එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ඔහුගේ දයාබර පුත්‍රරත්නය රු. ලක්ෂ සියයක පමණ අල්ලසකට මුස්ලිම් ජාතිකයකු මරා දැමීමට චෝදනා ලබා වත්මනෙහි රිමාන්ඞ් භාරයේ දඬුවම් ලබයි. තවත් පොලිසියේ රැකියාව කරන්නන් හත් අට දෙනකු පමණ රු. ලක්ෂ සියයක් පමණ මංකොල්ල කෑමකට චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ දඬුවම් ලබයි. මේ සියල්ල පිළිබඳ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් අප දැනුවත් වී හමාරය. එහෙත් කිසිදු නීතිමය හෝ ව්‍යවස්ථාමය ප්රතිපාදනයක් මෙවැනි දුෂිත ක්‍රියා මැඩ පැවැත්වීමට හෝ මර්දනයට ගෙන නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. දිනෙන් දිනම පොලිසිය අල්ලස් ගැනීම අතින් වාර්තා පිට වාර්තා තබයි. මෙසේ වූ කල්හි පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහිංසක මහජනතාවට මේ දක්වා විඳින්නට වී ඇති අසාධාරණකම් මෙතැකැයි කියා නිම කළ නොහැකිය.
තත්ත්වය මෙසේ වුවද රට තුළ අසාධාරණ පත්වීම් කෙළවරක් නොමැතිව ලබාදෙන මෙවන් සමයෙක පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පිළිබඳ නම් කෙනකුට ඇඟිල්ල දික්කිරීමට නොහැකිය. මක්නිසාදයත් පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හොබවන එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස්පතිතුමා ලෙස ලද තනතුර සර්ව සාධාරණය. ඔහු ගෞරව උපාධියක් ද සමග උපපොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ඔහුගේ උගත්කම පවුල් පසුබිම, හැකියාව, හැදියාව සහ විනීත සේවය නිසා ඔහු කෙළින්ම පොලිස් සහකාර අධිකාරි තනතුර දක්වා උසස් විය. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායට ඔහුව අනුයුක්ත කරනු ලැබිණි. එහිදී තම දස්කම් විස්කම් මොනවට දැක්වූ ඔහු සියලූදෙනාගේම ගෞරවයට පාත්‍ර වී පොලිස්පති ධුරය ලැබීමට සුදුස්සා විය.
මෙම පත්වීම සැබවින්ම සුදුස්සාට සුදුසු තැන දීමට කදිම නිදසුනකි.මෙකී ඉහත සඳහන් චෝදනාවලට ලක්වූවන් නීතිය ඉදිරියට පමුණුවන්නට හැකි වී තිබෙන්නේ පොලිස්පතිතුමා සිය රාජකාරිය, රාජකාරියක්ම ලෙස ඉටු කරමින් නීතිය කාහටත් පොදු බව පෙන්වා දී ඇති නිසාය. එසේ කිරීමට ඔහුට හැකි වනුයේ ඔහුගේ පිට කොන්ද කෙළින් තබාගෙන සිය රාජකාරිය කිරීමට හැකිවන ලෙස ඔහු කටයුතු කර ඇති නිසාය.
ඔහු කිසියම් බලපෑමකින් මෙම තනතුරට පත්වූ කෙනකු නොවන නිසාය. එසේ වූවා නම් බඩුත් සහ නඩුත් හාමුදුරුවන්ගේම විය හැකි බැවිනි. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන ලද නින්දිත, දුෂිත, ජඩවැඩ උපන්ගෙයිම වැළලී යන්නට ඉඩ තිබුණේය.
මෙසේ වුවද පොලිස්පතිතුමාට පමණක් මුළු ලංකාවේම පොලිසියන්හි සිදුවන අවැඩ නැවැත්වීම කළහැකි කාර්යයක් නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිනෙන් දිනම පොලිසියෙන් මහජනතාවට විඳින්නට සිදු වී ඇති දුක්ගැහැට හිංසා පීඩා අනන්තය අප්‍රමාණය. ඇත්ත තිත්ත බව නොරහසකි. එහෙත් ඇත්ත ඇති සැටියෙන් පැවසුවහොත් පොලිසිය පිළිබඳව හෙළිදරව් කිරීමට මෙම ලිපිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. නමුදු නොකියාම බැරි කොටසක් තිබේ. කාකි කබාය ඇඟලා ගත් කල සමහර මෝඩයන් සිංහ හම පොරවාගත් බැටළුවන් සේ හැසිරේ. මේ ඔවුනට එහා වෙන කිසිවකු මේ මිහිපිට නැතැයි ඔවුන් සිතනවා වියහැකි බැවිනි. ඔවුහු අහිංසක මිනිසුන් තලයි පෙළති.
අද සමාජයේ බොහෝ ගෘහමූලිකයන් සිය ජීවන අරගලය ඉදිරියේ ඉතා අවිවේකීව රුපියල් ශත පස්සේ හඹායයි. එබැවින් කිසියම් හදිසි අවස්ථාවකදී පැමිණිල්ලක් දමන්නට පොලිසියට යාමට සිදුවන්නේ ගෘහණියකටය. එසේ පැමිණිල්ලක් දැමීමට පොලිසියට යන්නේ මහා අපරාධයක් සිදුවී ඇති නිසා නොවේ. යම් කුඩා සිද්ධියකටය. එනමුදු එම ගෘහණියට දෙවියන්ගේම පිහිටය. මෙය සුළු පැමිණිල්ලක් නිසා පොලිසියේ ඒ වෙනුවෙන්ම එම්. ඕ. බ්‍රාන්ච් (සුළු පැමිණිලි) අංශයක් තිබේ. මෙහි සිටින්නේ නළුවෝය. යම් හෙයකින් එම ගෘහණිය යම්තාක් දුරකට හෝ ඇහැට කනට පෙනෙන ගෘහණියක් වුවහොත් ඇයට දෙවියන්ගේ පිහිට වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. ඇය එන බව දුර තියා දකිත්ම රාළහාමිලා සිය සාක්කුවෙන් පනාව ගෙන කොණ්ඩය පීරා ලස්සන වී ඇය ඉදිරියේ පෙනී සිටීමට උත්සහ කරයි.
ගෘහණියට සැදී පැහැදී උදව් කරන්නට පිරිස ඉදිරිපත් වීමට බලා සිටියත් අංශ ප්‍රධානියා සිටියහොත් ඔහු නිරන්තරයෙන්ම ඒ සඳහා සුදුසුකම් ලබයි. මෙලෙස ඉදිරිපත් වන පොලිසියේ කවුරු හෝ එම පැමිණිලිකාර ගෘහණිය ඉදිරියේ වීරයෝය. ඇතැම් විට එම පැමිණිල්ල අසල්වැසියකු සමග ඇතිකරගන්නා ආරවුලක් සම්බන්ධව විය හැක. මෙහිදී පොලිසියේ වීරයා මෙම ආරවුලට සම්බන්ධ විරුද්ධ පාර්ශ්වයේ අයගේ ඇටකටු කුඩු කරන්නට තරම් වීරයෙකි. මොවුහු කෙසේ හෝ පැමිණිලිකාරියගේ හිත් දිනා ගැනීමට කටයුතු කරති. පසුව මේ පැමිණිල්ල පිළිබඳ කිසියම් අවශ්‍යතාවක් වුවහොත් ඇය හා සම්බන්ධ වන්නට ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගනී. ඇසිල්ලක් ලද විගස ඔහු ඇයට දුරකථන ඇමතුමක් ලබාදේ. මෙම ඇමතීම කිහිපවිටක්ම කිරීමට ඔහු වටපිටාව සකසා ගනී.
ඔහු නිරතුරුවම ජංගම දුරකථනය මගින් ඇයට සමීප වේ. සමහර විටක ඇයට ද දැන් දැන් මෙම දුරකථන ඇමතුම නොලබාම බැරිවන සේ ඔහු චාටු බස් මල්ලක්ම වපුරා අවශ්‍ය තැනට යෑමට මග පාදාගෙන ඇත. නිබඳවම ඔහු විසින් ඇය සිහින ලෝකයකට ගෙන යනු ඇත. මෙසේ කරන්නේ ඔවුන් ඊට පන්නරයක් ලබා ඇති හෙයිනි. සාමාන්‍ය නිවෙසක ජීවත්වන ගෘහණිය ආර්ථික අපහසුතා මැද ඒකාකාරී ජීවිතයක් ගතකරනු ඇත. එවැන්නියකට මෙම පොලිස් භෘංගයා නැතුවම බැරි තත්ත්වයකට පත්වීමේ ප්‍රතිඵලය භෘංගයා ගෘහණියගේ පහස ලබා ගැනීමය. ඇතැම් විට පොලිස් භෘංගයාට දරුවන් දෙතුන් දෙනකු සිටිනවා විය හැකිය. ඇයට ද එසේම විය හැකිය.
නමුත් භෘංගයට එය අදාළ නැත. පළමුවැනි වතුර බාල්දිය ඇඟට දා ගැනීමට කිසියම් වෙහෙස මහන්සියක් දරන්නට සිදුවූ භෘංගයාට පසුව විවේකයක් ලද සෑම විටම එම ස්නානය සාමාන්‍ය දෙයක් වනු ඇත. ගෘහණියට මෙය ඉතා තෘප්තිකර වේ. ආශ්වාදජනක වේ. ඒ ඇය අන් පහසක් නොයෙසේ නම් වෙනසක් ලබන පළමුවැනි අවස්ථාව මෙය විය හැකි බැවිනි. පොලිස් භෘංගයාට එය ඔහු පහස ලබන තවත් එක කාන්තාවක් පමණකි.
ජීවන බර කර තබාගෙන දිවා රෑ වෙහෙස නොබලා එක ලෙස වෙහෙස වන ඇයගේ සැමියා මෙම අවශ්‍යතාව සපුරාගනු ලබන්නේ ඉතාම සාමාන්‍ය ලෙසය, සිය රාජකාරි පොතේ අත්සන තබන ලෙසය. පෙර මෙන් නොව විවිධත්වයක් ලබා ඇති ඇය මේ නිසාම භෘංගයාට තව තවත් සමීප වනු ඇත. මේ වනවිට ඇයට සිය සැමියා දරුවන් මේ සියලූ දෙනා පිළිබඳ පමණක් නොව ගෙදර දොර ඇති අනෙකුත් වගකීම් සියල්ල ද අතපසු වී යනු ඇත. සමහර විටක මෙම පොලිස් භෘංගයා සමග ඇය සිය ස්වාමිපුරුෂයාගේ ක්‍රියාදාමය පිළිබඳව අවතක්සේරුකොට කතා කරනු ඇත. එය ආයුධයක් කරගන්නා පොලිස් භෘංගයා ඇය තව තවත් තෘප්තිමත් කිරීමට වගබලා ගනු ඇත.
මේ අවධිය වන විට පොලිස් භෘංගයාට මුදල් හදිසි අවශ්‍යතාවක් තිබෙන බව පවසා සිය සැමියා හරියට කුසට අහරක් නැතිව දිවා රෑ නොබලා වෙහෙස වී උපයාගත් මුදල් වලින් අරගෙන දී ඇති රන් වළලූ මුදු මාල උකස්කොට භෘංගයාට මුදල් ලබාදෙනු ඇත.
හැංගි හැංගි වෙස් බැන්ඳත් නටන්නට සිදුවන්නේ එළිපිටය. එබැවින් ඇයගේ මුළු පවුල් සංස්ථාවම අපේක්ෂිත නොවූ ලෙස ඉතාම අනුවේදනීයව දෙදරා යයි. මේ පිළිබඳ තවත් ඔබ්බට සිතා බැලූවහොත් කිසිදු වරදක් නොකළ සිය සැමියාට හා අහිංසක දරුවන්ට යන කලදසාව පිළිබඳව අපට කුමක් සිතිය හැකිද? මේ අසල්වැසියකු සමග ආරවුලක් ඇතිකරගත් එක්තරා ගෘහණියකට පමණක් නොව ඇයගේ මුළු පවුල් සංස්ථාවටම අත්වූ ඛේදනීය සිදුවීමක් පිළිබඳ එක කතාවක් පමණක් විය හැකිය.
මෙසේ වුවද මෙවැනි කතා කොතෙකුත් නිරන්තරයෙන්ම සිදුවන බව ඔබට නොසිතිය හැකිද? අවාසනාවකට මෙන් ඔබටත් මටත් මෙම තත්ත්වය මුලිනුපුටා දැමීමට විනා මැඩ පැවැත්වීමට හෝ ශක්තියක් නොමැත. එබැවින් ඔබ මා කළ යුත්තේ කුමක්ද? මොනයම් හෝ හේතුවක් මත හෝ කිසියම් අවස්ථාවක තම දයාබර බිරිඳ හෝ නැගණිය තනි පංගලමේ පොලිසියකට නොයවා සිටීමය. කෙටියෙන් කිවහොත් මොනයම් හෝ හේතුවක් නිසා හෝ තනි පංගලමේ ගැහැනු ප්‍රාණයක් පොලිසියට නොයවා සිටීමය. ”අසූවත් වයසක් ද නංගි” යන්න ඔබ අසා නැද්ද? පොලිසිය එබඳුය.
මෙහි මා සඳහන් කර ඇත්තේ පොලිසියේ එම්. ඕ. බ්‍රාන්ච් එක හෙවත් සුළු පැමිණිලි අංශයේ දී සිදුවිය හැකි එක නොමනා ක්‍රියාවක් පමණක් විය හැකිය. නමුත් පොලිසියේ තවත් අංශ කිහිපයක් තිබේ. ට්‍රැෆික් බ්‍රාන්ච්, ක්‍රයිම් බ්‍රාන්ච්, ඇඞ්මින් බ්‍රාන්ච්, වයිස් බ්‍රාන්ච් මෙයින් සමහරකි. විශේෂයෙන්ම ට්‍රැෆික් බ්‍රාන්ච් එක නොහොත් රථවාහන අංශය දෛනික වශයෙන් ආදායම් පිට ආදායම් වාර්තා තබයි. ඔවුන් ජීවත්වන ආකාරය සහ ඔවුන් ලබන වැටුප ගැන සලකා බලන කල්හි මෙය මොනවට පැහැදිලි වන කරුණකි. අනෙකුත් බ්‍රාන්ච් ගැන මහජනයාට මතු අනාගතයේදී මා ලබා ඇති අත්දැකීම් මගින් හා පොලිසියෙන් ලද ආභාෂය තුළින් ඔබට මතු දවසක ලියන්නට මම අපේක්ෂා කරමි.
මෙසේ වුවද පැමිණිල්ලක් දැමීමට පොලිසිය වෙත පිය නගන සෑම කාන්තාවකටම මා කලින් සඳහන් කළ ඉරණමම අත්වේ යැයි සිතිය නොහැක. මක්නිසාදයත් පොලිස් දෙපාර්තමේන්තුවේද හොඳ පවුල් පසුබිමකින් පැවත එන උගත් බුද්ධිමත්, යුක්තිගරුක, සාධාරණව, නම්‍යශීලිව සිතන ඇතැමුන්ද රටට ආදර්ශවත් ලෙස සේවය කරන කෙනෙකුද සිටිය හැකි බැවිනි. මෙසේ නිසි ලෙස රාජකාරියේ නියැළෙන පිරිස උසස්වීම් හෝ යටත් පිරිසෙන් ඇගයීමකටවත් ලක්වුවහොත් එය ඉතා කලාතුරකිනි. සිය රාජකාරිය යුක්ති සහගතව ඉටුකරන අයගේ නියමිත උසස්වීම් පවා ප්‍රමාද වේ. ඒ ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අවැඩවලට අත්උදව් නොදීම නිසාය. මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ, මේ පිළිබඳව ඉතා දැඩි ලෙස කලකිරීමෙන් පසුවන පිරිසක්ද නැතුවාද නොවේ.
මම මේ ලිපිය ලියන මොහොතේ එක්තරා රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති ප්‍රකාශය මගින් රටේ මත්කුඩු ව්‍යාපාරය ප්‍රසිද්ධියේ සිදුවන විට පොලිසිය ඇස් පියාගෙන සිටීමට විරුද්ධව මහජනතාව පාරට බසින අවස්ථාවක රූප රාමු පෙළක් ප්‍රදර්ශනය කරයි. එකී මෙකී නොකී කුමන කරුණ ගැන සලකා බැලූවද පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව ප්රශංසනාත්මකව කතා කිරීම උගහටය.
කෙසේ වුවද කාසියක දෙපැත්තක් ඇත. අප කාසියේ වාසිය අප දෙසටම හරවා නොගෙන ඔවුන්ගෙන් අවැඩම සිදුවුවත් ඔවුන් දෙසද මොහොතකට මානුෂිකව බැල්මක් හෙළමු. මෙහිදී වගකිවයුතු උත්තමයන්ගෙන් එනම් රට කරවන බැතිමතුන්ගෙන් මා ඉතා ගෞරවනීයව ඉල්ලා සිටිනුයේ දෙසිය විසිපස් දෙනෙකුගෙන් සමන්විත විශාල කැබිනෙට්ටුවක් සිටින අප කුඩා රටේ සියලූ යස ඉසුරු ලබන උත්තමයෝ පොලිස් දෙපාර්තමේන්තුවට අල්ලස් නොගෙන ජීවත්වීමට හැකි වටපිටාවක් නිර්මාණය කොට ඔවුන්ගේ වැටුප්ද වැඩිකර දීමටය. පසුව ඔවුන්ව දණ්ඩ නීති සංග්‍රහයකට යටත් කළ යුතුමය. මහජන මුදලින් මහජනයාට සේවය කරන්නට බැඳී ඇති පොලිස් දෙපාර්තමේන්තුව කිසියම් දුෂණයක්, ජඩ, නින්දිත ක්‍රියාවක නිරත වුවහොත් පොලිසියේ සෙසු අයට දැනෙන අයුරින් ඔවුන්ට ඉතා ප්‍රසිද්ධියේ දැඩි දඬුවම් කළ යුතුය.
මෙහිදී අකමැත්තෙන් වුවද රට කරවන උත්තමයන්හට ”ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” යන කරුණ මතක් කර දිය යුතුව ඇත. කකුළුවා හරහට යන ගමන් පැටියාට කෙලින් යන්නට කීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන නිසාය. එය එසේ නොකොට පොලිස් දෙපාර්තමේන්තුවෙන් වත්මනේ සිදුවන ක්‍රියාකාරකම් එලෙසම සිදුවුවහොත් එනම්, මැති ඇමැතිවරුන්ට ඔවුන්ගේ ගෞරවනීය වූ පුත්‍ර රත්නයන්ට ගෝලබාලයන්ට හෙන්චයියලාට ප්‍රාදේශීය සභාවල අඳ බාලයන්ට සියලූම අසාධාරණකම්වල දී හිස නමා සිටින්නට සිදුවුවහොත් පොලිසියේ උදවිය එම ක්‍රියාදාමය ද ආයුධයක් කරගෙන අහිංසක මහජනතාවට කරන තාඩන පීඩන නිරතුරුවම නිර්භයවම කරගෙන යනු ඇත. මේ නිසාම නුදුරු අනාගතයේදී රට තව තවත් ඛේදජනක තත්ත්වයකට පත්වීම සිකුරුය. දැනුදු විනයක්, නීතියක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන රට තව තවත් අරාජික තත්ත්වයකටම පත්වනු ඇත. එය එසේ වුවහොත් රට කරවන උත්තමයන්ගෙන් සමහරුන්ට නම් ඒ පිළිබඳව කිසිම හැඟීමක් නැතිවිය හැක. ඒ ඔවුනට කළකම් පලදෙන බව අමතක වී ඇති නිසාද? එනමුදු රජකම් කළත් කළකම් පල දෙනු නියතය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙසිරිලක පොලීසිය
ඩීන්ස් Tuesday, 01 October 2013 07:35 PM
පොලිසිය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
සෙන්තිල් Sunday, 06 October 2013 01:23 AM
මෙතන අදහස් දාපු සිංහල අය අර මරලා දාපු මිනිහා ගැන අදහස් දාලා නැහැ. (නි)
රන්ජිත් සෙනෙවිරත්න Friday, 04 October 2013 08:17 PM
මේ අයට අම්මල තාත්තල නැතිද? එක නිසාද යුනිෆෝම් එකේ උෂ්නේ ගහන්නේ? (දී)
ප්‍රියා Friday, 04 October 2013 04:09 PM
සියයට 80 ක් පොලිසියේ ඉන්නේ අසුචි පුච්චලා දුන්නත් රස කර කර කන අය (නි)
ශාන් Friday, 04 October 2013 11:07 AM
බොහොම හොද කතාවක් (නි)
හේරත් Friday, 04 October 2013 11:00 AM
අනිවාර්යෙන්ම පොලිසිය පොලිෂ් කළයුතුමයි (නි)
ක්.එල්.තුෂාන්ත. Thursday, 03 October 2013 09:02 PM
රථ වාහන පොලිසියත් පව් ලෝකයක්. දරුවෙක් මහන කලොත් හතර වරිගේටම පින්. පොලිසියට දැම්මොත් අම්ම අප්පටත් හෙනම ගහනවා. හොද අය නැතුව නොවේ. ඒත් සක්කිලි ගොඩාක් මැද්දේ ඉන්න හොද කෙනා පේන්නෙත් ඒ විදියටම තමයි. (නදී)
දිනේෂ් Thursday, 03 October 2013 06:31 PM
වැදගත් කතාවක් ජයසිංහ මහත්තයෝ. මේක කියවද්දී සමහරක්ට නම් ඇඩෙනවා ඇති (නි)
දුමින්ද Thursday, 03 October 2013 10:01 AM
හොඳ ලිපියක්, අදහස ලස්සනට පැහැදිලිව ඉදිරිපත්වී තිබේ. (ස)
චන්ද්‍රසිරි Sunday, 29 September 2013 06:00 PM
බොහොම හොද ලිපියක්. ජයසිංහ මහත්තයට බොහොම ස්තූතියි (නි)
ලක්මාල් Tuesday, 01 October 2013 03:53 PM
හොද විමර්ශනාත්මක ලිපියක්. (ස)
ටෙනිසන් Tuesday, 01 October 2013 09:52 AM
ඇයි ගැහැණිය විතරක්? පොලීසියට යන අපි හැමෝම බුද්ධිමත් වියයුතුයි.පැමිනිල්ලෙන් හා විත්තියෙන් යන දෙකෙන්ම වසර ගණන් කටු කාපු අය පොලීසිවල හිටියා.මා දන්නා අයෙකු ඒ බව දැනගත්තේ හිටපු ඕ.අයි සී මාරු වෙලා ගිහින් අවංක අලුත් ඕ.අයි .සී පැමිණියාට පසුවයි. (නි)
ඥානපාල Monday, 30 September 2013 03:49 PM
මෙවන් සිදුවීම් ලිංගික අල්ලස් ලෙස හැදින් විය හැක. නමුත් කාන්තාවද බුද්ධිමත් වූයේ නම්, ඇගේ අවනඩුව විසදෙන තෙක් පොල් පැලේ පෙන්න පෙන්නා ඉන්නටද තිබුනි. පසුව ගොනා හැරී යනු ඇත. (නදී)
තාගි බෝගා Monday, 30 September 2013 02:05 PM
හොඳ ලිපියක්.(නදී)
කමල් Monday, 30 September 2013 01:27 PM
සුළු පැමිණිලි අංශයේ ඇතුළුව පොලිස් ස්ථාන තුල හැකි සෑම තැනකම සීසිටීවී කැමරා සවි කල යුතුයි. (ස)
ප්‍රගීත් Sunday, 29 September 2013 10:27 PM
ජයසිංහ මහත්තයව කොහේදී හරි ට්‍රැෆික් එකෙන් ලියලා තියෙනවා වගෙයි (නි)
අමරවීර Sunday, 29 September 2013 07:29 PM
බොහොම හොද ලිපියක් . (නි)