X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රටේ දැවෙන ප්‍රශ්න පාලකයන්ට පේන්නේ නැද්ද?

“සන්තුෂ්ඨි පරමං ධනං” යනුවෙන් බුදු පියාණෝ වදාළහ. එයින් කියැවෙන්නේ පරම ධනය සතුට බවය. කොතරම් සැප සම්පත් තිබුණද සතුට නොමැතිනම් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් නැත. අද මේ රටේ ජනයාට අහිමි වී තිබෙන්නේද ඒ සතුටමය. සතුටෙන් තොරව දවස් ගෙවා දැමීමට සිදුවීම මොනතරම් නීරස අමිහිරි හා කටුක අත්දැකීමක්ද යන්න ජනයා ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් අද ඉගෙන ගනිමින් සිටිති.

රටේ ජීවත්වන ජනයා සම්බන්ධ වගකීමෙන් මිදුණු ගමනක් ආණ්ඩුවකට නැත. ඒ ජනයාට නිදහසේ හා ගෞරවණීයව ජීවත්වීමේ පරිසරයක් සකසාදීම, ඒ ජනයාගේ අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සැලසීම රජයක පරම වගකීම වේ. එහෙත් මේ රජයෙන් එම වගකීම නිසිරිසි ලෙස ඉටුවන්නේද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි.

කොරෝනා මාරාන්තික වයිරසයෙන් දෙවසරකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ මෙරට ජනයා පීඩා විඳිමින් සිටිති. එයින් රට බේරාගැනීමට රජය ක්ෂණික පියවර ගත්තේය. එය රටම පිළිගන්නා සත්‍යයකි. කවර හේතුවක් මත හෝ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇතැම් ඇමතිවරුන් ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා යනුවෙන් පුරාජේරු කතා කීවද ආණ්ඩුවේ ඩොලර් සංචිත හිඳී තිබේ. කොතෙක් බරපතළ ලෙස හිඳී තිබේද යත් ඉන්ධන ගෙන්වීමට ඩොලර් නැත. පැය හත හමාරක් විදුලිය කපන රටක් නිර්මාණය වී තිබෙන්නේ ඒ අනුවය.

විදුලිය විසන්ධි කිරීමෙන් ජන ජීවිතයට එල්ලවන බලපෑම අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. විශේෂයෙන්ම විභාග සඳහා සූදානම්වන දරුවන් මුහුණ දෙන අපහසුතාවට ඒ දරුවන්ට වන්දි ගෙවීමට සිදුවන්නේ අනාගතයෙනි. ඒ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කම්පාවෙමින් කාලය ගෙවා දැමීමට මවුපියන්ට සිදුවී තිබේ.

උදේට පෝලිමේ රෑට කළුවරේ ජනතාව කියන්නේ එහෙමය. රටේ ඇත්ත තත්ත්වය එම වාක්‍යයෙන් මනාව නිරූපණය වේ. පියාට තෙල් පෝලිමේ රස්තියාදුවීමට සිදුවී ඇති අතර මවට ගෑස් පෝලිමේ සිටීමට සිදුවී තිබේ. පෝලිමේ සිටියද මිලදී ගැනීමට ගෑස් නැත. වෙළඳපොළේ ගෑස් හිඟය පියවීමට රජය සතුව වැඩපිළිවෙළක් තිබෙන බව පෙනෙන්නට ද නැත. මෙහෙම වද විඳ විඳ ජීවත්විය හැකිද යන්න ජනයා නගන ප්‍රශ්නයකි.

ගෑස් හිඟය නිසා ආපනශාලා වසා දැමීමට සිදුවී තිබේ. එම ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ආපනශාලාවල සේවය කළ සේවකයන්ගේ ආර්ථිකය බින්දුවටම වැටී තිබේ. හදිසියකට කඩයකට ගොඩවැදී ප්ලේන්ටියක් බීමට තිබූ අවස්ථාවද අහිමි වී ඇත. ඒ මදිවාට පාන් ගෙඩියක් මිලදී ගැනීමටද පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුවී තිබේ.

එළවළු මිල තවමත් ඉහළට එසැවුණ ගමන්ය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මෙන්ම භාණ්ඩවල මිලද එසේමය. රටේ මිල පාලනයක් නැත. මිල තීරණය කරනු ලබන්නේ අතරමැදි ජාවාරම්කාරයන්ය. හාල් මිල ගැන ප්‍රවෘත්ති සාකච්ඡා තබා රටට කියන්නේ වී මෝල් හිමියන්ය. රට තුළ පාලනයක් නැද්ද යන ප්‍රශ්නය සහේතුකය. ජනයා පෙළෙන මේ පීඩාවෙන් මුදාගත හැකි වැඩපිළිවෙළක් රජය ඉතා විවෘතව ජනයාට ඉදිරිපත් කළයුතු වුවද තවමත් එවැන්නක් සිදුවී නැත.

ඇතැම් ප්‍රශ්නවලට කාලය විසඳුම් සපයයි. එහෙත් කාලය වැඩියෙන් ගැනීම ඇතැම් ප්‍රශ්න බරපතළ කිරීමට හේතුවකි. එවිට සිදුවන්නේ නියපොත්තෙන් කැඩීමට තිබූ දෙය ලී ඉරන විදුලි කියතකින් හෝ කපා දැමීමට නොහැකිවීමය. රට එළැඹ ඇති තත්ත්වය තුරන් කිරීමට ඉක්මන් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. දැනට ඇති සෑම ප්‍රශ්නයක්ම විසඳීමට කල්ගැනීම යනු ප්‍රශ්න තවත් උග්‍ර කිරීමකි. පෝලිම්වල සිට මිනිසුන් කරනු ලබන ප්‍රකාශවලින් ඔවුන් විඳින වේදනාව මැනවින් නිරූපිතය. එළැඹ ඇති ප්‍රශ්න සියල්ලන්ටම දැනෙන ඒවාය. විසඳුම් පමා නොවිය යුත්තේ එහෙයිනි. ගෙවෙන පැයක් පාසා, දිනක් පාසා අර්බුද වගුර කැළඹෙයි. විසඳුමක් පේන තෙක් මානයක හෝ නොවීම තුළ ජනයා අසහනයට අතෘප්තියට පත්වෙති. පරම ධනය වන සතුට අහිමිව තිබෙන්නේ එහෙයිනි.

හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. ඒ අනුව අද නිර්මාණය වී  තිබෙන රට එසේ වී තිබෙන්නේ හේතුවක් ඇතිවය. එසේනම් පළමුව කළ යුත්තේ එම හේතුව හඳුනා ගැනීමය. එය අඳුරේ අතපතගෑමක් නොවිය යුතුය. එමෙන්ම “මට සිතෙන දේ හරිය - එය අංගසම්පූර්ණය” යනුවෙන් උද්ධච්ඡ ලෙස නොසිතා අන් මතවලටද සවන්දී කටයුතු කළ යුතුය. එමෙන්ම සියල්ලන්ගේම සහාය ගත හැකි පරිසරයක් සකස් කළ යුතුය. සහාය වන්නැයි සියලු පාර්ශ්වවලට ආරාධනා කළ යුතුය. රට වැටී ඇති ගැඹුරුතම තත්ත්වය තේරුම් ගනිමින් සියලු පාර්ශ්ව මේ අවස්ථාවේ තම සහයෝගය අවංකව පළකළ යුතුය. කුමන දේශපාලනයක් කිරීමට වුවද රට තිබිය යුතුය.

අප රට යනු අභියෝග - අවස්ථා බවට පත්කරගනිමින් එම අභියෝග ජයගත් රටකි. මේ මොහොතේ වුවද මෙම එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වී ඇති අභියෝග ජයගත හැකිය. එයට අවශ්‍ය වන්නේ අවංක එළඹුමකි. නිවැරැදි වැඩපිළිවෙළකි. එම වැඩපිළිවෙළ හදාගැනීම අසීරු නැත. එහෙත් එයට තවත් කාලය ගත කළ නොහැකිය.

(***)



අදහස් (0)

රටේ දැවෙන ප්‍රශ්න පාලකයන්ට පේන්නේ නැද්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site