X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


මුදල් සහ කාලය කන බව දැනුණු නිසා නඩුව අයින් කරගත්තා

තමාට අපහාසයක් සිදු කළේ යැයි කියමින් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ විසින් දමිතා අබේරත්න රංගන ශිල්පිණියට එරෙහිව නඩුවක් පවරනු ලැබුවේ මීට වසරකට පමණ පෙරදීය. මෙහිදී තමාට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් සේමිණි ඉල්ලා සිටියාය.

 

18_MAIN_P_222

18_MAIN_P_22


තමුන්ට ද අපහාසයක් සිදුවිණැයි ප‍්‍රකාශ කරමින් දමිතා අබේරත්න ශිල්පිනිය ද සේමිණිට එරෙහිව රුපියල් දස කෝටියක වන්දියක් ඉල්ලා සිිටියාය.
මේ අනුව වසර එකහමාරක පමණ කාලයක් දක්වා ඇදී ගිය මෙම නඩුව දෙපාර්ශ්වයේම එකඟතාවය මත පසුගියදා සමතයකට පත්විණි. රංගන ක්ෂේත‍්‍රයේ ශිල්පිනියන් දෙදෙනකු ලෙස එකිනෙකාට එරෙහිව නඩු පවරා ගෙන නැවත ඒ නඩු ඉල්ලා අස්කර ගත් පසු සේමිණි ඉරිදා ලංකාදීපයට අදහස් ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

 


0101 සේමිණි මේ සිදුවීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
එදා මට වෙච්ච අපහාසය නිසා තමයි එලෙසින් නඩුවක් පැවරුවේ. වසර එකහමාරක් විතර මේ නඩුව ඇදීගෙන යද්දී මෙය කිසි වැඩකට නැති, කාලය සහ මුදල් වැය වන වැඩක් කියලා හිතුණා. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් වගේම පවුලේ අයගෙනුත් නිරන්තරයෙන් මට උපදෙස් ලැබුණා. මේ නඩුව අවුරුදු එකහමාරකට පස්සේ ඉල්ලා අස්කර ගත්තෙ ඒ නිසයි.

 


0101 මේ විදියට නඩුව පැවරීමට පෙර, ඔබට ඒ ගැන හිතුණේ නැද්ද?
ඒ වෙලාවෙ මට වෙච්ච අපහාසය නිසා මගෙ හිත හොඳටෝම රිදිලා තිබුණා. අපි කවුරුවත් අපහාස විඳින්න කැමති නැහැනෙ. මාත් මනුස්සයෙක්. ජීවිතයෙ නොකළ දෙයකට අපහාස විඳින්න වුණාම ටිකක් කලබල වුණා. මට වෙච්ච අපහාසයට සාධාරණ තීන්දුවක් ගන්න  ඕනෑ කියන තැන ඉඳගෙන එදා ඒ විදිහට නඩුවක් ගොනු කළා. නමුත් දවසින් දවස අපි ජීවිතයට අවබෝධය ලබා ගන්නවනෙ. ඒ අනුව මේ තීන්දුවට එළැඹුණා.

 


0101 මේ තීන්දුව ගත් පසුව සමාජයෙන් සහ සමීපතම අයගෙන් ලැබුණෙ මොනවගේ ප‍්‍රතිචාරද?
ඇත්තටම ගොඩාක් අය මට හොඳ කිව්වා. සිද්ධ වෙච්ච දේ වුණා. ආයේ ගෝනි මඬේ දදා හෝදනවා වගේ මේ දේවල් ඉදිරියට අවශ්‍ය නැහැ කියලා. එදා තිබූ මානසිකත්වය අද නැති වුණාට මගේ රිදිච්ච හිත තවම හැදිලා නැහැ. කාලයාගේ ඇවෑමෙන් එයත් මඟ හැරේවි.

 


0101 කලාව තියෙන්නෙ, කලාව කරන්නෙ කලහ කරගන්න නෙවෙයිනෙ. එදා මේ සිදුවීම ගැන මිනිස්සු විමසුවේ එහෙම නේද?
ඔව් ඒක හරි. නමුත් අසාධාරණයක් වුණාම ගන්න තියෙන හොඳම දේ තමයි මම කළේ. එහෙම නැතුව කවදාවත් කලහ කර ගන්න ගියේ නැහැ. මට ඔප්පු කරන්න සාක්‍ෂි සමග මගේ නිර්දෝෂීභාවය ගැන කියන්න බොහෝ දේ තිබුණා. නමුත් සියල්ල තිිබිය දී මේ නඩු හබවල එල්ලී සිටීම කිසි වැඩකට නැති දෙයක් කියලා හිතුණා.

 


0101 එදා මේ නඩුව යොමු කරන්න පෙර දෙන්නට කතා කරගෙන විසඳාගන්න තිබුණනෙ?
ප‍්‍රසිද්ධියේ ගුවන් විදුලි නාලිකාවක් හරහා මට අපහාස එල්ල කළාම, ඊට වඩා තවත් දෙයක් තියෙනවද? හැබැයි දැන් ඒ අතීත සිදුවීම මතක් කරන්නවත් මම කැමැති නැහැ.

 


0101 නඩුව ඉල්ලා අස්කර ගත්තාට පස්සෙ දෙන්නා අතටxඅත දීලා සහෝදරත්වය ප‍්‍රකාශ කර ගත්තද? කොහොමද ඒ අවස්ථාව ගැන සිහිපත් කළොත්?
නැහැ, එහෙම දෙයක් දැනට මගේ පාර්ශ්වයෙන් වෙලා නැහැ. අපට එකට රඟපාන්න පුළුවන් වේවි. නමුත් මම මුලින් කිව්ව වගේ මගේ රිදිච්ච හිත හැදෙන්න තව කල්යාවි. මේ නඩුවෙන් ඉවත්වීම මට සතුටට කාරණයක් වුණාට, අනෙක් පාර්ශ්වය දැනටත් කරනxකියන දේ අනුව එලෙසින් සතුටුවෙනව ද කියලා මම නම් දන්නෙ නැහැ. ප‍්‍රශ්නයක් විසඳා ගත්තාම හරි නම් සතුටු වෙන්න එපායැ.

 


0101 ඔබගෙ හිතේ වෛරය ක්‍රෝධය නැද්ද? ඇයි තවදුරටත් මේවා ගැන මේ විදියට හිතන්නේ?
මගේ හිතේ කවදාවත් වෛරයක් තිබුණෙ නැහැ. හරි කලකිරීමක් තිබුණේ. මට රකින්න, රැකගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ පවුල මට ඔක්කොටම වඩා වැදගත්. මේ ප‍්‍රශ්නය මේ විදියට ඉවර කර ගත්තෙ දෙපාර්ශ්වයේම එකඟතාවය මතයි. නැතුව ඒකපාර්ශ්වීය විදියට නෙවෙයි. ඒ නිසා යහපත් දැක්මෙන් - යහපත් විදියට මේ ගැන හිතන්න, දකින්න, මනුස්සකමට හැමෝම ගරු කරන්න කියලා සපත කරන්න කැමතියි.

 

sandun-gamage



අදහස් (0)

මුදල් සහ කාලය කන බව දැනුණු නිසා නඩුව අයින් කරගත්තා

පසිඳු ලක්මාල් Saturday, 25 October 2014 05:31 AM

රේමා කියන එකනම් හරියට හරි. නඩු කියලා වැඩියම තැලෙන්නේ අතේ සල්ලිත් නැතුව නඩු කියන්න යන දුප්පත් හා අසරණ මිනිස්සුයි. ආවේගෙට නඩු දැම්මා වගේ නෙමෙයි ඉලාස්ටික් වගේ ඇදෙන්න ගත්තම. මුළු ජීවිතේම අඳුරේ. තියෙන පිච්චියත් නැති වෙන පොටක්.(අ)

:       0       0

හේරත් බංඩාර Monday, 03 November 2014 07:59 AM

රිපාස් ගෙ කටට සිනි දාන්න ඕනේ. ඒකනම් සහතික ඇත්ත. අපේ රටේ නඩු පමා කරන්නේ නොසැළකිල්ල හා උවමනාව මත යන කරැණූ 2 උඩයි. (නදී)

:       0       0

රිපාස් Sunday, 02 November 2014 04:29 PM

නඩු පමාවීම යුක්තිය ලබා ගන්න බාධාවක්, මේවා හරිගස්සන්න ඕනේ මුලින්ම. ගුවන් පාලම් හදන්න කලින්. (ර)

:       0       0

උපුල් Tuesday, 28 October 2014 10:19 AM

ඔය දේ හිතන්න තිබ්බේ නඩුව දන්නා කලින් .(හේ)

:       0       0

සංජීව Tuesday, 28 October 2014 09:45 AM

ගත් තීරණය ගොඩක් හොදයි.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 04:39 AM

දෙපලටම සුබ පැතුම් මේ ගත්ත තීරණය සම්බන්දව. එකිනෙකාගේ පෞද්ගලික ජිවිත අපිට වැඩක් නැහැ. නමුත් කලාව වෙනුවෙන් මෙයාලට තව කරන්න බොහෝ දේ තියෙන එකේ මේ වගේ තීරණයක් ගැනීම කාලෝචිතයි. (නදී)

:       0       0

සේනාධීර ඩුබායි Sunday, 26 October 2014 02:02 AM

ඒ කාලේ අපේ ගමේ හිටියා ගෑනු කෙනෙක්. අල්ලපු ගෙදර මනුස්සයා කැස්සත් ගිහින් නඩුවක් දානවා. අන්තිමට නඩු පැටව් ගැහුවා වගේ උනා. දැන් ඉන්නවා ඔළුව කැක්කුම ඉවසන්න බැරිලු. කල්පනා කරලා වැඩි වෙලා. දැන් 60 ත් පැනලා. තවමත් නඩු 2-3 ක් තියෙනවා දන්න විධියට.(නදී)

:       0       0

දුලාරි Saturday, 25 October 2014 11:43 PM

සල්ලි විසි කරන්න තියෙනවා නම්, වෙන කිසිම වැඩක් නැත්නම් මේ වගේ දේවල් වලට නඩු දැම්මට කමක් නැහැ. පොඩි වෙනසකටත් එක්ක. (නදී)

:       0       0

ජෙරම් ප්‍රනාන්දු Saturday, 25 October 2014 11:22 PM

කෝටි ගනන් ඉල්ලුවට ඉල්ලන ගානේන් දහයෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වගේද නඩුවක් තියෙන කොට හිතට තියෙන අසහනය. කොයි වෙලෙත් ඉන්න වෙන්න අද මොකක් වෙයිද, ඊළඟ නඩුවෙදි මොකක් වෙයිද කියලා හිත හිතා. රස්සාව කරන්න, ළමයි ගැන බලන්න වෙන්නේ නැහැ ගෑණූ නඩු වලට පැටලුනාම. අයින් වෙච්ච එකනම් දහයෙන් සම්පතක් කියලයි කියන්න තියෙන්නේ. (නදී)

:       0       0

ප්‍රියංකර Saturday, 25 October 2014 09:42 AM

නිතිඥයො බොරු බලාපොරොත්තු දෙනවා කෝටි ගනන් ගන්න පුළුවන් කියලා. අන්තිමට හම්බ උනත් හම්බවෙන්නේ ඉල්ලපු ගානෙන් දහයෙන් එකක් විතර. අවුරුදු ගානක් නඩු කියන්න ගිය සල්ලියි, කාලයයි බලපුවම ඊට වැඩිය වියදම් වෙලා. ගොඩින් බෙිර ගන්න එක තමයි නුවනට හුරුම වැඩේ. (නදී)

:       0       0

ශාන්ත කුමාරණ Tuesday, 21 October 2014 09:50 AM

සේමිනි ඔබගේ තීරණය අති උතුම්. මොකද ලංකාව වගේ රටක නඩුවක් කියනවා කියන්නේ තමා මුළු ජිවිත කාලයම හරි හම්බ කරපු ධනයත් තමන්ගේ වටිනා කාලයත් විනාශ කර ගැනීමක්. නඩුවක් පටන් ගන්නවා කියන්නේ නීතිඥ මහතුන්ගේ සාක්කු පිරෙන එක පමණයි. නඩුවේ තීන්දුව ලැබෙන කොට පැමිණිල්ල පොලවට පස් වෙලා. එම නිසා ඔබේ තීරණය හරි. කවුරු මොනවා කීවත් ඔබ දිනුම්. ඔබට සුබ පැතුම්. (නදී)

:       0       0

සනත් Saturday, 25 October 2014 05:29 AM

මම දන්න අක්කා කෙනෙක් ලක්ෂ 40 ක් ඉල්ලා දික්කසාද නඩුවක් දැම්මා. බැදපු අය්යා ලක්ෂ 20 ක් දෙන්නම් සමතකට ඇවිත් ඉවර කර ගන්න යෝජනා කළා. අක්කා කැමති වුනේ නැහැ. අවුරුදු ගානක් නඩුව අහලා අහලා අයියගේ ආදායම අනුව අන්තිමට ලක්ෂ 15 ක් ගෙවන්න තින්දුව දුන්නා. අර අක්කට ඒ වෙනකොට අතේ සල්ලි හිඳිලා නඩු කියලම. ආතතිය හැදිලා පිස්සුවට බෙහෙත් ගන්නවා දැන්. වැඩි පෙරේත කමට ගියාම වෙන වැඩ.(අ)

:       0       0

රේමා Friday, 24 October 2014 05:41 PM

නීතිඥයෝ නම් හරියට දුක් වෙන්න ඇති අපරාදේ අවරුදු ගණනක් කන්න තිබුන එක කියලා (නදී)

:       0       0

ශයනි Friday, 24 October 2014 04:22 PM

උඩබලාගෙන කෙලගහගන්න එපා .(අ)

:       0       0

බමුණු Friday, 24 October 2014 12:17 PM

දෙන්නගේ කෙරුවාවල් එළිවෙන්නයි ගියේ තව පොඩ්ඩෙන් (නදී)

:       0       0

රංගන Friday, 24 October 2014 03:07 AM

"නඩු යන්නෝ වැනසෙන්නෝය" කියලා කියමනක් තියෙනවා. නඩුව ඉල්ලා අස්කර ගැනීම ඉතාම අගය කළ යුතු බුද්ධිමත් තීරණයක්. නඩු කියනවා කියන්නේ ජීවිත කාලෙම වගේ උසාවි වල රස්තියාදු වෙනවා කියන එකයි. (නදී)

:       0       0

උෂාන් Wednesday, 22 October 2014 11:00 PM

අමුතුවෙන් මට මොවුන් ගැන කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 22 October 2014 10:17 PM

මොනවා වුණත් ප්‍රමාදවෙලා හරි ඇත්ත තේරුම්ගත් එක හොඳයි (නි)

:       0       0

ධම්මික Wednesday, 22 October 2014 06:19 AM

අපහාස නඩුවක් ගොනු කිරීමේදී වන්දි මුදල ගණනය කරන ක්‍රමවේදයක් ඇතිනේ.(හේ)

:       0       0

රවී - ඕමාන් Tuesday, 21 October 2014 10:10 AM

මෙයාල මාර වන්දිනේ අප්පා ඉල්ලලා තිබුනේ රුපියල් සත අඳුරන්නේ නැතිද මන්දා.... ප්‍රසිද්දිය වැඩි කරගන්න ගහපු ගැටයක්ද කොහෙද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site