අද වන විට ලොව පුරා ජනතාව වැඩි වශයෙන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. එසේ පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරයක් දෙනා සීගිරිය නැරඹීමට අමතක නොකරති. ඒ ලොව අට වැනි පුදුමය ලෙස ජනතාව අතර පැතිර ඇති මතයත් සමගිනි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමත් සමග සීගිරියේ මෙන්ම පිටස්තර අයගේ ද ආදායම සරුවී ඇත.
සීගිරිය දෙස් විදෙස් සංචාරකයන්ට පෙන්වා මුදල් උපයන මධ්‍යම සංස්කෘතික අරමුදලටත් අරමුදල් තර විය. කරත්ත සවාරි, අලි පිටේ සවාරි පමණක් නොව සංචාරකයන්ට ආහාරපාන සපයන, වතුර බෝතලය සපයන කෙනාගේ පවා සරු කාලය පැමිණ ඇති බව පැහැදිලිය. එම අය එසේ සතුටු වුව ද සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයන් සීගිරියෙන් පිටව යන්නේ දැඩි කනස්සල්ලෙන් බව අපට ආරංචි විය. ඒ අනුව අපි එම තොරතුරු සොයා සීගිරියට ගියෙමු.
සීගිරියට ගිය අප දුටු දර්ශනත් සමග පසක් වූයේ පසුගිය වසරේ ලංකාවට පැමිණි දසලක්ෂ වැනි සංචාරකයා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධාන කර තිබූ උත්සවයයි. මන්ද එහි දී සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දැක්වූ අදහස් ද නිසාවෙනි.
ඉනාමලූව සිට සීගිරියට ප‍්‍රවිශ්ඨ මාර්ගය ඉතාම හොඳ තත්ත්වයේ පවතී. එහෙත් සංචාරකයන්ට වාහනවලින් බැස සීගිරිය අවට ඇවිදීමට නොහැකිය. සීගිරි නගරය තනි කර අපායකි. සීගිරියට ප‍්‍රවිශ්ඨ වීමට ඇති බොරලූ මාර්ගය අප යන විට අලින් නිදා ගන්නා තරම් විශාල වළවල්වලින් ගහණය. විදේශිකයන්ගේ සුදු කකුල් රතු පසෙන් වැසී ගොසිනි. ඔවුන් සීගිරි ගල දෙස බලාගෙන මඩ වළවල්වලින් ගමන් කරද්දී ලංකාවේ සිටින අපට ද දැණුනේ මහා දුකකි.
සීගිරි නගර මධ්‍යයට පැමිණි අප දුටුවේ ඊට හාත්පසින්ම වෙනස් දසුන්ය. ගරා වැටුණු කඩ පෙළවල් මෙන්ම සුනඛයන්ගෙන් ගහණ වූ මඩ වළවල්වලින් පිරුණු දසුන්ය. ලොව අට වැනි පුදුමය බලන්නට එන විදේශිකයන් මෙම දසුන් දැක පුදුමයට පත්වී සිටිති. සීගිරි නගරයේ දී අපට හමුවූ ඕස්ටේ‍්‍රලියානු ජාතික ගුරුවරියක වූ බාබරොක් මහත්මිය තමන් සීගිරියේ දී අත් විඳි දේ මෙසේ අප සමග පැවසුවාය.
”මම හරිම ආසයි ලංකාවට. ඒ නිසයි සැමියත් එක්ක ආවේ. ලංකාව හරිම ලස්සනයි. අපි සීගිරිය බලන්න ආවා. හැබැයි මුදල් අය කරන එක විතරයි. පහසුකම් ගැන හරිම දුකයි. අපි සීගිරි අවට ඇවිදින්න ගියා. ඒ මාර්ගවල පයින් යන්න බෑ. සීගිරියේ පදිංචි අය කොහොම ඉන්නවද කියලා හිතා ගන්නත් බෑ.”
අපි ඇය සමග ඉන් එහාට කතා කරන්නට නොගියෙමු. ඇයට සමු දුන් අපි සීගිරියේ පදිංචි ජනතාව සමග ද කතා කළෙමු. සීගිිරියේ පදිංචි අලි සෆාරියක් පවත්වාගෙන යන පි‍්‍රයරංජන කුමාර මහතා මෙසේ පැවැසීය.
”සීගිරියට එන සංචාරකයෝ මෙහේ රැුඳිලා ඉන්නවා හරිම අඩුයි. සීගිරිය බලන්න රුපියල් තුන්දාස් අටසියයක් අය කරනවා. හැබැයි ඒ අයට සීගිරිය බලලා අවට ඇවිදින්න බෑ. මේ පදිංචි වෙලා ඉන්න ජනතාව අතරට ඇවිල්ලා තැඹිලි ගෙඩියක් බොන්ඩ බෑ. මොකද මේ පාරවල් හරියට වාරිමාර්ග වගේ. කුණු කසළ පිරිලා. මේවා කියන්න කෙනෙක් නෑ. සල්ලි උපයන මධ්‍යම සංස්කෘතික අරමුදලට කිව්වත් ප‍්‍රාදේශීය සභාවට කිව්වත් පලක් නෑ. ඒ නිසා අපිත් ඔය සුද්දෙකුට අලියෙක් පෙන්නලා පිටේ රවුමක් යවලා කීයක් හරි හොයා ගෙන ජීවත් වෙනවා.”
සීගිරියේ පදිංචි නිහාල් ජයවර්ධන මහතා ඊට වෙනස් කතාවක් කීවේය.
”සීගිරියේ පදිංචි අපි පුදුම කරුමයක් ගෙවන්නේ. සීගිරි නගරය පුරාවිද්‍යා එකට අයිතියි කියලා වෙළෙඳසලක් හදා ගන්න දෙන්නේ නෑ. වැසිකිළියක් හදන්ඩ දෙන්නේ නෑ. හැබැයි තෙමි තෙමී හරි අටවාගෙන මේ වෙළෙඳාම් කරන කඩවලින් ප‍්‍රාදේශීය සභාව බදු මුදල් නම් ගන්නවා.
”අද වන විට සීගිරියේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මාර්ගවල බස් රථයක් තියා පයින්වත් යන්න බැරි තත්ත්වයට පත් වෙලා. හැබැයි අපේ සීගිරිය පෙන්වලා දවසකට ලක්ෂ ගාණක් මුදල් උපයනවා. ඒ මුදල් කොහාට යනවද අපි දන්නේ නෑ. ඒ මුදල්වලින් සීගිරිය වගේ තව ගලක් හදන්න පුළුවන්. අඩුම තරමේ ඒ සල්ලිවලින් පාරක් තොටක්වත් හදනවා නම් ඔය එන සංචාරකයෝ ගමේ ඇවිදලා බලලා යාවි. එතකොට මේ පැත්තේ අයටත් අඩුම තරමේ තැඹිලි ගෙඩියක් හරි විකුණලා ජීවත් වෙන්ඩ පුළුවන්.”
සීගිරිය යනු සංචාරක කලාපයකි. සීගිරිය නගරයේ අයිතිය ඇත්තේ දඹුල්ල ප‍්‍රාදේශීය සභාවටය. ඒ නිසාම අපි එහි සභාපති කේ.ජී. සෝමරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.
”මේ දවස්වල වහින නිසා ප‍්‍රදේශයේ මාර්ග නම් බහුතරයක් විනාශ වෙලා. හැබැයි සීගිරියේ මාර්ග හදන්න අපි වෙනම සල්ලි සොයන්න ඕනෑ. සීගිරිය අපේ බල ප‍්‍රදේශයේ තිබුණත් අපේ මාර්ග පාවිච්චි කළත් අපි කුණු කසළ ඇද්දත් සතයක්වත් අපිට ලැබෙන්නේ නැහැ. එක වාහන නැවතුම්පොළක් විතරක් අපි කරනවා. මම රජයටත් ඇමැතිවරුන්ටත් ජනාධිපතිතුමාටත් දැනුම් දී සිටියේ සීගිරිය පෙන්වලා උපයා ගන්න මුදල්වලින් සීයට එකක් හෝ ප‍්‍රාදේශීය සභාවට දෙන්න කියලයි. මේ සීගිරිය පෙන්නලා අති විශාල මුදලක් උපයනවා. හැබැයි ඒ සල්ලිවලින් ප‍්‍රදේශයේ සංවර්ධනයට කිසිදු දායකත්වයක් නෑ. මධ්‍යම සංස්කෘතික අරමුදල ශක්තිමත් වෙනවා. එච්චරයි වෙන්නේ. අපට හැකි පරිදි මාර්ග ටික හදන්න බලන්නම්.”
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ ඉහළ නිලධාරියකු කියා සිටියේ ලැබෙන සියලූ ආදායම් එදිනෙදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගිණුමට බැර කරන බවයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සංචාරක ප‍්‍රවර්ධනය සඳහා අති විශාල වැඩ පිළිවෙළක් සැලසුම් කරමින් පවතී. ඒ අනුව 2011 සිට 2016 කාලය තුළ ඩොලර් බිලියන 3000ක විදේශ ආයෝජන ලබා ගැනීමේ සැලසුම් ඇත. සෑම අංශයකින්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලසුම් සකස් කරද්දී සංචාරකයන් බහුතරයක් ගැවසෙන සීගිරිය වැනි ලෝක උරුම නගරයක අසිරිය පිළිබඳව මීට වඩා පුළුල්ව සිතා බැලිය යුතුයි.
සංචාරකයන්ගේ පහසුව සඳහා සීගිරිය ගල ආසන්නයේ ඇති පොලිස් මුරපොළ පුංචි තේ කඩයක් වැනිය. සීගිරිය රෝහලට ගිය විට සංචාරකයන්ට සීගිරිය එපා වනු ඇත.
මේ සියලූ දෑ සැලකිල්ලට ගෙන සීගිරිය ආරක්ෂා කරමින් මෙහි ජනතාව ද ආරක්ෂා කරමින් කටයුතු කරන්නේ නම් සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ද එය විශේෂිත වනු නිසැකය.
![]() |
![]() |
![]() |
පි‍්‍රයංජන කුමාර | නිහාල් ජයවර්ධන | බාබරොක් මහත්මිය |
|
![]() |
සංචාරකයෝ යන පාරේ මඩ වළවල් |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටටත් ලජ්ජා කරන සීගිරියේ වටපිටාව
චන්දන Monday, 21 January 2013 01:42 PM
ලොව 8 වැනි පුදුමය සීගිරිය. 9 වැනි පුදුමය තමයි මඩ වළවල් පිරුණු අපිරිසිදු නගරය. (නි)
අමරා Tuesday, 22 January 2013 01:23 AM
ඉක්මණින් නිසි පිළියමක් යොදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
ධම්මික Tuesday, 22 January 2013 12:34 PM
සීගිරිය විතරක් නෙවෙයි.ගොඩක් තැන් මෙහෙමයි.කාටද ඉතින් කියන්නේ....(ස)
ෂර්මිලා Tuesday, 22 January 2013 07:43 PM
ඇත්ත තමයි. අපිත් ගියා පවුල් පිටින් පොඩි ළමයිනුත් අරගෙන. හරිම අපිරිසිදුයි. (නි)
දුමින්ද Wednesday, 23 January 2013 08:56 AM
මධ්‍යම සංස්කෘතික අංශයේ අය ඇයි නිහඩ? (නි)
අසිත Wednesday, 23 January 2013 07:32 PM
කෝ ගමේ සංවර්ධනය? කියන තරම් මොනවත් සාර්ථක නැහැ වගෙයි. (නි)
නිත්‍යා Saturday, 02 February 2013 03:20 PM
සිගීරියේ පුදුමය බලන්න එන අය වටපිටාව දැක පුදුම වෙනවා ඇත (ස)