X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමය

වසර 250 වඩා පැරණි සංඝාවාසය

 

හක්මන පල්ලාවෙල සුන්දර ගම්මානයේ පිහිටි කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහ විහාරයේ ඉතිහාසය මීට වසර තුන්සීයකට වඩා ඈත අතීතයකට දිව යයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය බිහිවූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.
ඊට පෙර එහි ටැම්පිට විහාරස්ථානයක් තිබූ බව කියති. රංසෑගොඩ ධම්මදස්සී ගනින් වහන්සේ හෙවත් සිල්වතුන් වහන්සේ එම ස්ථානයේ තිබූ විශාල බෝ ගහ යට භාවනාමාන කර ඇත.


පහත රටින් උපසම්පදාව ලබා ගැනීම සඳහා මහනුවරට ගිය පළමු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි විය. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගෙන් උපසම්පදාව ලබාගත් ධම්මදස්සි හිමියන් වසර විස්සක කාලයක් තිස්සේ දළදා තේවාවේ නිරත විය.


එහි දී රැස් කරගත් පින කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට අනුමෝදන් කර ඇත. ඒ පිළිබඳ පැහැදීමට පත් රජතුමා රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට කීර්ති ශ්‍රී තේජවර යන ගෞරව නාමය ප‍්‍රදානය කර මහනුවර සිට දෝලාවකින් උන්වහන්සේ පල්ලාවෙල විහාරස්ථානය වෙත වැඩම කළ බව කියවේ.


දර්ශනීය පෙරහරකින් රත්නපුර හරහා එන අතරතුර දී හමුවූ විජේරිය නින්දගම ධම්මදස්සී නාහිමියන්ට පූජා කළ බව ද ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි. උන්වහන්සේ වැඩම කරවීම සඳහා පෙරහරට උපයෝගී කර ගත් දෝලාව, දවුල්, තම්මැට්ටම් පල්ලැන්නිය ආදී පූජා භාණ්ඩ අද ද එම විහාරස්ථානය වෙත ගිය විට දැකගත හැකිය.


රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ට ලැබුණු ගෞරව නාමය මුල් කරගෙන පල්ලාවෙල විහාරස්ථානය කීර්ති ශ්‍රී තේජෝවරාරාමය ලෙස නම් කොට තිබේ.


මාතර නගරයේ සිට හක්මන හරහා මුලටියන මාර්ගයේ කිලෝමීටර් 32ක දුරක් ගිය විට මෙම විහාරස්ථානය හමු වෙයි. සුන්දර කුඹුරු යායක් මැද එය පිහිටා ඇත.


විහාර ගෙට පිවිසීමට ඇත්තේ දර්ශනීය මකර තොරණක් මැදිනි. විෂ්ණු හා කතරගම දේවාල දෙකක් දෙපසින් පිහිටා තිබේ.
බුද්ධ මන්දිරය තුළ විශාල හිඳි පිළිම දෙකක් නිර්මාණය කොට තිබේ. ඊට අමතරව සත් සතිය, අසූ මහා ශ‍්‍රාවකයින් හා අටවිසි බුදු පිළිම වහන්සේලා ද දැක ගත හැකිය.ටැම්පිට විහාරස්ථානයේ තිබූ බවට සැක කෙරෙන ලීවලින් තනන ලද නුවර සම්ප‍්‍රදායට අයත් පිළිමයක් ද එහි ප‍්‍රදර්ශනය කොට ඇත.


වෙනත් විහාරවල තිබෙන සතර පෙරනිමිති වෙනුවට මෙම විහාරයේ දැකගත හැකි වන්නේ තුන් පූර්ව නිමිතිය. පැවිදි වීමට හේතුව ලෙස මහල්ලෙක්, ලෙඩෙක් හා මළමිණියක් දක්වා තිබුණ ද පැවිදි රුව නිර්මාණය කර ඇත්තේ වළාකුළුවල පෙනෙන නොපෙනෙන ආකාරයටය. යටත් විජිත සංකල්පය නිරූපනය කරන  ඕලන්ද යුගයට අයත් සියවටුක යක්ෂ රූප ද මෙම විහාරයේ දැකගත හැකිය.
වසර 300කට වඩා පැරණි බෝ ගස විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිඹිඹු කරයි. රංසෑගොඩ ධම්මදස්සී සිල්වතුන් වහන්සේ එහි යට බණ භාවනා කළ ස්ථානය තවමත් දැකගත හැකියි.


වසර 250කට වඩා පැරණි සංඝාවාසය ද වසර 110ක් පැරණි පොත් ගුල ද අතීත ශ්‍රී විභූතිය මනාව පෙන්නුම් කරයි. පැරණි පුස්කොළ පොත් සිය ගණනක් එහි තැන්පත් කොට තිබේ.


පැරණි තේක්ක අල්මාරියක්, චීන කැටයම්වලින් යුතු ටීපෝවක් හා යුග පුටුව ආදී අලංකාර ගෘහ භාණ්ඩ රැසක් ද එහි දැකගත හැකිය.
බුද්ධ වර්ෂ 2430 දී ඉදි කළ ධර්ම ශාලාවේ ලීවලින් සාදන ලද පිරිත් මණ්ඩපය දැකුම්කළු නුවර යුගයේ කැටයම් එහි ඇති අතර දැනට ද වාර්ෂික කඨින පිංකම පැවැත්වෙන අවස්ථාවේ පිරිත් කීමට යොදා ගන්නේ එම පිරිත් මණ්ඩපයයි.


රංසෑගොඩ ධම්මදස්සී නාහිමියන්ගෙන් ආරම්භ වූ මෙම විහාරස්ථානය නගා සිටුවීම සඳහා සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්මකීර්ති ගුණරතන, රංසෑගොඩ සුමන, අපරැක්කේ සරණපාල යන නාහිමිවරු විශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. එම නිසාම උන් වහන්සේලා පිළිඹිඹු කෙරෙන චිත‍්‍ර බුදු මැදුරෙහි මනාව නිරූපනය කර තිබේ.

විහාරාධිපති වැලිහේනේ සාරානන්ද හිමි


අනතුරුව විහාරාධිපති තනතුරට පත්වූ කැටියපේ ශ්‍රී සංඝානන්ද රංසෑගොඩ සරණතිස්ස හා පල්ලාවෙල සිරිනිවාස යන නාහිමිවරුන් ද විහාරස්ථානය දියුණු කිරීමට නොගත් වෙහෙසක් නොමැත.


වර්තමානයේ කීර්ති ශ්‍රී තේජෝවරාරාමයේ දියුණුවට පුරෝගාමී වී කටයුතු කරන්නේ එහි විහාරාධිපති හා මුලටියන සමථ බල මණ්ඩලයේ සභාපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ය. උන් වහන්සේ මාතර මන්තින්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති හිමියෝ ද වෙති.


විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියෝ මෙසේ කීහ.
1974 වසරේ ඉඳලයි මම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. 1995 මැයි මස 25 වැනිදායි විහාරාධිපති තනතුරට පත් වුණේ. මේ ඓතිහාසික විහාරස්ථානය මගින් මුළු ප‍්‍රදේශයම ආලෝකමත් වෙලා තිබෙනවා. වසර 300කට වඩා පැරණි විහාරස්ථානය තුළ දැක බලා ගැනීමට වටිනා ගොඩක් දේ තිබෙනවා. ශ්‍රී සංඝානන්ද දහම් පාසල මගින් දරු දැරියන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙනවා. ශ්‍රී ගුණාලංකාර පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය ද ජනතාව අතර ජනප‍්‍රිය වී තිබෙනවා. ප‍්‍රදේශයට ආගමික, ශාසනික හා සමාජීය සේවා රැසක් ඉටු කරන මේ ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන උතුම් පුණ්‍යකර්මයක් වෙනවා.


කෙසේ වෙතත් පල්්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීමේ මහෝත්සවය මෙම 13 වැනි දින සවස 2.00ට අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 

ලීවලින් සෑදු  පිරිත් මණ්ඩපය


ඒ සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දායක සභාවේ අනුශාසක හා ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ හා මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.

 

මාතර - ක‍්‍රිෂාන් ජීවක ජයරුක්  /  මුලටියන - එස්. බාලසූරිය

 

 

පැරණි භාජන

 

 

පෞරාණික උපකරණ

 



අදහස් (0)

රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් බිහිවුණු පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමය

සංජීව Tuesday, 12 February 2013 05:52 AM

කෞතුක භාන්ඩ ගැව කියන්නේ බලාගෙන. කන් ගැට්ටලා හැමතැනම ඉන්නවා.(නදී)

:       0       0

කේ.ජී.පුණ්‍යසෝම Thursday, 14 February 2013 11:33 AM

පල්ලාවෙල ඓතිහාසික කීර්ති ශ්‍රී තේජෝවරාරාමය පූජා භූමියක් බවට පත්කිරීමට සහාය දුන් සැමට ස්තූතිය පුදකරමි.ඒ සැමට පින්! .(ස)

:       0       0

සුදේශ් Thursday, 21 March 2013 01:27 PM

අනේ සාධු (දී)

:       0       0

මාලක සිල්වා Friday, 29 March 2013 12:52 PM

කන්ගැට්ටා කොළඹට ඇවිත් දැන් දුන්න වස්තරේ ඇති. හෙට අනිද්දම බලාගන්න පුලුවන්. කෞතුක භාන්ඩ ටිකට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

දිරාම් Thursday, 04 April 2013 11:45 AM

ස්ථානය ගැන පමනක් විස්තර කරාම ඇති. පැරනි භාන්ඩ ගැන විස්තර කියන්න එපා. නිධන් හොරුන්ට එය අනුබලයක්. (ස)

:       0       0

සිරි Thursday, 11 April 2013 05:07 PM

අතීතයේදී ලංකාව සිංහල බොදු රටක් බවට මේවා වැදගත් සාධක නේද?(නදී)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:59 PM

මේවා වලින් අපේ සිංහල පෞරාණික ශිෂ්ටාචාරය ගැන දැන ගන්න පුළුවන් (නි)

:       0       0

ක්ලිංටන් Sunday, 12 May 2013 06:51 PM

බොහොම ස්තුතියි. හරිම වැදගත්. මම නිතරම විදේශිකයන් ලංකාව බලන්න ගෙනියනවා.(නදී)

:       0       0

රශ්මික Monday, 03 June 2013 05:20 PM

දැනුම සාහිත්‍ය ලැබුන රාජසිංහ පවුලේ විස්තර ලැබුනට බොහොම ස්තුතියි (නි)

:       0       0

තරින්දු Friday, 21 June 2013 12:37 PM

අපේ රටේ හිටපු හැම රජ කෙනෙක්ම නිධාන නිධන් කරලා තියෙනවා. අපි බැලුවොත් ඒ ඇයි කියලා පස්වලට යටවෙන්නද, නැති වෙන්නද, විශ්වාසයක් හැටියට ඉදිරියට ගෙනියන්නද, මොනාටද තියෙන්නේ ? මේ දවස්වල රටට වෙලා තියෙන වින්නැහිය වගේ වෙලාවට ප්‍රයෝජනයට අරගෙන රට්ටුන්ට රට වැසියන්ට පීඩාවට පත්නොකර ප්‍රතිලාබ දෙන්න. වෙන්නේ අනිත් පැත්ත. ඒ වෙනුවට නිධන් ටික ඔක්කොම පාලකයන් ළඟ. ඒ එංගලන්තයේ අක්කර ගණන් ඉඩම් තියෙනවා. ලංකාවට හෙන ගහලා ගියත් ඒ අයට වැඩක් නැහැ. රට අන්ත අසරණ වෙලා. රාජසිංහ රජුගේ මයිලක්වත් නැහැ දැන්.(නදී)

:       0       0

සම්පත් Sunday, 04 August 2013 06:03 PM

පල්ලවෙල දෝලාව හොරු ගනී ගත්ත හොරු හැමෝම දනිති නැවත දෝලාව පන්සලට ලැබුනොත් නරකද ඇමති තුමනි (දී)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 11 August 2013 11:55 PM

පල්ලාවෙල පන්සලේ දෝලාව නැවත බාරදෙන්න ඇමති තුමා. නැත්නම් සියලුදෙනා ඉදිරියට හීනෙන් බයකරනවා අනුමානයි. කරන කියන දේවල් වරදිනවා පියවරක් ගන්න.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 12 August 2013 12:10 AM

මාලක, කංගැට්ටා අනුරාධපුරයේ නටබුන් බලන්න ගියාලු ලඟදි. මට ආරංචි උනා මට බයයි කෞතුක වස්තුන් ගැන.(නදී)

:       0       0

සමීර Monday, 02 September 2013 05:46 PM

හොද උදාහරණයක් ලංකාව පෙරසිටම බෞද්ධ රටක් කියලා (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 December 2013 10:51 AM

ගොඩක් වටිනවා මමත් විජේරිය නින්ද ගමේ තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site