X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


රාජ්‍ය මණ්ඩල - සංස්ථා රස්සා කාර්යාල කරනු එපා

රටේ ආර්ථිකයට විනකරන මැති ඇමැතිවරු මේ රටේ ඕනෑතරම් සිටිති. ජනතාව වෙතින් ඒ බව ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේ සඳහන් වෙයි. එහෙත් තම ඇමැති සගයන් අතින්ම එවැනි අවර ගනයේ වැඩ එළියට ඇදෙන්නේ කලාතුරකිනි. පසුගියදා පාර්ලිමේන්තුවේදී කලාතුරකින් සිදුවන ඒ වැඩේ සිදුවී තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලයට වසර හතරක් තුළදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් හයදහසක පිරිසක් බඳවාගෙන ඇතැයි රවි කරුණානායක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව මීට හේතුපාදක විය. එකම දිස්ත්‍රික්කයෙන් එම ආයතනයට මෙපමණ සේවක සංඛ්‍යාවක් බඳවාගැනීම ගැටලු සහගත බව ද ඇමැතිවරයා තවදුරටත් කියා තිබිණි.

වසර හතරක් තුළදී විදුලිබල මණ්ඩලයට මෙතරම් සේවක සංඛ්‍යාවක් බඳවා ගැනීම ගැටලු සහගත කරුණක් පමණක් නොව ආර්ථික ඝාතනයක් බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. රාජ්‍ය ආයතනවල රැකියාවලට මෙරට තරුණ තරුණියන් බඳවා ගැනීම වැරැද්දක් යැයි අපි නොකියමු. එහෙත් විදුලිබල මණ්ඩලය වැනි හොම්බෙන් යන ආයතනයකට බස් එකකට සෙනඟ පටවන්නා සේ රැකියාලාභීන් ඇතුළු කිරීම එම ආයතනයේ ගෙල මිරිකීමකි. එසේම එය තමන්ගේ දේශපාලන බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා කිසියම් ඇමැතිවරයකු යෙදූ උප්පරවැට්ටියකි. එකම දිස්ත්‍රික්කයක දහස් ගණනකට මෙවැනි “රැකියා දන්සලක්” දැමීම ආර්ථිකයට හානිකර වැඩක් බව කිවයුතු නැත.

මේ වැඩේ කළ දේශපාලනඥයා ඇමැතිවරයකුම විය යුතුය. රජයේ රස්සා සැපයීමේ ‘කොන්ත්‍රාත්තුව’ තනිකරම ඇමැතිවරුන් අතේ පවතින බවට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවීම ඊට හේතුවය. මන්ත්‍රීවරයකුට පමණක් නොව නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමැතිවරයකුට ද රැකියා ලබාදීම මහත් අසීරු කටයුත්තක් බව ද වරින්වර අසන්නට ලැබේ. ඒ අතින් බලන කල විදුලිබල මණ්ඩලයට රැකියා කිහිපයක් නොව හයදහසක්ම ලබාදීමෙන් මේ ඇමැතිවරයා තම ‘බලය’ එළිපිටම පෙන්වා තිබේ.

මේ වැඩේ දේශපාලන සදාචාරය අතින් අවර ගනයට වැටෙන්නේ විදුලිබල මණ්ඩලය එදිනෙදා කටයුතු පවා කර ගන්නේ භාණ්ඩාගාරයේ පිහිටෙන් බව රටම දැන සිටින බැවිනි. පසුගිය වසරේ (2018) මැද භාගයේදී නිකුත් වූ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව 2017 වසර අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ දේශීය ණයගැති භාවය රුපියල් බිලියන 177ක් විය. ‘රැකියා දන්සලේ’ කෙරුම්කාරයා තවත් හයදහසක් මණ්ඩලයට ඔබා ඇත්තේ එතරම් ණයගැති භාවයක් පවතින මේ ආයතනයටය. රාජ්‍ය ආයතනවල අධික ණය බර අවසානයේ වැටෙන්නේ රටේ පොදු මහජනතාවගේ කරපිට මත බව ඇමැතිවරුන් නොදැන සිටිය නොහැක.

රටේ, රජයේ හෝ රාජ්‍ය ආයතනවල හෝ රැකියා ලබාදීමේදී බොහෝ අවස්ථාවලදී නිසි බලධාරියා වන්නේ අදාළ දෙපාර්තමේන්තු හෝ ආයතනවල රේඛීය අමාත්‍යවරයාය. නිසි ලෙස පැවැත්වෙන තරග විභාගයකින් සුදුස්සන් තෝරාගැනීම සිදුවන්නේ කිසියම් නිශ්චිත විෂයයන් සම්බන්ධයෙන් පමණි. එසේ නොවන අවස්ථාවල ඇමැතිගේ ලියුමට සියලු සුදුසුකම් යටවෙයි. එහෙත් කෑගල්ලේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් දෙදෙනකුම ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පාක්ෂිකයන් විදුලිබල මණ්ඩලයට ඇතුළත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බවය. එසේ වූයේ පාඩු ලබන රජයේ ආයතනයකට තවත් පුද්ගලයන් ඇතුළු කර එම ආයතනය තවදුරටත් සුදු අලියකු කිරීමේ පාපකර්මයට හවුල් නොවීමට ගත් තීන්දුවක් නිසාද නැතහොත් රැකියා ඇබෑර්තු කෝටාව තමන්ගේ අතට පත් නොවීම නිසාදැයි අපි නොදනිමු. එහෙත් කබීර් හෂීම් සහ චම්පික ප්‍රේමදාස දෙදෙනාම තමන් විදුලිබල මණ්ඩලයට පාක්ෂිකයන් ඇතුළු නොකළ බවට කර ඇති ප්‍රකාශය අපි පිළිගනිමු. එසේම රවි කරුණානායක විෂයභාර ඇමැතිවරයා කියා ඇති පරිදි මේ සියලු බඳවා ගැනීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් විදුලිබල අමාත්‍යංශය වැය ශීර්ෂය පිළිබඳව අය-වැය කාරක සභා විවාදය අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකෙරෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු.

මෙහිදී විශේෂයෙන්ම පෙන්වාදිය යුත්තේ මේ ආකාරයේ ලෝකය හිනස්සන ‘රැකියා දන්සල්’ දමා රටේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බවය. මේ රජය බලයට පත්වූයේ රැකියා දස ලක්ෂයක් ඉදිරි වසර 05ක කාලය තුළදී උත්පාදනය කරන බවට වූ පොරොන්දුවක් ද සමඟිනි. මේ වනවිට එම දසලක්ෂයේ ඉලක්කයට කුමක් වීදැයි සොයාබලන කිසිවකුත් නැත. එහෙත් රැකියා සුලබ කිරීම මේ ආකාරයට සිදුකළ නොහැක. ඒ සඳහා රටේ නිෂ්පාදනය වැඩි වී ආයෝජන වර්ධනය වී කෘෂිකර්මාන්තය ද සැලසුම් සහගතව දියුණු වීම අවශ්‍යය. එවැනි පසුතලයක් නිර්මාණය නොවී පවතින විට රැකියා සැපයීම සිදුකළ හැක්කේ මේ ආකාරයේ ආයතනත් කාබාසිනියා කොට රටේ ආර්ථිකයේ කොඳු නාරටියත් කඩා බිඳ දමන වැඩපිළිවෙළකින් පමණි. මෙය කෑගල්ලේ වුවත් කළුතර වුවත්, මහනුවර වුවත් වෙනත් දිස්ත්‍රික්කයක වුවත් සිදු නොවිය යුතුය.

රාජ්‍ය ආයතන යනු බලයට පත්වන ආණ්ඩුවලට රැකියා ලබාදෙන මෙවලම් බවට පත්කරගන්නා මේ අදූරදර්ශී ක්‍රියාව වහාම නවත්වා දැමිය යුතු යැයි අපි කියමු. එකී ආයතන රටට ආදායම් උපදවන මෙවලම් බවට පත්කරගත යුතුය. ඒ සඳහා උචිත දූරදර්ශී වැඩපිළිවෙළකට රට වහාම සූදානම් කිරීම රජයේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රබල වගකීමක් බව දැඩිව කියා සිටිමු.



අදහස් (0)

රාජ්‍ය මණ්ඩල - සංස්ථා රස්සා කාර්යාල කරනු එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site