනීඔළුව ලක්ෂයක් දීලා ගත්ත බව තමා ඔහු කීවේ.


මාතර අපේ මිතුරා හැමදාම හවසට දවස් හතක් තිස්සේ මිනී ඔළුව තියාගෙන මන්තර ජප කළා. දවස් හතක් ගියාට පස්සේ ජපන් කෙල්ල මහත්තයාව හොයාගෙන එනවා කියා තමා කිව්වේ. මොන බොරුද එහෙම දෙයක් වුණේ නැහැ. ජපන් කෙල්ල මාස දෙකකට විතර පස්සේ එයාගේ රටට ගියා.

ඉංජිනේරු මහත්තයා ඕස්ටේ්‍රලියාවේ පදිංචියට යනවා කියා ගියා. ගුරුකම් හරි ගියොත් ලක්ෂයක් දෙනවා කිව්වා. මාතර මිතුරා මේ ගුරුකම කළේ සල්ලි බලාගෙන නෙමේ හිතවත්කමට. ඒත් වැඬේ හරි ගියේ නැහැනේ කියා මගේ මිතුරා කතාව හමාර කළේය.


අපේ තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. තාත්තා මීට වසර 15කට විතර කළින් මිය ගියා. පවුලේ සුසාන භූමියේ තාත්තාගේ සිරුර භූමිදානය කළා. පහුගිය ජූලි මාසයේ 31 වැනිදා රෑ සොහොන් ගැබ කඩා තාත්තාගේ හිස් කබල සොරාගෙන ගිහින්. මේක කවුරු කළ වැඩක්ද කියන්න දන්නේ නැහැ.


බුලත්සිංහල පොලිසියට ආ කාන්තාවක් කියා සිටියාය.


පොලිසිය කාන්තාවගේ මේ ප්‍රකාශය පැමිණිල්ලක් වශයෙන් ලියාගත් අතර කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති පී. කේ. පෙරේරා මහතා මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට බාර දුන්නේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතය.


 පොලිසිය පරික්ෂණ පවත්වා පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේ පසුගිය 6 වැනිදාය.


මොවුන් දෙදෙනා බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ අතහැර ගොස් ඇත්තේ මීට මාස 09කට පමණ කළින්ය.


මගේ ගෑනි මාත් එක්ක තරහවෙලා දරුවෝ දෙන්නත් එක්ක එයාලගේ මහගෙදර ගියා. මම ගෑනිවයි දරුවෝ දෙන්නවයි කැන්දගෙන එන්න කිහිප වරක්ම උත්සාහ කළා. ගෑනි ආයෙත් මාත් එක්ක එන්න කොහෙත්ම කැමැති වුණේම නැහැ. මට ගෑනියි දරුවෝ දෙන්නයි නැතිව ඉන්න බැහැ. ඒ නිසා මම කට්ටඬියෙක් හම්බවෙන්න ගියා. මම කට්ටඬියෙක් හම්බවෙන්න ගියේ වශී ගුරුකමක් කරලා හරි ගෑනිවයි දරුවෝ දෙන්නවයි මා ළඟට ගෙන්වා ගැනීමටයි.

කට්ටඬි මහත්තයා කිව්වා ඕක මට සුළු දෙයක් හැබැයි පරණ මිනීඔළුවක්  මේ  වැඬේට ඕනෑ කරනවා කිව්වා. ලබන 16 වැනිදාට යෙදෙන පොහොය දවසේ අපේ ගෙදර මේ වශී ගුරුකම කරන්න තීරණය කළා. ඒ අනුව මම මේ යහළුවත් එක්ක ගිහින් ඔය සොහොන් ගැබ කඩලා මිනීඔළුව අරගෙන ආවේ. ඒ මිනීඔළුව ඉටි බෑග් එකක දාලා අපේ ගෙදර වත්තේ තියන ලඳු කැලෑවක වළදාලා තියෙන්නේ.


පොලිස් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් සිද්ධවෙච්ච දේ අකුරක් නෑර වමාරා ඇත්තේ එසේ යැයි කියති.


කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් වීරසේන (55202) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මිනීඔළුව වළදමා ඇති තැනින් ගොඩගැනීමට ගියේ අල්ලාගත් සැකකරුවන් දෙදෙනා ද කැටිවය. 


අපි වළදාපු තැනින් මිනීඔළුව ගොඩඅරගෙන කැලෑවෙන් එළියට එනවාත් එක්කම හරි වැඩක් වුණානේ. බිරිඳ හා දරුවන් අතහැර ගොස් සිටි සැකකරුට සිහිය නැතිවෙලා එක පාරටම බිම ඇදගෙන වැටුණා. ඒත් එක්කම කට දෙපැත්තෙන් ලේ ගලාගෙන ආවා. මේ මොකද වුණේ කියා අපිට හිතාගන්නවත් බැරිව ගියා. වතුර ටිකක් මුහුණට ඉස්සාට පස්සේ ටික වේලාවකින් සිහිය ආවා. යැයි මිනීඔළුව රැගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරියෙක් කීය.
23 වැනි ප

හදිසියේ සිහි නැතුව බිම ඇදවැටිච්ච හා කටින් ලේ ගලා යාමට හේතු වූ සාධක කරුණු කාරණා ගැන මාතලේ මහ රෝහලේ වෛද්‍ය සෙනරත් වේරගම මහතා විසින් කරනු ලබන විග්‍රහයේ සඳහන් කර ඇත. කළුතර සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් සැරයන් වීරසේන (55202), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (16322), ප්‍රභාත් (82858) සහ බණ්ඩාර (41113) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. මිනීඔළුවකට, මිනී අළු ටිකකට හෝ ජීවත්ව සිටින කිසිම කෙනෙකුට බලපෑමක් කිරීමට නොහැකිය. එය විද්‍යාත්මක සත්‍යයකි. ඇත්තෙන්ම මිනීඔළුවකට ජීවත්ව සිටින අයට කිසියම් බලපෑමක් එල්ල කිරීමේ හැකියාව තිබේද කියන එක සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වූයේ අද්භූත සිදුවීම් ගැන ගවේෂණය කිරීමේ නිරතව සිටින විද්වතෙකු වන මාතලේ මහ රෝහලේ වෛද්‍ය සෙනරත් වේරගම මහතාය.

මිනීඔළුවක් කියන්නේ එක් අජීවී වස්තුවක් පමණයි. අපේ ශරීරයේ අනිකුත් අවයව මෙන්ම හිස් කබලටද මරණින් පසු කිසිම ප්‍රාණයක් නොමැත. කැල්සියම් සහිත සංයෝගවලින් සැදී තිබෙන අපගේ අස්ථි ශරීරයේ අනෙකුත් මෘදු අවයව මෙන් මරණයෙන් පසු කෙටි කාලයකින් දිරාපත් නොවේ. හැබැයි එසේ වන බව කියා මිනීඔළුවකට විශේෂ බලයක් ලැබෙන්නේ නැති බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අද්භූත ශක්තියක් නොදිරූ හිස් කබලකට ඇතැයි සිතා හිස් කබලකට මන්තර මැතිරීමෙන් කිසියම් බලයක් ලබා ගැනීමට හැකි වෙතැයි සිතා මෙබඳු ක්‍රියාවලට යොමුවෙනවා විය හැක. මේවා සත්‍ය යැයි පිළිගන්නා පුද්ගලයින්ට ඇති කළ හැකි බලපෑම පමණයි. එනම් යම්කිසි දෙයක් ලබා ගැනීමට ගුරුකම් කරවන පුද්ගලයා තුළ එම ගුරුකමින් තමාට ඒ දේ ලැබෙනු ඇතැයි යන මානසික ප්‍රබෝධය ඇතිවේ. ඒ ප්‍රබෝධය තුළ වඩාත් ධනාත්මකව කටයුතු කිරීමට පෙළඹවිය හැකියි.

ඒ වගේම තමන්ට කවුරුන් හෝ ගුරුකමක් අණවිනයක් කර ඇතැයි ද ඒ නිසා තමාට කරදරයක් අනතුරක් සිදුවනු ඇතැයි කියන තදබල විශ්වාසය තිබෙන අයකුට මානසික පීඩනයක් ඇතිවේ. එම පීඩනය දිගින් දිගටම පැවැතීම නිසා එවැන්නෙකුගේ ජීවිතය එහෙම පිටින්ම අවුල් වේ. එදිනෙදා කටයුතු කරගෙන යාමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වේ. මේ වගේ දේවල් පසුපස ගොස් පිහිට පතන අයට තම අපේක්ෂිත අරමුණු ඉටුනොවූ විට බරපතළ ලෙස මානසික පීඩනයට අසහනයට පත්වීමට සිදුවනු ඇත. මිනීඔළුවලට මන්තර මතුරා හැර ගිය අය ගෙන්වා ගැනීමට හෝ වෙනයම් කිසිම දෙයක් ඉටුකර ගැනීමට නොහැකි බව අවධාරණයෙන්ම පැවැසිය යුතුයි. මිනීඔළුවලට මතුරා එක එක දේවල් කරන්න හැකියාවක් තිබෙනවා යැයි කියන කට්ටඬින්ට ජනතාව මුලාවේ නොදමා හැකි නම් මන්තර බලයෙන් මිනීඔළුවක් චලනය කර (සොලවා) පෙන්වා තමන්ගේ හැකියාවන් ප්‍රසිද්ධියේ පෙන්වන ලෙස අභියෝගයක් කිරීමට ද මා මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි.

සොහොන් ගැබක් හාරා මිනී ඔළුවක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග ගොස් ඔහු මිනීඔළුව සඟවා තැබූ ස්ථානයට පොලිසිය ගොස් එය සොයාගත් අවස්ථාවේ සැකකරු සිහි නැතුව ඇදවැටී තිබෙන බව පැවසෙනවා. එවැනි දෙයක් සිදුවුණේ අද්භූත බලපෑමක් නිසා නොවේ අත්අඩංගුවට පත්වීම නිසා බියට පත්වී සිටි ඔහු මිනීඔළුව සොයා ගැනීමත් සමඟම එම බිය උපරිම තත්ත්වයට පත්වීමට හැකියි. එවැනි තත්ත්වයක් යටතේ සිහි මූර්ජාවීම සාමාන්‍ය දෙයකි. එසේ සිහිමූර්ජාවී බිම ඇඳවැටීමේදී දිව හෝ මුඛය තුවාල වීමෙන් ලේ ගැලීමක් සිදුවන්නට ඇත. දිව හෝ මුඛය සියුම් ලෙස පරීක්ෂා කර බැලුවේ නම් ඒ බව අනිවාර්යෙන්ම සොයා ගැනීමට හැකියාව තිබුණ බවටද වෛද්‍ය සෙනරත් වේරගම මහතා පෙන්වා දෙයි.

m



අදහස් (0)

මිනී ඔළුත් විකුණගෙන කන මිනිස්සු

රූපවතී Wednesday, 21 September 2016 10:21 AM

මම ජීවිතේ කියවපු ලිපිවලින් ..ගොඩාක්ම රසවත්ව කියවපු ලිපියයි මේ ..මන්ද ඒ මේ ලිපියේ පටන්ගැන්මේදී එය පිය ඇති ශෛලිය මම ගොඩාක් ආසාවෙන් හිනාවෙමින් කියෙව්වා ..? (හේ)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 21 September 2016 01:43 PM

රුපවති නෝනා හොල්මන් කතා වලට මෙච්චර ආසයි නම් හොලමනක් දැක්කොත් ගෙදර එක්කෙගෙන යයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site