X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්

”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය කපාගෙන ගුහාව පුරා දෝංකාරය දෙන්නේ මෙත්තානන්දගේ කටහඩයි. එහි දැඩි ආවේගශීලි බවක් දැනුනේ තරුණ පිරිස ගේ නොසැලකිලි බව නිසාවෙන් ගල්කිහිපයක් පහතට වැටීමෙනි. අප පොළොව මට්ටමේ සිට පහතට අවම වශයෙන් කිලෝමීටර් එකක්වත් පැමිණ ඇත. රාවණා ඇල්ලට මෑත කාලයේ ප‍්‍රසිද්ධියක් ලැබුණේ උමාඔය ව්‍යාපෘති භූමියේ දක්නට ලැබුණු අබිරහස් උමං කටක් නිසාය. අයෙක් එය රාවණා ගුහාව යයි අනුමාන කරති. තවත් අයෙක් පවසන්නේ එහි තුළ නිධන් හා දඩුමොණර යන්ත‍්‍රය ඇති බවකි. උමා ඔය යෝජනාක‍්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අතුකෝරල මහතා පවසන්නේ ව්‍යාපෘති භූමියේ එසේ උමගක් හමුවී නොමැති බවයි. කෙසේවෙතත් දැඩි ආරක්ෂාවක් යටතේ වර්තමානයේ එම ප‍්‍රදේශය ජනමාධ්‍යයට තහනම් කලාපයකි. තත්ත්වය එසේතිබියදී ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරදගොල්ල ගම්මානයේ තරුණයන් දෙදෙනකුට කැලෑබදකින් හමුවන්නේ තවත් උමං කටකි. කලාන්තරයක් මුළුල්ලේ සමාජයට වහන්වී පැවතුනු මෙම උමගය තුළ ඇතැයි කියන ජලතටාකය සොයා පසුගිය දිනක අනතුරුදායක ගමනකට අපි මුල පිරුවෙමු. අප පිරිස 25කි, ගමනේ නඬේගුරා කරදගොල්ලේ මෙත්තානන්දය. ඔහුගේ තීරණය අවසන් තීරණ වන්නේ වතාවක් දෙකක් ඔහු තනිව මෙම උමං කටට බැස තිබූ නිසාය. ප‍්‍රදේශයට මසක කාලයක් තිස්සේ ඇද හැළුනු වැස්ස තුරන්වූවා පමණි, රාවනා දිය ඇල්ලේ සිට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මෙම උමගය තුළට පිවිස එහි ඇතැයි සැලකෙන ජල තටාකාංගණය නැරඹීමේ කුුතුහලයක් මා තුළ පතිතවිය. එය සැබැවින්ම දැඩි අනතුරුදායක ගමනකි. එය කංසා වගා කරුවන් මුණගැසීමට ගිය ගමනටත් වඩා අනතුරුදායකය. එහෙත් මෙය රටට හෙළිකළ යුතුයි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙම වනවිට අප උමග තුළට කිලෝමීටර් එකකට අධික දුරක් පැමිණ ඇත. උමගය තුළට යාමට අවශ්‍ය ආලෝකය අප සපයා ගත්තේ බෝතල් කිහිපයකට ලාම්පුතෙල් පුරවා පොල්මුඩු ගසා සාදාගත් පන්දම් කිහිපයකිනි. ඊට අමතරව මා මිත‍්‍ර කපිල ගෙනවිත් තිබූ අධි ආලෝක විදුලි පන්දම් අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. උමං කට ගල් දේබොක්කාවකින් සෑදී ඇති අතර එහි තුළට මීටර් 20ක් පමණ ගමන් කළවිට පහතට බැසියයුතු තැන් කිහිපයක් හමුවෙයි. ඇතැම් තැන් බෙහෙවින්ම අනතුරුදායකය. කඹ යොදා සීරුවෙන් කුඩා විවරයෙන් අපි පහළට බැස ගතිමු. පැය තුනකට ආසන්න ගමනකින් පසු සිය දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටිය හැකි ආකාරයේ විශාල කුටියක් අපට හමුවිය. පොළොවේ සිට එහි පියස්ස මීටර් 20 ක් තරම් උසකින් යුක්තය. අප එහිතුළට වී මඳක් ගිමන් හැරියෙමු. වෙනත් උමං තුළට ගමන් කරන විට වාතාශ‍්‍රය අඩුවුවත් මෙම උමගය තුළ වාතාශ‍්‍රයේ වෙනසක් නොවීම විශේෂ බව කිව යුතුයි. ‘‘දැං හරි අප යං’’ මෙත්තානන්ද පවසයි. ‘‘එක එක්කෙනා එන්න’’ යයි පවසා, ගල් බිත්තියේ වූ සිදුරකින් රිංගු ඔහුගේ විධානයෙන් අපි එකිනෙකා ගමන් කළෙමු. කුහරය අඩි දෙකකි, නළයක්මෙන් පහතට විහිදී ඇත. මුලින්ම කකුල් දෙක කුහරයට ඇතුළුකොට උඩුබැලි අතට ගමන් කිරීමට සිදුවිය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. මුහුණත් ගල් රැුන්දත් අතර පරතරය අඟල් හයකි. තට්ටම් ප‍්‍රදේශය උපයෝගිකොටගෙන අඩි විසි පහක් ගමන් කිරීම ශරීරයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය. එම ගමනින් පසු පහසුවෙන් සිටගෙන ගමන් කිරීමට හැකිවන පරිදි උමග නිම වී ඇති තැනින් පහතට තවත් කිලෝමීටර් කිහිපයක් අවදානම් ගමනකින් පසු එක්තරා ස්ථානයක නැවතුනු මෙත්තානන්ද ගලක් පහතට දැමීය. ගල වැටුණේ වතුර වළකට බව අපට අවබෝධ විය. එදෙසට විදුලි පන්දම් අලෝකය යොමුකළ අපට දිස්වූයේ දර්ශනීය ජල තටාකයකි. විදුලි පන්දම් ආලෝකයට එම ජලය නිල්පාටට  දිස්වන්නට විය. සියලූදෙනා කළේ විල අසලට බැස අතපය සේදීමයි ජලය දැඩි සීතලය. මෙත්තානන්ද සිය කටහඬ අවදිකරයි. ‘‘අපි පුංචිකාලේ තාත්තලා සීයලා කියා තියෙනවා කැලේ ඇති උමං ගැන, ඒවාට ගලක් දැම්මම ටිකවේලාවකින් තමයි ශබ්දය එන්නේ කියලත් කියා තියෙනවා. නමුත් තියෙන තැන් කාටවත් ඔවුන් පෙන්වූයේ නෑ. නමුත් මට මේ උමගක් තුළට යන්නට සිතුණා. පසුගිය දිනක තවත් මල්ලී කෙනෙක් එක්ක මං උමග තුළට පිවිසුනා. පාර සොයාගෙන තමයි ගියේ. පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු තමයි දැක්කේ වතුරවළක්, ළඟටම ගියාම පුදුම හිතුනා. එය ජලයෙන් පිරුණු විශාල පොකුණක්, එයට එහායින් තවත් විශාල කාමරයක් තියෙනවා. 500කට 600 කට ඉන්න පුලූවන්. මේ ආකාරයට උමග තුළට ගමන් කරන්න පුලූවන්. නොදන්න කෙනෙක් ගියොත් ආපසු එනවා බොරු, ඇතැම් වළවල්වලට ගලක් දැම්මාම විනාඩි කිහිපයකට පස්සේ තමයි ශබ්දය ඇසෙන්නේ. එතරම් ගැඹුරුයි’’ යයි මෙත්තානන්ද පවසයි. උමගය සැබවින්ම විශ්මය ජනකය. ජලතටාංකාංගණය වෙත යාමට අවම වශයෙන් කිලෝමීටර් දෙකක් කන්ද තුළට යා යුතුය. එය බෙහෙවින් අවදානම් ගමනකි. යම් හෙයකින් උමගය තුළ පාර වැරදුණොත් නැවත ආපසු සොයාගැනීම හීනයක් බදුය. නිසල දියෙන් දිය දෝතක් පානය කළ මා ප‍්‍රශ්න කන්දරාවක් මෙනෙහි කරමින් ආපසු ගමන් ඇරඹිමි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ආන්දෝලනාත්මක උමග හමුවූයේ 1997 වර්ෂයේදීය. එය පිහිටා තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින්ය. එදා ගමනේ නඬේගුරා වූයේ මා හිතවත් පාලිත ආරියවංශයන්ය. ඇල්ල යනු ඌවේ ප‍්‍රධාන විදෙස් සංචාරක කේන්ද්‍රස්ථානය වශයෙන් පිළිගනී. මෙම උමං තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇද්දැයි සොයා බැලීම අදාළ බළධාරීන්ගේ යුතුකමකි. එය උමංකට දෙස බලා නොව එහි අභ්‍යන්තරයට ගමන් කරමින් පරීක්ෂාකර බැලීම මගින්ය. රජය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් දරන සමයේ මෙම උමං කිහිපය අනාගතයේ යම් දිනක විදෙස් සංචාරකයන්ට විවෘත වුවහොත් ප‍්‍රදේශයට සංචාරකයන්  තව තවත් ගෙන්වා ගැනීමට එය වඩා මහෝපකාරීවනු ඇත.

සටහන හා ඡායාරූප - නයන තෙන්නකෝන්
අවදානම් අවස්ථාවක් උමං කටට පිවිසුන පිරිසෙන් කොටසක් උමග තුළ නිල්දිය පොකුණ



අදහස් (0)

රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්

සංජිව Wednesday, 12 December 2012 07:03 AM

අදහා ගන්න පුලුවන්ද මේවා (දී)

:       0       0

මනෝරාජ් Sunday, 23 December 2012 01:25 PM

අපේ උරුමය අපි රැකගනිමු මෙවන් දේ සොයාගිය ඔබ සැමට අපගේ ප්‍රණාමය! (ස)

:       0       0

අනුරාධ Monday, 17 December 2012 06:10 PM

මෙවන් දේ සොයාගිය ඔබ සැමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 04:21 PM

රාවනා ගේ පිදීම නැවතත් (දී)

:       0       0

ජැක් Wednesday, 12 December 2012 09:22 PM

හැබැයි මේකෙත් දේවතා එළි වගයක් තියෙනවා. (නි)

:       0       0

පියුමාල් Wednesday, 12 December 2012 01:02 PM

අපේ රටේ මිනිස්සු රටේ දේවල් දැන් දැන් ගණන් ගන්නේ නැහැ. පිටරට දේවල් අගය කර කර ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 11:47 AM

අපේ අයට ඕක බලන්න යන්න අවසර දුන්නොත් හිස් අරක්කු බෝතල් සහ පොලිතින් එකතු කරන්න වෙනමම හමුදාවක් හදන්න වෙනවා. (නි)

:       0       0

සෑම් Wednesday, 12 December 2012 11:37 AM

රටට ආදරයක් ඇති නිලධාරී මහත්ම මහත්මීන්ගේ අවධානය පිණිසයි. මාස දෙකකින් විතර අපට ඔතන බෝතල් කටු, ගිනිමැළ සලකුණු, පිච්චුණු ගල්, හිස් සිගරට් පෙට්ටි, සිගරට් ෆිල්ටර්, ෂොපින් බෑග්, පත්තර කොළ, මළපහ..... දැකගන්න පුළුවන්. කරුණාකර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු අමාත්‍යශය මැදිහත්වෙලා ඔතන රක්ෂිත කලාපයක් කරන්න පොලීසියේද සහය ඇතුව. (නි)

:       0       0

ජයන්ත Wednesday, 12 December 2012 10:33 AM

ඉදිරියටම යන්න. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

චින්තක Sunday, 09 December 2012 03:56 PM

මේ අපේ උරුමයයි මෙය රුකගැනීම අපේ යුතුකමයි (ස)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 11 December 2012 06:09 PM

අපේ රාවනා රජු තමයි ලෝකෙම පාලනය කලේ (දී)

:       0       0

කෝකිල Tuesday, 11 December 2012 01:34 AM

නියම තැනක්. අපිත් යනවා. මෙන්න යනවා නම් විනෝද චාරිකා... (නි)

:       0       0

පූවා Monday, 10 December 2012 09:57 PM

බඩ ගෝස්තරේ රැක ගත්තා නම් ඇති, මේවා රකින්න වුවමනාවක් නැහැ අපේ අයට. (නි)

:       0       0

සුප්‍රියා Monday, 10 December 2012 06:58 PM

රවන පුවත් කියවන්න. පුදුම හිතෙයි (දී)

:       0       0

අචිනි Monday, 10 December 2012 05:27 PM

තව මොනවා ඇද්ද (දී)

:       0       0

මංජුල Monday, 10 December 2012 04:39 PM

අපේ උරුමය අපි රැකගනිමු. (නි)

:       0       0

ඉරාන් Monday, 10 December 2012 01:10 PM

ෂා මරු පොට් එක! (ස)

:       0       0

පාලිත Sunday, 09 December 2012 06:21 PM

මෙන්න විශ්මිත වැඩ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site