මීගමුව කළපුව ආශ්රිත රක්ෂිත කඩොලාන කැලයේ වර්ග ප්‍රමාණය හෙක්ටයාර් හයදහස ඉක්මවයි. ජෛව විවිධත්වය හා පරිසර සමතුලිතතාව රැකගැනීම සඳහා කළපුව වටා වැවී ඇති කඩොලාන ශාඛ ලක්ෂ ගණනක් අවට පරිසරයේ දක්නට ඇත. කළපුව ගොඩකර සුපිරි මට්ටමේ හෝටල් ඉදිකිරීම සඳහා ජාවාරම්කරුවන් කඩොලාන ශාඛ තොගපිටින් කපා දමා තිබේ. ශාඛ කපා දැමීමෙන් නොනැවතුණු ජාවාරම්කරුවන් කළපුවේ විශාල ප්‍රමාණයක් පස් දමා ගොඩකර ඒ මත සුපිරි හෝටල් ඉදිකර තිබේ. එසේත් නැතිනම් හෝටලයේ පිවිසුම් මාර්ග හා උද්‍යාන නිර්මාණය කර තිබේ. මීගමුව කළපුවේ අප කළ සංචාරයකදී දක්නට ලැබුණේ එවැනි හෝටල් පනහකට (50) අධික සංඛ්‍යාවක් මේවනවිට කළපුව අවට තනා ඇති බවයි. කළපුවේ සීමාව ආක්‍රමණය කරමින් විශාල කොන්ක්‍රීට් තාප්ප ජලය මත ඉදිකර ඇති අතර තවත් ස්ථානවල කොන්ක්‍රීට් බැරල් කළපුවට බස්සා ඒ මත හෝටල් පිවිසුම් මාර්ග ඉදිකොට තිබුණි. තවත් ස්ථාන දැල්දමා වටකොට තිබූ අතර එම ස්ථාන ඉදිරියේදී පස්දමා ගොඩකර ගොඩබිමට එක්කර ගැනීමට සැලසුම්කොට තිබුණි. පරිසරවේදීන්ට අනුව කළපුවේ මත්ස්යය බෝවීමට මෙය දැඩි තර්ජනයක් වී තිබේ. කළපුවක මත්ස්‍යයන් බිත්තර දමනු ලබන්නේ කළපු ඉවුරේය. නමුත් විශාල ප්‍රදේශයක ඉවුරු ගොඩකර කොන්ක්‍රීට් තාප්ප ඉදිකිරීම නිසා එම බිත්තර විනාශ වී යයි. මත්සයන්ට බිත්තර දැමීමට ස්ථාන අහිමි වීමෙන් මත්ස්යය ප්‍රජනනයටද දැඩි බලපෑම් එල්ලවන බවත් කියැවේ. මෙම හෝටල් සංකීර්ණ රැසම ඉදිකර ඇත්තේ පසුගිය වසර දෙක තුනක තරම් කෙටි කාලයකදීය. ඒවා ඉදිකිරීම සඳහා පාරිසරික නීතිරීති තඹ දොයිතුවකට හෝ ගණන් ගෙන නොමැති බව අප කළ නිරීක්ෂණයේදී දැකගත හැකිවිය. ඇතැම් හෝටල් හිමිකරුවන්ගෙන් අප කළ විමසීම්වලදී ඔවුන් කියා සිටියේ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ වාර්ෂික බලපත්‍ර අවසරය මත ඉදිකිරීම් කළ බවය. ඒ සඳහා ලබාදුන් අවසර පත්‍ර ද තමන් සතුව ඇති බව ඔවුහු කීහ. මේ පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ තමා කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි. කැපුම්ගොඩ ප්‍රදේශයේ සිදුවන අනවසර ගොඩකිරීම් පිළිබඳව තමා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද ඒ මහතා කීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජී. රත්නසිරි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ තමා මේ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවයි. කෙසේ වෙතත් ඉදිරි දිනකදී පැවැත්වෙන කළපු රැස්වීමේදී මේ පිළිබඳව විමසා බලන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීය. මෙම පරිසර පද්ධතියේ වගකීම ඇති වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ වනඅඩවි නිලධාරී ඞී.ඒ.එස්. අබේවීර මහතා මෙසේ කීවේය. 2001 වසරට කලින් මෙම කළපුවේ සංරක්ෂිත කැලෑලෙස කඩොලාන සහිත දුපත් පහක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇතිමුත් එම අවස්ථාවේදී කළපුව ආශ්‍රිතව අවශේෂ කැලෑ කොටස් ප්‍රාදේශීය ලේකම්ගේ පාලනයට නතුවී තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 5/2001 මගින් එම අවශේෂ කැලෑවල පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණා. යම් සංවර්ධන කටයුත්තක් හෝ රාජ්‍ය අවශ්‍යතාවක් මත රජයේ ඉඩම් අවශ්‍ය වුවහොත් පරිසර අමාත්‍යාංශ 2/2006 අනුව ප්‍රාදේශීය කමිටු නිර්දේශයකින් පසුව අන්තර් අමාත්‍ය කමිටුව වෙත යොමුකර එහි නිර්දේශ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් වෙත අදාළ ඉඩම් නිදහස් කරනවා. එසේ තිබියදීත් මීගමුව ප්‍රාදේශීය ලේකම් විසින් කළපු රක්ෂිත කොටස් වාර්ෂික බලපත්‍ර යටතේ ව්‍යාපාරිකයන් හට ලබාදී ඇති බව මෑතකදී කරන ලද පරීක්ෂණයකදී හෙළිවුණා. මෙම මහාපරිමාණ පරිසර හානිය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව ද ඒ මහතා කීවේය. කෙසේ වෙතත් අපට වාර්තා වන අන්දමට මෙම පරිසර විනාශය දැනටත් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පාරිසරික වශයෙන් සංවේදී කඩොලාන ශාඛ ප්‍රජාවගෙන් හෙබි මෙම රමණීය භූමි භාගය මෙරට ජෛව විවිධත්වය හා පරිසර අලංකරණය පිළිබඳ විදේශයන්ටද ආදර්ශයක් ගෙනදෙන ප්‍රදේශයක් බව කිව යුතුය. මීගමුවේ මුහුදු වෙරළද ආක්‍රමණය කරමින් හෝටල්, නිවාඩු නිකේතන නීතිවිරෝධීව ඉදිකර ඇති පසුබිමක මීගමුව කළපුව ගොඩකර හෝටල් ඉදිකිරීමද දැන් දැන් එතරම් ගැටලූවක් නොවන තරමටම මෙරටට ආවේණික වී තිබේ. එහෙත් මේ ජාවාරම්කරුවන් දේශපාලන අධිකාරියේද සහාය ලබමින් මේ කරන දැවැන්ත පරිසර හානියට නම් කිසිදු සමාවක් දිය නොහැකිය. ඔවුන් මේ විනාශ කරමින් සිටින්නේ අපේ උරුමයයි. මීගමුව යනු හෝටල් පාරාදීසයකි. විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් බොහෝ පිරිසක් ගැවසෙන ප්රදේශයකි. හෝටල් මුවාවෙන් කෙරෙන ජාවාරම් රැසක්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ හැම ජාවාරමකටම වඩා රටට බලපාන ජාවාරම වන්නේ කළපුව ගොඩ කිරීමයි. මේ ජාවාරම වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වුව ද වගකිවයුත්තන් ඒ පිළිබඳ මුණිවත රැකීම රටේ අභාග්‍යයක් මිස අන් කිසිවක් නොවේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මීගමු කළපුව ගොඩකර හෝටල් හදයි
අමිල Sunday, 05 August 2012 05:48 PM
මීගමු කළපුව ආරක්ෂා කරමු. (නි)
සිසිර කුමාර Monday, 06 August 2012 11:58 AM
ස්වභාවික දේවල් විනාශකිරීමෙන් ලැබෙන අනතුරු දායක ප්‍රතිපලයකි ? (දී)
ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 01:13 PM
අනේ මන්ද අපට රුවුළත් ඕන කැදත් ඕන...!!(නු)