X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මේකට තමයි යහපාලනය කියන්නෙ

HIRUNIKA_P10

 

ඩිෆෙන්ඩර් රථයකින් ගොස් පුද්ගලයකු පැහැර ගත් බව කියන සිද්ධියට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ නම කියැවේ. මේ වන විට ඇයගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හය දෙනකු රිමාන්ඞ් බන්ධනාගාර කරගෙන ඇත.
මේ පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව ඇයගෙන් විමසුවෙමි.

 

 

 

  •  මොකද මේ ගෝරි දාගන්නෙ?.

 ඇත්තටම එහෙම සිදුවීමක් වුණේ නැහැ. සඳුදා මගේ මහජන දිනය. ඒ දිනයට මිනිස්සු 100 ක් 200 ක් මගේ කොළොන්නාව කාර්යාලයට එනවා. පාර්ලිමේන්තු සැසිවාරය ඉවරවෙලා නැවත මහජන දිනය පටන් ගත්ත පළමුවැනි දවස. උදේ ඉඳලා මහජනතාවගෙ ප‍්‍රශ්න කතා කළා. ප.ව. 2.00ට කොළඹ නගර සභාවෙ 150 වැනි සංවත්සරයට සහභාගි වෙන්න නියමිතව තිබුණා. මට හරියටම 2.00 ට යන්න බැරි වුණා. මහජන දිනයට ආපු ජනතාව හිටියා. මම මගේ යාළුවෙකුගෙ වාහනයකින් නගර සභාවෙ උත්සවයට ගියා. මගේ සැමියා වාහනය පැදවූවා. ඇමැති ආරක්ෂක අංශයේ කෙනෙක් හිටියා. මගේ පෞද්ගලික ආරක්ෂකයෙකුත් හිටියා. මගේ පෞද්ගලික නමට ඩිෆෙන්ඩර් රථයක් තියෙනවා. ඒක කාර්යාලය අසල නතර කරලා තිබුණේ. ඒක අරගෙන දින කීපයක්. නගර සභා රැුස්වීමේ පැය කීපයක් හිටියා. ජනාධිපතිතුමත් හිටිය. තවත් මන්ත‍්‍රීවරුනුත් හිටියා. අපි කතා කර සිටියා. මම පිටත් වෙනකොට සවස 4.30ට 5.00 විතර වෙන්න ඇති. මම පිටත් වෙන විටම පොලිස් නිලධාරියෙක් කතා කරල මගේ වාහනය මගේ නමින් ලියාපදිංචි එකක්ද කියලා ඇහුවා. මම ඔව් කිව්වා.

 

 

  •  එහෙම අහන්න හේතුව ඇහුවෙ නැද්ද?

ඇහුවා. මගේ වාහනයෙන් ගිහිල්ලා පැහැර ගැනීමක් වෙලා තිබෙන බව කිව්වා. මම පුදුම වුණා.

 

 

  •  ඔබ කාර්යාලයට කතා කළේ නැද්ද?

ඒ වෙලාවෙම කතා කළා. ඒ අය කිව්වා පැහැර ගැනීමක් දන්නෙ නැහැ. මාව හම්බවෙන්න කට්ටියක් ඇවිත් ඉන්න බව කිව්වා. 

 

 

  •  ඔබේ ඩිෆෙන්ඩර් රථය? 

මම ඒකත් ඇහුවා. කාර්යාලයෙ වාහනය තිබෙන බව කිව්වා.

 

 

  •  ඉතිං?

මම ඉක්මනින් කාර්යාලයට ගියා. වැඩි සෙනඟක් හිටියෙ නැහැ. මාව හමුවෙන්න ආව අය මම පරක්කු නිසා ගිහිල්ලා. මගේ කාර්යාලයේ කාන්තාවක්, නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳපු කෙනෙක්. තවත් පිරිමියෙක් හා දරුවන් දෙදෙනෙකුත් හිටියා.

 

 

  •  මේ අය ඔබේ පාක්ෂිකයෝද? 

එක් අයෙක් දන්නවා. මගේ ඡුන්ද දායකයෙක්. ඔහු පිටකොටුවෙ පදික වෙළෙන්දෙක්. මගේ ඡුන්දයට උදව් කළ කෙනෙක්. මම ඇහුව අර මොකක්ද ප‍්‍රශ්නයක් කිව්වෙ. ඒ ඔය අයද කියලා මම ඇහුවා. ඒ අය ඔව් කිව්වා.

 

 

  •  ඔබ කාර්යාලයෙ නිලධාරීන්ගෙන් ඇහුවෙ නැද්ද?

ඇහුවා. මම ඇහුවා මගේ වාහනය අරගෙන ගිහිල්ලා ප‍්‍රශ්නයක් කර ගත්තද කියලා. මම කාර්යාලයෙ නැති වෙලාවෙ පදික වෙළඳාම් කරන මගේ පාක්ෂිකයා දරුවො දෙන්නත් එක්ක අඬා ගෙන මගේ කාර්යාලයට ඇවිත් තියෙනවා මාව සොයාගෙන. ඔහු ඡන්දයට මට වැඩ කළ අයෙක් නිසා කාර්යාලයෙ හැමෝම දන්නවා. ඔහු මට බැහැල වැඩ කළ කෙනෙක්. කාර්යාලයෙ මගේ ඥාතීන් කීපදෙනෙකුත් ඉන්නවා. අර ඡන්දදායකයගෙ බිරිඳ කවුදෝ පැහැරගෙන ගිහිල්ලලූ. දුව ඔහු දැක්කලූ. සැමියා ගෙදර ඉඳල නැහැ.

 

 

  •  ඔය පෞද්ගලික සිදුවීම ඔබ කලින් දැනගෙන හිටියද?

නැහැ. පැහැර ගැනීම ගැන පොලිසියට පැමිණිලි කරලත් තියෙනවා. මේ දැරිය අර පැහැරගෙන ගිය පුද්ගලයා හඳුනන නිසාත් ඔහු වැඩ කරන තැන දන්න බව කී නිසාත් මගේ කාර්යාලයෙ පිරිසක් ඔහු එක්ක එන්න මගේ රථයෙන් ගිහිල්ලා තියෙනවා.

 

 

  •  පොලිසියට කියන්න තිබුණා නේද?

පොලිසියට ගිහිල්ලා තියෙනවා. පොලීසියෙන් කියල තියෙන්නෙ ‘‘උඹේ ගෑනි තියා ගන්න උඹ දැන ගන්න එපාද’’ කියලයි. පොලීසිය ගැන විශ්වාසය බිඳ වැටිලා. මගේ අය කරපු මෝඩ වැඬේ අර මනුස්සයවත් දාගෙන බිරිඳ පැහැර ගත්ත කියන පුද්ගලයා සොයා ගිහිල්ලා. 

 

 

  •  කොහාටද ගිහිල්ල තියෙන්නෙ.

දෙමටගොඩ කඬේකට.

 

 

  •  ගිහිල්ලා ඔහුට ගහල?

නැහැ. ඔහු එළියට කතා කර ගෙන ඇවිත්. අර දැරිය ඔහු පෙන්වනවා සී.සී.ටී.වී. කැමරාවෙ පැහැදිලිව පෙන්වනවා. කතා කරන ඒවත් කැමරාවෙන් පෙන්නුවා. මේක ගොඩින් බේර ගන්න මැඩම් එන්න කිව්වා කියලා මගේ අය කියලා.

 

 

  •  ඒ කියන්නෙ ඔබ එන්න කිව්වා කියන එකද?

මම දන්නෙවත් නැහැ. මම එන්න කිව්වා කිව්වම එන නිසා එහෙම කියලා තියෙනවා. නමුත් ඔහු එන්න අදි මදි කළාම කොළරයෙන් අල්ලගෙන ඩිෆෙන්ඩරයට දාගෙන ඇවිත් තියෙනවා. ඒ වන විට මම ඇවිල්ල හිටියෙ නැහැ.

 

 

  •  ඔහුට පහර දීල?

නැහැ කිසිම කැළලක්වත් නැහැ. ගහලත් නැහැ. කොලර් එකෙන් ඇල්ලූවම ටී ෂර්ට් එක ටිකක් ඉරිලා තියෙනවා. සීරීමක්වත් නැහැ. ගහලත් නැහැ. මම පරක්කු නිසා ඔහුට කියලා තියෙනවා අර කාන්තාවත් අරගෙන ආපහු එන්න කියලා. ත‍්‍රීවිලරයකට සල්ලි දිලත් තියෙනවා.

 

 

  •  ඔහුට පහරදීමක් කෙරිල නැහැ කියලා ඔබ කියන්නෙ කොහොමද?

එහෙම උණා නම් කාන්තාව එක්ක එන්න කියල යවපු වෙලාවෙ පොලීසියට යන්න තිබුණනේ. නැතිනම් රෝහලට යන්න තිබුණනේ. එයා පැය 1/2 ක් යනකොට වෙන ටී ෂර්ට් එකක් මාරු කරගෙන අර කාන්තාවත් එක්ක ඇවිත් තියෙනවා. සී.සී.ටී.වී. කැමරාවල ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ. මම දකින විට කොළ පාට ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ.

 

 

  •  ඔබ නීතිය අතට ගත්තද?

නැහැ. මම ඔවුන් එකක් කතා කළා. කාන්තාවගෙන් මෙහෙම කරන්න හේතුව ඇහුවා. මම පවුලක් එකතු කළා. දරුවො දෙන්න හොඳටම ඇඬුවා. පවුල් ප‍්‍රශ්නයක් දුරදිග යන්න අවශ්‍ය නැහැනේ. සුළුවෙන් විසඳගන්න පුළුවන් දෙයක්. මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වලා තිබුණා. පැහැර ගෙන ගිහිල්ලා නෙවෙයි. කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නෙ. නමුත් ඇයට මේ පුද්ගලයගෙ වෙනස් හැසිරීමක් නිසා ගියාට පස්සෙ ආපහු එන්න අවශ්‍ය වෙලා. ඇයට දරුවන් ගැන දුක හිතිලා. එතැනදී කැමැත්තෙන් ගියත් පසුව බලහත්කාර කමක් වෙනවා.

 

 

  •  ඔබ ඇයට තරවටු කළාද?

මම බැන්න හොඳට ඉන්න පවුලක් නිකරුණේ කඩාගන්න හදනව කියලා දොස් කිව්වා.

 

 

  •  මේ ප‍්‍රශ්නය පොලීසියට බාර නොදුන්නෙ?

මේක පවුල් ප‍්‍රශ්නයක්. මගේ කාර්යාලයට එන විට මේක ලොකු සිදුවීමක් වෙලා. මගේ වාහනය සම්බන්ධ කරගෙන මගේ කාර්යාලයෙ අය සම්බන්ධ වෙලා.

 

 

  •  ඒ පුද්ගලයා නම් කියලා තිබුණේ ඔබ තර්ජනය කළා කියලා.

එහෙම නම් මම වෙඩි තියන්න හැදුව කියලත් කියන්න පුළුවන්. මම පිහියක් දික් කළා කියලත් කියන්න පුළුවන්. ඒ හැම එකම සත්‍ය වෙන්න බැහැ. සාක්ෂි සටහන් කෙරෙන කොට තමයි ඒව බලන්න වෙන්නෙ. මම යුක්තිය වෙනුවෙන් ඉදිරියට ආ කාන්තාවක්. මට පුරුෂයෙකුට අතක් පයක් උස්සන්න පුළුවන්ද? මහජන දිනය දවසට ඔය වගේ සිදුවීම් දහයක් විතර මට එනවා. කාන්තාවක් දේශපාලනය කරන කොට ඒ වගේ ප‍්‍රශ්න අරගෙන එනවා. ඒක සාමාන්‍ය දෙයක්. වැල්ලම්පිටියෙ පොලිසියෙන් කිසි දෙයක් උනේ නැහැනේ. ඒ වගේම මේ කාන්තාව බිය ගන්නලාත් තියෙනවා. ඒ බිය නිසා ඇය මම ළඟට ආවෙලාවෙ වැඩිය කතා කළෙත් නැහැ. අද ඇයගෙ පුරුෂයත් මගේ කාර්ය මණ්ඩලයෙ පිරිසකුත් රිමාන්ඞ් කරලා. පොලිසියෙන් දෙයක් නොවූ නිසා මේ අය ගිහිල්ලා තියෙනවා.

 

 

  •  මේ පිරිස නීතිය අතට ගැනීම ඔබ අනුමත කරනවාද? 

පිළිතුර:- කොහෙත්ම නැහැ. සම්පූර්ණ වැරදියි. මේ සිද්ධිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට සම්බන්ධ නිසා විශාල ප‍්‍රවෘත්තියක් වුණා. එක මාධ්‍යයක් මගින් මට දඬුවම් ලබා දිය යුතුයි කියලා කියා තිබෙනවා. ඒ කියන අයගෙ පැත්තෙ සමීප අය කරපුවා බලන්න  ඕනෑ.

 

 

  •  ඔබේ අය රිමාන්ඞ් බන්ධනාගාර ගත කරල? 

ඔව්. මම කිසිම දේකට බලපෑමක් කළේ නැහැ.

 

 

  •  ඔබ යහපාලනයට අත දීපු කෙනෙක්?

ඔව්. මේකට තමයි යහපාලනය කියන්නෙ. මම මගේ අය කියලා කිසිම බලපෑමක් කළේ නැහැ. මට මඩ ගහනවා. මම කිිසි දෙයක් කරල නැහැ. මගේ සැමියාවත් එතැන හිටිය නම් මේ ළමයි වගකීමක් නැතිව කරපු දේවල් නතර කරන්න තිබුණා. ක්ෂණික කෝපයකට හිතන්නෙ නැතිව කළ දෙයක්. හිතාමතා සැලසුම් කරල මගේ වාහනය යවන්නෙ නැහැනේ. 

 

 

  •  කවුරු හරි ඔබට හානි කරන්න ඉන්නවද? 

මට චරිත ඝාතනය කරන්න සූදානම් අයෙක් ඉන්නවා.

 

 

  •  ඔබේ අනුගාමිකයො මේ සිදුවීම ගැන කලකිරිල ඇති.

මම කියන්නේ මා ගැන තැබූ විශ්වාසය පළුදු කරගන්න එපා කියලයි. මම පරණ හිරුණිකාමයි. යුක්තිය, සාධාරණය වෙනුවෙන් මම පෙනී සිටිනවා. මගේම අය වුණත් ඔවුන් කරපු දේ වැරදියි කියන මතයෙ මම ඉන්නෙ. නීතියෙන් ඔවුන්ට දෙන දඬුවම මම පිළිගන්නවා. මගේ විශ්වාසය පළුදු කර ගන්න එපා. මට සමාවෙන්න යහපාලන යුක්තිය සාධාරණය වෙනුවෙන් හිරුණිකා හැමදාම පෙනී සිටිනවා. වැරදි කියන දේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙනවා. මගේ නම ඈඳුනත් මේක මා දැනුවත්ව වූ දෙයක් නෙවෙයි. මගෙන් වැරැද්දක් වෙලා නැහැ. මගේ එකම හතුරන් මේ මට අදාළ නැති දේකට මඩ ගහනවා.

 

 

  •  මේ ගැන පක්ෂයෙ බලධාරීන් දැනුවත් කළාද? 

කතානායකතුමා දැනුවත් කළා. අගමැතිතුමා ලංකාවෙ නැහැ. එදා ඒ වෙලාවෙ මම හිටියෙ ජනාධිපතිතුමා හිටිය උත්සවයේ.

m



අදහස් (0)

මේකට තමයි යහපාලනය කියන්නෙ

අනුර කොලොන්නාව Tuesday, 29 December 2015 10:21 AM

දැන් මට වැටහෙනවා හිරුණිකාගේ දේශපාලන දිවිය වෙනුවෙන් මා කළ දේවල් සියල්ල අපතේ කියා. දැන් ඔවුන් ජීවත්වන්නේ ඉස්සර සිටි ලෝකයේවත් එකල තිබු මානසික තත්වයේවත් නොවේ. (නි)

:       0       0

අනුර සිරිවර්ධන Sunday, 03 January 2016 10:31 AM

ගහේ කටු උල්කරන්න ඕනේ නැහැ (බ)

:       0       0

හිරාන් Saturday, 02 January 2016 12:31 PM

මංගල මොනවා කියනවාද මන්දා? (නි)

:       0       0

අශාන් Friday, 01 January 2016 04:03 AM

කට්ටියට රටේ නීතිය මතක්වෙලා තියෙන්නේ දැන්. ඉස්සර නම් නීතිය අමතකයි නේද? (නි)

:       0       0

ශාන සෞදි Thursday, 31 December 2015 10:56 AM

එතකොට රටේ නීතිය හා පොලිසිය තියෙන්නේ.? (ර)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 09:16 PM

මම නම් මොකුත්ම කියන්නේ නැහැ. මේ කොල්ලො හදිසි කෝපයට කළ වැඩ. (නි)

:       0       0

සජිත් Tuesday, 29 December 2015 03:36 PM

අනේ..පව්..අහිංසක බබා. (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 29 December 2015 01:55 PM

මම නම් ඇගේ දකින වරද ඇය දේශපාලනයට ලාබාලවීමයි (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 29 December 2015 10:24 AM

ඒ කාලේ සුදු වෑන් වෙනුවට දැන් කළු ඩිපෙන්ඩර් සංස්කෘතිය! (නි)

:       0       0

චාමර Monday, 28 December 2015 09:37 AM

යහපාලන කිරි හට්ටියට ගොම වැටිලා කියල එජාපයේ අය කියන කතාව ඇත්ත වගේ. මොනවා හරි වෙච්ච ගමන් මම දන්නේ නැහැ, මට මතක නැහැ. (ර)

:       0       0

මංගල Tuesday, 29 December 2015 06:31 AM

හිරුණිකා, ඔබ නිවැරදියි. මෙතනදී ඔබ කළ දේ හරි (නි)

:       0       0

චන්න Tuesday, 29 December 2015 03:26 AM

එක් අයෙක් දන්නවා. මගේ ඡන්ද දායකයෙක්. ඔහු පිටකොටුවෙ පදික වෙළෙන්දෙක්. මගේ ඡන්දයට උදව් කළ කෙනෙක්. මම ඇහුව අර මොකක්ද ප‍්‍රශ්නයක් කිව්වෙ. ඒ ඔය අයද කියලා මම ඇහුවා. ඒ අය ඔව් කිව්වා. මේක අරයාගේ ප්ලෑන් එකක් (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Monday, 28 December 2015 07:08 PM

ලක්විදු, ඔබ සමඟ මමත් ඉන්නවා (නි)

:       0       0

විපුල Monday, 28 December 2015 05:51 PM

මේ කතා හොඳයි කොණ්ඩය බැඳපු චීනුන්ට. නීතිය අතට ගන්න එයාට තිබෙන අයිතිය කුමක්ද? සාමාන්‍ය කෙනෙක් කළා නම් මේ වෙනකොට වැලිකඩ තමයි ඉන්නේ (නි)

:       0       0

ලක්විදු Monday, 28 December 2015 02:40 PM

මම අහන්න කැමතියි ඔබතුමිය ඔය ගෝලයන්ට දෙන දඬුවම මොකක්ද කියලා. ලැජ්ජා නැතුව ආපහු වැඩට ගන්නේ නැද්ද කියලා බලමු. පුලුවන්නම් ඔය චක්ගෝලයෝ ටික අස්කරලා නියම යහපාලනය පෙන්වන්න. (නි)

:       0       0

ලක්විදු Monday, 28 December 2015 01:59 PM

අනේ මැඩම් අපි නම් ඕකට කියන්නේ තගාලා හෙන්චයියන් විදියට තියන් ඉන්නවා කියල. (අ)

:       0       0

අමල් Monday, 28 December 2015 12:15 PM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site