පසුගිය දින කීපයක සිට යුරෝපයට බලපවත්වනු ලබන අයහපත් කාලගුණයත් සමගම හමායන හිම කුණාටු හේතුවෙන්, ඉතාලියේ උතුරු හා මධ්‍යම ප‍්‍රදේශවලට තදබල හානි සිදුවෙමින් පවතී. මෙම අයහපත් කාලගුණය නිසා යුරෝපය පුරා පුද්ගලයන් 360 ක් මියගොස් ඇති අතර, යුක්රේනයේ මියගියවුන්ගේ සංඛ්‍යාව 135 කි. මෙම ලිපිය ලියනු ලබන මොහොත වන විට (පෙබරවාරි මස 7 වැනිදා), පවතින දැඩි ශීතල හේතුවෙන් ඉතාලියේ මියගියවුන්ගේ සංඛ්‍යාව හතළිහයකි. මේ අතර තොස්කානා පළාතේ ලූක්කා නගරයේ ශ්‍රී ලාංකිකයකු ද, මන්තොවා ප‍්‍රදේශයේ ඉන්දීය ජාතිකයකු ද වෙති. අවසන් වරට මෙවන් දැඩි හිම පතනයක් සිදුවූයේ 1929 වසරේදී බව වාර්තා වේ. මුහුදු මට්ටමෙන් මීටර් දහසකට වැඩි උසකින් පිහිටා ඇති කුඩා නගර කීපයක්, දැඩි හිම පතනය හේතුවෙන් මංමාවත් වැසීයාම නිසා හුදකලාවී ඇත. ඉතාලි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව හා හමුදාව මෙම නගර වෙත පිවිසීම සඳහා මාංමාවත්වල හිම ඉවත් කිරීමේ යෙදී සිිටිති. මිලානෝ ප‍්‍රදේශයේ උෂ්ණත්වය අංශක ඍණ 18 ක් ලෙසද වාර්තාගත උෂ්ණත්වය පහත වැටීම ලෙස සොන්ද්‍රියෝ ප‍්‍රදේශයේ අංශක ඍණ 35 ද වාර්තා විය. දැඩි හිම පතනය හේතුවෙන් උතුරු හා මධ්‍යම ඉතාලියේ මංමාවත් අවහිර වීම නිසා ගමනාගමනය අඩපණ වී ඇත. පාසල් හා රජයේ කාර්යාලයන් ඒ ඒ ප‍්‍රදේශයේ පවතින තත්ත්වය අනුව දින කීපය බැගින් වසා දමා තිබුණි. රෝම දිස්ත‍්‍රික්කය තුළ පමණක් පවුල් 23900 කට විදුලිබල හා ජල පහසුකම් අහිමිවී ඇත. මංමාවත් හිමෙන් වැසීයාම නිසා ඇතිවන ප‍්‍රවාහන අවහිරතා හේතුවෙන්, වෙළෙඳ පොළ වෙත ප‍්‍රවාහනය කරමින් තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 30%ක් දැනටමත් විනාශ වී ඇත. මේ අතර කිරි ලීටර් දෙලක්‍ෂයක් ද, විවිධ මස් වර්ග ටොන් දෙදහසක් ද, බිත්තර දශ ලක්‍ෂයක් ද වේ. වෙළෙඳ පොළට ප‍්‍රවාහනය කිරීම සඳහා විවිධ එළවළු වර්ග ටොන් ලක්‍ෂයක් සූදානම්ව ඇතුවද, මාර්ග අවහිරතා හේතුවෙන් එම කෘෂි භෝග විනාශ වෙමින් පවතී. හිම පතනය හේතුවෙන් ඉතාලියේ කෘෂි භෝග විනාශවීමේ පාඩුව යුරෝ මිලියන 100 ක් යයි දැනටමත් තක්සේරු කර ඇත. වෙළෙඳපොළේ එළවළු මිල මේ වන විට 10% කින් ඉහළ ගොස් ඇත. මංමාවත්වල හිම ඉවත් කළ ද, රාත‍්‍රි කාලයේදී උෂ්ණත්වය අංශක ඍන අගයක් ගන්නා බැවින් මංමාවත් අයිස් තට්ටුවකින් වැසීයාම හේතුවෙන් මාර්ග අනතුරු බහුල වී ඇත. නැගෙනහිර යුරෝපයේ යුක්රේනය, පෝලන්තය, සර්බියාව, රුමේනියාව, බල්ගේරියාව වැනි රටවල උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍන 20-40 තෙක් පහත බැස තිබේ. මේ වන විට යුරෝපා හවුලට අයත් ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, ඔස්ටි‍්‍රයාව වැනි රටවල ජන ජීවිතය ද සීත දේශගුණය හා අධික හිමපතනය හේතුවෙන් අවුලෙන් අවුලට පත්වී තිබේ. රෝමයේ මිලානෝ, ලඅන්කෝනා වැනි ප‍්‍රධාන නගරයන් හි පවතින අධික හිම පතනය හේතුවෙන් දහස් ගණනකට විදුලිය, ගෑස් අහිමිවී ඇති අතර ඇතැම් මාර්ග හිමෙන් යටවීමෙන් ගමනාගමනය ඇණහිට තිබේ. රජයේ කාර්යාල හා පාසල් වසා දමා ඇත. සුන්දර වැනිසියේ මුහුදු තීරය අයිස් ගොඩක් බවට පත්වී සංචාරකයින් අතරමංව සිටී. මේ අතර ඉතාලියේ වෙසෙන සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ දෑසට කඳුළක් එක් කර මින් ලූකා නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු සීතලට හසුවීමෙන් මිය ගියේය. ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණයකු ලෙස ඔහුට මිය යෑමට සිදුවූ කතා පුවත ඉතාම දුක්බරය. ඉතාලි මාධ්‍ය පවසන පරිදි වර්ණකුලසූරිය ප‍්‍රනාන්දු නමැති තිස්අට හැවිරිදි ඔහු මෙයට වසරකට ප‍්‍රථම ඕලන්දයේ සිට තම සොහොයුරා සොයාගෙන ඉතාලියට පැමිණ ඇත. ඒ ඔහුගේ බිරිඳත් දරු දෙදෙනාත් සමගය. කාලය කෙමෙන් ගෙවී යන විට ඔහු හුදකලාව ජීවත් වී තිබේ. පසුගිය ඉරිදාවන විට ලූකා නගරයේ පැවතියේ ඍණ 5-10 ත් අතර සීත දේශගුණයකි. එවැනි සීතලකට ඔරොත්තු දෙන වාසස්ථානයක ජීවත්වීමට පින්කර නොමැති අදාළ ශ්‍රී ලාංකිකයා මියගොස් තිබුනේ අතහැර දමන ලද පාලූවට ගිය ශාලාවක් තුළය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුරෝපයම ශීතලෙන් ගල් කළ මහා හිම පතනය
dalu banda Sunday, 12 February 2012 03:09 PM
අපි කොයි තරම් වාසනාවන්තද ලංකාව වගේ රටක ඉපදෙන්න? ඔය වගේ ශීත දේශගුණයක් අපේ රටේ නෑ.