X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


මීගමුවේ නීති විරෝධී ක්‍රියා කරන්නේ ඔබද ?

migamuwa-01

Untitled-9

මීගමුවේ සිදු වෙතියි කියන නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය පසුගිය දෙසතියේ වාර්තා කළේය. මීගමුවේ වෙතියි කියන මේ ක‍්‍රියා සම්බන්ධයෙන් සොයා බලන්නැයි ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියක් යවා තිබිණි.  මීගමුවේ රජ කරන අදිසි දේශපාලන හස්තය ගැන නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාගෙන් විමසීමු.

Untitled-8
01ප‍්‍රශ්නය: ඔබ කොහේ ආසන සංවිධායක ද?
01පිළිතුර: මා මීගමුව ආසන සංවිධායක.

 

01ප‍්‍රශ්නය: ඔබ මීගමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වෙලා කොපමණ කල් ද?
01පිළිතුර: 1984 ඉඳන් මා තමයි මීගමුවේ සංවිධායක. 1989 මැතිවරණයට ඉදිරිපත් වෙලා කටානේ මීගමුවේ භීෂණය නිසා ලංකාව හැරදා යන්න වුණා. 1994 ආයේ නැවත ලංකාවට ආවා. එතැන් සිට මා තමයි ආසන සංවිධායක.

 

01ප‍්‍රශ්නය: දේශපාලනඥයකුගේ ඥාතියකු මීගමුවේ රජ කරන බව මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ ඔබ ද?
01පිළිතුර: නෑ. මං නෙමේ. ඒ සම්බන්ධ පැහැදිලි ලිපියක් මා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්ට යැව්වා. එහි පිටපතක් මා ලංකාදීපයටත් එව්වා. එය ගිය සතියේ පළ කර තිබුණා. ඒ ගැන මා සතුටු වෙනවා. වැරදි දේවල්වලට මං විරුද්ධයි. නමුත් භීෂණයට විරුද්ධව පිස්තෝල පවා පාවිච්චි කළා. ඒ භීෂණය කරපු පුද්ගලයන්ට විරුද්ධව. අද වෙනකම් කිසිම අහිංසකයකුට මොනවත් කර නෑ.

 

01ප‍්‍රශ්නය: මීගමුව ආසනයේ කප්පම් ගන්නවා කියා මීට පෙර ඔබට තොරතුරු ලැබී නැද්ද?
01පිළිතුර: මේක අදක ඊයෙක ඉඳලා නෙමේ. මේක අවුරුදු ගානක ඉඳලා මාධ්‍යවල ගියා. මං ඒ වාර්තාත් එක්ක අදාළ ඉහළ තැන්වලට දැනුම් දී තිබෙනවා. නමුත් මට තේරෙන්නෙත් නෑ ඇයි මේ මොනවත් නොවෙන්නේ කියා. මිනිස්සු කියනවා ඉහළ පෙළේ උදවියගේ සහාය නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. නමුත් මා මීගමුවේ පූජකවරුන් එක්කත් සාකච්ඡුා කළා මේකට මොනවද කරන්නේ කියා. මේ වැඩවලට මුළු මීගමුවෙම විරෝධයක් පළ වෙනවා. නමුත් යම් යම් අයගේ ක‍්‍රියා නිසා සමහරු බයේ ඉන්නේ. එක ප‍්‍රදේශයක් තියෙනවා, ඒ ප‍්‍රදේශය මේ කියන දේශපාලන ගෝලයන්ගේ බලකොටුවක් වගේ. සමහරු කියන්නේ එයාට ගෝඞ් ෆාදර් කියලයි.  

 

01ප‍්‍රශ්නය: මීගමුවේ වෙන වැඩ අනුව පෙනෙන්නේ ඔබ නාමික සංවිධායක ලෙසයි. වෙනත් කෙනකු මීගමුවේ බලය අත්පත් කරගෙන ඇති බවක් පෙනෙනවා?
01පිළිතුර: සමහර වෙලාවට මමත් එහෙම දකිනවා. දේශපාලන වශයෙනුත් මට ප‍්‍රශ්නයක් වුණා පහුගිය කාලයේ. අපේ පක්ෂෙ අයවත් දෙකට බෙදුවා. මෙවර පක්ෂ සමුළුවෙන් මා තේරුම් ගෙන තිබෙනවා ජනතාව ඉන්නේ කා සමඟ ද කියන එක. කාන්තා සමුළුව මගේ බිරියගේ මූලිකත්වයෙන් පැවැත්වුවා. පක්ෂ සමුළුව බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුවා. මීගමු ඉතිහාසයේ වැඩිම පිරිසක් ඒ දෙකට සහභාගි වුණා.  මම දකිනවා පළාත් සභා මැතිවරණය වෙලාවේ යම් යම් දේවල් දීපු ඒවා එපා වෙලා දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වටා, රජය වටා පිරිස් එක්කාසු වෙනවා.  මීගමුවේ වෙන දේවල්වලට පොලිසියේ සම්බන්ධයක් තියෙනව ද කියා මා දන්නේ නෑ. මීගමුවේ පිරිස් මේ ගැන බොහොම අසික්ඛිතව කතා කරනවා. මෙච්චර පුවත්පත්වලින් අනාවරණය කරද්දි මට තේරෙන්නේ නෑ ඇයි තවම මේක නවතින්නේ නැත්තේ කියා.

 

01ප‍්‍රශ්නය: කුඩු, ගංජා කිව්වාම බොහෝ දෙනකුට මීගමුව මතක් වෙනවා නේද? ඒක ඇමැතිතුමාටත් හොඳ නෑ නේද?
01පිළිතුර: පැහැදිලිවම ඔව්. මං හරි කනගාටු වෙනවා මේ ගැන.
 

DSCF7275

01ප‍්‍රශ්නය: ඔබේ පක්ෂයේ බළධාරීන්ට මේ ගැන පැමිණිලි කළේ නැද්ද?
01පිළිතුර: පක්ෂෙ බළධාරීන්ට, ආරක්ෂක අංශවලට මා දැනුම් දී තිබෙනවා. මේවා පත්තරවල යද්දි, වෙබ්වල යද්දි  ඕනම කෙනකුට පේනවනේ අපේ රටේ තියෙනවනේ රහස් පොලිසියක්. විශේෂ ඒකක තියෙනවානේ. මේවා ගැන බලන්න එපායැ. පොඩි මිනිහෙකුව අරගෙන ගිහින් කූඩුවට දාන එක විතරක් නෙමෙයිනේ කරන්න  ඕන.

වෙරළේ  පොඩි රෝද කඩයක් දාගෙන ඉන්න කෙනෙක් ගෙනිහින් නඩු දමා තිබුණා. මුළු මීගමුවෙම එක පැත්තක් තියෙනවා බලහත්කාරයෙන් ගොඩනැගිලි හදලා. දේශපාලන ඥාතීන්ගේ බලකොටුවක් බවට පත්වී තියෙනවා. ළඟදි ඉඳලා පිහිනුම් තටාකයකුත්  හදලා මේ පිරිසට බදු දීලා කියනවා. මට මේවා දැන් ප‍්‍රසිද්ධියේ කියන්න වෙලා තියෙනවා. මේවා නොකිව්වොත් මටයි චෝදනාව එන්නේ. ඉහළ බළධාරීන් මේවාට ගිහින් ටෙන්ඩර් පටිපාටිය බලන්න  ඕනෑ. සමහර දේශපාලකයෝ මුදල් ගන්නවා කියනවා.

 

01ප‍්‍රශ්නය: දැන් මේ වෙන දේවල්වලින් පේන්නේ මීගමුවේ පොලිසියත් නෑ වගේ නේද?
01පිළිතුර: නෑ. මං දන්නේ නෑ. මං අලූත් මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාටත් කිව්වා. ලොකු බියක් තියෙනවා යම් යම් පුද්ගලයන්ට ඉහළම දේශපාලන අධිකාරියේ උදව් තියෙනවා ද කියා. මොක ද ඔවුන් කතා කරන්නේ අපි ගරු කළ යුතු පුද්ගලයන්ගේ නම් කියලා. ඉතින් පොලිසියත් බය වෙනවා ඇති.

 

01ප‍්‍රශ්නය: මීගමුවේ වෙරළේ සංගීත සංදර්ශන තියෙනවා. ඒවායේ ආදායමෙන් කොටසක් යන්නේ නගර සභාවට ද? නැත්නම් දේශපාලන ගෝලයන්ගේ සාක්කුවට ද?
01පිළිතුර: කිසිම නගර සභාවකට යන්නේ නෑ. දැන් මේ වෙරළ උද්‍යානයේ තියෙන සංගීත සංදර්ශනත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා කාට ද මුදල් යන්නේ කියන එක ගැන. ඒ වගේ මිනිස්සුන් තුළ ලොකු ප‍්‍රශ්න තියෙනවා. අද සමහර දේශපාලනඥයෝ ප‍්‍රකෝටිපතියන් බවට පත් වෙලා. බයිසිකලයෙන් ආපු අය අද කෝටිපතියන් වෙලා. ඒ මුදල් වියදම් කර  පක්ෂයට ආදරය කරන අය යටපත් කරගෙන උඩට එන තත්ත්වයක් පහුගිය කාලයේම දැක ගන්නට ලැබුණා. මීගමුවට විතරක් නෙමෙයි මං දකිනවා ලංකාවේ ගොඩක් තැන්වල මේක තියෙනවා කියා.

 

01ප‍්‍රශ්නය: මීගමුවේ රථ ගාල්වල ටිකට් කඩන්න කාට ද බලය දීලා තියෙන්නේ?
01පිළිතුර: මම නම් දන්නේ නෑ. නමුත් මිනිස්සු හරියට දෝෂාරෝපණය කරනවා මාළු කිලෝ එකක් ගන්න ගියාමත් වාහනෙන් සල්ලි ගන්නවා කියා. නගර සභාවේ මන්ත‍්‍රීවරුන් පහුගිය කාලයේ හිටියේ ගොළු වත රැුකපු අය විදියට. පළාත් සභා ඡුන්දෙන් පස්සේ මං ඔවුන් හමු වුණා. මං නගරාධිපතිට කිව්වා දේශපාලනය කියන්නේ ජනතාවට සේවය කරන එක නිසා මේ අනවසර දේවල් ගැන අපි හොයා බලලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට දැනුම් දී මීගමුව ලස්සන නගරයක් කරන්න ඉල්ලමු කියලා. මීගමු කළපුව ලස්සන කළපුවක් කරන්න කියා ජනපති ලොකු මුදලක් දී තිබෙනවා.  දැනට ඒ වැඩ පිළිවෙළ කරගෙන යනවා.  මං කළපුව බලන්න ගියා. කළපුව විනාශ කර තියෙන අන්දම මා ඇස් දෙකෙන්ම දැක්කා.  ජනතාව බයේ ඉන්නවා ඉදිරියට එන්න මොක ද පොලිසියට කිව්වට ඉහළට කිව්වට වැඩක් නෑ කියන මතයක් තියෙනවා.

 

01ප‍්‍රශ්නය: මීගමුවේ අලූත්ම ජාවාරම ඉඩම් බලෙන් අල්ලා ගැනීම ද?
01පිළිතුර: එක්තරා පුද්ගලයන් පිරිසකට වෙරළ අයිති වෙලාදෝ කියා මිනිසුන් බයෙන් ඉන්නවා. මං වෙරළ සංරක්ෂණ එකෙන් ඇහුවා, පොලිසියෙනුත් ප‍්‍රශ්න කළා, බලහත්කාරයෙන් කරන දේවල් පේන්නේ නැද්ද කියා.

 

01ප‍්‍රශ්නය: ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන ගණිකා නිවාස කොපමණ මීගමුවේ තියෙනවා ද කියා ඔබ
දන්නව ද?

01පිළිතුර:  ඕක පොලිසියට අයිති දෙයක්නේ. මං හැම වෙලේම පොලිසියෙන් ඉල්ලන්නේ මේවා ගැන හොයන්න කියලා. කාට බයේ ද දන්නේ නෑ නොකෙරෙන්නේ. මං ඊයේ කොච්චිකඬේ පොලිසියට මේ වගේ දෙයක් දැනුම් දුන්නා. අපේ මන්ත‍්‍රීතුමියකගේ ගෙවල් ගාවත් සම්භාහන මධ්‍යස්ථානයක් දාලා කියා මට කිව්වා. මං ඒ ගැන කොච්චිකඬේ පොලිසියට දැන්නුවා.  මේක දැන් මීගමුවේ සාමාන්‍ය මිනිස්සු කතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. පහුගිය කාලය තුළම මේකේ අයිතිකාරයො බවට පත් වෙලා තිබුණේ ඔය ගෝඞ් ෆාදර්ලා කියන කට්ටිය.

 

01ප‍්‍රශ්නය: ඔබ මීගමුව සංවර්ධන කමිටුවේ සභාපති. ඔබ බොහෝ කාලයක සිට මීගමුවේ දේශපාලනය කළ බව කිව්වා. දැන් අලූතින් ආපු දේශපාලනඥයන් ඔබව බය කරගෙන ද ඉන්නේ?
01පිළිතුර: නෑ, මාව නම් බය කරන්න බෑ. භීෂණ කාලේ ජෙයරාජ් ඇමැතිතුමා හා ජනතාව ආරක්ෂා කරගෙන මීගමුවේ මුහුණ දුන් එකම පුද්ගලයා මා තමයි. ජඩ වැඩ කරනවා නම් විරුද්ධ පක්ෂෙ අයත් එක්ක හැප්පෙන්න ලෑස්තියි.  අපේම අය කරද්දි ඒවා ගැන පැමිණිලි කරද්දි ඇයි එහෙම නොසොයා ඉන්නේ කියා මට ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. අපේ අය අතර පිස්තෝල පාවිච්චි කරන්න මං සූදානම් නෑ. ඒ නිසයි මං  නීතිය හා සාමය අමාත්‍යාංශයට එවපු ලියුමක පිටපතක්  ලංකාදීපයට එව්වේ.

kalina-02

01ප‍්‍රශ්නය: මේක නැවතුනේ නැත්නම් මීගමුවට මොක ද වෙන්නේ?
01පිළිතුර: මේ විදිහට ගියොත් මීගමුව කුඩු පුරයක් බවට පත් වෙයි. බොහෝ පිරිස් මේවා ගැන අපට පැමිණිලි කරනවා. මේවා අල්ලන්න බැරිකමක් නැහැනේ. මුළු තරුණ පරම්පරාවම විනාශ වේවි මෙහෙම ගියොත්. මීගමුව හඳුන්වන්නේ පුංචි රෝමය කියලයි. තව ටික දවසක් ගියාම මිනිස්සු පාරට බහියි. පාප් වහන්සේ ලංකාවට වඩින්න හදනවා, මීගමුවේ බෝලවලානට එන්න හදනවා. පුංචි රෝමය කියන කතෝලික පුරවරයක් මේ විදියට විනාශ වුණාම මොකක් ද වෙන්නේ?

 

kalina-02-futter



අදහස් (0)

මීගමුවේ නීති විරෝධී ක්‍රියා කරන්නේ ඔබද ?

ප්‍රියන්ත Thursday, 21 August 2014 06:09 PM

අනේ මට නම් මොකුත් ඇහෙන්නේත් නැහැ, පෙනෙන්නෙත් නැහැ (නි)

:       0       0

නිලන්ත Friday, 22 August 2014 04:02 PM

අනේ පව් කාගෙන්ද මේ අහන්නේ (අ)

:       0       0

saduni Friday, 22 August 2014 04:30 PM

මහා ලොකුවට මන් සුදනා කියල කයිවාරු ගහන ගමන් ඇයි කියන්න බැරි මේවා කරන්නේ කවුද ?දේශපාලන ලොක්කෝ කියන්නේ කවුද?ගෝඩ් ෆාදර් කවුද කියල?පිට කොන්ද කියල එකක් තියෙනවනම් කට ඇරලා කියන්නකෝ ඇයි බයද? (අ)

:       0       0

දර්ශන Saturday, 23 August 2014 06:22 AM

කොන්ද තියනකෙනෙකුට මේක බාරදුන්නා නම් අහවරයිනේ (නදී)

:       0       0

අශෝක් Saturday, 23 August 2014 07:48 AM

මතකද කුඩු ගැන කාගේද ගෙයක් පරික්ෂා කරන්න එස්.ටී.එෆ් එකෙන් ගියහම ලොකුම තැනකින් ඒක නවත්වල ගිහින් බදාගෙන තිබුනා (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 23 August 2014 08:49 AM

අපේ මිනිස්සු වැඩියෙන්ම මනාප දෙන්නේ ගොඩ පාදර්ලට තමයි (අ)

:       0       0

අමාලි හේරත් Saturday, 23 August 2014 08:58 AM

අපේ රටේ ලොකු අය හරියට දිය හැලියේ ඉන්න කකුළුවෝ වගේ.වතුර රත් වෙනකල් තමා නැටිල්ල. රටේ අනාගතය ගැන කිසිම හැඟිමක් නෑ. මේ විදියට යනකොට ලංකාව සෝමාලියාව වෙන දවස වැඩි ඇතක නෑ .මිනිසුනේ පෝලිමේ ගිහින් සහනාදාර ගන්න බලාගන ඉන්න....(අ)

:       0       0

රන්ජිත් Saturday, 23 August 2014 03:24 PM

මීගමුවේ හිටපු ඉතාම අවංක උගත් නිහතමානි දේශපාලකයා අභාවප්‍රාප්ත ඩෙන්සිල් ප්‍රනාන්දු මැතිතුමායි. (අ)

:       0       0

කමල් Saturday, 23 August 2014 04:35 PM

මිගමුව පාලනය වන්නේ ලංකාව යටතේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site