X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රතු එළියෙන් කොළ එළිය විනාශයක් නොකරගනිමු

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවීම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙහි මූලික පියවරක් ලෙස ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධිකාරක සෞඛ්‍ය අමාත්‍යශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් මහතා  ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් වෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා  රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණීම  මෙම තීරණයට  හේතුවී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මරණ භීතියෙන් ඇළලී ගිය සමාජයට සැනසුමක් සිසිලසක් රැගෙන එන ප්‍රවෘත්තියකි. දහතුන් දහසකට අධික පිරිසක් කොවිඩ් උවදුරෙන් මිය ගියහ. ලක්ෂ  හතරකට අධික සංඛ්‍යාවක් ආසාදිතයෝ වූහ. ඊළඟ බිල්ල කවුරුන් විය හැකිදැයි යන දෙගිඩියාවෙන්, භීතියෙන් කල්ගත  කිරීමට ජනතාවට සිදුවිය. එම ශාපලත් පරිසරය තුළ ඉහත ප්‍රවෘත්තිය සුභාරංචියකි.

වරදවා වටහා නොගත යුතු කාරණා රැසකි. අප රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයක ඇතුළුවීම යනු නරක වසංගත තත්ත්වයෙන් මුළුමනින්ම නිදහස්වීම නොවේ. යළිත් වරක් මාරක වසංගතය නව වටයකින් රළ ගසා මහා ප්‍රවාහයක්ව පැමිණිය හැකිය. එසේ වන්නේද? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ ජනයාමය. පවතින තත්ත්වයත් එළඹිය හැකි අනතුරුදායක තත්ත්වයක් සැලකිල්ලට නොගෙන අවිචාරවත් හා අශිෂ්ට ලෙස හැසිරීමට යමකු කටයුතු කළහොත් එය කොරෝනා මාරක වසංගතයට පාවාඩ එළීමක් වනු නියතය.

අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණ ද සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්ත්වයක් ඇතිවනු ඇති බවය. ඇතැම් රටවල කොරෝනා වසංගතය යළිත් හිස ඔසොවන බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලු දෙනා වගබලාගත යුතු බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ජනතාව මෙම කාරණා මනාව වටහාගත යුතුය. රතු කලාපයේ සිට අප රට කොළ කලාපයට පිවිසියේ අහම්බයෙන් නොවන බව මතක තබා ගත යුතුය. මෙම අනගිතම ජයග්‍රාහී පියවර නිර්මාණය කර ගැනීමට අප රට සමත් වූයේ මානව ගුණයෙන් පිරුණු තම ජීවිතයට එල්ල විය හැකි අනතුර නොසිතා අන්‍යයන්ගේ ජීවිත වෙනුවෙන් කැපවුණ සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල අනුපමේය පිහිටෙනි.

ඔවුන් තම සේවය නොපිරිහෙළා ඉටු නොකළේ නම් මේ රට විසාලා මහනුවරක් වීමට ඉඩ තිබිණි.
සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් කවරාකාර කැප කිරීමක් පරිත්‍යාගයක් කළ ද එයට මහ ජනයාගෙන් අවංක  දායකත්වයක් සහයෝගයක් නොලැබුණේ නම් එම කැපවීම් පරිත්‍යාග ගඟට කැපූ ඉනි මෙන් අපතේ යාමට ඉඩ තිබිණි. සැබැවින්ම පෞද්ගලික ජීවිතයේ කුදු මහත් අවශ්‍යතා සීමා කර ගනිමින් දැඩි අකාරුණික තත්ත්වයක් යටතේ වුවද ජනතාව ඉවසූහ. ජීවිතයේ සමීපතමයකු මියගිය විට ඔහුට සමුදෙන ආකාරයක් අපගේ සංස්කෘතියේම කොටසක්ව තිබිණි. යළිත් නොදකින තම සමීපතමයාට ගෞරවනීය  සමු ගැනීමකට කොරෝනා මාරක වසංගතය ඉඩ නුදුන්නේය. එහෙත් සම සිතින් මෙරට ජනයා එය ඉවසුහ. ජීවිතයේ අසිරිමත්ම ​ මොහොතවන මංගල උත්සවයේ අසිරි සිරිය සීමා කිරීමට සිදුවිය. එහෙත් මෙත් සිතෙන් එය දරා උසුලා සිටියහ.

ජනයාගේ මෙම කැප කිරීම් සහ පරිත්‍යාග අපතේ ගොස් නැත. නියත ප්‍රතිඵල ලැබී තිබේ. එම කැපකිරීම් හා පරිත්‍යාග නිසා ඔවුන්ගේ මෙන්ම අනුන්ගේ ද ජීවිත ආරක්ෂාවී තිබේ. රළ ගසමින් තිබූ කොරෝනා වගුර වියැකී යමින් තිබේ. රට රතු කලාපයේ සිට කොළ කලාපයට සේන්දුවී තිබේ. ඒ වෙනුවෙන් දායක වූ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව දිවි ගෙවූ සකල ජනී ජනයාටම මේ මොහොත වඩාත් ප්‍රීතිමත් ආනන්දජනක මොහොතකි. ඉදිරි කැප කිරීම් හා පරිත්‍යාග සඳහා මෙම මොහොත ශක්තියක් බවට පරිවර්තනය කර ගත යුතුය.

තෝරාගත් පාසල් මෙම මස 21 වැනිදා ඇරැඹීමට  නියමිතය. දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ද ඉදිරියේ දී ඉවත්වීමට නියමිතය. එයින් කියැවෙන්නේ රට යළිත් මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නියමිත බවය. අනතුර සැඟව තිබෙන්නේ එතැනය. දැනට සීමා වී පවතින වසංගත උවදුර වේගවත් ව්‍යාප්තියකට මෙය හේතුවක් විය හැකිය. එහෙයින් එළැඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීම සියලු දෙනාගෙම වගකීමකි.

කොරෝනා යනු වසංගත තත්ත්වයක් පමණක්ම නොවේ. මෙය සෑම ක්ෂේත්‍රයකටම බලපාන තත්ත්වයකි. විශේෂයෙන්ම සමාජයේ පැවැත්මට ප්‍රධාන වශයෙන් ඉවහල් වන ආර්ථික ක්ෂේත්‍රයට දැඩිව බලපෑමකි. රටවල් වසා දැමීම යනු රටට ආර්ථික සම්පත් ගලා එන සෑම මං මාවතක්ම අහුරා දැමීමකි. එහි බලපෑම අප රටට තදින් දැනී තිබේ. තිබෙන ආර්ථික පරිසරය තුළ ජීවත් වන්නේ කෙසේද? යන්න පිළිබඳව මතුව එන ප්‍රශ්නය මග හැර යා නොහැකිය. රැකී රක්ෂා අහිමිවීමේ සිට දහසක් ප්‍රශ්නවලට උත්තර අලුතෙන් සෙවීමට බොහෝ දෙනකුට සිදුවී තිබේ.

මෙම සියලු ප්‍රශ්න නිරාකරණය කරගත හැකි වන්නේ රට පෙර තිබු සාමාන්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුවය. ප්‍රශ්න එකින් එක ලෙහාගත හැකි වනු ඇත්තේ එමගිනි. මෙම තත්ත්වය තේරුම් ගත යුතුය. රටට එළැඹ ඇති සන්සුන් සංහිඳියාව වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. මෙම තත්ත්වය තවදුරටත් උස් මහත් කර ගනිමින් පවත්වාගෙන යා යුතුය. නැතහොත් කුණු බක්කි අවුස්සන් කන රටක් නිර්මාණයවීම වැළැක්විය නොහැකි වනු ඇත.

(***)



අදහස් (0)

රතු එළියෙන් කොළ එළිය විනාශයක් නොකරගනිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site