X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


රජ කාලේ තීන්දු ගත් මහනුවර මඟුල් මඩුව


නව රජයේ ඇමැති මණ්ඩලය අද (12) දිවුරුම් දෙයි. අභිමානවත් අයුරින් ඉතා චාමෙට දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේය.

උඩරට වාස්තු විද්‍යාවේ, බල මහිමය කියාපාන විචිත්‍රවත් නිර්මාණයක් ලෙස සැලකෙන මඟුල් මඩුව පිහිටා ඇත්තේ රාජ මාලිගා සංකීර්ණයේ, ශ්‍රී දළදා මාලිගාව අසලය. වර්තමානයේ දකින්න ලැබෙන දැවමය මඟුල් මඩුව ක්‍රි.ව. 1783 දී, රාජාධි රාජසිංහ රජතුමා (1782 සිට 1798 දක්වා) විසින් ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ යැයි ඉතිහාසයේ සඳහන් වෙයි. කෙසේ නමුත්, රාජාධි රාජසිංහ රජතුමාට එය සම්පූර්ණ කළ නොහැකි වූ බවත්, ඉදිකිරීම් අවසන් කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (1798 සිට 1815 දක්වා) බවත් පැවැසෙයි.

උඩරට වාස්තු විද්‍යාවේ විසිතුරු ලී කැටයම් කලාවට අනුව මඟුල් මඩුව නිර්මාණය කරනු ලැබුවේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසිනි. (පත්තිරිප්පුව නිර්මාණය කළේ ද මොහු ය.) දේවේන්ද්‍ර මූලාචාර්ය, දකුණේ වැසියකු බව වැඩි දෙනා නොදනිති. දේවේන්ද්‍ර මූලාචාර්ය, මාතර දෙවිනුවර සිට මහනුවරට ගොස්, මහනුවර රජුන් තිදෙනකු යටතේ ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ අයකු යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වී තිබේ. දේවේන්ද්‍ර මූලාචාර්ය ගෘහ නිර්මාණ ශිල්පියකු පමණක් නොව, සිත්තරෙකි. නගර සැලැසුම්කරුවෙකි. ඉංජිනේරුවෙකි.
මහනුවර රාජධානිය පැවැති සමයේ රජතුමා ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ අධිකරණය රැස්වූයේ ද මඟුල් මඩුවේය. එවකට රටේ පැවැති නීතියට අනුව, දඬුවම් නියම කෙරුණේ ද මෙම ස්ථානයේදීය. ඉංග්‍රීසි (බ්‍රිතාන්‍ය) පාලන සමයේ දී පවා නඩු බොහොමයක් විභාග කෙරුණේ මඟුල් මඩුවේදීය.

මහනුවර රාජධානි සමයේ දී, රජු විදෙස් තානාපතිවරුන් හමුවූයේ ද මඟුල් මඩුවේදීය. විදෙස් තානාපතිවරුන් කෙරෙහි රජුගේ වැඩි ප්‍රසාදයක් නොවුණු අතර, ඔවුන් හමුවීම කෙරෙහි රජු වැඩි උනන්දුවක් දක්වා නැත. රජු ඔවුන් හමුවී ඇත්තේ, සති ගණනක් ඔවුන් රස්තියාදු කිරීමෙන් පසුවය.  

අතීතයේ මඟුල් මඩුවේ බිම දැවයෙන් ඉදි කර ඇත්තේ සුවිශේෂී ආකාරයකට යැයි පැවැසෙයි. දැවයෙන් නිම කළ බිම, ඉර මුදුන් වෙද්දී රත් වී උණුසුම් වෙයි. රජතුමා විදෙස් තානාපතිවරුන් එහි කැඳවන්නේ එවැනි අවස්ථාවලදීය. එවිට විදෙස් තානාපතිවරුන් වැඩි වෙලා රැඳී සිටින්නේ නැත. මිනිත්තුවෙන් දෙකෙන් ඔවුහු පිටව යති. නඩු විභාග පැවැත්වෙද්දී, රට වැසියන් රජු ඉදිරියට පැමිණෙන්නේ, ‘පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි’ යැයි කියමින් යටහත්පහත්ව ගෞරව දක්වමින් දණින් වැටෙමිනි. තොරතෝංචියක් නැතිව කරන පැමිණිලි වැඩි වේලාවක් අසා සිටීමට රජුට සිදුවන්නේ නැත. දැවයෙන් තැනූ බිම රත්වී, උණුසුම් වෙද්දී, පැමිණෙන සැවොම හැකි ඉක්මණින්, කිව යුතු දේ කෙටියෙන් කියා නික්ම යති. රජු විශේෂ අමුත්තන් හමුවීම, නඩු විභාග කිරීම පමණක් නොව, ඇසළ පෙරහර මංගල්‍යය දිනපතා රාත්‍රියේ අවසන් වෙද්දී, එහි සාර්ථකත්වය පිළිබඳ, දේවාලවල කපුවන් රජු දැනුවත් කළේ ද මගුල් මඩුවේදීය.

ක්‍රි.ව. 1815 දී සිංහල ඉංග්‍රීසි උඩරට ගිවිසුම අත්සන් කළේ මඟුල් මඩුවේදී යැයි ඇතැම් වාර්තාවල දැක්වෙයි. කෙසේ නමුත් එය එසේ නොවෙයි. මඟුල් මඩුවේ දී සිදුවී ඇත්තේ එදා මහානායක හිමියන් වූ කොබ්බෙකඩුව සිරිනිවාස හිමියන් වෙත එම ගිවිසුම කියවා ඉදිරිපත් කිරීම පමණි.

ගිවිසුම, ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ සාක්කුවේ දින 14ක් තිබී ඇති අතර, ඊට යෙදූ අත්සන් ව්‍යාජ ඒවාය. ඇහැලේපොළ නිලමේතුමන්ගේ අත්සන ද ඊට එක් වූයේ යැයි පැවසෙන්නේ එලෙසිනි.

1872 දී ඔටුන්න හිමි එඩ්වඩ් කුමරු පැමිණෙද්දී, ඔහු පිළිගැනීමේ අරමුණින්, එවකට බ්‍රිතාන්‍ය පාලකයෝ මඟුල් මඩුව වෙනසකට ලක් කළහ. මහනුවර රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු මඟුල් මඩුව එංගලන්ත පල්ලිය යටතට පැවරුණි. කල්කටාවේ බිෂොප්වරයා 1829 දී මඟුල් මඩුවේ දේව මෙහෙයක් ද පවත්වා ඇත.

කැප්පෙටිපොළ මහ දිසාව සහ මඩුගල්ලේ නිලමේතුමන්ට මරණ දඬුවම ලබා දීමට තීන්දු කෙරුණේ මඟුල් මඩුවේදීය. යටත් විජිත සමයේ ද්‍රෝහීන් වීරයන් ලෙස නම් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ද මඟුල් මඩුවේදීය. කුඩාපොළ හිමියන් අසාධාරණ අයුරින් වරදකරු කොට උන් වහන්සේට වෙඩි තැබුවේ ද මඟුල් මඩුවේදීය. බ්‍රිතාන්‍ය පාලනයේ සිට අද දක්වා, මල්වතු අස්ගිරි මහාවිහාර අතිගරු මහානායක පදවි සහ අනුනායක පදවි පත්කිරීමේ සන්නස් පත්‍ර ආණ්ඩුකාරවරුන්ටත්, නිදහස ලැබීමෙන් පසු ජනාධිපතිවරයාටත් පිරිනැමීම සිදු කෙරෙන්නේ ද මඟුල් මඩුවේදීය.

මඟුල් මඩුව අපේ රටේ ඉතිහාසයේ වැදගත් ස්ථානවලින් එකකි. දළදා වහන්සේගේ පහස ලබන, එහි සෙවණැල්ලට යටත් ඓතිහාසික ගොඩනැගිල්ලකි. මෙරට වාස්තු විද්‍යාවේ බලමහිමය ලොවට කියා පාන විචිත්‍රවත් නිර්මාණයකි. උඩරට රාජධානිය පැවැති සමයේත්, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අවස්ථාවේදීත්, පසුව වර්තමානයේත් රාජ්‍ය උත්සව බොහොමයකට මඟුල් මඩුව පමණක් නොව ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රස්ථානය විය. අද දින මඟුල් මඩුවේ සිට දිවුරුම් දෙන නව ඇමැති මණ්ඩලය, එසේ දිවුරුම් දෙද්දී, සිතට ගත යුතු දෙයක් ඇත. ඒ, ඔවුන් අද (12) දිවුරුම් දෙන්නේ, ඔවුන් ගැන විශ්වාසය තබා ඔවුන්ට බලය දුන් ජනතාව වෙනුවෙනි. එහෙයින් ඔවුන් එම ජනතාව වෙනුවෙන් කැප වී ගෞරවණීය සේවයක් ලබා දිය යුතුය. ජනතාව ආරක්ෂා කළ යුතුය.


***එල්.බී. සේනාරත්න
ඩේලිමිරර් පුවත්පතට සැපයූ විශේෂාංග ලිපිය සහ පොත පත ඇසුරෙනි

(*** පරිවර්තනය - ලුසිත ජයමාන්න)



අදහස් (4)

රජ කාලේ තීන්දු ගත් මහනුවර මඟුල් මඩුව

puppa Thursday, 13 August 2020 12:06 AM

හැබැයි වෙනසක් තියෙනවා. මොකද මේ සැරේ ඔතන දිවුරුම් දුන් කොල්ලෝ අතර හොරුන්, කුඩුකාරයින් ඉන්නවා...

:       0       12

Champa Thursday, 13 August 2020 05:31 AM

නුවර මඟුල් මඩුවේ පොළව, ඉර මුදුන් වෙනකොට රත් වෙලා උණුසුම් වෙන්න සුවිශේෂී විදිහකට හදලා තියෙනවා කිව්වට, පොලොව එහෙම රත් වුනේ ඉර එළියෙන්ද? නැත්නම් බටහිර රටවල තියෙනවා වගේ පොලොවට යටින් දිවෙන තාපන පද්ධතියක් (underfloor heating system) නිසාද? එහෙම නැතුව එක විශේෂිත තැනක් විතරක් රත් වෙන්න ඉර එළියෙන් බැහැනේ. මේවා බටහිර ලෝකය හොයාගෙන තිබුනේ 1960 වගේ මෑත කාලයේ. නමුත් ඉතා දියුණු තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් ගොඩනැගිලි, ස්ථූප, වැව් අමුණු නිර්මාණය කළ අපේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ මඟුල් මඩුවේ පොලොව, යටින් රත්වෙන විදිහට සකස් කරන එක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි.

:       45       1

Champa Thursday, 13 August 2020 05:50 AM

ආණ්ඩුව නුවර මඟුල් මඩුව ඇමති මණ්ඩලයට දිව්රුම් දෙන්න තෝරගත්තාට, අපේ විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පයා සහ කැටයම් ශිල්පය ගැන ඔවුන්ට ලැජ්ජාවක් ඇති බව මට හිතෙනවා. ඒක හින්දා වෙන්නැති මේ උත්සවය සංවිධානය කරන්න කොළඹ ඉඳන් ගියපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළම නිලධාරීන් මේ මඟුල් මඩුවේ දැවයෙන් නිමකර කණුවල සහ වහලේ ඇතුලේ ලස්සන කැටයම් වැහෙන විදිහට සුදු සහ රතුපාට රෙදි වැල් එල්ලලා පෞරාණික බව වහන්න හිතන්න ඇත්තේ. මේක ඉතින් ගොඩක් සද්ද කරලා බලයට ආපු ලංකාවේ පළවෙනි වියත් ආණ්ඩුවනේ. අපේ පෞරාණික දේවල් වියතුන්ට ඇලජික් බව පෙන්වන තවත් එක උදාහරණයක් මේ... ඒකයි මඟුල් මඩුවේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය වැහෙන විදිහට බොරු වියදමකුත් දරලා දකුණු ඉන්දියානු ක්‍රමයට බාල වර්ගයේ සැරසිලි වලින් මඟුල් මඩුවේ ලස්සන විකෘති කරන්න හිතන්න ඇත්තේ..

:       45       48

චාන්දනී Friday, 14 August 2020 01:03 PM

අපේ පැරැන්නෝ ඇන්දා වගේ අමුඩ ලේන්සුවක් දෙන්න ඇමතිට. කී දෙනෙක්ද ඇඳුම් ඇඳලා හිටියේ? බාගෙට නිරුවතින් හිටියේ. ඕනෑ නම් ෆොටෝ වුණත් දෙන්නම්. මිනිස්සුන්ගෙන් භාගයක්ම සරම, නැතිනම් අමුඩය. උඩට බබා කෝට් ඒක වගේ කෑල්ලක් අදිනවා.

:       45       41

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site