ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ''ජෛව විවිධත්වයෙන් පිරි තෙත් බිම" යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ අපි ලෝක තෙත් බිම් දිනය සැමරීමේ දි වැඩිම අභිමානයකින් යුතුව එය සැමරිය හැකි පුරවැසියෝ බවට පත්ව සිටිමු. මක්නිසාද යත්,
2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලේකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතුවෙනි.
ලෝකය ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර අපට නොදැනීම හරිත භූමි ඉවත් වී ඒ මත මිනිසා නිර්මාණය කරන ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. මෙය දෛනිකව සිදුවන විශාල පරිසර හානියකි. කොළඹ ද එසේ නොවන්නේ යැයි කිව නොහැකිය. නමුත් කොළඹට වැටෙන වැසි ජලයෙන් 39%ක් ම රඳවා තබා ගන්නේ නාගරිකව පිහිටි තේත බිම් මගිනි.
අපේ තෙත් බිම්ද අපේ ම ක්‍රියාකාරකම් හේතුවෙන් වැනසී යමින් තිබුණ ද තවමත් ආරක්ෂාකරගත හැකි සැලකිය යුතු ප්‍රමාණයක් අපට ඉතිරිව තිබීම ගැන සතුටු විය යුතුයි. ලොව පුරා නාගරිකව ජීවත්වන සියලු දෙනාට ඇති ගැටලුව වන්නේ නාගරිකව ඇති තෙත් බිම් විනාශ වී යාමත් සමග ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසාම නාගරික තෙත් බිම් ආරක්ෂා කිරීම කෙරෙහි අන් කවරදාටත් වඩා අවධානයක් යොමුව ඇති යුගයක ශ්‍රී ලංකාවේ අගනගරය ලොව ප්‍රථම තෙත් බිම් අගනුවර ලෙස නම්කරනු ලැබීම ඉතා වැදගත් තත්ත්වයකි.
ලෝකයේ තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා 1971 වසරේ දී ඉරානයේ රැම්සා නුවරට රැස්වූ රටවල් 18ක නියෝජිතයන් විසින් අන්තර්ජාතික සම්මුතියකට එළැශෙන ලදී. මේ වනවිට එම එකඟතාවට රටවල් 169ක් අත්සන් තබා ඇති අතර ශ්‍රී ලකාව ද එම සම්මුතිය සමග 1991 දී එක්විය. ලෝකයේ තෙත් බිම් දිනය මුලින්ම සමරනු ලැබුවේ 1997 වර්ෂයේ දී ය. මේ සඳහා පෙබරවාරි 02 වැනි දිනය යොදාගන්නා ලද්දේ රැම්සා සම්මුතිය අත්සන් කළ දිනය පෙබරවාරි 02 වූ බැවිනි.
ශ්‍රී ලංකාවේ තෙත් බිම් ගංඟා, ඇළ දොළ, විල්ලු, මිරිදිය වගුරු මෙන්ම රට අභ්‍යන්තරයේ මිරිදිය තෙත්බිම්, මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ භූමි සහ කරදිය සහිත තෙත් බිම් හා කෘතිම තෙත් බිම්වන කුඹුරු, වැව් හා ජලාශ යනුවෙන් කොටස් තුනකට මෙරට ඇති තෙත් බිම් වර්ගීකරණය කර ඇත.
මෙරට බිම් 6ක් රැම්සා තෙත් බිම් ලෙස නම්කර ඇත.
මේ තෙත්බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.
"බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු ප‍්‍රදේශය ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති ස්වභාවික හෝ කෘතිම වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිහටි ඉඩම්" යනුවෙන් තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් කර ඇත.
තෙත් බිමක් යනු ජෛව විවිධත්වයෙන් අනූණ වූ පරිසර පද්ධතියකි. එහි වැවෙන ශාක පද්ධතිය සේම ජීවත්වන සත්ත්ව ප්‍රජාව ද එයට ම ආවේණික වූ සුවිශේෂී අනුවර්ථනයන් දක්වයි.
පරිසරවේදීන් පවසන්නේ ලෝකයේ පවතින සියලුම පරිසර පද්ධතීන් අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් පරිසර පද්ධතිය බවයි. කෙසේ වෙතත් පරිසර සමතුලිතතාවට අතිශය වැදගත්වන මෙම පරිසර පද්ධති මිනිසාගේ අවශ්‍යතා බොහොමයක් ද ඉටුකරනු ලබයි. මේ නිසාම තෙත් බිම් ආශ්‍රිතව මිනිස් ක්‍රියාකාරකම් බහුලය. එහි ප්‍රතිඵලය වන්නේ තෙත් බිම් වේගයෙන් විනාශවීමයි.
මේ හේතුවෙන් තෙත් බිම්වල වැදගත්කම වටහාගත් පරිසර විද්‍යාඥයන්, සත්ත්ව විද්‍යාඥයන් ඇතුළු පරිසර ක්‍රියාකාරිකයන්ගෙන් නැගුණු විශාල හඬ හේතුවෙන් 1971 දී රැම්සා සම්මුතිය බිහිවිය.
මෙවැනි සම්මුතියකට එළැඹීම සිදුවූයේ තෙත් බිම් මිනිසාට අමුතු අත්දැකීමක් නොවූව ද මිනිසාට එය සමීපවීම හේතුවෙන් ම වැනසීයාමේ තර්ජනයයි. එමෙන් ම එයින් සිදුවන සේවය ගැන නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙන් ම වේගවත් නාගරිකරණය හමුවේ පමසුවෙන් ම හා ඉක්මණින්ම විනාශ වන්නා වූ පරිසර පද්ධතිය වන්නේ තෙත් බිම් වීම මෙවැනි සම්මුතියක අවශ්‍යතාව තීව්‍ර කරන්නට හේතුවිය.
මහ වැසි ඇදහැලෙන අවස්ථාවක දී වැසි ජලය බැස යන්නේ සාමාන්‍ය ගොඩබිමට වඩා පහතින් පිහිටි තේත් බිම් වෙතය. ඒ නිසා ගංවතුර පාලනයට අතිශය වැදගත් වන්නා වූ තේත් බිම් ජලය බොහෝ කාලයක් රඳවා තබාගෙන වියළි කාලයේ දී ක්‍රමයෙන් මුදාහරී. මේ නිසාම ගංවතුර පාලනය පමණක් නොව ජල මූලාශ්‍ර ලෙස ද තෙත් බිම් අතිශය වැදගත් සේවයක් ඉටුකරයි.
එමෙන් ම විද්‍යාඥයන් පවසන්නේ තෙත් බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්‍රමයක් ලෙසයි. තෙත් බිමක ඇති ශාක පද්ධතිය මේ කාර්යය නොපිරිහෙලා ඉටුකරනු ලැබේ. එමෙන්ම ස්වභාවික වනාන්තරයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට වඩා කාර්යක්ෂමව තෙත් බිම් පරිසර පද්ධතියකින් වාතයේ ඇති කාබන්ඩයොක්සයිට් අවශෝෂණය කරගන්නා බවයි. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් තෙත් බිම් සතුව ඇත.
අතීතයේ පටන්ම මිනිසා මසුන් ඇල්ලීම කරන ලද්දේ කවර හෝ ආකාරයක තෙත් බිමක බැවින් මත්ස්‍ය සම්පත රැකගැනීමට මෙන්ම මිනිස් ආහාරයට මත්ස්‍ය අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ද තෙත් බිම් ඉවහල් වේ. මෙහි දී වැදගත්ම වන්නේ මසුන් සිය අභිජනන මධ්‍යස්ථාන ලෙස බොහෝ විට කලපු, කඩොලාන පරිසර පද්ධති තෝරා ගැනීමයි.
එමෙන්ම අප අවට පරිසරයේ වෙසෙන සතුන්ගෙන් වැඩි පිරිසක් තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවති. විශේෂයෙන් ම නාගරිකව ජීවත්වන සතුන් තම ආරක්ෂාව සළසා ගන්නේ නාගරික තෙත් බිම් ආශ්‍රයෙනි.
සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාවේ තෙත් බිම් එවැනි ආගන්තුකයන්ගේ තෝ තැන්නක් වි ඇත. වර්ෂයකට වතාවක් මෙරටට පැමිණෙන සංචාරක කුරුල්ලෝ තෙත් බිම්වල කැදලි තනා තම පැටවුන් බිහිකර ඔවුන් සමග යළ සිය වාසභූමිය වෙත පියඹා යති.
එලෙස යන පැටවුන් වැඩිහිටි කුරුල්ලන් බවට පත්ව යළි පැමිණෙන්නේ ද තමන් උපත ලැබූ ස්ථානයටම බව පරිසරවේදීන් තහවුරු කර ඇත. මේ අනුව සංචාරක කරුල්ලන්ගේ තෝ තැන්නක් වූ ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලොව පුරාම වෙසෙන සතුන්ට වටිනා සම්පතකි.
ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් සිය වාස භූමිය කරගත් තෙත් බිම් ජෛව විවිධත්වය අතින් ඉතාමත් වැදගත් ස්ථානයක් සේම සියලු ජනකොටස්වල හිත නිවන අපූරු තෝතැන්නකි. මේ නිසාම ඕනෑම තරාතිරමක සිටින සියලු ම දෙනා තෙත් බිම් ආශ්‍රිත දර්ශන නැරඹීමටත්, ඒවා අතර සැරි සැරීමටත් දක්වන්නේ මහත් ලැදියාවකි. එයින් හැඟෙන්නේ මිනිස් මනස සුවපත් කිරීමටත් විනෝදාස්වාදය සඳහාත් තෙත් බිම් වැදගත් බවයි.
ලෝකයේ දූපත් රාජ්‍යයක් වන අපේ රටෙහි පවතින ඇළ දොළ ගංගා සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් අමුණු සංඛ්‍යාව ද අතිමහත්ය. මේ සියල්ල ජෛව විවිධත්වයෙන් අනූන වටිනා පරිසර පද්ධති බැවින් ඒ සියලු තෙත් බිම් රැකගැනීම ජාතික වගකීමකි.
සජීව විජේවීර
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිහිපිට ජීවය රැකදෙන තෙත්බිම්