2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය.
එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ හතර වසරක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රාඩ හා කොල්ලකාරී දේශපාලන වත්පිළිවෙත්වලට එරෙහිව සාමයට ලැදි ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න බහුතරයක් ජනයා නිහඬව එදෙස බලා සිටි දිනයක් ලෙසය.
‘‘අබ වපුරා මුං නෙළිය නොහැකි’’ බව එම ජනයා තේරුම් ගෙන සිටියහ. එහෙයින්ම මැයි 9 වැනිදාව දේශපාලකයන්ගේ හදවතේ ගැඹුරින්ම නිධන්ගත වූ දිනයක් විය යුතුය. එමෙන්ම දේශපාලනඥයන්ට පමණක් නොව පොදු මහජනතාවටද වළංගුය.
ඇතමකුගේ කියුම් කෙරුම් මෙන්ම හැසිරීම් දෙස බලනවිට ගාලු මුවදොර අරගල බිමෙන් ඉපදී මැයි 9 වැනිදා ප්‍රචණ්ඩ වාසුළියක්ව ප්‍රකාශයට පත්වූ සංඥාව නිවැරැදිව කියවාගෙන ඇති බවක් නොපෙනේ. ඒ බව පසක් කෙරෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් තිබේ.
එම වීඩියෝවෙන් දැක්වෙන්නේ ජීප් සහ අධි සුඛෝපභෝගී වාහන 30 – 40 කින් යාල අභය භූමියට ඇතුළුවූ පිරිසක් වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන බවය. එමෙන්ම වන සතුන්ට වෙන්වූ අධි සංවේදී කලාපයේ ඔවුන් ‘‘රේස් පදින’’ බවකි. වන සතුන්ට පීඩාකාරී ලෙස වාහනවල ‘‘හෝන්’’ හඬ නංවමින් කටයුතු කරන බවය. එම හැසිරීම් දෙස බලනවිට සිහිමද ගතියෙන් පෙළෙන අයකුට විනා හොඳ සිහියෙන් සිටින අයකුට එසේ හැසිරිය නොහැක.
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී යකා නැටූ පිරිස් අතර ඇමති පුත්‍රයකුද සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. අප පුවත්පත වාර්තා කර තිබුණේ එම පිරිසට එරෙහිව නඩු පැවරීමට වන ජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවය. එමෙන්ම එම පිරිස සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවය.
අප පුවත්පතට ප්‍රකාශයක් කර ඇති කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ යාල වනෝද්‍යානයට ඇතුල් වූ පිරිසට කිසිවකුගේ හෝ විශේෂ අනුග්‍රහයක් නොලැබුණ බවත් ඔවුන් සාමාන්‍ය සංචාරකයන් පිරිසක් බවත්ය. එමෙන්ම එම පිරිස පිළිබඳ සියලු තොරතුරු ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපින හා වාහන අංක හා අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්‍ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බවය.
විශේෂ බලයක් ඇතිව හෝ නැතිව යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පිරිස් හි හැසිරීම් ඉතා නින්දාසහගතය. විශේෂයෙන්ම වනෝද්‍යානයක වටිනාකම දන්නා අයකු වේනම් එසේ හැසිරෙන්නේ නැත. එමෙන්ම වනෝද්‍යානයක වටිනාකම නොදන්නා පිරිස් එහි අතුළුවීමද තේරුමක් නැති ක්‍රියාවකි. උමතුවෙන් මෙන් හැසිරීමට නම් එයට සුදුසු වෙනත් ස්ථානයක් සොයාගත යුතුය.
වනෝද්‍යානයේ පරම අයිතිය වන සීපාවුන්ට අයිතිය. මිනිසා ප්‍රේක්‍ෂකයෙක් පමණි. ජාතික වනෝද්‍යාන නම් කර තිබෙන්නේ ඒ වෙනුවෙනි. ඒ සම්බන්ධ නීති රීති පද්ධතියක්ද තිබේ. රටේ පුරවැසියන් තරාතිරම් බේදයකින් තොරව එම නීති රීති පද්ධතියට යටත්ය.
යාල ජාතික අභය භූමියට ඇතුල්වී යකා නටන පිරිස් දෙස බලනවිට වනජීවී නිලධාරීන් නොසිටියේද යන්න ප්‍රශ්නයකි. වනෝද්‍යානයට ඇතුල්වූ විට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මග පෙන්වීම අනිවාර්ය වේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිසට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනකුගේ සහාය ලැබී ඇත. ඔවුන් නිසි රිසි ලෙස රාජකාරිය කර ඇද්දැයි සොයා බැලිය යුතුය. එම නිලධාරීන් මග හැර ගොස් මෙසේ පිස්සු නැටුවේ නම් එතැන බරපතළ හිඩැසක් තිබේ. එබඳු හිඩැස් තබාගෙන ජාතික වනෝද්‍යාන පවත්වාගෙන යා නොහැකිය.
අප රටේ ජාතික වනෝද්‍යාන මස් වැද්දන්ගේ පාරාදීසයකි. ඇතැම් පිරිස් ජීවනෝපාය පිණිස සතුන් දඩයම් කරති. තවත් පිරිස් විනෝදයට සතුන් දඩයමේ යති. ඇතුන් මරා දළ කපාගෙන යාම මහා පරිමාණ ජාවාරමකි. මේවා මෙසේ වීමට ඉඩ හැරියහොත් අනාගතයේදී ජාතික වනෝද්‍යානවල ‘‘බෝඩ් ලෑලි’’ පමණක් ඉතිරිවනු ඇත.
‘‘හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’’ යන්න දේශපාලන විද්‍යාවේ ඉගැන්වීමකි. එහෙත් එය පුරවැසි හැසිරීමට නිවැරැදි ලෙස ගළපා ගත යුතුය. විශේෂ බලයක් ඇතිව හෝ නැතිව වුවද අප කටයුතු කළ යුත්තේ අපට අදාළ සීමාවේ රැඳෙමිනි. ඒවා එසේ සිදු නොවීමේ තර්කානුකූල ප්‍රතිඵලය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් විය. එය නිවැරැදිව කියවාගත යුත්තේ එහෙයිනි.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු