X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


යාපනයේ ”ආවා ගෲප්” පාතාලය අහිංසකයන්ගේ අතපය කපයි

08pg-12d--main-pgs 

 

මනිපායි-සෙල්ලමුත්තු කී‍්‍රඩාංගණයේ පසුගිය දිනක සංගීත සංදර්ශනයක් පැවැත්විණි.


සංගීත සංදර්ශනය සංවිධානය කර තිබුණේ පෞද්ගලික බැංකුවක අනුග‍්‍රහය ඇතිවය.


යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙන ගන්නා සිසුන් තිදෙනක්ද යතුරුපැදි දෙකක නැගී පිටත්ව ගියේ සෙල්ලමුත්තු කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සංගීත සංදර්ශනය බැලීමටය.


සංගීත රාති‍්‍රය පැවැත්වෙන කී‍්‍රඩාංගණයට යාමට කිලෝ මීටරයක පමණ දුරක් තිබියදී යතුරුපැදි කිහිපයක් පැමිණි කණ්ඩායමක් විසින් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනා ගමන් ගත් යතුරුපැදි හරස්කර නවත්වනු ලැබූහ.


විශ්වවිද්‍යාල සිසුන් තිදෙනා වටකරමින් නාඳුනන කණ්ඩායම ඔවුන්ට දිගට හරහට පහර දෙන්නට වූ අතර කිසිවක් කර කියාගත නොහැකිවූ ශිෂ්‍යයෝ මැරයන් ඉදිරියේ අසරණ වූහ.


කඩු හා පොලූවලින් සිසුshdන් තිදෙනාට හොඳ හැටි පහර දුන් අතර එක් සිසුවකුගේ අතක කොටසක් කැපී සිරුරෙන් වෙන්වී බිම වැටී ඇත.
අනෙක් සිසුන් දෙදෙනාගේද අත්වල කැපුම් තුවාල තිබිණි.


ගලවපල්ලා හෙල්මට් කියා නාඳුනන කණ්ඩායමේ මැරයෙක් විධානය කළේය.


මැරයාගේ විධානයට අනුව සිසුන් ඔවුන් පැළඳ සිටි හෙල්මට් ගලවා ඇත.


අතක් කැපී සිරුරෙන් වෙන්වී ගොස් තිබූ සිසුවාගේ පැළඳ සිටි හෙල්මට් එක ගලවා ඇත්තේ සහෝදර සිසුවෙකි.


”යකෝ වැඬේ වැරදුණා. මුන් තුන්දෙනා නෙමේ. මේ වෙන එවුන් තුන් දෙනෙක්. ඉක්මනට මෙතැනින් මාරුවෙයල්ලා කියා එක් මැරයකු කෑගසද්දී ඔහුගේ විධානයට අවනත වෙමින් සෙසු මැරයන් දිවගොස් යතුරුපැදිවල නැගී පලා ගියේ විදුලි වේගයෙනි.


තරුණයන් තිදෙනකුට තදබල ලෙස කඩු හා පොලූවලින් පහර දුන් මැර කණ්ඩායම පලාගොස් ඇති බවට ඒ සිද්ධිය වී සුළු මොහොතක් යන්නට මත්තෙන් මනිප්පායි පොලිසියට තොරතුරක් ලැබී ඇත.


මනිපායි පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් වහා එහි ගිය අතර අත කැපී ගිය තරුණයා සිටියේ බරපතළ තත්ත්වයකය.


අනෙක් තරුණයන් තිදෙනාද පහරකෑම්වලට ලක්වී සිටීම නිසා සිටියේ තුවාල ලබාය.


මොවුන් තිදෙනා යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන් බව පොලිසියට දැන ගැනීමට ලැබිණි.


තුවාල ලබා සිටි සිසුන් තිදෙනා මුලින්ම ඇතුළත් කරනු ලැබුවේ යාපනය මහ රෝහලටය.


සිරුරෙන් වෙන්වී තිබූ අත් කොටසද ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් යාපනය රෝහල වෙත ඒමට පොලිසිය පියවර ගෙන තිබිණ.


අත්කොටසද සමඟ සිසුවා කඩිනමින් රැුගෙන ගියේ කොළඹ ජාතික රෝහල වෙතය.


කොළඹ ජාතික රෝහලේදී සිදුකෙරුණු ශල්‍යකර්මයකින් පසු සිරුරෙන් වෙන්වී ගිය අත් කොටස සාර්ථක ලෙස බද්ධකර ඇත.


සරසවි සිසුවා සුවය ලබමින් තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන බව එහි විශේෂඥ වෛද්‍යවරයෙක් කීය.


සිසුන් තිදෙනාට කඩු හා පොලූවලින් පහරදී බරපතළ තුවාල සිදුකළ කල්ලිය හඳුනාගෙන ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ් මහතා විසින් පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවනු ලැබීය.


මෙය සරසවි සිසුන් තිදෙනා ඉලක්ක කරගනිමින් එල්ල කළ ප‍්‍රහාරයක් නොවන බව පොලිසියට පෙනී ගියේය.


ඒ මැර කණ්ඩායම සිසුන්ට කී කතාව නිසාය.


යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් වීරසේකර මහතාගේ විශේෂ උපදෙස් මත මෙම මැරකල්ලිය අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය.


යාපනය අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක ආවා ගෲප් කල්ලියේ කණ්ඩායමක් මෙය සිදුකර ඇති බවට පොලිස් බුද්ධි අංශ හෙළිකරගත් අතර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ පෞද්ගලික ඔත්තු කරුවන්ද මේ බව තහවුරු කර ඇත.”ආවා ගෲප් කියන්නේ එක් එක් අයගෙන් ලැබෙන කොන්ත‍්‍රාත්වලට අපරාධ කරන කල්ලියකි. මේ කල්ලියේ නායකයා වන්නේ අඩි පහයි අඟල් දෙකක් පමණ උස පුද්ගලයෙක් බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.


පොලියට මුදල් දෙන අයද ආවා ගෲප් කල්ලියට කොන්ත‍්‍රාත් බාරදෙන්නේ නියමිත වේලාවට පොලී මුදල් නොදෙන්නන් සොයාගොස් ඔවුන්ට පහරදී පොලී මුදල් ඉල්ලාගෙන එන ලෙස පවසමින්ය.


විවිධ හේතු මත අමනාපයෙන් පසුවන අයට පහරදී අත පය කඩා දැමීමටද මෙම අපරාධ කල්ලියට යම් යම් පුද්ගලයින් කොන්ත‍්‍රාත් ලබාදෙන බවද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.


යාපනය හා ඒ අවට  ප‍්‍රදේශවල ජනතාවට ප‍්‍රචණ්ඩත්වය හා භීෂණය මුදාහරින මෙම අපරාධ කල්ලියේ පස් දෙනෙක් කඩු, කිනිසිද සමග කොටුකර ගැනීමට මනිපායි පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකට හැකි විය.


 තුන් දෙනෙකුගේ අත් කපා දමන්නට කියා කොන්ත‍්‍රාත් එකක් ලැබුණා. ඒත් වැරදීමකින් අපි පහර දීලා තියෙන්නෙ වෙනත් තුන් දෙනෙකුට යැයි සැකකරුවන් පස් දෙනා පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.


”ආවා ගෲප්’’අපරාධ කල්ලියට සම්බන්ධ තවත් හතර දෙනෙක් ගැනද මොවුන් පස් දෙනා වමාරා ඇති අතර කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇතැයි කියන්නේ ඒ හතර දෙනාගෙන් කෙනෙකි.


ඒ නිසා තමන් ඒ ගැන විස්තර කීමට නොදන්නා බව සැකකරුවන් පස්දෙනා පොලිසියට පවසා ඇති බවද පැවසේ.


ආවා ගෲප් නැමැති අපරාධ කල්ලියේ සෙසු සාමාජිකයන් හතර දෙනා අල්ලා ගැනීමට පොලිසිය මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇත.


මේ අපරාධ කල්ලියේ අය කඩු, කිණිසි, කෙටේරිවලින් සන්නද්ධව සිදුකරන සටන් ක‍්‍රම ඇතුළත් දකුණු ඉන්දීය චිත‍්‍රපට නරඹා ඒ මගින් මිනිස්සුන් කපා කොටා දැමීමට පුහුණුවක් ලබාගෙන ඇති බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.


”ආවා ගෲප්’’ අපරාධ කල්ලියේ ප‍්‍රතිවාදි කල්ලි වන්නේ ශංකර ගෲප් හා  කි‍්‍රෂ්නා ගෲප් නැමැති කල්ලිය. මේ කල්ලි අතරද ඉඳහිට ගැටුම් හටගන්නා බව කියති.


පොලිසිය පවසන අන්දමට ආවා ගෲප් කල්ලියේ 12 දෙනෙක් පසුගිය මාස අටක පමණ කාලය ඇතුළත වරින් වර අත්අඩංගුවට ගෙන ඇත.


මල්ලාකම් උසාවිය ආසන්නයේදී පුද්ගලයන් දෙදෙනකුව කපාකොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ආවා ගෲප් කල්ලියේ 4 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.


ආවා ගෲප් කල්ලිය සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ ශිවා නැමැත්තෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ ලක්ෂ පහක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙනි.


මුදල් කොන්ත‍්‍රාත්තුව ලබාදුන් බව කියන කාන්තාවක් හා ඇයගේ පුතුන් දෙදෙනාද අවසානයේ පොලිසියට කොටුවිණි.


ශිවා කියන අපරාධකාරයා හිටපු කොටි ප‍්‍රබලයෙක් වන අතර ඔහු පසු කාලයක ආවා ගෲප් කල්ලියට සම්බන්ධ සිට ඇත.


සරසවි සිසුන් තිදෙනා කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට කොටුවූ පස්දෙනා අතර මීට කලින් විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට කොටුවූ තිදෙනක්ද සිටිති.


යාපනය අර්ධද්වීපය තුළ කි‍්‍රයාත්මක මෙම අපරාධ කල්ලිවල කි‍්‍රයාකාරිත්වය මේ වන විටත් බොහෝ දුරට අඩපණ කර ඇති බව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් පස්දෙනා මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 12 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබූහ.
උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් වීරසේකර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මනිප්පායි පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද, කොස්තාපල් ගුණසේන (46908) සහ කොස්තාපල් සිසිර (51585) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m

 



අදහස් (0)

යාපනයේ ”ආවා ගෲප්” පාතාලය අහිංසකයන්ගේ අතපය කපයි

ඉසුරන්දි Monday, 18 May 2015 08:01 AM

ඔය කල්ලි ගෘප් තමයි හොඳ නැත්තේ.ඔඩුදුවන්න කලින් බෙහෙත් කළොත් ගුණයි. (නි)

:       0       0

නුවන් ශාමින්ද Tuesday, 19 May 2015 05:23 AM

ජිහාඩ් කල්ලිය කවුද හැදුවේ කියලා අමතක කරන්න එපා (බ)

:       0       0

සමීර Tuesday, 19 May 2015 09:28 AM

ඕක පහුගිය ආණ්ඩුව කාලේ උනා නම් යන්නේ වෙන විදියකට , මානව හිමිකම්, සුදු වැන් වගේ කතා (බ)

:       0       0

කුමාර රත්නායක Sunday, 24 May 2015 05:51 AM

මේවා ආරම්බයේදීම සහමුලින් නැතිකළ යුතුයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site