X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


රහස් කතා - සාකච්ඡා මැදින් තංගලලෙදී ගහපු ගේම

චන්ද්‍ර සේන ගමගේ

තංගල්ල නගර සභාවේ බලය රාජපක්ෂ පාලන කාලයේ සිටිම හිමිව තිබුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානටය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය ආරම්භ වීමෙන් පසු පළාත් පාලන ආයතන වල කාලය ද අවසන් වීමත් සමඟ තංගල්ල නගර සභාව පළාත් පාලන කොමසාරිස්වරයා ගේ පාලනයට යටත්විය. වසර තුනක් තිස්සේ තංගල්ල නගර සභාවේ පාලකයා වූයේ ඔහුය.  

පසුගිය නගර සභාවේ දී   නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සමහරුන්ද අදි මදි කළ අයුරු නගර සභා රැස්වීම් වාරයේදී දැක ගත හැකි විය. ඊට හේතුව දේශපාලන බලයෙන් හම්බන්තොට නගර සභාව තෙරපී තිබුණු නිසාය. නමුත්  කොමසාරිස්වරයකු යටතට පත් කළ පසු තංගල්ල නගර සභාවේ පාලනය ඉතා ක්‍රමවත් ලෙස කෙරුණු බව ප්‍රදේශයේ දේශපාලනයට ගැති නොවන සාමාන්‍ය ජනතාව පවසති.

පසු ගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දෙන්නට තංගල්ල නගර සභාවේ ඡන්ද දායකයන් පෙළඹී තිබුනද තංගල්ල නගර සභාවේ ඔවුනට ලැබී තිබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 07 කි. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ද මන්ත්‍රී ධූර 07 ක් ලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සංධානයට මන්ත්‍රී ධූර 02 ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 02 ද හිමිව තිබුණි.

තංගල්ල නගර සභාවේ වත්මන්  පාලන බලය ලබා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ තුනම පසු ගිය කාලය පුරා සීතල යුද්ධයක පැටලී සිටියේ තංගල්ල නගර සභාව රාජපක්ෂ වරුන්ගේ බලකොටුවක් වන බැවිනි.

රාජපක්ෂ වරුන්ටද තම අනාගත දේශපාලන බලය රඳවා තබා ගැනීම සඳහා තංගල්ල නගර සභාවේ බලය තීරණාත්මක සාධකයකි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සංධානයත් තංගල්ල නගර සභවේ සභාපති ධුරයට ඉව අල්ලමින් රහස් සාකච්ඡා පැවැත්වීය.

ආණ්ඩුවේ පාර්ශ්ව කරුවකු වන එක්සත් ජනතා නිදහස් සංධානයේ සහාය ලබා ගෙන තංගල්ල නගර සභාවේ බලය ලබා ගන්නට එක්සත් ජාතික පක්ෂය උත්සාහයක් ගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඇමති මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර තංගල්ල නගර සභාවේ සභාපති ධූරය වසරින් වසර එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජනතා නිදහස් සංධානයටත් ලබා ගෙන නගර සභාව පාලනය කරන්නට එකඟ තාවයකට පැමිණ තිබිණි.

පසු ගිය දිනයක රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ අමරවීර ඇමතිවරයා එකඟ වූ පරිදි ක්‍රියා කරන්නට නොහැකි බව දුරකථනයෙන් දැන් වූ බවයි.

අමරවීර ඇමතිවරයාගේ පාර්ශ්වයට තංගල්ල නගර සභාවේ සභාපති ධූරය ලබා දෙන්නට එකඟ වූ බවත් ඒ අනුව ක්‍රියා කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බත් මහින්ද අමරවීර ඇමති වරයා පැවසූ බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධව මැතිවරණයේදී තරග කළ පොදු ජන පෙරමුණ සමග එකතු වී තංගල්ල නගරසභාවේ බලය පිහිටුවීමට යෑම යුතු කමක් නොවන බව  මහින්ද අමරවීර ඇමතිවරයාට තමන් පැවසූ බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමතිවරයා මාධ්‍යට පැවසීය. 

සභාපති ධුරය කාට හිමි වේදැයි තිබූ කුකුස සමග තංගල්ල නගර සභාවේ මුල්ම සභාවාරය ඊයේ (26) දින පෙරවරු 10.00ට ආරම්භ වූ අතර ඒ සඳහා පක්ෂ හතරෙන්ම තේරී පත් වූ මන්ත්‍රීවරු  සියලු දෙනාම පැමිණ සිටියහ. දකුණු පාළාත් පාලන කොමසාරිස් රුවන් කන්නන්ගර මහතාගේ මෙහෙය වීම මත තංගල්ල නගර සභාවේ සභාවාරය ආරම්භ වූ අතර මුල්ම කාර්ය   වූයේ තංගල්ල නගර සභාව සඳහා සභාපතිවරයකු පත් කර ගැනීමයි.

තංගල්ල නගර සභාවේ සභාපති ධුරය සඳහා පොදු ජන පෙරමුණේ  නගර සභා මන්ත්‍රී විමල් හේවා දුනුවිල මහතා ගේ නම ගයාන් සමින්ද මහතා (පො.ජ.පෙ) යෝජනා කළ අතර එය ස්ථිර කරන  ලද්දේ  පොදු ජන පෙරමුණේ ශාන්ත කුමාර අන්ද්‍රාහැන්නදි මහතා විසිනි.

එක්සත් ජාතික පක්ෂයේ නගර සභා මන්ත්‍රි ඩබ්ලිවු.පී. රවිදු වෙදආරච්චි ගේ නම යෝජනා කරන ලද්දේ එ.ජා.ප. මන්ත්‍රී ගනේෂ් ප්‍රියංකර මහතා විසිනි.  එය ස්ථිර කළේ මොහොමඩ් ෂිරාෂ් මහතාය. සභාපති ධූරය සඳහා නම් දෙකක් යෝජනා වූ හෙයින් ඡන්ද විමසීමකට යෑමට දකුණු පළාත් කොමසාරිස්වරයාට සිදු විය . ප්‍රසිද්ධ ඡන්දයට යන ලෙසට පොදුජන පෙරමු‍ණේ මන්ත්‍රී වරයෙකු යෝජනා කළේ තමන්ගේ පාර්ශ්වකරුවන් ගැන විශ්වාස නැති නිසා විය යුතුය. එජාප ද ඊට එකඟ විය. ප්‍රසිද්ධ ඡන්යේදී පක්ෂ දෙකේම අපේක්ෂකයන් ලබා ගත්තේ ඡන්ද හත බැගිනි.ඉන් අතුරුව පළාත් පාලන විධි විධාන වලට අනුව කුසපත් ඇදීමෙන් අනතුරුව තංගල්ල නගර සභාවේ සභාපති ධූරය රවිදු වෙදආරච්චිට හිමි විය. විමල් දුනුවිලගේ  බලා පෙරාත්තු සුන් විය.

සභාපති ධූරය සඳහා ඡන්දය විමසීම   නිලධාරීන් සූදානම් වෙන අතර වාරයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වයි. ඩග්ලස් මහතා තංගල්ල නගර සභවේ හිටපු සභාපති අනිල් සෙල්ලාහැන්නදි සමග යමක් කථා කළ අතර එය වචන කිහිපයක රහස් සාකච්ඡාවක් විය.

ඊළඟට එලඹුනේ තංගල්ල නගර සභාවේ උපසභාපති ධූරය සඳහා  මන්ත්‍රී වරයකු පත් කර ගැනීමයි. ඒ සඳහා පෙරපරිදිම පොදුජන පෙරමුණෙන් ගයාන් සමිද්ද ගේ නම යෝජනා වූ අතර එජාපයෙන් මොහොමඩ් ෂිරාෂ්ගේ නම යෝජනා විය. උප සභාපති ධූරය සඳහා ඡන්දයකට යාමට සිදු වූ අතර ප්‍රසිද්ධ ඡන්දයක් පොදුජන පෙරමුණේ විමල් හේවා දුනුවිල යෝජනා කළ අතර රහස් ඡන්දයක් එජාපයෙන් යෝජනා විය. ඡන්දය කොයි ආකාරයෙන් පවත්වනවාද කියා කුසපත් ඇදි අතර   රහස් ඡන්දයටක යාමට එහිදී තීරණය විය.

උපසභාපති ධූරය සඳහා පැවැති රහස් ඡන්දයේදී   පොදුජන පෙරමුනේ වයි. ඩග්ලස් මහතා මුලින්ම ඡන්දය ප්‍රකාශ කළේය. ඔහු ඡන්දය සළකුණු කොට ඡන්ද පෙට්ටියද පසු කොට රවිදු වෙදආරච්චි ඉදිරියට පැමිණ ඡන්ද පත්‍රිකාව පෙන්වා ඡන්දය පෙට්ටිය තුළට දැමීය. සභාවේ කවුරුත් මුහුණට මුහුන බලා ගත් අතර කුමක් හෝ සිදු වෙන බව බොහෝ අයට තේරුම් ගියහ. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රතිඵලය ප්‍රකාශයට පත් විය. මොහොමඩ් ෂිරාෂ් උපසභාපති විය.

පොදුජන පෙරමුණට උප සභාපති කමද අහිමි විය. රාජපක්ෂවරුන් ගේ බලය තංගල්ල නගර සභාවේදී බිඳී ගියේය. තංගල්ල නගර සභාවට පැමිණ සිටි රාජ්‍ය ඇමති වෙදආරච්චි මහතා පැවසුවේ ‘මම රාජපක්ෂවරුන් සමග හැප්පී  ජයග්‍රහණය කළා‘ යනුවෙනි. මීට දින කිහිපයකට පෙර ‘ගේමක් ගහන‘ බවට පැවසූ රාජ්‍ය ඇමති වරයා ගේමක් ගසා ඇති බව අපට පැහැදිලි විය.

එහෙත් ‘ගේම‘ තිබෙන්නේ ඉදිරියටය. තංගල්ල නගර සභාව සතුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැති වීම තුළ තංගල්ල නගර සභාවේ  බලය දෝලනය වෙමින් පවතී . ජනතාවගේ පැත්තෙන් එය හොඳ තත්වයකි.තංගල්ල නගරවාසිනීන්ද රටේ බහුතරයක් මෙන්ම ගැටලු රැසකින් ඔද්දල් වූ ජීවිත ගෙවති.  සභාපති කම ලැබීමත් සමග පැය ගණනාවක් තිස්සේ තංගල්ල නගරය අවට පිපිරෙ‍න රතිඤ්ඤා වලින් තංගල්ලේ ප්‍රශ්න වලට උත්තර නැති බව ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (0)

රහස් කතා - සාකච්ඡා මැදින් තංගලලෙදී ගහපු ගේම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site